අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු
මං කල්පනා කළා කට්ටිය එක්ක වැදගත්, වැඩිය කතා බහ නොකෙරෙන මාතෘකාවක් ගැන කතා කරන්න.. ඒ තමයි අනවශ්‍ය ගැබ් ගැනීම්..
මේකේ ඉන්න අපි හුගක් අය තරුණයි.. සමහරු බැඳලා, සමහරු පෙම්වතුන්, එකී මෙකී නොකී හැමෝටම වැදගත් වෙන නිසා තමයි මං මේක කල්පනා කලේ, මේකට මුලික හේතුව මං සති කීපයකට කලින් සිදුවුණු සිදුවීමක්.
ඒ තමයි, මගේ යාලුවෙක් එයාගේ පෙම්වතියත් එක්ක හොටෙල් එකකට ගිහිල්ලා (දැන් අහන්න එපා කන්නද, බොන්නද කියල.. උඹල හිතන දේ කරන්න තමයි ගිහින් තියෙන්නේ) කොහොම හරි මේ දෙන්න ගිහින් දින කීපයකට පස්සේ මගේ යාළුවා වැඩ කරන වෙලේ කෝල් එකක් ඇවිත් එයාගේ පෙම්වතියගෙන් එයාට උදේ ඉඳල කීප වතාවක් වමනේ ගිය කියල.. මේ වෙලේ තමයි දෙන්නට ඉහ මොළ රත් වුනේ.. මිනිහ කර කියාගන්න දෙයක් නැතුව කල්පනා කරලා කරගන්න දෙයක් නැති උන තැන හොදම යාළුවා උන මට කිව. ඌ කිව විදියටම දෙන්න සම්පුර්ණයෙන් එකතු වෙලා නෑ එත් නැත්තෙත් නෑ. පස්සේ අපි 2 එකතුවෙලා net එකෙත් හෙවුවා ඒ හොයන කොට මේ දේවල් හොයා ගත්ත.
1.බාහිරව එකතු වුනත් යෝනි මාර්ගයේ ශුක්‍රානු ගෑවුනොත් ඒවා යෝනියේ ඇති තෙත් ස්වභාවය නිසා ඇතුලට පිහිනා යනවා
2. ස්ත්‍රිය කන්‍යාවක් වුනත් ශුක්‍රානු අබ්යන්තරයට ඇතුළු වුනොත් ගැබ්ගැනීමක් සිදුවෙනවා.
3. පුරුෂයාට සම්පුර්ණයෙන් ශුක්‍රානු පිට නොවුනත් ශිෂ්ණ මුණ්ඩය (ටොපා) තෙත් වීමට පිට වන ධාතු (pre come) වල යම් ප්‍රමාණයකට ශුක්‍රානු ඇත.
4. යෝනිය ඇතුලත ශුක්‍රානු වලට දින 2 සිට 5 දක්වා කාලයක් ජීවත් විය හැකි වීම
මේ ටික දැනගත්තට පස්සේ අරුට බාගෙට පිස්සු වගේ.. ඊට පස්සේ අපි කලේ මගේ girl ව යවල මගේ යාළුවගේ girl එක්කන් ඇවිත් මුන් දෙන්නව ලැබ් එකකට ගිහින් මුත්‍ර පරීක්ෂණයක් (HCG-human chorionic gonadotropin )කල එකේ ප්‍රතිපල අනුව මුන් දෙන්න අමාරුවේ වැටිලා නෑ..
මුන් දෙන්න කියනවා ජීවිතේට මෙච්චර බය වෙලා නෑ කියල..
මේක අපි හැමෝටම හොඳ උදාහරණයක්.. මෙහෙම දෙයක් උනොත් මොන දෙවියන්ට කියන්නද.. මගේ මස්සිනා අයිය කෙනෙක් ඉන්නවා ඩොක්ටර් කෙනෙක් මං එයාගෙන් ඊයේ මේ ගැන ඇහුවා එයා කිවා ඔහොම දෙයක් උනොත් ගැබ්ගනී කියල සැකයක් තියනවා නම් පැය 72 ක් යන්න කලින් ගන්න තියනවා පෙත්තක් එකේ නම පොස්ටිනෝ 2 (postinor 2)
මේක මුල් පැය කීපය ඇතුලත ගත්තොත් 99% ක සාර්ථකත්වයක් තියනවා. පහු වෙන්න වෙන්න ඒ සාර්ථකත්වය අඩුවෙනවා.. මේකේ පෙති 2 ක් තියනවා ඒ වගේම මේක පාවිච්චි කරන හරි ගැන උපදෙස් පත්‍රිකාවක් සිංහලෙන්ම දල තියනවා මේ පෙට්ටිය ඇතුලේ.. ඕනෑම ෆාමසියකින් මේක ගන්න පුළුවන් රුපියල් 100 කට
මේ පෙත්තේ අතුරු ආබාධ තියනවා මොකද මේ පෙත්තේ තියෙන්නේ හෝමෝන.. ඒක ඔසප් චක්‍රයට බලපෑම කරනවා ඒ නිසා නිතර මේක ගැනීම භයානක වෙන්න පුළුවන්.. අතුරු ආබාධ විදියට වමනය, කලන්තය, ඇග රිදීම, පියයුරු සුමුදු වීම වගේ දේවල් වෙන්න පුළුවන්, ඒ වගේම සතියකට පමණ පසු රුධිරය පිට වීම (ඔසප් රුධිරයට වඩා වෙනස් තද දුඹුරු වැනි පැහැයකින්) , වමනය වගේ දේවල් වෙන්න පුළුවන්. දිනකට වඩා වැඩියෙන් රුධිරය පිට වේ නම් වහාම ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් උන දේවල් කියල නිසි උපදෙස් ගන්න. කලින් කියපු අතුරු ආබාධ මේ පෙත්ත පාවිච්චි කරන අයගෙන් 4 න් 1 කට අනිවාර්යයෙන් එනවා. එ නිසා මේක දැනගත්ත කියල කරන්න පුළුවන් ඔක්කොම කරලා දැන දැනම අමාරුවේ වැටෙන්න එපා.. මං මේවා කිවේ හදිස්සියක් උනොත් බේරෙන්න.
