හෙණ ගහපන් කළ උන්ට!

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හෙණ ගහපන් කළ උන්ට!

    e1500.jpg
    "පින්නවල අලි අනාථාගාරය" එනමින් අප තවදුරටත් නොහඳුන්වා පින්නවල "අලි සංරක්‍ෂණ මධ්‍යස්‌ථානය" ලෙස හඳුන්වන්නට පටන් ගත්තේ දැනට සෑහෙන කලක පටන්ය. 1975 පටන් අසරණ හා අනාථ වුණු අලි සඳහා නිවහනක්‌ වූ මෙය පසුව ආසියානු අලි සඳහා ලොව හොඳම සංරක්‍ෂණ මධ්‍යස්‌ථානය බවට පත්වූයේ අලි පැටවුන් පනහකටත් වැඩි ගණනකට තිඹිරි ගෙය බවට පත්වූ නිසාය. එවන් තත්ත්වයක්‌ තුළ පින්නවල තවදුරටත් අනාථාගාරයක්‌ නොකර සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයක්‌ බවට පත් කරන්නැයි සංරක්‍ෂණවේදීන්ගේ හඬ අවදි විය. අවසානයේදී අධ්‍යක්‍ෂ මණ්‌ඩල තීරණ අනුව එය "සංරක්‍ෂණ හා අභිජනන මධ්‍යස්‌ථානයක්‌ බවට පත්විය. එහෙත් යළිත් පින්නවල "අනාථාගාරයක්‌" බවට පත්කරමින් එහි හැදී වැඩුණු "එකම" ඇත් පැටවුන් දෙදෙනා බලවතුන් විසින් "පැහැර ගෙන" ගිය හැටි අපට අද මෙන් මතකය. එපමණක්‌ නොව ලියුම්කරුගේ 2009 ජුලි මස පළවූ වාර්තාවක පරිදි ඒ දක්‌වා මෙම "අනාථාගාරයෙන්" දේශපාලන ප්‍රදානයන් ලෙස හෝ විකිණීම් ලෙස අලි - ඇතුන් 65 දෙනකු පින්නවලින් ඉවත් කර තිබේ. දේවාල, පල්ලි, පන්සල් සඳහා දේශපාලකයන්ගේ ඡන්ද පොරොන්දු ලෙස මෙයින් අලි - ඇතුන් ඉවත් කරද්දී පාරිසරික ක්‍රියාකාරීන් ඊට එරෙහිව කටයුතු කළ අයුරු අපට තාමත් මතකය.

    කෙසේ හෝ ඒ අපකීර්තිමත් ඉතිහාසයෙන් මිදී, පින්නවල අලි අනාථාගාරය "අළු යට ගිනි" සඟවාගෙන ක්‍රියාත්මක වුවද නොබෝදා එහි විසූ ප්‍රකට හා සුවිශේෂීම හස්‌තියකු වූ "නීලගිරි" මරාදමා ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම තවරා ගත්තේය. අනුන්ට අලි සංරක්‍ෂණය උගන්වන රජයේ ආයතනයක සිදුවූ මෙම කනගාටුදායක සිදුවීම ලොව පුරා පින්නවල "අනාථාගාරය" පිළිබඳ "කළු චිත්‍රයක්‌" මැවීමට හේතුවක්‌ වනවා පමණක්‌ නොව එය අලි ඝාතකාගාරයක්‌ ලෙස අයසට පත්වනු නොවැළැක්‌විය හැකිය.

