හදි හූනියම්

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට


    නියම නරුමයා නම්, කිසි දෙයක් ගැන විශ්වාසයක් නැතිව සියළු දෙය අවඥා‍වෙන්, උපහාසයෙන් සලකා සියළු ‍දෙයට සිනාසෙන පුද්ගලයා නොව, කොයි දෙය වුවද සිදු කරන්නට බැරි නැතැයි සලකා කිසි දෙයක් ගැන නිශ්චිත විනිශ්චයකට නො එළඹ ඕනෑම දෙයක් සැකයෙන් තොරව ඔප්පු වුවහොත් පමණක් පිළිගැනීමට සූදානමින් සිටින පුද්ගලයා යැයි කතාවක් තිබේ. අප වැටෙන්නේ ඒ දෙවෙනි ගණයට ය. අපට නොතේරෙන පලියට අපි කිසි දෙයක් උපහාසයෙන් සලකා සිනා නොවෙමු.

    මේ ටික සඳහන් කළේ මෙකල රූපවාහිනි මාධ්‍යවල දිස්වෙන හා රාජ්‍ය අංශයේ පුවත්පත්වල පවා පත්තර පිටුව පුරා පළවන දැන්වීම් කිපයක් ගැන කියන්නට ප්‍රස්ථාවතාවක් හැටියට ය. හරිගියාම ගාස්තුව ගෙවිය හැකි බව දැක්වෙන අති ප්‍රබල වශී ගුරුකම් ගැනය. මේ දැන්වීම් පල කරන්නේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසිනි. මාතර හාමුදුරුවෝ, රුවන් වැල්ලේ හාමුදුරුවෝ, රුප්පාගොඩ හාමුදුරුවෝ ආදී නම් ඇති උන්වහන්සේලා අද මල්වතු අස්ගිරි සංඝ පීතෘන්වහන්සේලා තරමටම මේ ධර්මද්වීපයේ ප්‍රසිද්ධියට පත්ව සිටිති.

    මේ භික්ෂූන් වහක්සේලා පෙනී සිටින්නේ මතු ආත්මභාවය යහපත් කිරීම පිණිස නොව මේ ආත්මභාවයේම අත් දුටුවයි යන්න ප්‍රතිඵල ගෙන දෙන කර්ම වෙනුවෙනි. ඒ නිසාම උන්වහන්සේලාට ගිහියන් අතර වැඩි ආකර්ශණයක් දිනා ගැනීමට ද හැකි වී තිබේ. ස්ත්‍රී-පුරුෂ වශී බන්ධන, හැරගිය පෙම්වතා/පෙම්වතිය නැවත ගෙන්වා දීම, පමා වූ විවාහය ඉක්මන් කරවීම, බලාපොරොත්තු පෙම්වතාගේ ආලය ආදරය දිනා දිම, පොරොන්දු කඩ කර මඟ ඇර සිටින අය හදවතට ළං කර දීම. දරුපල අත්කර දීම ආදී ගිහි ජීවිතය යහපත්කර ගැනීමට අත්‍යාවශ්‍ය වැඩ රාශියක් උන්වහන්සේ භාරගෙන තිබේ. ඉරිදා ලංකාදීපයේ පළකර තිබූ එක් දැන්වීමක තිබුණේ ජීවිත කාලයටම වශීකර දීම සඳහා පෙම්වතියගේ යට ඇඳුමේ නූල් කැබැල්ලක් පමණක්රැගෙන මා හමුවන්න කියා ය.

    කුඩා දැරියන් දූෂණය කොට මරා වළලන පුවත් නිතර අසන්නට ලැබෙන රටක, දිනකට ළමුන් තිදෙනෙකු දූෂණයට ලක්වෙන බව පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තුමේන්තුවම පවසන රටක, බඩට දරුවන් දී මඟහැර යන මිනිසුන් අනන්තවත් සිටින රටක මේ හාමුදුරුවන් වහන්සේලා සිදු කරන්නේ උතුම් සේවාවක් කරන්නේ යැයි රජය පවා විශ්වාස කරන බව අපට හැ‍‍ඟෙන්නේ රාජ්‍ය මාධ්‍යවල ලැබ ‍තිබෙන අනුග්‍රහය දකින විටය. ධර්මරාජ්‍යය ගොඩනඟන්නට පාරමිතා පෙරහැර ගිය උදවිය අද ආණ්ඩුවේ වගකිව යුතු තැන්වල ඉන්නා නිසා ඒ උදවියගේ අනුග්‍රහය ඇතිව ඉදිරියේ දී මෙම කටයුතු සඳහා රාජ්‍ය ආයතන පවා බිහි වෙන්නට බැරි නැත. කෙසේ වුවද ඒබ්‍රහම් ටී. කොවුර් වැනි අදේව දෘෂ්ටිකයන්, අද ජීවතුන් අතර නැතිවීම මෙම භික්ෂූන් වහන්සේලාට මෙන් ම මේවාට උඩ ගෙඩි දෙන වගකිවයුත්තන්ට ද සැනසිල්ලකි. කාන්තාවන්ගේ යට ඇඳුම්වල නූල් කැබලි ප්‍රසිද්ධ දැන්වීම් දමා එකතු කරන භික්ෂූන් වහන්සේලා පිළිබඳව හෝ උන් වහන්සේලාගේ විනය ගැන බලධරයෝ වගේ වගක් නැතිව සිටිති. මේ අතර ජයවර්ධන පුර සරසවියේ උපකුලපතිවරයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් කියා සිටින්නේ ජපුර සරසවියේ පැවිදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සංඝාරාමය තුළ රාත්‍රී කාලයේ අඳනකඩයෙන් පමණක් සිටිනු තමාට අතටම අසු වූ බවය. එපමණක් නොව පිළිකන්නේ හිස් බෝතල් ද තමා දුටු බවය. ඉන් දින කීපයකට පසු ජනාධිපතිවරයා උපකුලපතිවරුන් කැඳවා නියෝග කළේ සරසවිවල විනය නීති අකුරට ක්‍රියාත්මක කළ යුතු බවය. ඒ සමඟම තොර තෝංවියක් නැතිව පැවිදි ශිෂ්‍යයින්ට දෙහි කපන අන්දම මාධ්‍යවල විකාශය විය. අපේ නරුමකමට අපට හිතෙන්නේ මුන් ඔක්කොටම අමු කැවිලා කියා බව කට කහන වට නොකියා සිටිය නොහැක්කේය.

