පානදුරාවාදය

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
අඳින් වසර 138 ට පෙර, එනම් 1873 අගෝස්තු 26 සහා 28 වන දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී “මොහොට්ටිවත්තේ ගුණානන්‍ද” හිමියන් සහා “දාවිත් ද සිල්වා” පාදිලි තුමන් අතර බුදුදමහ සහා ක්‍රිස්තියානි ආගම පිළීබඳව විවාදයක් පැවැත් වීය. මෙම විවාද ය “පානදුරා වාදය” නමින් ලෝක ප්‍රසිද්ධියට ද පත් වූවා ය. පසුව, මෙම විවාදය සම්බන්ධව සිදු වූ විශේෂ ම සිද්ධිය වන්නේ අමෙරිකානු ජාතික “හෙන්ද්‍රි ස්ටීල් ඕල්කට්” තුමා සහා රුසියානු ජාතික “බ්ලැවැට්ස්කි” මැතිනිය 1880 මැසි මස 16 වන දින ළංකාවට සැපැත් වීමයි. අද බෞද්ධ පාසැල් නමින් හඳුන්වන ආනන්ද, නාලන්ද, ධර්මරාජ, විජය, මහින්ද, ශ්‍රී සුමංගල පාසැල් ‍ඕල්කට් තුමා ගේ මැදිහත් වීමෙන් පිහිටු වූවක්. ඕල්කට් තුමා ගේ ම මැදැහත් වීම නිසා ම බෞද්ධ කොඩියකුත් අපට ලැබුණී. වෙසක් පොහෝ දිනය නිවාඩු දිනයක් වූයේ ත් ඕල්කට් තුමා ගේ මැදිහත් වීම නිස යි. බෞද්ධන් විවාහ කිරීමට ද, බෞද්ධ රෙජිස්ට්‍රාර්වරු පත් කිරීම එතුමා ගේ ම මැදිහත් වීමෙන් සිදු වූවක්.

migettuwatte1.jpg

“මොහොට්ටිවත්තේ ගුණානන්‍ද” හිමියන් ගැන දන්නා කී දෙනෙකු අප අතර සිටිත් ද? ගුණානන්‍ද හිමියන් අභීතව නැඟී නොසිටින්න 1850 තිබූ, ලංකාවේ බෞද්ධ තත්ත්වය අනුව, 19 වන සියවස අවසානය වන විට (එනම් 1800 යේ වර්ෂ කාණ්ඩය අවසන් වන විට) බුද්ධාගම ලංකාවෙන් අවසාන වන්නේ යැ යි ‍”ජේමිස් ද අල්විස් පඬිතුමා විසින් සිය සිදත් සඟරා විවරණයට ලියු ස්ථාවනාවේ දක්වා ඇතැයි” නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශිත “පංච මහා වාදය” නම් පානදුරා වාදය ද ඇතුළත් පොතේ දැක්වා ඇත.

මොහොට්ටිවත්තේ ගුණානන‍්‍ඳ හිමියන් සහා ක්‍රිස්තියානි පාර්ශවය අතර සිදු වූ මේ විවාදය කියව වූ කී දෙනෙකු අප අතර වෙත් ද? මේ විවාදයේ දී ගුණානන්‍ද හිමියන් භාවිතා කළ තාර්කීක ක්‍රමවේදය ඔබ කී දෙනෙකු අසා දැන තිබේ ද? ගුණානන්‍ද හිමියන්ගේ විචාරශීලී බුද්ධිය දන්නා කී දෙනෙකු අප අතර වෙද් ද? එම හිමියන් මිසදුටු මත ඛණ්ඩනය කළ ක්‍රමවේදය දන්නා කී දෙනෙකු අප අතර වෙද් ද? පානදුරා වාදය ද ඇතුළත් පංච මහා වාදය කියව වූ කී දෙනෙකු අප අතර වෙද් ද? අද අප පසු කර සිටින්නේ ගුණෘනන්‍ද හිමිවරුන් සියයක් වත් ඇවැසි යුගයක යි. අදින් වසර 55 කට පෙර පානදුරා වාදය ද ඇතුලත් “පංච මහා වාදය” නිවැරැදි ලෙස ලියා තැබු “ටී. ඇස්. ධර්‍මබන්ධු” නැමැත්තාට‍ ද එය මුද්‍රණය කළ ගුණසේන සමාගමට ද අද දිනයේ අප ස්තූති වන්ත විය යුතු ය. නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ද “පංච මහා වාදය” නමින් එම පොත නව පරපුර වෙනුවෙන් මුද්‍රණය කිරීම ද එම මධ්‍යස්ථානයට ස්තූතිය හිමි වියු කරුණකි.