    1975 දී පින්නවල අලි අනාථාගාරය පිහිට වූයේ කෑගල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හා එවක වන සත්ත්වාරක්‍ෂක විෂයභාර අමාත්‍ය පී. බී. ජී. කළුගල්ල මහතාගේ සංකල්පයක්‌ අනුවය. හිටපු සංචාරක අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතා පින්නවලට "සත්තුවත්තක්‌ම" ගෙන එන්නට කටයුතු කළ අයෙකි. එහෙත් කෑගල්ලෙන්ම පත්වු තවත් ඇමැතිවරු "පින්නවල අලි" තම හිතවතුන්ට, පන්සල්, පල්ලිවලට දන් දුන්නාද" අපට මතකය. කොහොම වුවත් මේ කෑගලු දේශපාලනය තුළ පින්නවල අනාථාගාරය තම බල ප්‍රදේශයක්‌ කර ගන්නට එහි පත්වන සෑම - සියලු මැති ඇමැත්තෝ කටයුතු කර ඇත්තාහ. සෘජුවම නැතත්, ඔවුන්ට අනුබල දෙන්නෝ පින්නවල වෙළෙඳ බලය හා අනාථාගාරය තුළ බලය රඳවාගන්නට වෙහෙස දරති. එහි අනිටු ඵලයක්‌ ලෙස අළුයට සැඟවුණු ගිනි මෙන් වූ කල්ලිවාදයක්‌ කලක පටන් පින්නවල පවතින බව දන්නෝ දනිති. සංචාරකයන්ගේ ටිකට්‌පතින් ගසා කන්නටද, සංචාරකයන්ගෙන් ගතමනා ලබන්නටද කටයුතු කරනා අතරේ කොන්ත්‍රාත් ඇතුළු තවත් ක්‍රම සහ විධි මගින් අලි රැලේ "නායකත්වය" ගන්නට ඇතැමුන් වෙර දරන්නේ අහිංසක අලි ඇතුන්ගේ ජීවිත පවා උගසට තබමිනි. විශ්වවිද්‍යාල හෝ වෙනත් ආයතන තළ ක්‍රියාත්මක වන පරිදි කල්ලිවාදයක්‌ මෙවන් ජාතික ආයතනයකට වද්දා ගැනීම කිසිසේත් අවශ්‍ය නැත. මීට පෙර නිවැරැදිව රාජකාරි කළවුන්ට "අලි බෙටි" ප්‍රහාරවලට පවා මුහුණ දෙන්නට සිදුවූ අයුරු රහසක්‌ නොවේ. එහෙත් එවන් කල්ලිවාද අවසානයේ අහිංසක සතුන් පිටින් යවන්නට කෙනකු සූදානම් වන්නේ නම්, උන්ට දඬුවම් ලෙස සුදුසු වන්නේ මඩු වලිගයෙන් ප්‍රසිද්ධියේ තැලීමයි.

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පින්නවල අනාථාගාරයට යෝධ ප්‍රතිරූපයක්‌ වූ "නීලගිරි" අද අවසන් ගමන් ගොස්‌ ඇත. 1985 දී ලාහුගල සිට මෙහි රැගෙන ආ නීලගිරි තවමත් යොවුන් වයසේ පසුවිය. ශක්‌තිමත් හා අභිමානවත් මේ හස්‌තියා අන්තඃපුරයක හිමිකරුවකු වූයේ අනාථාගාරයේ වැඩිම පැටවුන් පිරිසකට පියා වීමේ භාග්‍යයද හිමිකරගෙනය. නීලගිරි පසුගිය වසර අගදී මද කිපුණේය. මද කිපුණු විට නීලගිරි කවදත් මහා මුරණ්‌ඩු කාරයෙකි. නොහික්‌මුණු ගති ලක්‌ෂණවලද නිමක්‌ නැත. එබැවින් මේ හස්‌තියා වැඩිකලක්‌ හිටියේ ගස්‌ බැඳය. එකතැන සති ගණනාවක්‌ බැඳ දමා තිබූ නීලගිරි අවසානයේදී සෝදා පිරිසිදු කර වෙනත් තැනක බඳින්නට පින්නවල පාලනාධිකාරිය කටයුතු කළේ පසුගිය නොවැම්බර් මස 19 වැනිදාය. ඒ අනුව බැමි ලිහා මා ඔයෙන් නාවා රැගෙන ආ නීලගිරි හස්‌තියා වෙනත් තැනක බැඳ දැමීය. එතැන් සිට අලුත් සත්වාරක්‍ෂකයකු වෙත හස්‌තියා භාර වුණු අතර අලියාගේ කටයුතු පැවරුණේ අලින් පිළිබඳ කටයුතු කර ඇති දක්‍ෂ, පළපුරුදු ඇත් ගොව්වන් දෙදෙනකුටය.

    මේ අතර අනාථාගාරයේ සිටින "සාම්ප්‍රදායික" අලි බලන්නා ද විය. කෙසේ හෝ මද කිපුණු අලියා හෙණ්‌ඩුවෙන් පහර කෑවේය. අලි මේච්චල් කරන හැටි අප නොදන්නා හෙයින් අලියාට හෙණ්‌ඩුව භාවිතා කරන ආකාරයද අපට පෙන්වාදිය නොහැකිය. එහෙත් දඬුවම යනු මාරක වධයකට වඩා වෙනස්‌ දෙයක්‌ බව නම් අපට වැටහේ. නීලගිරි තුවාල වූයේ පහුගිය නොවැම්බරයේ පමණය. එතැන් සිට මෙම හස්‌තියා මරණයට පත්වීම දක්‌වා කුමන දේවල් සිදුවිණි දැයි හරිහැටි අප නොදන්නා මුත් තුවාල ආසදන හේතුවෙන් හස්‌තියා මිය යැමට ඉහත "කල්ලිවාදය" තදින් බලපෑ බවට තොරතුරු ලැබෙමින් පවතී.

