එලකිරි එක්ක ලොකේ වටේ(PETRA-JORDAN)
ඔන්න මම එලකිරි එක්ක ලොකේ වටේ යන්න තීරණය කලා
ඉතින් මම ලොකේ වටේ යනගමන් දකින්න ලැබෙන වටින කියන ස්ථාන ගැන මෙන්න මේ විදියට ඔයාල එක්ක බෙදා හදාගන්න තීරණය කලා
(මේ තමයි මගේ ලෝකෙ වටේ යන ගමනේ දෙවනි ලිපිය).
පලවෙනි ලිපිය මෙන්න මෙතනින් බලන්න Machu Picchu
PETRA - JORDAN ( පෙට්රා - ජෝර්දානය)
ජෝර්දානයේ නැගෙනහිර මිටියාවත හරහා දිවෙමින් Aqaba නගරය හා මල මුහුද සමග සම්බන්ධවන කදු පoතියක මෙම පෙට්රා නගරය පිහිටා ඇත. ජෝර්දානයේ Amman නගරයට 262km දකුණින් ද Aqaba නගරයට 133km උතුරින් ද වර්ෂ 1812 දී පලමු වරට ගවේශණය කරන ලද මෙම නගරය පිහිටා ඇත.
මෙම පෙට්රා නගරයේ පුරාවිද්‍යා වටිනාකම කෙතරම් ද කිවහොත් මුලු ලොකයේම අවධානය පෙට්රා නගරය වෙත යොමු වීමට එයම ප්‍රධාන හේතු කාරකය විය.
පෙට්රා නගරය ආගමික සුසාන භූමියක් ලෙස සැලකෙන අතර මෙහි සුසානඝරය(සොහොන්ගෙය) නිර්මාණය කර ඇත්තේ දරුණු බෑවුමක් සහිත රතු, රෝස සහ තැබිලි වර්ණ වලින් යුත් වැලිගල් පර්වතයකය, මෙම නගරය පෙට්රා යන්න නම් වීමට මෙය ද හේතුවක් වන්නට ඇතැයි පැවසේ මන්ද පෙට්රා යන්නෙන් ග්‍රීක බසට අනුව අදහස් වෙන්නේ ගල්පර්වතය යන්නයි.
මෙම පෙට්රා නගරය අදින් වසර 2000ට පෙර අතීතයේදි ක්‍රියාශීලී අරාබි ජන කොට්ඨාශයක් විසින් ගොඩ නගන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙහි වූ ශිෂ්ඨ සංස්කෘතියත් විශ්මිත වූ ගෘහ නිර්මාණ ශිල්පයත් ඉතා දක්ෂ සූක්ෂම ලෙස නිර්මාණය කරනු ලැබූ සoකීර්ණ ජලප්‍රවාහන පද්ධතියත් මෙම පෙට්රා නගරය යුනෙස්කෝ ස්oවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කිරීමට ප්‍රධාන හේතු කාරක විය, එපමණක් නොව මෙය වර්ථමාන ලෝක පුදුම හතෙන් එකක් ලෙසද මෙය සැලකේ.
පෙට්රා නගර භූමිය තුල තනි ස්මාරක 800කටත් වඩා වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර නගර තුල වූ අනෙකුත් ගොඩනැගිලි අතර සොහොන්, නාන් ස්ථාන, අවමoගල්ය ශාලා, ආගමික ස්ථාන, තොරණ්(මේ අර වෙසක් එකටයි පොසොන් එකටයි ගහන තොරණ් නෙමෙයි හොදේ
) සහ කුලුණු වලින් සමන්විත වීදි ද දක්නට ලැබේ.මෙහි වූ බොහෝමයක් වැලිගල් කැටයම් නෙලා ඇත්තේ තාක්ෂණික හා අලoකරණය අතින් විශිෂ්ඨතමයන් වූ මෙම නගර වාසීන් වීමද තවත් විශේෂත්වයකි.
පෙට්රා නගරය උදෑසන හා සවස්යාමයේ දී ඉතා දැකුම්කලු මනස්කාන්ත දර්ශනයන් මවාපායි ඒ සූර්ය රශ්මිය මෙම වර්ණවත් ගල්පර්වත මත පතිත වීමත් සමගය එහි දී ඉතා දීප්තියෙන් බබලන පෙට්රා නගරයේ තේජස ලෙස ද එය හැදින් විය හැක.

ඉතින් කට්ටිය මොකද කියන්නේ වැඩේ හොද ද? මේ වැඩේ දිගටම කරගෙන යන්න නම් අපේ එලකිරි යලුවන්ගේ සහයෝගය ඕනමයි
ඉතින් වැඩේ දිගටම කරගෙන යන්න මට සහයෝගයක් වශයෙන් කමෙන්ට් එකක් එහෙම දාල යන්න හොදේ.....