සංගතව යමක් පෙන්වා දීම යනු ඊනියා තර්ක කරන සියල්ල සත්‍යය නොවේ යන ගොඩට දැමිය හැකි දෙයක් නොවේ. පුටුව සහා පොත යනුවෙන් එකිනෙකට වෙනස් දෑ අප හඳුනා ගන්නේ සංගතව ය. තර්ක කරන සියල්ල සත්‍යය නොවේ යැ යි කියා, පුටුව සහා පොත යනුවෙන් දෙකක් නැතැයි
කියන්නෙකු සිටිය හැකි ද? සංයුක්ත පුටුවක් සහා සංයුක්ත පොතක් හඳුනා ගන්නේ ද සංගතව ය. “වචන” තිබෙන්නේ හිතට එන ඕනෑ ම දෙයක් ඔහේ ලියන්නට නොවේ. එසේ ලිවීම, තමනුත් සියදිසි නසා ගෙන අනනුන්ගේ ද දිවි නැසීමකි. ඔවුන් මරාගෙන මැරෙන්නෝ වෙති. එකේ සිට සියය දක්වා වන ලෙස ඉලක්කම් යෙදු කොල මිටියක් සලකන්න. එක් කොලයකට එක වචන ය බැඟින් හිතට එන ඕනෑම වචනයක් ලියා ඉලක්කම් පිළිවෙලට එම කොල වල අඩංගු වචන කියවා ගිය විට අදහසක් ජනිත වේ යැ යි යමෙක් සිතයි නම් ඔහුගේ බුද්ධීයේ යම් හීන තාවයක් වේ. එසේ වචන ලියා සිංහල බෞද්ධයෙකු ව නතර කළ හැකි යැ යි යමෙක් සිතන්නේ නම් හේ මූලා වූවෙකු ම වේ..

මේ රටේ පළමු කොට ක්‍රිස්තියානි ආගම වැළඳගත් හැම සිංහලයෙකු විසින්ම එය වැළදගනු ලැබුයේ තාන්න මාන්න තකා සහ බඩ වියත තකාගෙනය. ඔවුන්ගෙන් සමහරු ඉන් නොනැවතී බුද්ධාගම මෙරටින් තුරන් කරන අදහසින් යුතුව බෞද්ධයන් සමග ආගමික වාදවලට ඉදිරිපත් වීමට තරම් නිර්භය වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස බද්දේගමවාදය, පානදුරාවාදය, උදම්විට වාදය ආදි වාද රාශියක් ක්‍රිස්තියානි, බෞද්ධ දෙපක්ෂය අතර ඇතිවිය. මේ සඳහා ප්‍රාර්ථනා කරගෙන පැමිණියකු වැනි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ බුලත්ගම, හික්කඩුවේ පොතුවිල ආදී ධර්ම විනයධර මහ තෙරුණ්ගේ ද සහාය ඇතිව ඒ හැම තැනකදීම ක්‍රිස්තියානි පක්ෂය හිස්ලූ අත පන්නා දමන ලදී

එසේම තවත් කිවයුත්තක් ඇත. මෙම වෙබ් අඩවියේ සමහර කතෝලිකයින් තබන කොමෙන්ට්ස් වලින් අපිට පෙනී යන්නේ ඔවුන් බුදු දහම තබා ඔවුන්ගේ ආගමේ ඉතිහාසය ගැනවත් නොදන්නා බවයි. මීට පෙර වෙන කවුරුවත් නොඇසූ ප්‍රශ්න ලෙස සලකමින් ඔවුන් එම ප්‍රශ්න සෑම තැනදීම නගන බව පෙනේ. ඔවුන්ගේ ප්‍රකාශ වල සාරාංශය වන්නේ,

