බටහිර තාක්‍ෂණයේ හා නූතනත්වයේ බළකොටු බිඳ ව
රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් තවත් කිව යුතු කරුණු බොහොමයක් වෙයි. එහෙත් අප මෙහි දී ප්‍රධාන වශයෙන් ම සඳහන් කරන්නේ බටහිර ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය හා සිංහල බෞද්ධ චින්තනය අතර වෙනස පැහැදිලි කිරීමට අවශ්‍ය කරුණු ය. බටහිර වෛද්‍ය විද්‍යාවට රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාරයක් නැති බව මෙරට බටහිර වෛද්‍ය සභාව (මෙඩිකල් කවුන්සිලය) ද පිළිගනියි. එබැවින් ම රජරට වකුගඩු රෝගීන්ට බටහිර නො වන ප්‍රතිකාර කිරීමට ද බටහිර වෛද්‍ය සභාවෙන් බටහිර වෛද්‍යවරුන්ට අවසර ලැබී ඇත.
බටහිර වෛද්‍ය සභාවෙන් සාමාන්‍යයෙන් එවැනි අවසර නො ලැබෙයි. රජරට වකුගඩු රෝගය හමුවේ බටහිර වෛද්‍ය විද්‍යාව ඉතා අසරණ තත්ත්වයකට පත් වී ඇති බව මේ අවසර දීමෙන් පැහැදිලි වෙයි. දැනටමත් රජරට පදවි ශ්‍රීපුර රෝහලෙහි බටහිර වෛද්‍යවරුන් විසින් විකල්ප ප්‍රතිකාර කෙරෙන බවත් එහි රෝගීන් කිහිප දෙනකුට එවැනි විකල්ප ප්‍රතිකාරවලින් සුවය අත් වී ඇති බවත් වාර්තා වෙයි. එහෙත් මෙරට ජනමාධ්‍යවලින් ඒ සඳහා ප්‍රචාරයක් නො ලැබෙන බව ද කණගාටුවෙන් සඳහන් කළ යුතු ය. බටහිර වෛද්‍ය විද්‍යාවේ රෝහලක එවැනි තත්ත්වයක් මෙතෙක් තිබී නැත.
මේ බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනකු විසින් කෙරෙන්නේ ඔවුනට ආධ්‍යාත්මික වශයෙන් දැනගැනීමට ලැබෙන පැරැණි සිංහල වෙදකමේ නියමිත ප්‍රතිකාර බව සඳහන් කළ යුතු ය.
පැරැණි සිංහල වෙදකම ප්‍රධාන වශයෙන් ම නිල වෙදකමක් විය. එනම් සිරුරේ නිල ඔස්‌සේ කරන වෙදකමක් විය. මේ නිල වෙදකමට අද කටු චිකිත්සාව යනුවෙන් හැඳින්වෙන වෙදකම ද අයත් වෙයි. කටු චිකිත්සාව කෙරෙන්නේ ද සිරුරේ නිලවලට ය. චීනයට කටු චිකිත්සාව ගෙන ගියේ ලංකාවෙන් බවට ද මතයක් වෙයි.
සිංහල නිල වෙදකම අංගම්පොර හා වෙනත් යුද අභ්‍යාස සමඟ ද බැඳී ඇත. නිලය එල්ල කර දෙන පහරින් ඇතැම් විට මරණීය ප්‍රතිඵල ද අත් කර දිය හැකි ය. පැරැණි රාක්‍ෂස ගෝත්‍රිකයන් අංගම් පොරවල අති දක්‍ෂයන් වූ බව කියෑවෙයි. රාක්‍ෂසයෝ බොහෝ විට නායකයන් ගේ (රජවරුන් ගේ) ආරක්‍ෂකයෝ වූ හ. ගැමුණු රජු ගේ ප්‍රධාන ආරක්‍ෂකයා වූ ද ප්‍රධාන සෙනෙවියා වූ ද නන්දිමිත්‍ර සෙනෙවි රාක්‍ෂස ගෝත්‍රයට (එකල ඔවුන් සිංහල වී සිටිය ද කුල ශ්‍රේණි පවත්වාගෙන යැමට ඒ බාධාවක් නො වී ය) අයත් වූ ද අංගම් පොරවල අති දක්‍ෂ වූ තැනැත්තෙක් විය. අද ද රජරට ඇතැම් ප්‍රදේශවල අංගම් පොරවල දක්‍ෂයෝ තම දස්‌කම් පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන සිටිති.
රාක්‍ෂස යන වචනයෙහි රක්‍ෂා කිරීම, රැකීම යන අදහස් ගැබ් වී ඇත. රකුස් යන්නට අද භාවිත කරන දරුණු, බියකරු ආදී අර්ථ දෙන්නට ඇත්තේ රකුසන් ගේ සතුරන් බව පැහැදිලි ය. සිංහලයේ විරුද්ධකාරයෝ අද සිටින රාජ්‍ය නො වන සංවිධානවල සාමාජිකයෝ පමණක් නො වෙති. එදා ද "රාජ්‍ය නො වන සංවිධානවල" පඬියන් විවිධාකාරයෙන් සිංහලයන්ට විරුද්ධ ව කටයුතු කර ඇති බව පැහැදිලි ය.