     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    හුගක් අයට තියන ප්‍රශ්ණයක් තමයි ඉස්සර උදවිය තමන්ගේ උපන් වේලාව රහසිගතව තබාගැනීමට හේතුව මොකක්ද කියන එක,
    එහෙමනම් ඉතින් කේන්දර බලන කෙනෙක් ගාවට ගිහින් කේන්දරේ බලන්නත් බෑනේ නේද? ඒ වුනාට ඉස්සර කාලේ මිනිස්සු එහෙම කරල තියෙන්නේ විවිධ හේතු කාරණා සලකල බලලා,මොකද කියනවනම් දැන් කාලේ වගේ නෙවෙයි ඉස්සර අණවින,කොඩිවිණ,හදි හූණියම් කාරයෝ වැඩියිලු.ඒගොල්ලො තම තමන්ගේ සතුරන්ට ඔය කිව්ව ක්‍රම වලින් ගේම දුන්නේ උපන් කේන්ද්‍ර වල බල දුබල අවස්ථා බලල තමයි.ඒ හින්දා ඒ කාලේ උදවිය තමන්ගේ උපන් වේලාව සතුරන් අතට පත්නොවන විදියට තමයි වැඩ කටයුතු කලේ.ඉඩම් කඩම් ආරවුල් වැනි ලොකු ලොකු ප්‍රශ්ණ වලදි විතරක් නෙවෙයි පුංචි කතාබහකින් ඇතිවුන නොහොද නෝක්කාඩු වල පවා තරහ පිරිමහගෙන තියෙන්නේ එකිනෙකාට විණ කරගෙන තමයි.තමන්ට වඩා අනිත් අය දියුණු වෙලා ඉන්නවට තියෙන ඉරිසියාවට උඩින් හොද මූන පෙන්නගෙන ඉන්න ගමන් යටින් මේ වගේ වැඩ කරන අයත් ඔය අතර ඉන්නවා.ඒ වගේ අය එදත් ඉදල තියෙනවා අදත් ඉන්නවා මතුවටත් ඉදීවී.මොන විදියට කළත් ගුප්ත සාස්ත්‍ර ක්‍රම ආධාරයෙන් අනිත් අයට නපුරු වැඩ කරන එක මහා තිරිසන් වැඩක් ඒ කරන නරක වැඩ වලට ප්‍රතිවිපාක මේ ආත්මයේදීම පලිසන් දෙනවා.ඒවට උදාහරණ සාක්‍ෂි ඕන තරම් තියෙනවා.ඇත්තටම මේ ගැන බ්ලොග් එකේ ලියන්න හිතුනේ මීට වසර කීපයකට පෙර මම අත්දැකපු සිද්ධියක් මතක් වෙලා.ඇත්තටම ජ්‍යොතිෂ සේවය සපයන අය විදියට වැඩ කටයුතු කරන විට කොතරම් දුරට විමසිල්ලෙන් කල්පනාවෙන් වැඩ කළ යුතුද කියලා මේ කතාව කියවන ඕගොල්ලන්ටත් වැටහේවි.
    මේ සිද්ධිය වුනේ අපේ තාත්තා(එයත් ජ්‍යොතිෂය කරපු කෙනෙක්)අසනීප වෙලා මට තනිවම ජ්‍යොතිෂ වැඩ කටයුතු කරන්න වුනු මුල්ම දවස්වල.ඇත්තටම එතකොට මම හුගක් ලාබාලයි.ඕගොල්ල වුනත් දැකලා තියෙනවනේ හදහන් රස්සාවේ හොද හොද වැඩකාරයෝ මැදිවයස පහුකරපු තලත්තෑනි ඔය තට්ටේ එහෙම තියෙන කෙස් පැහිච්ච කණ්නාඩි දෙක යටින් බලල බැබෑරුම් විදියට කතාබහ කරන හොද තෙම්පරාදු බුවාලනේ.(කොහොමත් මේ රස්සාවේ තැන ලැබෙන්නේ වයසට යනකොට තමයි.)මට ඔය සුදුසුකම් තිබුනේ බොහොම අඩුවෙන්.කොටින්ම හරියට රැවුල වත් තිබුනේ නැහැ.මට මතකයි ඒ දවස්වල මම රැවුල ඝනකර ගන්න තුන්වේලම(උදේ,දවල්,රාත්‍රී) රැවුල කැපුවා .තාත්තගෙන් වැඩ කරල පුරුදු හුගක් අය මගේ දිහා ඒ දවස්වල බැලුවේ "අපෝ මෙයා ඊයේ පෙරේදා ඉලංදාරියෙක්නේ.මෙයාට පුළුවන්ද හදහන් බලන්න" වගේ දෙගිඩි බැල්මකින්.ඔයඅස්සේ ගමේ ඉරිසියා කාරයොත් "දැන් හදහන් බලන මාමා ලෙඩින් දැන් එහේ කේන්දර බලන්නේ නැහැ." වගේ ප්‍රචාර දියත් කලා.මමත් ගේම අතාරියෙම නැහැ.පරම්පරා ගනනක් ගෞරවයෙන් කරගෙන ආපු ශාස්ත්‍රයක් නැති කරන්න පුළුවන්ද මම වගේ පුත්‍ර රත්නයක් ඉන්දැද්දි.