අරහත්බව ප්‍රකාශකලත් එකයි නැතත් එකයි!! කාගෙන්වත් අවසරයක් ඕනෙත් නැහැ!! කාගෙන්වත් තහනමකුත් නැහැ!! කාටවත් තහනම් කරන්නත් බැහැ!!
වැඩේ තියෙන්නේ අරහත්වයට පත්වෙනවා තියා රහත්වෙන විදිය වත් නොදැන පුහු මාන්නයෙන් ඉදිමිලා, ප්‍රසිද්ධ වෙන්න හිතන් තමන් අරහත් කෙනෙක්ය කියල තප්පුලන්න ගියොත් ඒක නොසෑහෙන ගොන්කමක්! ඊළඟට නොදන්න මගුල් කියවල, අනික් අහිංසක මිනිසුන්ව මුලා කලොත් ඒක කල්ප ගණන් විඳවන්න වෙන මහා බරපතල පාප කර්මයක්!!
අපිනම් බය නැතුව අරහත්වය ප්‍රකාශ කරනවා! ඒ විතරකුත් නෙවෙයි ධර්මාවබෝධයට අවශ්‍ය මූලිකම අවශ්‍යතාවයන් (ණුවනින් කල්පනා කිරීමේ හැකියාව / යෝනිසෝ මනසිකාරය) තියන අය මුණගැසුනාම ආයේ හිස් අතින් යන්න දෙන්නෙත් නැහැ!! කොහොමහරි උත්සාහ කරලා කරලා track එකට දානවා. මට කියල දෙන්න පුළුවන් කම තියන නිසා මම නම් කෙලින්ම කියල දෙනවා. යාළුවයි මායි දෙන්නම ඉන්න වෙලාවට දෙන්නත් එක්කම ඕක කරනවා. යාලුවට තනියෙන් මුණගැහුන උදවියට එයා විස්තර කියල මහමෙව්නාවට යවනවා කිව්වා. ආයේ අපි අපේ හාමුදුරුවොන්ගේ පොත්, CD, cassettes සේරම වලින් අපිට පුළුවන් උපරිමයෙන් උපකාර කරනවා.
අරහත්වයට පත්වෙන්න ලැබීම සතුටක් තමයි. ඒත් ඒක ධර්ම මාර්ගය දිනුව නේද කියල අහිංසකව සතුටුවෙන්න තියන දෙයක් මිසක්, ප්‍රසිද්ධ කරන්න / ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෙවෙයි!! සේරටම වඩා ඒක ලොකු සැනසීමක්. ඊළඟට තව කෙනෙකුට මාර්ගය විවෘත කරලා දෙන්න ලැබුනාම නම් ඇත්තටම සතුටක්!