ලිංගිකව..

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග


    sexually-transmitted-diseases.jpg

    දෙදෙනකු අතර පවතින ලිංගික සම්බනධතාවක් නිසා එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට අසාදනය විය හැකි රෝග ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ලෙස හදුන්වයි.

    ලිංගික සම්බන්ධතා මගින් සම්ප්‍රේෂණය වන හෙවත් බෝ වන රෝග 20 පමණ දැනට ලොව පුරා පවතී.

    causes-cures-stds-200X200.jpg

    ඒවා අතරින් බහුලව දක්නට ලැබෙනනේ ගොනෝරියා, සිපිලිස්, හර්පීස් සහ ඒඩ්ස් වැනි රෝගයි. ලිංගිකව සම්ප්‍රේෂණය වන බොහෝ රෝගවල ලක්ෂණ ලිංගික අවයවවලට සීමාවන අතර බාහිරව දැකීමට අපහසු වේ.

    සිපිලිස් ( උපදංශය )

    Treponema pallidum නම් බැක්ටීරියාව මගින් රෝගය බෝ කරයි. රෝග කාරකය ඇතුළු වී මාස තුනකට පමණ පසුව බිබිලි ඇති වේ. වේදනා රහිතයි. ඉබේම සුව වේ. මාස 6 ට පමණ පසු උගුරෙහි වේදනාව සහ උණ ඇති වේ. එම රෝග තත්ත්වය ද ඉබේම සුව වේ.

    syphilis.jpg

    මෙවැනි අවස්ථාවලදී රෝගය හදුනාගැනීමට හැකි වුව හොත් සුව කළ හැකිය. මෙම විෂ බීජයට අවුරුදු කිහිපයක් රුධිරයෙහි ගුප්ත ලෙස ජීවත් විය හැකිය. එම කාලය තුළ දී රුධිරය ඔස්සේ දේහයේ සියලුම අවයවවලට රෝගය ව්‍යාප්ත කරයි. එය ස්නායු පද්ධතියට, රුධිර සංසරණ පද්ධතියට බලපෑම් ඇතිකරයි.

    ගොනෝරියාව (සුදු බිංදුම )

    මෙම රෝගය ගොනොකොකුස් (Gonococcus) බැක්ටීරියාව මගින් බෝ කරයි. ලිංගේන්ද්‍රය ආශ්‍රිතව ස්‍රාවයන් පිටවීම, අධික දැවිල්ල, මුතා අඩස්සිය වැනි රෝග ලක්ෂණ ඇති විය හැක.

    gonorrhea%20black%20girl.jpg

    නිසි ප්‍රතිකාර නො ගැනීමෙන් ඇස් අන්ධවීම, කොර වීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය.

    හර්පීස්
    හර්පීස් සිම්ප්ලෙක්ස් නම් වෛරසය මගින් බෝ වන මෙම රෝග‍යට ප්‍රතිකාර නැත. අධික වේදනාකාරී බිබිලි ඇති වේ. ස්නායු පද්ධතිය අඩපණ කරයි. ස්නායු පද්ධතිය තුළ වෛරසය නිද්‍රා ගත වේ.

    how-to-know-if-you-have-herpes.jpg

    නැවත නැවත මතු වේ. මරණය ලගා නොවේ. එසේ වුවද විදවමින් ජීවත් වීමට සිදු වන රෝගයකි.

    ඒඩ්ස්
    A - Acquired (නතු කරගත්)
    I- Immune (ප්‍රතිශක්ති)
    D - Deficiency (ඌනතා)
    S - syndrome (සහලක්ෂණය)

    එම ඉංග්‍රීසි වචනවල මුල් අකුරු එක් වීමෙන් ඒඩ්ස් යන වචනය සෑදී ඇත. පිටතින් ඇතුළු වූ වෛරසයක් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බිදවැටීමක් ඒඩ්ස් රෝගය වැළදීමේදී සිදුවේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ වීම යනුවෙන් අදහස් කරන්නේ රෝගවලට ඔරොත්තු දීමේ ස්වභාවික ශාරීරික ශක්තිය විනාශ වීමයි.වෛරසය ඇතුළු වී කාලයක් යෑමේ දී ප්‍රතිශක්තීකරණ පද්ධතිය බිද වැටීම හේතුවෙන් බැක්ටීරියා, දිලීර, වෛරස වැනි රෝග කාරකයනට මෙන්ම විරල ගණයේ පිළිකාවන්ටද ගොදුරු වීමෙන් ඉක්මනින් මරණයට පත්වන තත්වයක් ඇතිවේ.