කොහොම හරි තාත්තා,සීයා පාරම්පරිකව රැකගෙන ආපු ශාස්ත්‍රය රැක ගන්න ඒ දවස්වල මම හුගක් දුක් කරදර වින්දා.මුල් දවස්වල මට ජ්‍යොතිෂවේදියකුට ලැබිය යුතු ගෞරවයවත් හරියට ලැබුනේ නැහැ.දොස්තර මහත්තයෙක් ලගට ගිහිල්ල පැය ගානක් හිටියත් බොහෝ දෙනා මගේ ගාවට ආවේ හරියට කඩදාසි ලිපේ දාලා ආවා වගේ.කොහොම වුනත් ආපසු හැරිලා බලනකොට සතුටු වෙන්න පුළුවන්.මොකද කොච්චර කරදර බාධක ආවත් ශාස්ත්‍රීය ගෞරවය රැකෙන විදියට මම වැඩ කරල තියෙනවා. ඔය විස්තර මුලින් කිව්වේ මම කියන්න යන කතාව ඔයගොල්ලන්ට ටිකක් දැනෙන්න කියන්න ඕන නිසා.(සාමාන්‍යයෙන් මම බ්ලෙගයේ ලිපි හරහා මගේ ගැන කියන්නේ හරිම අඩුවෙන්.)වැල්වටාරම් මොකටද සිද්ධිය කියමුකෝ.හැබැයි මේ ලිපියේ කියවෙන එකම කතාව මේක නෙවෙයි.
    එක දවසක් හදිසියේම වාගේ මැදිවයසේ ජෝඩුවක් මා ලගට පැමිණියේය.
    කාන්තාව - "කෝ පුතේ තාත්ත දැන් අසනීපෙන්ලු නේද?"
    මම - "ඔව් නැන්දේ මේ පොඩ්ඩක් අසනීප වුනා.ඒ තරම්ම අමාරුවක් නැහැ.වැඩි වෙලාවක් වාඩිගෙන ඉන්න අමාරුයි"
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කාන්තාව කේන්ද්‍රය ඉල්ලා ගෙන පැමිනීමේ අවශ්‍යතාව කුමක්ද යන්න දැන් වටහා ගත හැක.එක අතකට මම මොකටද නැති ලෙඩ දාගන්නේ. ඒ ගෑනි ආපහු ආවාම එහෙම කේන්ද්‍රයක් හොයා ගන්න බැරිවුනා කියලා සද්ද නැතිව ඉන්නවා.මේ මිනිහට මේක කියන්න ගියොත් මුන් මිනී මරා ගන්නවා.මම දැන් මුකුත් නොකිය ගෙදර යනවා.එසේ සිතා මා නිවස වෙත ඒමට නැවත පිටත්විය.නමුත් අතරමගදී මගේ සිතට එක එක සිතුවිළි පහළ විය."එක අතකට මම මෙහෙම කරන එකත් හරි නැහැ.අර ගෑනි නම් නරකම කෙනෙක් වෙන්න ඕන.දෘෂ්ඨ ගතිය ඇගේ මූනෙන්ම පෙනුනා.මම ගිහින් අර මිනිහට ෂේප් එකේ සිද්ධිය කියලා ආරක්‍ෂාවෙලා ඉන්න කියල කියන්න ඕන.ඒ මිනිහ මාවත් බේරලා නියම විදියට ආරක්‍ෂාවෙලා ඉදීවි.එහෙම හිතලා මම ආපසු ගිහින් මිනිහට සම්පූර්ණ විස්තරේ කිව්වා.කිව්ව ගමන්ම මිනිහ කිව්වෙ
    "ආපෝ ඔය ගෑනි ඉන්නේ මේ අහළ පහළ.අපිත් එක්ක ඉඩම් ආරවුලක් තියෙනවා.පිට කෙනෙක් නෙවෙයි.මගේ ලොකු තාත්තගේ දුවෙක්.කේන්දරේ ඉල්ලන්න ඇත්තේ මොකක් හරි ගුරුකමක් කරන්න.ඔයා හරිම විදියට කරල තියෙනවා.කේන්දරේ දෙන්න එපා."
    "මම කේන්දරේ දෙන්නෙ නැහැ.හැබැයි මේක මම ඔයාට කිව්ව බව ඒ අයට දැන ගන්න තියන්න එපා.ඔය දෙගොල්ලම අපි ලගට එන නිසා මම කිව්වේ.නැත්නම් පස්සේ කාලෙක ඔයගොල්ලො ආපහු හොද වේවි.අහක ඉන්න අපි නරක මිනිස්සු වේවි.මගේ පැත්තෙන් ඔයාට වෙන්න තිබිච්ච යුතුකම මම ඉටු කළා.ඔයත් මම වෙනුවෙන් ඔයාගේ යුතුකම ඉටු කරන්න" කියල මම එන්න ආවා.
    මම මේ කතාව කිව්වේ කේන්ද්‍ර බලන අය ශාස්ත්‍රීය දැනුමෙන් විතරක් නොව වෙනත් පරිබාහිර දේවල් ගැනත් සැලකිල්ලෙන් ඉන්න ඕන කියන එක දැනුම් දෙන්නයි.එතකොට තමයි ඒ අයගේ සේවය නියම මානුෂික ස්වරූපයෙන් සිද්ධ වෙන්නේ.
