තවම අමාරුද?

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තවම අමාරුද?


    ’පහුගිය සුමානෙ උඹගෙ මාමණ්ඩියට හදිසියේ පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලෙ නැවැත්තුවා කියල කිව්වා නේද? තවම ලෙඩාට අමාරු ද?’ දිවා ආහාර විවේකයේදී කෑම ගනිමින් සිටියදී මංජුල සුගත් ගෙන් ඇසීය.
    ’දැන් නං අමාරුවක් නැතුව ඇති. පෙරේදානෙ භූමිදානය තිබුණෙ’ සුගත් කීවේ වතුර වීදුරුව අතට ගනිමිනි.

    :shocked::lol:


    හේතුව මේකයි


    නැවේ තමාට නියමිත රාජකාරියෙන් පසු ලද විරාමයකදී නැව් තට්ටුවට වී ලිපියක් කියවමින් සිටි අජිත් වෙත පැමිණි වීරකෝන් දෙස බලා අජිත් සතුටින් මෙසේ කීවේය.
    ’මේ ලියුම ගෙදරින්. මගේ වයිෆ්
    කියල එවලා තියෙනවා එයාට පුතෙක් ලැබුණයි කියල.’
    ’ඒ වුණාට අන්තිමට උඹ ගෙදර ගිහින්

    දැන් අවුරුද්දකට වැඩියිනෙ.’
    මඳක් කල්පනා කළ වීරකෝනේ කීවේ කපටි සිනාවක් පාමිනි.
    ’ඒක ඇත්ත. එයා කියල තියෙනවා එයාට දරුවෙක් ලැබෙන්න යන බව මාස තුනක්ම එයා දැනගෙන හිටියේ නෑ කියල. එතකොට කාලෙ හරිනෙ.’ අජිත් පිළිතුරු දුන්නේය.

    :eek::rolleyes:


    බලන් ඉන්ඩ බෑ


    ’මට ඔය අසාධාරණ, අසමජ්ජාති වැඩ පේන්ඩ බෑ.’ චන්ද්‍රසේන කීවේ තම සගයින් සමඟ කාර්යාලයේදී දිවා ආහාරය ගනිමින් සිටියදීය.
    ’දවසක් දා මං බස් එකේ යද්දි හදිස්සියෙම දැක්කා ගැටකපන්නෙක් බස් එකේ යන කෙනෙකුගෙ පොකට් එකට විදිනවා. මට ඒක බලන් ඉන්ඩ බැරුව ගියා..’ ඔහු බලවත් ආවේගයකින් කීවේය.
    ’උඹ ඉතින් මොනවද කළේ?’ වීරකෝන් ඇසුවේ ආහාර අනුභවය මඳකට නවතමිනි.
    ’ඉතින් මං අහක බලා ගත්තා’ බත් කටක් අනුභව කරමින් චන්ද්‍රසේන කීවේය.

    :shocked::growl:


    කතාකරන්නෙ කොහොමද?


    ’අනේ මහත්තයො’ අර විසිතුනේ ඇඳේ ලෙඩාට දැන් කොහොමද?’ පපුවේ අමාරුවක් සෑදී ඊට පෙර දින හතරේ වාට්ටුවට ඇතුළු කළ තම සැමියා බැලීමට පැමිණි කුසුම් විවේක කාමරයේ අසුන් ගෙන සිටි වෛද්‍යවරයා වෙත ගොස් ඔහුගේ මුහුණට
    එබෙමින් ඇසුවාය.
    ’ආ.. එයාට දැන් හුඟක් සනීපයි. ඒත් ඒ ලෙඩා කිසිම කතාබහක් නැහැ. ඒ ගැනයි අපි දැන් පරීක්ෂා කරගෙන යන්නෙ.’ දොස්තර මහතා කාරුණිකව පිළිතුරු දුන්නේය.
    ’කතා කරන්නෙ කොහොමද මහත්තයො. අපේ මනුස්සයා උප්පත්තියෙන්ම ගොළුවෙක් නොවැ’ කුසුම් කීවේ දත් තිස්දෙකම පෙන්නා සිනාසෙමිනි.

    :nerd::sorry:


    ඔව් සර්..


    පුරා සතියක් කිසිම දැනුම් දීමකින් තොරව සේවයට නොපැමිණි සුගත් ඊළඟ සතියේ සඳුදා රාජකාරියට වාර්තා කළ වහාම නියෝජ්‍ය කොමසාරිස් කරුණාරත්න මහතා ඔහු තමා වෙත කැඳවා මෙසේ ඇසීය.
    ’තමුසෙ දන්නවද තමුසෙ මෙතන සුළු සේවකයෙක් කියල?’
    ’ඔව් සර්..’ සුගත් යටහත් පහත්ව පිළිතුරු දුන්නේය.
    ’එතකොට තමුසෙ දන්නවද මම මෙතන ප්‍රධානියෙක් කියල?’
    ’ඔව් සර්..’ එවර සුගත් දෙකට නැමී කීවේය.
    ’තමුසෙ හිතාගෙන ඉන්නෙ මං බූරුවෙක් කියලද’ කරුණාරත්න මහතා එවර ඇසුවේ තරමක ආවේගයකිනි.
    ’ඔව් සර්..’ සුගත් බයාදු ලෙස සිනාවී පිළිතුරු දුන්නේය.

    :yes::growl:

    # silumina #
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා කතා සෙට් එක:lol::lol::lol:
    රෙපය දුන්නා
    ජය වෙවා
    11.gif