    300px-Symptoms_of_acute_HIV_infection.png

    ඒඩ්ස් යනුවෙන් හැදින්වෙන්නේ වෛරස ආසාදනයේ අවසාන අවස්ථාවයි. ඒඩ්ස් බෝ වන්නේ ලිංගික ක්‍රියාවලින් ම පමණක් නොවේ. රුධිර පාරවිලයනයේ දී ඒඩ්ස් වෛරසය ශරීර ගත වේ. තවද ඒඩ්ස් ආසාදිත මවකගේ කුස තුළ සිට්න දරුවාටද ඒඩ්ස් වෛරසය සම්ප්‍රේෂණය වේ.

    17268.jpg

    ඒඩ්ස් රෝග කාරක වෛරසය HIV (Human immunodeficiency virus) නම් වේ. මෙම වෛරසය මිනිස් සුදු රුධිරාණු විශේෂයකට ඇතුළු වී කාලයත් සමග ඒවා විනාශ කර දමයි. මෙම සෛල විනාශ වීම නිසා ප්‍රතිදේහ නිපදවීම අඩුවේ. එම නිසා ශරීරයේ ප්‍රතිශක්තිය මුළුමනින්ම බිද වැටේ. මාරාන්තික ඒඩ්ස් තත්ත්වයට පත් වන්නේ මේ අවධියේය. HIV වෛරසය ඇතුළු වී අවුරුදු 2-15 දක්වා කාලයක් සැලකිය යුතු රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකර ජීවත් විය හැකිය. මොවුන් HIV ආසාදිත පුද්ගලයන් ලෙස සැලකේ.

    HIV.jpg

    රෝගී තත්ත්වයන් පෙන්නුම් නොකරන නිසා සාමාන්‍ය පුද්ගලයකු මෙන් සමාජයේ ජීවත් වෙයි. මේ පුද්ගලයන් රෝග වාහකයින් වේ.(රෝගය ඉදිරියට ගෙනයන්නන් ) ඒඩ්ස් තත්ත්වයට පත් වූ පුද්ගලයා වැඩි කලක් ජීවත් වන්නේ නැත. රෝගී තත්ත්වය ඇති වී වසර 2 කට අඩු කාලයක දී මිය යයි. මොවුන් තුළ දැකිය හැකි වන රෝග ලක්ෂණ නම් අධික මහන්සිය, උණ, පාචනය, ශරීරයේ බර අඩුවීම, කැස්ස හා හතිය, වසා ග්‍රන්ථ ඉදිමීම ආදිය වේ.ඒඩ්ස් සුව කිරීමට හැකියාවක් තවමත් නැති මාරාන්තික රෝගයකි.

    ලිංගික චර්යා පිළිබදව යහපත් ආකල්ප වර්ධනය හා ආරක්ෂා වීම තුළින් ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග වළක්වා ගැනීම කළ හැකිය. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඉදිරි කාලයේ දී තවත් වර්ධනය වීමට ඉඩ ඇත. මෙය සෞඛ්‍ය ප්‍රශ්නයක් මෙන්ම ප්‍රබල සමාජ ප්‍රශ්නයක් ද වන බැවින් සාමජය ආසාදිතයන් කෙරෙහිත්,ආසාදිතයන් සමාජය කෙරෙහිත් හිතකර ආකල්ප නොදරයි. සමාජයෙන් කොන් කිරීම, දඩුවම් කිරීම, නිවෙසින් පවුලෙන්, පාසලෙන් හෝ රැකියාවෙන් නෙරපීම වැනි අහිතකර අත්දැකීම්වලට මුහුණ දීමට ආසාදිතයන්ට සිදුවේ. එබැව්න් ඔබත් මෙවැනි රෝග වලට ගොදුරු නොවී
    යහපත් ජීවිතයක් ගත කිරීමට වගබලා ගන්න..


    93happy-family-.gif