    මෙය කියවන ඔබලාගෙන් ඇතැම් අය කේන්දර,මන්ත්‍ර,හදි හූනුයම් වැනි දේවල් ගැන විශ්වාසයක් නැති අය විය හැකියි.ඒ කොහොම වුනත් පහත දක්වා ඇති කරුණු කාරණා කියවා තබාගෙන හිතේ කොනක හෝ මතක තබාගෙන සිටීම හොදයැයි සිතමි.(එම විස්තර කිසිම පුද්ගලයකුට යහපතක් මිස අයහපතකට හේතු නොවේවා!.)
    * ඔබේ ගමේ සිටින දෛවඥයා ශාස්ත්‍රීය දැනුම අතින් ඉහලව සිටියත් ගුණ යහපත් කමින් අඩු පුද්ගලයෙක්ද?
    * ඔබ හදුනන ගමේ දෛවඥයා ඔබ සමග කුමණ හෝ හේතුවකට අමනාපද?
    * ඔබ දින කිහිපයක බැහැරව සිට ආපසු නිවසට ඒමේදී හෝ උදේ අවදිවන විට ගෙයි දොරකට වැට මායිම වැනි ස්ථාන වල අසාමාන්‍ය ලෙස ඇති රේඛා සටහන්,නූල් කෙස් කැබළි,තෙල් බිංදු,දෙහි බිත්තර වැනිදෑ දක්නට ලැබුනාද?
    * කුමන හෝ කටයුත්තකට ගෙමිදුල හෑරීමේදී මුට්ටි,මංජුසා,සත්ත්ව ඇට කැබලි,ලෝහ භාණ්ඩ වැනි අසාමාන්‍ය වස්තු ලැබුනාද?
    * අසල්වැසි නිවෙස් සමග කෑම බීම හුවමාරු කර ගැනීමට ඔබත් පුරුදු වී සිටීද?ඔබේ දරුවන් පිට තැන්වලින් ආහාර පාන ලබා ගනීද?
    * ඔබගේ දුවගේ පුතුගේ මංගල අවස්ථා වලදී පෝරුව අසළ නෑදෑයකු හෝ වෙනත් අයකු අසාමාන්‍ය ලෙස ගැවසේද?පෝරුවට නගින ස්ථානයේ පයට පෑගෙන කොටස්වල අසාමාන්‍ය දේවල්(ඉහත දැක්වූ තෙල් බින්දු වැනි) දක්නට ලැබේද?
    * මනාළ යුවළ මධු සමය ගත කරන නිවසේ හෝ හෝටලයේ ඇද අසළ ඉහත දැක්වූ පරිදි අසාමාන්‍ය සලකුණු දක්නට ලැබේද?
    *ගැබිණි මව හමුවීමට සාත්තු කිරීමට වෙනදා නැති නෑදෑ නොනෑදෑ ගැහැණු වැඩිපුර පැමිණේද?
    එහෙනම් විශේෂයෙන් ප්‍රවේශම් වන්න.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    අනුන් විසින් කරන ලද විණයේ හෙවත් හූනියමේ උපත පිළිබඳව ජනශ්‍රැතියේ විවිධ කතා පුවත් එන අතර එහි ප්‍රචලිතම කතා පුවත වන්නේ මැණික්‌පාල බිසවගේ විණ දෝෂය හා සම්බන්ධ කතාවයි. ලොව ප්‍රථම නරපතියා වූ මහාසම්මත රජුගේ බිසව මැණික්‌පාල වූවාය. ඇගේ සොහොයුරා වූ විෂ්ණු විසින් වසවර්ති මාරයා සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව ඇය වසවර්තියා හා විවාහ වීමට යෙදී තිබිණි. මෙය කඩවීම නිසා ඇයට වසවර්ති මාරයා ද්වේශ කළ අතර දිනක්‌ මහා සම්මත රජු අසුර යුද්ධයකට ගිය විටෙක වසවර්තියා මහාසම්මතගේ අනුකරණයෙන් මැණික්‌පාල වෙත ළඟාවීමට තැත් කළේය. එහෙත් එය ඉටු නොවීම නිසා ඇතිවූ කෝපයෙන් වසවර්ති තෙමේ අවීචියට අතපොවා රැගත් විෂ පොළඟෙකුගෙන් මැණික්‌පාල බිසවට දමා ගැසීය. මෙය ලොව ප්‍රථම විණය සේ පිළිගැනේ. එයින් රෝගාතුර වූ රූ සිරි යුත් මැණික්‌පාල බිසව විරූපීව කෘෂවන්නට විය. මෙය සුව කිරීම සඳහා විෂ්ණු විසින් අජාකූට පර්වතයේ වාසය කළ ඔඩ්ඩි නම් සෘෂිවරයා ගෙන්වී යෑයි ජනශ්‍රැතියේ කියෑවේ.

