බුදු හාමුදුරුවන්ගේ උපමා කථා

Kalana_65

Well-known member
  • බුදු හාමුදුරුවන්ගේ උපමා කථා

    buddha.jpg



    ග්‍රන්ථය නමින් බුදුහාමුදුරුවන්ගේ උපමා කථා සමහර විටෙක ඔබ මෙය කියවා ඇති නමුත් මා මෙහි එන මගේ හිත ගිය කථා කීපයක් සඳහන් කරන්නම්, කියවා රසවිඳ ඔබේ ජීවිතයටත් යම් හරයක් එකතු කර ගන්න. මෙම ග්‍රන්ථයේ කතුවරයා පොරවගම ඤාණසිරි හිමියන්ය.


    අපට එපා ඔබම කන්න

    දිනක් බමුනෙක් බුදුරජානන් වහන්සේ හමුවට පැමිණ උන්වහන්සේට හොඳටම බැන්නේය. ඇති වන තුරු බැන්නේය. බුදුරජාණන් වහන්සේ ඉතා සන්සුන්ව ඒ සියලුම බැණුම් අසාගෙන සිටිසේක. බැණුම් අවසන් කල බමුණා යන්නට පිටත් විය. එවිට බුදුරජාණන් වහන්සේ,

    "බමුණ, ටිකක් නවතින්න. ඔබේ බැණුම් දැන් අවසානද?"

    "ඔව්! මොකද? තමුන්නාන්සෙට බැනුම් මදිවෙලාද?"

    "බමුණ, දැන් ඔබ මට හොඳටම බැන්නා. හොඳයි මම නුඹෙන් ප්‍රශ්ණයක් අහන්න පිලිතුරු දෙනවද?"

    "හොඳයි අහන්න"

    "බමුණ, ඔබේ නිවසට අමුත්තෙක් මොකද කරන්නෙ?"

    "මම ඔහුට කෑම බීම දී හොඳින් සoග්‍රහ කරනව"

    "හොඳයි, එම කෑම බීම අමුත්තා පිලි නොගත්තොත්?"

    "නොපිලිගත්තොත්, මමයි මගෙ අඹුවයි ඒවා බුක්ති විඳිනවා"

    "බමුණ, ඔබ මෙතෙක් කල බැණුම් කිසිවක් මම පිලිගන්නේ නැහැ. එහෙනම් ඒ බැණුම් සියල්ල ඔබ ආපසු ගෙනයන්න. ඔබයි, අඹුවයි හොඳට බුක්ති විඳින්න"

    මෙවැනි කථා රාශියක් මෙහි අඩoගුයි ඉඩලැබෙන හැටියට දක්වන්නම්

    ඔබ සැමට දලඳා සමිදු පිහිටයි.....!!!!



     

    Kalana_65

    Well-known member
  • හරිම බඩු හයක්

    මහණෙනි,

    එක්තරා මිනිහෙක් නයෙක්ද, කිඹුලෙක්ද, කුරුල්ලෙක්ද, බල්ලෙක්ද, හිවලෙක්ද, වඳුරෙක්ද යන සතුන් හය දෙනෙක් අල්ලාගති. ඒ සතුන්ගෙ වාසස්ථාන වෙනස්ය. ගොදුරු එකිනෙකට වෙනස්ය. මිනිසා එම සතුන් තුන්දෙනා එක රැහැනකට ඈඳා කොන්දෙක එකට ගැට ගසා අත්හලේය. උන් හයදෙනාම තම තමන්ගේ වාසස්ථාන, ගොදුරු බිම් වලට අදින්න පටන් ගත්හ.
    නයා තුඹස දෙසට අදී.
    කිඹුලා දියට අදී.
    කුරුල්ලා අහසට අදී.
    බල්ලා ගමට අදී.
    හිවලා අමු සොහොනට අදී.
    වඳුරා වණයට අදී.

    එකෙක් ඒ අතට අදියි. තවෙකෙක් මේ අතට අදියි එහාට මෙහාට ඇදිම නිසා උන් හය දෙනාම වෙහෙසට පත්වෙති. අන්තිමේදි සවිබල ඇති සතා අදින පැත්තට අනෙක් සත්තුද ඇදීයති.
    "මහණෙනි, සතුන් ඇඳු රැහැන උලක හෝ කණුවක ගැටගැසුවොත් එසේ සිදුවේද?"
    "ස්වාමීනි, එවිටද එකිනෙකා ඒ මේ අතට ඇද වෙහෙසට පත්වෙති එහෙත් උල හෝ කණුව ඉක්මවා යන්නට නොහැකිය."

    මහණෙනි, එමෙන්ම යම්කිසි මහණකු විසින් කායගතාසතිය නොවඩනා ලද්දේ නම් ඔහුගේ ඇස මනවඩන රුවට අදී. කණ මනවඩන හඬට අදී. නැහැය මනවඩන සුවඳට අදී. දිව මනවඩන රසයට අදී. කය මනවඩන පහසට අදී. සිත මනවඬන දහමට අදී. ඒ නිසා ඔහු තුල සoවරය නැති වී යයි. කායගතාසතිය වඩන ලද්දේ නම් ඇස මනවඩන රුවට අදින්නේ නැත. කණ මනවඩන හඬට අදින්නෙ නැත. නැහැය මනවඩන ගඳට අදින්නේ නැත. කය මනවඩන පහසට අදින්නේ නැත. සිත මනවඩන දහමට අදින්නේ නැත. එයින් ඔහු සoවර වෙයි. මෙහි උල හෝ කණුව යනු කායගතාසතියයි.
     

