<<<<< [ නොකියාම බැරි NOKIA කතන්දරේ ] >>>>>

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    <<<<< [ නොකියාම බැරි NOKIA කතන්දරේ ] >>>>>

    ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ඉලෙක්ට්‍රොනික උපකරණය මොකක්ද :P
    කියල ඔබෙන් ඇසුවොත් ජංගම දුරකථනය ඔබේ පිළිතුර වේවි.:yes:
    අද ලාංකීය සමාජයේ ජංගම දුරකථනය හුදෙක් සන්නිවේදන උපකරණයකට වඩා
    සමාජයේ පුද්ගලයට හිමි තැන කියාපාන මිම්මක් වී අවසානයි.:oo:

    ඉතින් මේ කියන්න යන්නේ ලෝකෙ තියන දැවැන්තම දුරකථන නිෂ්පාදන
    සමාගමක් ගැන ඒ තමයි ......:rolleyes:


    Nokia_wordmark.svg


    මේ සමාගම සන්නිවේදන අංශයේ සෑම සේවාවක්ම සපයනවා
    ෆින්ලන්තයේ දෙවනියට විශාලතම නගරය වන එස්පෝ හි මුලස්ථානය පිහිට තියනවා
    පහතින් දිස්වෙන්නේ එයයි



    nokia.jpg



    මෙය මව් සමාගම වශයෙන් සලකා බැලුවිට අනෙක් අංශ රාශයක් ඔස්සේ සමුහ ව්‍යාපාරය විහිදී ගොස් තිබෙනවා


    800px-Nokia_Siemens_Networks_logo.svg.png



    Siemens සමාගම සමග එක්වී පටන්ගත්ත මේක වර්තමානය වනවිට ලෝකයේ රටවල් 150 ක්‍රියාත්මක වනවා
    සන්නිවේදන උපකරණ නිපදවන්නන් අතර ඉදිරියෙන්ම සිටින මෙය සේවකයන් 64,000 කගේ එකමුතුවෙන්
    බිලියනයකට අධික පාරිභෝගිකයින් ප්‍රමාණයකට සේවා සපයනවා



    Vertu_logo.png





    3-8-08-le-million.jpg





    මේක ලෝකයේ වටිනාකමින් ඉහලම ජංගම දුරකථන නිපදවන සමාගමක්
    Signature Cobra නමින් හදුන්වන දුරකතනයක මිල $310,000 පමණ වෙනවා
    ධනවතුන්ට පමණක් සේවා සපයන මෙය ගැනුම් කරුවන් ප්‍රමාණයට අනුව
    නිපද වීම් කරනවා .
    එංගලන්තයේ පිහිටා ඇති කර්මාන්තශාලාවේ නිපදවෙන මෙම නිපැයුම් පැරිසිය සිංගප්පුරුව වැනි
    රටවල් කිහිපයක ඇති වෙළදසැල් වල විකිණීමට තිබෙනවා

    මෙම දුරකථන වල ඉතා විශේෂ අංගයක් අඩංගු වෙනවා
    "Vertu Concierge" නමින් හැදින් වෙන මෙය ක්‍රියාත්මක කිරීමට වෙනම key එකක් තියනවා
    එමගින් ඔබට ලෝකයේ කොහේ සිටියත් lifestyle manager සමග සම්බන්ද වෙන්නට පුළුවන් ;);)
    විනෝද සවාරි සංවිධානය සිට gourmet dining සේවා දක්වා ඔබට ලබා ගන්නට පුළුවන්





    576px-NAVTEQ_logo.svg.png




    FSX_Cover.jpg



    මේකට්ටිය ලෝකයේ භූගෝලීය සිතියම් නිර්මාණයේ සිට
    Chrysler, Mercedes-Benz වැනි දියුණු රථ වාහන වල ඇති සදහා සිතියම් ලබාදෙනවා
    GPS (Global Positioning System ) ජංගම උපකරණ නිපදවන්නන් වන සමාගම් වලට හා Yahoo! Maps, Bing Maps , MapQuest යන සියලු දෙනා
    මෙහි සේවා ලබා ගන්නවා ඒ වගේම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිපදවන ලද
    Flight Simulator X පරිගණක ක්‍රීඩාවට අවශ්‍ය දත්ත ලබා ගෙන තිබෙන්නේ මොවුන්ගෙන්.





    දැන් අපි මේ සමාගම ගැන කරුණු ටිකක් දැනගත්තානේ.
    එත් අපි හැමෝම දන්නා කියන ෆෝන් එකනේ NOKIA
    ඔන්න ඉතින් මම ෆෝන් හදන හැටිත් ඔය ගොල්ලන්ට පොඩ්ඩක් විස්තර කරන්න හිතුව



    මෙක්සිකෝවේ ,හංගේරියාවේ සහ චිනේ පිහිටි දැවැන්ත කර්මාන්තශාලා මගින් දිනකට දුරකථන 900,000
    වැඩි ප්‍රමාණයක් නිපදවන බව ඔබ දන්නවද ? :baffled:
    සමාගම සිය නිපැයුම් කාර්ය සදහා වෙනත් කිසිදු සමාගමක් සම්බන්ද කර ගන්නේ නැහැ
    අමු ද්‍රව්‍ය එකලස් කිරීමේ සිට අවසානයේ නිපැයුම බහාලන වල ඇසිරීම දක්වා සියල්ල සිදු කරන්නේ ඔවුන් විසින්මයි
    මෙය ඔවුන්ගේ ලාභය වැඩි වීමට හේතුවක් වී තිබෙනවා
    සාමාන්‍ය දුරකතනයක් නිපදවීමට $87 ගතවෙන අතර එය $129 ලෙස මිල නියම කරනවා එවිට
    33% ලාභයක් ලබනවා .