    මීට අමතරව අප්‍රචලිත වෙනත් සූනියම් උපත් කතාවක්‌ මහාචාර්ය තිස්‌ස කාරියවසම් මහතාගේ "සූනියම් කැපිල්ල නම් වූ ශාන්තිකර්ම විග්‍රහය" කෘතියේ දක්‌නට ලැබේ. සිංහල රටේ රජ කළ මල්සරා රජුට සරණව කුමරියක්‌ සොයා ගිය බමුණන්ගේ මගපෙන්වීමෙන් වඩිග රට "ශ්‍රී ගෝරට්‌ටා" රජුගේ දියණිවරුන් අට දෙනාගෙන් ලාබාලම දියණිය වූ "කුසුමහ" දේවිය සිය බිරිය ලෙස මල්සරා රජු තේරා ගත්තේය. එසේ වැඩිමහලුන් සිටියදී බාලයා තෝරා ගැනීම ඇගේ වැඩිමහල් සොයුරියන්ගේ වෛරයට හේතුවූ අතර ඔවුන් විසින් මල්සරා රජුට විණ කළ කරඬුවක්‌ එවීය. එය සූනියම් උපත බව තවත් මතයකි.

    සත්කෝරළය හා සම්බන්ධව තවත් ජනශ්‍රැති කතාවක්‌ සූනියම් උපත පිළිබඳව කියා පායි. එම ප්‍රදේශයේදී පුරපස දේවත්වයෙන් හා අවපස යක්‌ෂත්වයෙන් පුද ලබන ගම්බාර සූනියම් කබලෑ දෙවියන් විසින් සූනියම් හා මන්ත්‍ර ශාස්‌ත්‍රය ලබාදීමට ගෙනා බවට ඔවුන් පිළිගනී. මේ පිළිබඳව විස්‌තර "කබලෑ පටුන" නම් දැනට සොයා ගැනීමට පවා අසීරු දුර්ලභ කවි පොතේ සඳහන් වේ.