    නීලගිරි හස්‌තියා භාරව සිටි සත්ව භාරකරු මීට පෙර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට එහි ගිය අයෙකි. දැනගන්නට ඇති පරිදි පින්නවල පැවැති "මාෆියාවට" එරෙහිව ඔහු හැකි ශක්‌තියෙන් ක්‍රියා කළ අයෙකි. කාටවත් සුදු හුණු ගාන්නට අප සූදානම් නැතත්, හස්‌තියාට තුවාලවීම නිසා වැඩතහමට ලක්‌වූ එම සත්ව භාරකරුගේ වැඩතහනම ගැන උදම් අනන කොන්ත්‍රාත්කරුවකු ඇතුළු අභ්‍යන්තර සේවකයින් කිහිප දෙනකුම සිටින බව අපට වාර්තා විය. අලින් සමග හෙට්‌ටුවන "අලිකාරයන්" නොහොත් ඇත් ගොව්වන්ගේ රාජකාරිය වෙනත් අයකුට පහසුවෙන් කළ හැක්‌කක්‌ නොවේ. එහෙත් ඒ පමණින් කෙනෙකුට බීමතින් රජයේ රාජකාරියක්‌ කිරීමට විශේෂ අවසරයක්‌ද නැත. බීමතින් නීලගිරි හස්‌තියාට පහර දුන්නා යෑයි නැගෙන චෝදනා අපටද ඇසිණි. ඒ කුමක්‌ වුවද පින්නවලට සිටින සමහර ඇත් ගොව්වන් බීමතින් රාජකාරි කිරීම පින්නවලදී අපට පවා දැකගත හැකි වූ බවද කිව යුතුය. එනිසා ඒ පිළිබඳ විමර්ශනයක්‌ සිදු කර එබඳු අය පින්නවල අනාථාගාරයෙන්, දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් හෝ උඩවලව ඇත් අතුරු සෙවණ වැනි ආයතනවලින් බැහැර කිරීම බලධාරීන්ගේ වගකීමක්‌ බවද කිව යුතුය.

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නීලගිරි හස්‌තියාට "පළපුරුදු" ඇත්ගොව්වන්ගෙන් මෙවන් පහර දීමක්‌ හෝ තුවාල සිදු කිරීමක්‌ වූවාදැයි අපි නොදනිමු. එහෙත් තැන තැන නැඟෙන කසු කුසුවලින් අපට වාර්තාවන්නේ වෙනත් තෙවැනි පාර්ශ්වයක්‌ නීලගිරි හස්‌තියාගේ තුවාල "වණ බවට" පත් කරන්නට කටයුතු කරන්නට ඇතැයි සැක කරන බවයි. එහි අරමුණ සත්ව භාරකරුවන් පිට වරද පටවා ඔවුන් ඉවත්කිරීම බවද එම ආරංචිමාර්ග අපට තහවුරු කළේය.

    කෙසේ හෝ මෙහි ඇති බරපතලම චෝදනාව වන්නේ නොවැම්බර් මාසයේදී තුවාල ලැබූ නීලගිරි හස්‌තියාගේ තත්ත්වය මාසයක්‌ පමණ යනතුරු බලධාරීන්ගෙන් වසං කිරීමයි. මේ පිළිබඳ අපට අදහස්‌ දැක්‌වූ සත්ත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතා මෙසේ සඳහන් කළේය.

    "අලියා තුවාල ලබල තියෙන්නේ නොවැම්බර් මාසයේ අන්තිමට. ඒත් ඒ ගැන අපට වාර්තාවුණේ ජනවාරි මුල් සතියේ. මාස්‌පතා තිබුණු නිලධාරි සාකච්ඡා එකකදීවත් මේ ගැන මට දැනුම්දීමක්‌ කළේ නෑ. අන්තිමට නරඹන්නන් පිරිසක්‌ තමයි මේ බව දැනුම් දුන්නේ. මම බලනකොට තුවාලවල දරුණු තත්ත්වයක්‌ තිබුණා. පින්නවලින් ප්‍රතිකාර කළත් අපි වහාම පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙවිල් ද සිල්වා මහතාත්, විශේෂඥ වෛද්‍ය කොඩිකාර මහතාත් සහභාගිකරවා ගෙන අවශ්‍ය සියලු වාහන බෙහෙත් ලබාදීල සතාට ප්‍රතිකාර කරන්නට පටන් ගත්තා. ඒත් තුවාල ආසාදන තත්ත්වයට පත්වුණා. අන්තිමේ පාලනය කරගන්නට බැරිවුණා. සතා මිය ගියා. රුපියල් ලක්‍ෂ 3-4 ක්‌ විතර අප මේ සඳහා වැය කළා සතාව කොහොමහරි ගොඩගන්න. ඒත් බැරිවුණා.

