නෙත් එෆ්.එම් භංග කිරීමට ගාල්තැන්නෙන් විශ&#3546

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නෙත් එෆ්.එම් භංග කිරීමට ගාල්තැන්නෙන් විශ&#3546

    honGaminiAnanda_Large.jpg


    slstatue.gif


    මහනුවර ගාල්තැන්න බද්‍රකාලි අම්මාන් දේවාලයේ පසුගිය බදාදා (05) වනදා විශේෂ පුජාවක් පැවැත්වුනි.එහි අරමුණ ලෙස ප්‍රකාශ කොට තිබුනේ නෙත් එෆ්.එම් ගුවන් විදුලියට දේව කෝපය ඇති කිරීමයි.

    ඒ පසුගිය වසරේ නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණී ආනන්ද නොහොත් දේශ ශක්ති,දේශ බන්දු,විශ්වශක්ති,ගුප්ත විද්‍යා විශාරද, ලෝකචාරී, දේශාභිමානී ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්දගේ සැබැ ස්වරුපය හෙළි කිරීම නිසයි.මාධ්‍ය මගින් අසරණ මිනිසුන්ට උදව්කරන බව පෙන්වුවද සැබවින්ම මොහු දේවාලය මුවාවෙන් කරන්නේ වංචාවකි.

    තම සැමියා මැදපෙරදිග රැකියාවකට ගිය කාන්තාවක් විදෙස්ගතව සිටින සැමියාට සෙත් පැතීම සදහා ගාල්තැන්න දේවාලයට ගොස් ඇත.එහිදී දේවාලය ඇතුලට ගිය ඇයගෙන් ගාමිණි ආනන්ද අසා ඇත්තේ "පුල්ලෙත් එක්ක ඉන්න කැමතිද?" කියායි.ඇයට දේවාලය තුල සිදුවූ දේ කෙසේ වෙතත් ඇයට දේවාලයෙන් පිටතට එන්න සිදු වුයේ ඇගේ බ්ලවුසයේ බොත්තම් පියවමින්.

    එලෙස දේවාලය ඇතුලට යන කාන්තාවන්ට අතවර කරන,දේවාලයට එන පිරිමින්ට ගැහැනුන්ට අන්තිම පහත් ආකාරයෙන් බැණ වදින,ව්‍යාජ දෙවාරූඩයක් මවාපාන මොහු තවමත් නිතියේ රැහැනට කොටු නොවී යහතින් සිටින්නේ මාධ්‍ය ආයතන කීපයක,දේශපාලකයන් හා පොලිසිය මොහුගේ මුදලට යට වීම නිසයි.

    නෙත් එෆ්.එම් විසින් ගාමිණි ආනන්දගේ නිරුවත හෙළි කරද්දී ස්වර්ණවාහිනිය විසින් ගාල්තැන්නේ දේවාලය මහා හාස්කම් ඇති දෙවොලක් ලෙස හදුන්වනු ලැබිය.එතනින් නොනැවතී සෝමා එදිරිසිංහගේ ජන සරණ මගින්ද විශාල ප්‍රචාරයක් දෙනු ලැබිණි.ප්‍රධානම කාරණය වන්නේ මොහුගේ දෙවොලට අපල සදහා පුජා කරන රත්තරන් ස්වර්ණමහල් ආයතනයෙන්ම ගෙන එන ලෙස පැවසීමයි.

    මොහුගේ සහයට සිටින විශාලතම දේශපාලන බලවතා වන්නේ මර්වින් සිල්වා ඇමති තුමයි. ඒ මර්වින් සිල්වා විසින් ඉදිකරනු ලැබ ඔහුගේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යන දේවාලයට ගාමිණී ආනන්දගේ සහය ලැබෙන නිසාවෙනි.

    ඔහුගේ වත්කම් පිළිබද ඔහු හෙළි කරන්නේ මේ ආකාරයටයි.

    "අද මා සතුව කෝටි 15 ක් වටිනා වත්කම් ඇති කෝටි 2 1/2 ක් වටිනා සුඛෝපභෝගී වාහන සතු සමාජයේ උසස් ප්‍රභූවරුන් පවා පිළිගන්නා චරිතයක් බවට පත් වී ඇත.

    මාගේ දියුණුවේ රහස වූයේ ඊර්ෂ්‍යව නොව උත්සාහයයි. බුදුන් දෙවියන් කෙරේ තිබුණු විශ්වාසයත්, භක්තියත්, ගෞරවයත්ය. එදා හඳුන්කූරක්වත් විලදී ගැනීමට වත්කමක් නොතිබුණු මම අද කෝටි ගණනක වත්කම් ඇති පුද්ගලයෙක්මි."

    කාන්තාවන්ට දෙවොල තුලදී කරන අතවර ගැන ඔහු පිළිතුරු දෙන්නේ තමා කිලෝ 6 ක් බරැති දඹ රන් පැළදගෙන සිටින බවත් එසේ පැළදගෙන සිටින විටදී බල්ලෙක්ට තියා පිස්සෙක්ටවත් කාන්තාවන්ට කිසිවක් කල නොහැකි බවයි.එසේ කල හැකි නම් ඔහු යෝධයෙක් බවද කියයි.

    නෙත් එෆ්.එම් හා තමාට එරෙහිව ලිපි පලකල ලංකා පුවත් පුවත්පතට දේවකොපය ඇතිකිරීමට කල මෙම විශේෂ පුජාවෙන් අනතුරුව ඔහු "දැන් ඉතින් නෙත් රේඩියෝව ඉවරයි". යනුවෙන්ද පවසා ඇත.


    නෙත් එෆ්.එම්හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන

    Download Sound Clip

    http://soundcloud.com/user9239558/neth-balumgala-gossip9-com
     
    Last edited:

    sri2008

    Member
    Jul 26, 2008
    64
    7
    0
    Mu maha pal horek!!

    මු පල් හොරෙක්.මුගේ අම්මා ,තාත්තත් මු ගෑන කියන්නෙ ඔය ටිකමයි.3න් පාරක් මු ගෙන වෑඩසටහන් කලා. ස්වර්නවාහිනිය නම් කියන්නෙ දේවියන් වගේ මිනිසෙක් කියලයි:no::no::no::lol::lol::lol::lol::rofl::rofl::P:P
     

    sri2008

    Member
    Jul 26, 2008
    64
    7
    0
    live @ 8 එකේ ගමට8 තුලින් තමයි නිතරම සුදු හුනු ගාන්නේ:lol::lol::lol::lol:
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    මචන් ෆුල් ක්ලිප් එක ඩවුන්ලෝඩ් කර ගන්න link එක දාපන්කෝ
    Mediafire නම් ගොඩාක් හොදයි
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක මුලින්ම නෙත් එකේ ගිය වෙලාවෙත් මම ඇහුවා...
    මෑන්ස්ට කෝල් කරාම චාටර් වෙන්නේ අම්බානට, ඕකා දන්න හාස්කමක් නෑ