    ශකවර්ෂ 1284 දී බක්‌මස පුර පසළොස්‌වක ලත් ගුරු දින වඩිග දේශයෙන් පැමිණි බමුණකු බලගතු මන්ත්‍ර පොතක්‌ අතැතිව ලක්‌දිව දකුණු ප්‍රදේශයේ මාතරට ගොඩබැස අනතුරුව සත්කෝරළයේ "කුඹල්වල" නම් ග්‍රාමය වෙත ගොස්‌ වාසය කරමින් සිටියදී යම් පිරිසක්‌ විසින් ඔහුගේ මෙම පුස්‌ථකය ලිහා බැලූ අතර එහි කටු ගසා සිරකර සිටි "ඔඩ්ඩිස" යක්‌ෂයා ඉන් මිදී පලාගොස්‌ ගමේ පිරිස්‌ මරන්නට වූ බවත් එම ප්‍රදේශයේ ජනශ්‍රැති කතාවල දක්‌නට ලැබේ. එසේ එම යකු සිරකර සිටි පොතේ සූනියම් ක්‍රම පිළිබඳව තිබූ බව කබලෑ පටුන කෘතියේ සඳහන් වේ.

    "නියම හූනියම් පොතකි බොලන්නේ

    මිණී මරන්නට උපත තියෙන්නේ"

    මෙම පොතේ හිමිකාරිත්වය හා එය කුඹල්වල ගමට ලැබුන ආකාරය පිළිබඳ බොහෝ මති මතාන්තරවලින් යුතු ජනශ්‍රැති කතා දක්‌නට ඇති නමුත් මෙම පොත මගින් මන්ත්‍ර ශාස්‌ත්‍ර හා සූනියම් ක්‍රම ලක්‌දිවට පැමිණි බවට ඒ සියලු කතාවල දක්‌නට ලැබේ. මැණික්‌පාල කතාවේ එන ඔඩ්ඩි සෘෂිවරයාත් පහතරට සූනියම් යක්‌ෂයාත්, මෙහි එන කබලෑ සූනියම් යක්‌ෂයාත් එක්‌ අයකු යයි වැරදි මතයක්‌ ඇතැමුන් තුළ පවතී. මෙපමණක්‌ නොව උඩරට සොකරි නාටකයේද සූනියමක්‌ කැපීමට වඩිග දේශයෙන් ඔඩ්ඩියා ගෙන්වා ගැනීමක්‌ දක්‌නට ලැබේ. කෙසේ වෙතත් දකුණු ඉන්දියානුවන්ගෙන් ලාංකිකයන්ට ඔඩ්ඩිස පිළිබඳව කතා පුවත් ලැබී ඇති බවට මේ සියලු කතා පුවත් සාක්‌ෂි දරති. එහෙත් එම කතාවල ඔඩ්ඩිස පැමිණියේ සූනියම් කැපීමට වුවත් සත්කෝරළයේ කතාවට අනුව ඔඩ්ඩිස සූනියම් රැගෙන ලංකාවට පැමිණ ඇත. එමෙන්ම ඒ. ඇම්. උක්‌කුබණ්‌ඩා මහතාගේ අත්පිටපතක ඇති "බුද්ධමාලා මන්ත්‍රයේ" සඳහන් පරිදි බුදුන් වහන්සේ අගසව්වන් සක්‍ර බ්‍රහ්ම හා ඔවුන්ගේ පිරිස්‌ මධ්‍යයේ ධර්ම දේශනා කරන කල්හි වසවර්ති මාරයා විසින් උඩින් සහ බිමින් සියලු වස විසයෙන් විණ කරන්නට ආ විට සියලු දෙවි දේවතාවෝ මෙන්ම ශ්‍රීමහාබෝධියද බියෙන් සලිත විය. එය බුදුන් විසින් ගාථා කියා සමනය කළ බව එහි දැක්‌වේ.

    මෙසේ අනාධිමත් කාලයක සිට සූනියම් පිළිබඳව විවිධ කතා පුවත් ලක්‌වාසීන් අතර දක්‌නට ලැබී ඇත. ඒ අතර 1 වැනි රාජසිංහ රජුගේ මරණය හා සම්බන්ධව ද දොඩම්වල ගණිතයා කළ විෂ බැඳීමේ සූනියමක්‌ පිළිබඳව ජනශ්‍රැතියේ එයි. වර්තමානයේ වුව මෙසේ සූනියම් කරන කට්‌ටඩියන් හා සූනියම් කපන ඇදුරන් දක්‌නට ලැබේ.

    මෙසේ ලංකාවට ආගමනය වී ඇති සූනියම් වර්ග රාශියකි. ඒවාද විවිධාකාර වර්ගීකරණයන්ට ලක්‌කර ඇති බව දක්‌නට ලැබේ. මෙහිදී මේ පිළිබඳව ලි�ත මූලාශ්‍ර සොයාගත හැකි වන්නේ, සූනියම් උපත පිළිබඳව ඇති කතාපුවත්, "කබලෑ පටුන" ආදී කවි පොත් හා සූනියම් කැපීමේ හා කිරීමේ මන්ත්‍ර පිරික්‌සීමෙන්ය.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    ප්‍රථමයෙන් සූනියම් උපත් කතාවල එන සූනියම් වර්ග පිළිබඳව විමසීමේදී මල්සරා රජු පිළිබඳ කතාව වැදගත් වේ. එම කතාවේ එන ආකාරයට දිගින් සැට රියනක්‌ හා පළලින් සත් වියතක්‌ වූ තඹ කරඬුවක ඇණ යතුරු තිස්‌ දෙකක කරවා ඒ තුළ හැටහතරක්‌ කටුගැසුවේද, නවසියයක්‌ දුණු විඡ්ජාද, පන්සියයක්‌ ගොපලු විඡ්ජාද, හාරසියයක්‌ විස විඡ්ජාද, දහ අටක්‌ ආගම්ද, පුරවා මල්සරා රජුට එවා ඇත. තවද "මල්සරා යන්ත්‍රයේ" එන ආකාරයට එම කරඬුවේ තුන්දහස්‌ අටසියයක්‌ ක්‍රේම සූනියම්ද, තිස්‌ එකක්‌ කටු ගැසුම්ද, එකසිය අටක්‌ පැතලි ගිනියම්ද, හැටහතරක්‌ දුණු ඇට පිළිද, යක්‌ගැටහිර, පිල්ලු, සූනියම්, ගිනියම් සූනියම් ආදීය දමා තිබුණා. මීට අමතරව එහි වැල්පැන්නුම්, ඉරි පැන්නුම්, අවෙල්, දෙවොල් විණ ආදී එකසිය අටක්‌ විණ තිබූ බව ද තිස්‌ස කාරියවසම් මහතා විස්‌තර කරයි. සත්කෝරළයේ ප්‍රචලිත "කබලෑපටුන" කවිපොතේ එන ආකාරයට ලක්‌දිවට ආගමනය වූ සූනියම් වර්ග රාශියකි. "පිල්ලි මෙ දහඅට අංගම් දෙසිතයි. ජීවම් දහඅට රූකඩ දොළහයි. කටුසර ජීවම් දෙසිය අසූවයි. ඉණාමදන තෙල් මාත්‍රා දොළහයි.