    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අධ්‍යක්‍ෂවරයා මෙසේද කීය.

    "මේ සිද්ධිය අපට මහා කැළලක්‌. අපි කිසිලෙසකින්වත් දෙහිවල හෝ පින්නවල හෝ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය වන සත්ව හිංසනය පිටු දැකීමට බලපෑමක්‌. අපි කිසිවිටෙක හිංසාව අනුමත කරන්නේ නෑ. හිතුවක්‌කාරී විදිහට මෙහෙම තුවාල වුණු හස්‌තියා අපට නොදන්වා තබා ගැනීම වරදක්‌. දැනටමත් අපි හස්‌තියා භාරව සිටි සත්ව ආරක්‍ෂකයාත් ඇත්ගොව්වන් දෙදෙනාගේත් වැඩ තහනමට ලක්‌ කළා. ඒ වගේම ප්‍රධාන අලි බලන්නාවත් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යෑව්වා. තවදුරටත් පරීක්‍ෂණ සිදු කරනවා. අපට පෙනෙනවා සතා මෙල්ල කිරීමට පමණක්‌ නෙමේ හෙණ්‌ඩු පහර එල්ල වෙලා තියෙන්නේ. අපට තව දුරටත් තොරතුරු ලැබෙනවා. නමුත් කවුරු වුණත් තරාතිරම නොබලා වැරැදිකරුවන්ට දඬුවම් දෙනවා අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෙවන් තත්ත්වයක්‌ තුළ නීලගිරි මියගියේ කාගේ හෝ වුවමනා එපාකම් ඉෂ්ඨකරගැනීමේ අවශ්‍යතාවක්‌ නිසා නම් උන් උල තැබිය යුතුය. ලන්දේ කකා ලන්දේ ගිය මේ හස්‌තියා ලාහුගලින් පින්නවලට ආවේ මනුසතාගේම වරදිනි. එසේම නීලගිරි, පින්නවල "අනාථාගාරය" ලෝකයට ගෙන යන්නට දර - දිය ඇද්දේය. අද පින්නවලින් රජයේ රැකියාවක්‌ද, රජයේ පඩිපතක්‌ද කවුරුන් හෝ ලබන්නේ අනාථයන් සේ සැලකුම් ලබන මෙවන් නීලගිරි ලා නිසාය. එවන් අහිංසකයන් කාගේ හෝ පෞද්ගලික අවශ්‍යතාවකට, බීමත් කමට, නොසැලකිල්ලට හෝ මාෆියාවක ගොදුරු බවට පත්වීමට ඉඩදිය යුතු නැත. මේවාට වහාම උත්තරද, මෙම වරදට වහාම දඬුවම්ද ලබාදිය යුතුය. ඒතාක්‌ පින්නවල "අනාථාගාරයක්‌" ම වනු ඇත.

    මේ අතර තවත් සහගහන අලිම අලි අපරාධයක්‌ පිළිබඳවද වාර්තා වී තිබේ. ඒ දුක්‌බර අධම පාපතර ක්‍රියාව ඇසෙන්නේ යාල ජාතික උද්‍යානය තුළිනි. යාල කලාප අංක එකට අයත් සිතුල්පව්ව මඟුල් මහා විහාර මාර්ගය ආසන්නයේදී දැවැන්ත තුරුණු ඇතෙක්‌ පසුගියදා ටී පනස්‌ හය ගිනි අවියකින් පහර කා මහ පොළොව සිප ගත්තේය.