*“සිංහල බෞද්ධ” යනුවෙන් කොටසක් නැත, සහ තමා “සිංහල බෞද්ධ” යැයි කීම අතිශය ජාතිවාදී ප්‍රකාශයකි.
*බුදු දහම අනිත්‍යය ගන කියා දෙය දෙයක් නිසා එය ආදර්ශයෙනුත් පෙන්වීමට අවශ්‍ය බැවින් අනිත්‍ය බුදු දහමද රැක ගැනීම අනවශ්‍යය.
*අනෙකුත් ආගම් මිත්‍යාදෘශ්ඨික වුවද ඒවායේ මිසදිටු කම පෙන්වීම සහ ඒ ගැන අදහස් දැක්වීම බෞද්ධයින්ට සුදුසු නැත, නමුත් අන්‍යාගමිකයින්ට බුදු දහම විවේචනය කළ හැක.
*කිසිම මිත්‍යාදෘශ්ඨික ආගමකට මිත්‍යාදෘශ්ඨික යැයි කීම සුදුසු නැත, විශේෂයෙන්ම කතෝලික ආගම මිත්‍යාදෘශ්ඨික නැත.
*ක්‍රිස්තියානි ආගමේ නාමයෙන් මනුශ්‍ය ඝාතන සිදුවී නැත.
යනාදී ප්‍රශ්නය. ඉතින් ඒවාට අපි පිළිතුරු නොදෙන්නේ, මිගෙට්ටු වත්තේ ගුනානන්ද හිමියන්, අනගාරික ධර්මපාල තුමන් යනාදී වියතුන් ඒවාට නිසි පරිදි පිළිතුරු දී ඇති බැවිනි. එවැනි වියතුන් කළ දේවල් වලට අප වැනි බාලයින් අටුවා සපයන්නේ කුමකටද? යටකී ප්‍රශ්න ඇති අන්‍යාගමිකයින් කළ යුත්තේ හැකි ඉක්මනින් “පංච මහා වාදය” පොත කියවීමය


migettuwatte1.jpg

pancha_maha_wadya__898631.jpg

ආශ්‍රිත: “1873 පානදුරාවාදය සහා අද පානදුරාවාදය” මැයෙන් උඩවත්තේ ධම්මික මහතා සිංහල යුනිකෝඩ් සමූහයට තබන ලද ලිපිය.
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/367439dbe23ccd08?pli=1

උපුටා ගැන්ම:
http://sinhalabuddhist.com/2011/01/panaduravadaya/
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයී යාලුවා මෙ වගෙ වැදගත් පොස්ට් තවත් දාන්න
ගොඩක් පිං:)
 

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    නියමයි මචන්..ධර්මපාලතුමා වගේ අය දැන් නැහැ...ඒ නිසා අපි අපේ ආගම රැක ගන්න ඕනි...අපේ ඉතිහසෙ හිටිය වීරයො ජීවිතේ පූජා කලේ අපේ ජාතිය ආගම බේරගන්නයි..අපිට ජීවිතේ පූජා කරන්න බැරි වුනත් අපිට පුලුවන් දේ අපි උපරිමයෙන්ම කරමු අපේ ආගම බේරගන්න..අපේ සිංහල මිනිස්සු අපේ උතුම් ආගමට ගරහල පිටරට උන්ට කඩේ යනව...අපේ සිහල මිනිස්සුන්ගෙ හිත් වල විෂ බීජ වපුරල තමයි සුද්දො අපේ රටින් ගියේ...ඒ විෂ බීජ හිත්වල වපුරගත්ත උන් තමයි සෝම හාමුදුරුවො වගේ අයව මැරුවෙ..ඉතින් තවම සුද්දනගෙන් අපේ සිංහල මිනිස්සුන්ගෙ හිත් වලට නිදහස ලැබිල නැහැ තවමත්........තවම නැහැ මචන්...ඒක අපේ මිනිස්සු කරපු පවක්....