    (ඒ. ඇම්. උක්‌කුබණ්‌ඩා මහතාගේ අත්පිටපතකිනි.)

    මේ ආකාරයට කබලෑ පටුනේ පිල්ලි දහහඅටක්‌, ආගම් තිස්‌ දෙකක්‌. ජීවම් දහ අටක්‌, රූකඩ දොළහක්‌, කටුසර ජීවම් දෙසිය අසූවක්‌, මල් වැල් ඉරි ආදී පැන්නුම් දෙතිසක්‌, හිර වැලකුම් දෙතිසක්‌, සිංගි සූනියම් බන්ධන දොළහක්‌ (මෙය පියතිලක හල්පෙ ශූරීන්ගේ කබලෑ දෙවියෝ කෘතියේ දෙතිසක්‌ ලෙස ද ) දැක්‌වේ. මීට අමතරව මෙබඳු සූනියම් ආපිට යෑවීමේ ක්‍රම ද මෙහි අන්තර්ගතය. එනම් බන්ධන කැපුම් හතලිහක්‌, ජීවම් පිට පෙරලුම් නවයක්‌, ආගම් පෙරලුම් දොළහක්‌, පිල්ලි ආපිට යෑවීම් දොළහක්‌, හා අටකොණ ආරක්‌ෂා විධි විසි හතරක්‌ පිළිබඳව ද එහි සඳහන් වේ.

    මීට අමතරව "බුද්ධමාලා මන්ත්‍රයේ" එන විණ කිරීම් ද කීපයකි. මෙහිදී එබඳු විණ හඳුන්වා දී ඇත්තේ ඒ ඒ විණ කරන යකුන් වශයෙනි. බුදුන් වහන්සේ ගාථා දේශනා කරන විට "හාරදහසක්‌ ක්‍රේමසූනියම්" වලට අරක්‌ගත් යකුනුත් යන්ත්‍ර, මන්ත්‍ර, තෙල්, අඳුන්, සඳුන් ආදියට අරක්‌ගත් භූත අභූත ප්‍රේත කොටසුත්, තෙල් මැතිරීම්, මල් මැතිරීම් ආදියට අරක්‌ගත් දෙමළ වෛකුණ්‌ඩ යකුනුත්, සන්නි දහඅට, කෝලා දහඅට, වලිප්පු දහඅටට අරක්‌ගත් සන්නි දහ අටේ දේවතාවෝත් තම තමන් කරන ලද ලෙඩ හා අවතාර අතහැර යැමට පොරොන්දු වූ බව එහි සඳහන්ය. මෙහි අවතාර හා ලෙඩ කිරීම් යනු විණ කිරීම්ය. තවද ඒ. ඇම්. උක්‌කුබණ්‌ඩා මහතාගේ අත්පිටපතක එන "කඟවේනා කැපීම" නම් මන්ත්‍රයේ කඟවේනා ඉරුදෙවි බැලීමට ගිය ගමනේදී පසු කළ විවිධ පොළොව වලදී හමුවූ විණ කපාගෙන ගිය අයුරු කියෑවේ. ජල පොළොවේදී ඉරි පැන්නුම්, දහසක්‌ බන්ධන, දහසක්‌ යන්ත්‍ර මන්ත්‍ර කටු ගැසුම් ද, ගල් පොළොවේදී දුනු බන්ධන, රතිමදන බන්ධන, වෙඩි බන්ධන, යන්ත්‍ර කටු ගැසුම් බන්ධන, මන්ත්‍ර කටු ගැසුම් බන්ධන, පිල්ලි අංගම් බන්ධන ද ලේ පොළවේදී දහසක්‌ ක්‍රේම වැලකුම්, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, රූකඩ කටු ගැසුම්ද, සාමාන්‍ය පොළවේදී යගල් බන්ධනද, වාපොළොවේදී දෙමළ, විල්ලෝඩි, එළු, මකත, වඩිග, තෙලිඟු, නාගර, සගිස්‌කුර්තා, වෑකරණ, භාෂා බන්ධනද, ඝනකඩ බොල් පොළොවේදී උරඟ රාම හිර බන්ධන, පිල්ලි අංගම්, සොහොන් බන්ධන, පිල්ලි කඩවර බන්ධන, යක්‌ෂ, රාක්‌ෂ, භූත, ප්‍රේත යක්‌ෂ කටු ගැසුම් බන්ධන ද පිළිබඳව කියෑවෙන අතර මීට අමතරව නව ලක්‌ෂ අසූහතර දහසක්‌ ක්‍රේමහිර බන්ධන ද අටසියයක්‌ මුණගැසුම්ද, හාර දහස්‌ හාරසිය හැත්තෑ හතරක්‌ අණ විණ ක්‍රේම වැලකුම්ද, ඔඩ්ඩිස බන්ධන, තාරුකා බන්ධන, වටකුමාර, ලේ කඩවර, ඉණාමදන, රතිමදන, මල්මදන, කාම මදන, ගිනි බහිරව, පිල්ලි, අංගම් ආදී විවිධ සූනියම් ක්‍රම පිළිබඳව සඳහන් වේ. මෙම මන්ත්‍රයේ බලය කියාපෑමට මෙබඳු විණ කැපිය හැකි යයි නම් කර ඇතත් මේ මන්ත්‍රය තුළ එම සූනියම් පිළිබඳව වැඩි විස්‌තර දක්‌නට නැත.