    Kalana_65

    Well-known member
  • පාර තිබේ ගමන ඔබේ

    මහණෙනි,
    මිණිහෙක් කැලේ ඇවිදිද්දී කලින් මිනිසුන් ගමන් කරන ලද අඩිපාරක් දුටුවේය. ටික දුරක් එම පාරේ ඉදිරියට යන ඔහුට මල් උයනක් දක්නට ලැබිනි. තව ටිකක් ඉදිරියට යන විට උයනක්ද, තත් ඉදිරියට ගිය විට පොකුණු, පවුරු , සහිත නටඹුන්ව ගිය නගරයක්ම හමු වේ. ඔහු වහා නගරයට පැමිණ මේ බව රජුන්ට දැන්විය.

    "රජතුමනි, මම වනයේ සැරිසරද්දී නටඹුන්ව ගිය නුවරක් දැක්කෙමි. ඔබ වහන්සේ එය නගරයක් කරන සේක්වා"

    රජු එතන සියලු නගයඅoගයන්ගෙන් සමන්විත නගරයක් ඉදි කරවීය. වැඩිකල් යන්නට පෙර එය සියලු සැප සම්පතින් පිරුණු ජණාකීර්ණ නගරයක් බවට පත් විය.

    "මහණෙනි, එපරිද්දෙන්ම මේ සසර සැරිසරද්දී පෙර බුදුවරුන් ගමන් කල 'අරි අටහි' මග නැමැති මාවත මම දුටුවෙමි. එහි ගමන් කලෙමි. උසස් සැප සම්පත් වලින් අණූන නිවන නැමැති නගරය ඉදිකලෙමි. දැන් එය ජනාකීර්ණය බොහෝ ජනයා ධර්මය අවබෝධ කරගනිති"
     

    Kalana_65

    Well-known member
  • කිරිගහට ඇන්නොත්.....

    මහණෙනි,
    "ලපටි හෝ තරුණ ඇසතු, නුග, පුලිල, දිඹුල් ආදී කිරි ගහකට කෙටේරියකින් ගැහුවොත් කිරි වැගිරේවිද?"

    "වැගිරෙනව ස්වාමීනි,"

    "ඊට හේතුව?"

    "එම ගස් වල කිරි තිබෙන නිසයි, ස්වාමීණි"

    මහණෙනි,එමෙන්ම යමෙකු තූල රාගය, ද්වේශය , මොහය තිබේ නම්, ප්‍රහීන කොට නැති නම් ඇසින් දක්නා රූප වලින් ඔහුගේ සිත මැඩ ගනී.

    "මහණෙනි, වියැලුනු කොල හැලුණු දිරාපත්වුනු ඇසතු, නුග, පුලිල, දිඹුල් ආදී කිරි ගහකට කෙටේරියකින් ගැහුවොත් කිරි වැගිරේවිද?"

    "නැත, ස්වාමීණි"

    "ඒ කවර හෙයින්ද?"

    "ඒ ගස් වල කිරි නැති නිසයි, ස්වාමීනි"

    මහණෙනි,එමෙන්ම යමෙකු තූල රාගය, ද්වේශය , මොහය නැති නම්, ප්‍රහීන කොට තිබේ නම් ඇසින් දක්නා රූප වලින් ඔහුගේ සිත මැඩ ග
    න්නේ නැත.
     
    • Like
    Reactions: RLR and daredevill

    Kalana_65

    Well-known member
  • එතෙරට ගොස් දමායන්න

    මහණෙනි,
    මිනිහෙක් ගමනක් යෑමට පාරට බසී. ටික දුරක් යන විට මහ ගoවතුරකි. රලනoවමින් දියකඳ ගලාබසී. එතෙරවිය නොහැකිය කෙසේ හෝ එගොඩට යායුතුද වන්නේය.

    ඒ මිනිහා අතු කොල වැල් කඩා පහුරක් බැන්දේය. දියට දමා අතින් හා පයින් වෙර වීරිය කොට යන්තමින් එගොඩ විය.

    මහණෙනි,
    එගොඩ වු ඒ මිනිහා "මට මෙගොඩට ඒමට පිහිට උයේ මේ පහුරයී. මෙය අතහැර දමා යන එක හොඳ නැත. කරගහගෙන ගියොත් හොඳැයි" යි සිතා එය කර තබාගෙන යයිද?"

    "ස්වාමීනි, කිසිම මිනිහෙක් එසේ කරන්නේ නැත. එගොඩ වු පසු පහුර අතහැර ඳමා යන්නට යනු ඇත."

    මහණෙනි,
    මාගේ ධර්මයද පහුරක් වැනිය. එය සසරින් එතෙර වීමට මිස කරගහගෙන යාම සඳහා නොවේ
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    තුනලොව දිනූ සම්මාසම් බුද්ධ පි......................යා
    දෙසු සම් අමා කියලා දුන් මල්ලා ඔ....................යා
    රුදුරු සසර අවසන්කර නුවන් අ.......................යා
    මෙතේ බුදුන් ලග පලයන් නිවන් සො..................යා