    පහතින් දැක්වෙන්නේ ෆින්ලන්තයේ NOKIA PHONE එකක් නිපද වෙන හැටි
    :yes::yes::D:D:yes::yes:



    stockroom.jpg


    දිනකට අමුද්‍රව්‍ය මිලියන ගණනක් මෙම ස්ථානයට ගෙන එනවා
    ඒවා නිසිපරිදි ගබඩා කරන අතර පළමු පියවරේදී අවශ්‍ය අමුද්‍රව්‍ය
    නියමිත් අංශයට ගෙනයනවා





    component-reels.jpg


    ඉතා සියුම් උපාංග ප්ලාස්ටික් අසුරන වල හෝ reels of tape වල අසුරා තිබෙනවා




    pcb-paste-printing.jpg


    මෙහිදී Printed Circuit Board එක ඉපදවෙන අතර ඊයම් මිශ්‍රණයක් නියමිත ආකාරයට එයට ස්ථාන ගත වෙනවා





    loading-reels.jpg


    මම ඔයගොල්ලන්ට මුලින් කියපු Reels මෙහිදී වලට spindles ඇතුල් කරනවා
    ඒවා මැෂිම ආධාරයෙන් printed circuit board එකේ නියමිත ස්ථාන වලට උපකරණ සවිකරනවා





    nxt-machines.jpg


    මේ විදිහට දුරකතනයේ Circuit board එකට සියුම් අංග එකතු වෙනවා
    ඉන් පසු විනාඩි 7 oven එකක් තුලට යොමු කර කලින් තබන ලද ඊයම්
    පාස්සනු ලබනවා



    pcb-testing-1.jpg


    පළමු තත්ත්ව පරික්ෂාව සිදුකරන අතර මුලික
    උපාංග එක වීමෙන් පසු "flash and alignment" අංශයට පැමිණ ප්‍රථමික මෘදුකාංග
    එක්වෙනවා



    pcb-testing-2.jpg


    මෙහිදී චිප වල low-level settings සකස් වී පරීක්ෂණ රැසක් සිදුකර
    අවශ්‍ය විදුලි සැපයුම සකසා සියල්ල නිවැරදිද යන්න බැලෙනවා




    assembly-1.jpg


    මෙහිදී කැමරා හා දර්ශන තිර සවි කිරීම මිනිස්
    ශ්‍රමයෙන් සිදුවෙනවා




    assembly-2.jpg


    සැකිල්ල සවිකරන අතර පසුව පිටත ආවරණද
    සවිකරනු ලබනවා



    installing-software.jpg


    වැදගත් අවස්ථාවක් වන මෙහිදී දුරකතනට
    IMEI අංකය ලබාදෙන අතර බැටරිය සවි කිරීමද සිදු කරනවා



    visual-inspection.jpg


    මෙහිදී සිදු වෙන්නේ ඉතා සියුම් හෝ වැරදීමක් සිදුවී
    ඇතිදැයි පරීක්ෂා කිරීමයි. මිනිස් ඇසක් පමණක් යොදා කරන මෙයින් පසු
    බැටරිය බල ගැන්වෙනවා



    sales-package.jpg


    සියලු උපාංග එකම අසුරණයක
    බහා එයට බර්කොඩ් කේතයක් ලබා දෙනවා


    palettes.jpg


    අවසාන වශයෙන් පෙට්ටි වල අසුරන ලද
    නිපැයුම වෙළද පොලට නිකුත් කිරීම සදහා
    පිටත් කරනවා



    ඔන්න ඉතින් ඔහොමයි NOKIA එකේ වැඩ වෙන්නේ
    මේක කියවපු ඔය ගොල්ලන්ගේ දැනුමට පුංචි හෝ දෙයක් එකතු උනානම් එක තමයි
    මාගේ එකම සතුට.

    ඒවගේම මේක සකස් කිරීමේදී සමහරක් අවස්ථාවල මාහට නියම සිංහල වචන සොයා ගැනීමට අපහසු වීම නිසා
    එම ඉංග්‍රීසි යෙදුම් එලෙසම බාවිතා කලා
    ඒ පිළිබද මා සමාව ඉල්ලා සිටින අතර
    ඔබගේ අදහස් සහ චෝදනා ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි
    :D:D:D:D

     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වරදක් නෑ, පාරිභාෂික වචන දැම්මනම් ඒවා තේරුම්ගන්න කොහොමත් අමාරුයි....
    හොඳට විස්තරකරලා තියෙනවා, නියම ත්‍රෙඩ් එකක්.......
     
    • Like
    Reactions: Djram

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ත්‍රෙඩ් එක ලස්සනට බලන්න ආස හිතෙන විදියට පොස්ට් කරල තියෙනවා
    සුපිරි වැඩක් තමයි කරල තියෙන්නෙ
    මැක්සා නියමයි නියමයි
    විස්තරේ මල් 17යි කොල්ල