වැඩි විස්තර මේ ලින්ක් එකෙනුත් බලාගන්න පුළුවන්
http://www.nuvaringreviews.com/index1.php
මේක දාන්න මුලික හේතුව උනේ මගේ පෙම්වතිය, මං හැමදේම එය එක්ක කියනවා එය තමයි කිවේ ගොඩක් අය මේවා ගැන දන්නේ නෑ ඒ නිසා වැඩි පිරිසක් දැනුවත් කරන්න තිබ්බොත් ඒක ලොකු පිනක් වෙයි කියල.. ඒ නිසා මේකේ ගෞරවය මගේ පෙම්වතිය හන්සිකාටත් ලැබෙන්න ඕන, ඒ වගේම මට මේවා කියල දීපු ඩොක්ටර් කැලුම්ටත් බොහොම ස්තුති..
මේක ටයිප් කරන්න පැයක විතර ගියා.. මගේ මහන්සිය හොදයි නම් දිරි දීමක් විදියට ඔයාලගේ අදහසකුත් කියලම යන්න මං රෙප් වලට වඩා ඒවා බලාපොරොත්තු වෙනවා.
කට්ටියගේ අදහස් අනුව මං තව ටිකක් මේකට එකතු කරන්නම්..
මට රෙප් දුන්න, මේ ත්‍රෙඩ් ඒක අගය කල, හැමෝටම බොහොම ස්තුති.. ඔයාලගේ අදහස් වලදී ඉදිරිපත් වුනු දේවල් කීපයකට පොදුවේ උත්තරයක් දෙන්නම්.. මේ පෙත්ත හදිස්සියකට පමණයි (Emergency only) නිතර ගැනීම, ගැබ්නොගැනීම දක්වා යන්න පුළුවන්. ගැබ්ගැනීමක් අපේක්ෂා නොකරන අයට දිනපතා ගන්න පෙති වර්ග තියනවා ඒවා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහල ගන්න ඒ වගේම ලුපයක් පාවිච්චි කරන්න පුළුවන්.. එකත් ඩොක්ටර් කෙනෙක්ට කියල දාගන්න ඕන. ඒ වගේම කොන්ඩම් භාවිතය අනුමත කරන්න පුළුවන් ඒත් සමහර අවස්ථා තියනවා කොන්ඩම් ඒක කැඩීයන අවස්ථා, ඒ වෙලාවටත් මේකේ පිහිටම තමා..
කට්ටිය මතක තියාගන්න ස්ත්‍රියකට ඔසප් වීම පටන් ගතට දවසේ ඉඳල දින 10 ක් පමණ යනකල් කාලය තුල ශුක්‍රානු ඇතුළු උනාට ප්‍රශනයක් වෙන්නේ නෑ ඒක ස්වභාවික උපත් පාලන විදියක්.. ඒ කාලය තුල ගර්භාෂ බිත්තිය නැවත නිර්මාණය වෙන නිසා. ඒත් මතක තියාගන්න ශුක්‍රානු වලටත් යෝනිය ඇතුලේ දින 2 සිට 5 දක්වා කාලය ඉන්න පුළුවන් බව. උදාහරණයක් විදියට 6 වෙනි දවසේ එකතු වෙලා ශුක්‍රානු යෝනිය ඇතුලේ දින 5 ක් ජීවත් උනොත් පිලිසින්දගැනීමේ හැකියාවක් තියනවා.. ඒ නිසා මේ හැමදේම ඔලුවේ තියාගන වැඩ කරන්න
මේකේ වැරදි අඩු පාඩු තියනවා නම් මටත් කියල දෙන්න..
සැ: යු - මේ දින ප්‍රමාණය ගැහැනියකගෙන් ගැහැනියකට වෙනස් වෙන්න පුළුවන්..
මං මගේ අත්දැකීමක් ඔස්සේ විමර්ශනය කරපු කරුණු වලින් තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. ඩොක්ටර්ස්ලා කියන විදියට අතුරු අබාධයක් නැති පෙත්තක් තම හොයාගන නැතිලු. පැනඩෝල් පෙත්තේ පවා අතුරු ආබාධ තියනවා. එ නිසා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහල හැමදේම කරන එක හොදයි. අපේ කට්ටිය නිවැරදි කියල හිටන් ඉන්න දේවල් (කන්‍යාවකට බබාලා පිලිසින්දගන් නෑ) වගේ ඒවා වැරදි, වැඩ වැරදුනොත් කරන දේවල් තමයි මං මේකේ දැම්මේ.. මොකද අද මේ රටේ දවසකට කොච්චර ගබ්සා වෙනවද? එ ගබ්සා කරන්නේ පලුරුදු ඩොක්ටර්ස්ලා නෙමෙයි. එ නිසා සමහරු මැරෙනවා, සදාකාලිකවම අම්මල වෙන්න බැරුව යනවා, කසාද නොබැඳ අම්මල උනාම රටේ ලෝකේ මිනිස්සු මුළු පවුලටම අපහස කරනවා, ඒ වගේම ඒ ගබ්සා කරන මිනිස්සු ඒ යන කාන්තාවන්ව දුෂණය කරනවා මොකද එහෙම කලත් පොලිසි උසාවි යන් නෑ කියල දන්නවනේ..

Last edited: