Drugs_Mafia Heroin මාෆියාව

dead+cop+mexico.jpg

15.jpg


8b1471d9aad3d017fe016e767cb4_grande.jpg



සංවිධානාත්මක අපරාධ, ලෝකය පුරා දැවැන්ත බලවේගයක් බවට පත්ව ඇති අතර අන්තර්ජාතික සාමයට පමණක් නොව රටරටවල ස්වාධීනත්වයට පවා තර්ජනයක් වන පරිද්දෙන් ප්‍රචණ්ඩත්වය හා අල්ලස එහිදී යොදාගනිමින් පවතින බව, වියනාහි මූලස්ථානය පිහිටි ‘එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ’ විධායක අධ්‍යක්ෂ අන්ටෝනියෝ මරියා කොස්ටා පෙරේදා අනතුරු අඟවා තිබේ.

අන්තර්ජාතික අපරාධ ලෝක සාමයට හා සංවර්ධනයට පමණක් නොව ජාතික ස්වෛරීත්වයටද තර්ජනයක් වී ඇතැයි යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ ‘විදේශ සබඳතා මණ්ඩලය’ හමුවේ ‘අපරාධ ගෝලීයකරණය වීම : අන්තර්ජාතික සංවිධිත අපරාධ තර්ජනය පිළිබඳ අගැයීමක්” යනුවෙන් නිකුත් එ.ජා. මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලයීය අලුත්ම වාර්තාව ඉදිරිපත් කරමින් පවත්වනලද කතාවේදීය.

සංවිධානාත්මක අපරාධ අද ලෝකයේ ඉදිරියෙන්ම පවත්නා ආර්ථික හා සන්නද්ධ බලයක් බවට පත්ව තිබෙනවා. ඒ සඳහා අවි ආයුධ හා ප්‍රචණ්ඩත්වය මෙන්ම මුදල් හා අල්ලසද යොදා ගනිමින් මැතිවරණ ජයග්‍රහණ දේශපාලනඥයන් හා බලය පමණක් නොව හමුදාවක් පවා බිලිබා ගැන්ම සිදුකැර ගනිමින් පවතිනවා” යැයි කොස්ටා කීවේ ය.

මෙම වාර්තාවට පදනම් සමීක්ෂණය සඳහා, මත්ද්‍රව්‍ය, (කොකේන් හා හෙරොයින්) ගිනිඅවි, ව්‍යාජ නිෂ්පාදන, කොල්ලකනලද ස්වාභාවික සම්පත්, ලිංගික සේවනය හෝ ශ්‍රම සූරාකෑම සඳහා කෙරෙන මිනිස් ජාවාරම හා සංක්‍රමණික ජාවාරම වැනි මූලික ජාවාරම් විමර්ශනයට ලක් කරන ලදී.

ඊට අමතරව සංවිධාන අපරාධ නිසා මතුව ඇති තර්ජනයන් හා ඒවා මැඩලීමට ඇති අවශ්‍යතාවය එ.ජා. සාමාජික රටවල් හා අන්තර්ජාතික සංවිධාන මගින් පෙන්වා දීමෙන් පසු මෙම වාර්තාව සඳහා මූදු කොල්ලකාරිත්වය සයිබර් අපරාධ පිළිබඳවද අධ්‍යයනයන් සිදු කැර ඇත.

“අද අපරාධ වෙළෙඳපොළ, පොළෝතලය පුරා විසිර පවතී. නීති විරෝධී භාණ්ඩ එක් මහාද්වීපයකින් නිපදවී තවෙකක් හරහා ප්‍රවාහනය කෙරී තෙවැන්නකදී අලෙවිවෙයි. විශේෂයෙන්ම දිළිඳු රටවලට ගැලවීමක් නැති ලොව පුරා කාටත් අයහපත් ලෙස බලපාන මේ අර්බුදය ගැන තැකීමක් නැතිවීම සංවේගයට කරුණක්.” යැයිද ඔහු කීවේ ය.

91.jpg


වාර්තාවේ දැක්වෙන පරිදි යුරෝපයේ පමණක් ලිංගික සූරාකෑම සඳහා වන මිනිස් ජාවාරමේදී පුද්ගලයන් 140,000ක් පමණ යොදාගන්නා අතර ජාවාරම්කරුවන්ට ඉන් වාර්ෂිකව ඩොලර් බිලියන තුනක ආදායමක් ලැබෙයි. ඒ සමගම ලොව පුරා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් වහල් මෙහෙය සඳහා යෙදවෙන අතර ඔවුන් විකිණෙන්නේ සියවස් කීපයකට පෙර පැවති මූර්ත මිලටමය.

සංක්‍රමණික ජාවාරම බොහෝදුරට සිදුවන්නේ අපි‍්‍රකාවේ සිට යුරෝපයට හා ලතින් අමෙරිකාවේ සිට එක්සත් ජනපදයට බව පෙන්වා දෙන වාර්තාව දෙවැන්නේදී මිලියන 2.5 – 3.00 අතර සංක්‍රමණිකයන් පිරිසක් හොර රහසේ ප්‍රවාහනය කිරීමෙන් ජාවාරම්කරුවන් වාර්ෂිකව ඩොලර් බිලියන 6.6 ක ආදායමක් උපයාගන්නා බව පෙන්වා දී තිබේ.

A%20latex%20containing%20several%20important%20alkaloids%20is%20obtained%20from%20immature%20opium%20poppy%20seed%20capsules%20one%20to%20three%20weeks%20after%20flowering..jpg


ලොව විශාලම හෙරොයින් වෙළෙඳ පොළ යුරෝපය සතු අතර වැඩිම හෙරොයින් පාරිභෝජනයක් ඇත්තේ රුසියාවේ (ටොන් 70ක්) බවද වාර්තාව පෙන්වා දෙයි. මත්ද්‍රව්‍ය නිෂ්පාදිත ඇෆ්ගනිස්තානය හා කොලොම්බියාව වැනි රටවල් කෙරේ වැඩි අවධානයක් යොමා තිබුණද ඉන් ප්‍රතිලාභ ලබන්නේ ගමනාන්ත රටවල් බවද එහි සඳහනි

281009top.jpg

ඇෆ්ගනිස්ථානයේ අතහැර දමනු ලැබූ පාසලකින් මරිජුවානා ටොන් 2.5ක් සොයාගැනීමට ඇෆ්ගනිස්ථාන ඒකාබද්ධ හමුදා ඛණ්ඩයක් සමත් වී තිබේ.
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් දකුණු ප‍්‍රාන්තයේ වසා දමා තිබූ පාසලක පංති කාමර කිහිපයක් පුරා අඩි දෙකක් පමණ උසට මෙම මරිජුවානා තොගය අතුරා තිබුණු බව ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා ප‍්‍රකාශකයෝ පවසති.
මෙම මරිජුවානා තොගය විනාශ කර දැමීමට කටයුතු කළ බවද අනාවරණය වේ.
හොරොයින් නිපදවීමේදී ප‍්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස සැලකෙන ඔපියම් ලෝකයට බෙදාහැරීමේ මූලස්ථානය ලෙස සැලකෙන්නේ ඇෆ්ගනිස්ථානයයි. පවත්නා ආර්ථික අර්බුදයත්, යුදමය වාතාවරණය නිසා බලධාරීන්ගේ අවධානය අඩුවෙන් යොමුවීමත් නිසා බොහෝ ගොවීහූ මරිජුවානා නිෂ්පාදනයට පෙළඹී සිටිති.
එහෙත් මේ සම්බන්ධයෙන් ඇතමුන් පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ මූලධර්මවාදී හා ඇමරිකානු ගැති පාලනයන් යටතේ මෙලෙස පාසල් වසා දැමීමෙන් පාසල් ගොඩනැඟිලි මෙවන් ජාවාරම් සඳහා යොදාගැනීමටත් වඩා බරපතල සාමාජීය ප‍්‍රශ්න ගණනාවක් අධ්‍යාපනය අහිමිවීම නිසා නිර්මාණය වනු ඇති බවයි.


Code:
sirisangabo