    අනපේක්‌ෂිත ලෙස අලුයම් කාලයේදී මඟුල්මහා විහාරය (බැඹව) ප්‍රදේශයේදී වෙඩි හඬක්‌ ඇසුණු බව පවසන වනජීවී නිලධාරීන් පසුවදාම ගොස්‌ ඒ ගැන පරීක්‍ෂණ කිරීමේදී මඟුල් මහා විහාරය ආසන්නයේ මෙසේ හිසට වෙඩි වැදී මියගිය හස්‌තියකු ඔවුන්ට දැක ගත හැකිවී ඇත. මේ ආසන්නයේම තිබී ටී - 56 වර්ගයේ ගිනි අවියකට යොදන හිස්‌ පතරොම් කොපුවක්‌ සොයා ගැනීමටද නිලධාරීහු සමත් වූහ. පශ්චාත් මරණ පරික්‍ෂණයේදී වනජීවී පශු වෛද්‍යවරයා ටී - 56 උණ්‌ඩයක්‌ හස්‌තියාගේ මොළය තුළ තිබී සොයාගත්තේය. එසේ නම්, මේ කතාව අපට කියන්නේ කුමක්‌ද? ස්‌වයංක්‍රීය ගිනි අවි භාවිත කරන්නෝ කවරහුද? ඒ ගැන සැක සංකා මතුවන්නේ හස්‌තියා මිය ගිය ස්‌ථානයට මිටර් 500 - 600 ක්‌ දුරින් පොලිස්‌ මුර පළක්‌ (බැඹව) ද පිහිටන බැවිනි. එක්‌කෝ දඩයක්‌කරුවන් පිරිසක්‌ විසින් වෙඩි තැබීම සිදුකළ යුතුය. නමුත් තවමත් ටී - 56 භාවිත කරමින් ලංකාවේ දඩයමේ යෙදෙන "සාම්ප්‍රදායක" මස්‌ වැද්දෝ නැත. එසේ නම් උද්‍යානයෙන් පිටතට සිට ස්‌වයංක්‍රීය අවියක්‌ දැරුවෙක්‌ යාල උයනට පැන මෙසේ හස්‌තියාට වෙඩි තැබුවේද? නැතිනම් උද්‍යානය තුළම සිටින එවන් අවි දැරුවකු මේ අහිංසක හස්‌තියාට වෙඩි තැබුවේද? දැන් සැකසංකා මතුව ඇත්තේද යාබද පොලිස්‌ මුරපලේ ගිනි අවි දැරූවන් වෙතය. වනජීවී අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා වහාම සිද්ධිය පිළිබඳව එහි ගොස්‌ සොයාබලා පරික්‍ෂණ පවත්වන්නට උපදෙස්‌ ලබා දී ඇත. එහෙත්, එය ප්‍රශ්නයට සර්ව සාධාරණ පිළිතුරක්‌ නොවේ. මේ සිදුවීම "යළි යළිත්" අපට කියන්නේ යුද්ධයේ නිමාවෙන් පසු තවදුරටත් උද්‍යානය තුළට පොලිස්‌ හෝ වෙනත් ආරක්‍ෂක කඳවුරු අවශ්‍ය නැති බවකි. අභයභූමියක්‌ තුළ, ලෝ ප්‍රකට වන උයනක්‌ තුළ අහිංසක වන සතෙ=කට නිදහසේ සැරි සරන්නට නොදී මරා දමන්නේ නම්, මොකක්‌ද ඒ වනජීවී සංරක්‍ෂණය. මියගිය හස්‌තියාට සාධාරණයක්‌ වීමට නම් උද්‍යානය තුළ වනසතුන්ට නොබියව දිවිගෙවීමට වාතාවරණය සලසා දිය යුතුය. ඒ සඳහා කළ යුතුව ඇත්තේ සියලු ගිනි අවි දරන්නන් උද්‍යානයෙන් පිටතට ගෙන ඒමය. උද්‍යානය මායිම ඔවුන්ට හොඳටෝමත් ගැලපේ. යළිත් හස්‌තීන් මරන්නට, ඌරන්ට වෙඩි තබන්නට කොටින්ගේ මරණවලට වගඋත්තර බඳින්නට කොටි පැටවුන් ලගින ගුහා තුළ හොල්මන් කරන්නට යාල උයනේ කාකි කෝට්‌කරුවන්ට ඉඩ නොදෙන ලෙස අපි බලධාරීන්ගෙන් තරයේ ඉල්ලා සිටිමු.

    :angry::angry::angry::angry::angry:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    එක අලියෙක් උනත් අහිමි වෙනවා කියන්නේ අපේ රටට ලොකු පාඩුවක් අපේ රටේ ලොකු පුටුවල ඉන්න මිනිස්සුන්ට මේවා නොතෙරෙන්න තරම් මන්ද බුද්ධිකද?