    විඡේකෝන් මුදියන්සේලාගේ උක්‌කුබණ්‌ඩා මහතා සතු පාරම්පරික මන්ත්‍ර ශාස්‌ත්‍ර දැනුමට අනුව "දහඅටපාලි මන්ත්‍රයේ" එක්‌වාදහස්‌ හාරසිය හැත්තෑවක්‌ සූනියම්ද, තුන්දාස්‌ හාරසිය හැත්තෑවක්‌ බන්ධනද, තිස්‌දෙකක්‌ අංගම්ද, ඇති බව කියෑවේ. එමෙන්ම "දෙවොල් අලගු" මන්ත්‍රයේ යක්‌ෂ බන්ධන, හනුමා බන්ධන, බහිරව බන්ධන ආදී නවසිය හැත්තෑ අටක්‌ බන්ධන පිළිබඳවත් එක්‌දහස්‌ අටසියයක්‌ සූනියම් පිළිබඳවත් කියෑවෙන අතර එම මන්ත්‍රය මගින් හැටලක්‌ෂ එක්‌දහස්‌ අටසියයක්‌ බන්ධන කැපෙන බවත් තිබේ. අවසානයේ බන්ධන ලෙස සඳහන් කර ඇත්තේ සියලු ආකාරයේ විණ කිරීම් විය හැකිය.

    හීන්කන්දේ සිරිපාල වෙද මහතා විසින් සිය පාරම්පරික පුස්‌කොළපොත් ඇසුරින් සොයා දුන් "මහපිල්ලි පාරාව මන්ත්‍රය" මගින් කැපිය හැකි විණ වර්ග මෙසේ සඳහන් වේ. ආතාල සූනියම්, පාතාල සූනියම්. එවන සූනියම්. මරණ සූනියම් ආදී හාරදහස්‌ හාරසිය හැත්තෑ එකක්‌ සූනියම් ද, ආතාල බන්ධන, පාතාල බන්ධන, දිෂ්ටි බන්ධන, වලහක බන්ධන ආදී තුන්දහස්‌ හාරසිය හැත්තෑ එකක්‌ බන්ධන ද, වෙඩි වැලකුම්, දුණු වැළකුම්, ඇට වැළකුම්, කුර වැලකුම් ආදී දහ අටක්‌ වැලකුම් ද, රොඩී අංගම්, එවන අංගම්, හරින අංගම්, පිඹින අංගම්, ආදී තිස්‌ දෙකක්‌ අංගම් ද පිළිබඳව සඳහන්ය. මීට අමතරව එතුමා සතු "සත්පත්තිනි දෙවොල් අලගුව" මන්ත්‍රයේ "බන්ධන" වර්ගයන්හි අනුකොටස්‌ද සංඛ්‍යාත්මකව තවදුරටත් විස්‌තර කර ඇත. එනම් තාරුකා බන්ධන එකසිය තිස්‌ දෙකක්‌ද, වටුක බන්දන හැට හතරක්‌ ද, හිර බන්ධන එක්‌දහස්‌ හාරසියයක්‌ද, පිල්ලි බන්ධන හාරසිය තිස්‌ දෙකක්‌ද, ආදී ලෙස බන්ධනයන්ගේ අනුකොටස්‌ ද තව තවත් විග්‍රහකොට ඇත.

    මෙසේ ප්‍රධාන වශයෙන් සූනියම්, බන්ධන, වැලකුම්, අංගම් පිල්ලි, ජීවම්, රූකඩ කටු ගැසුම්, පැන්නුම්, හිරකෙරුම්, කාලම් ආදිය වර්තමානයේ ව්‍යවහාරයේ පවතින නමුත් මේ සියල්ල භාවිතයේ නොපවතී. මෙම අභිචාර ක්‍රමයන්ගේ වර්තමාන හා අතීත භාවිතයන් පිළිබඳව ඉදිරි ලිපිවලින් සාකච්ඡා කෙරෙයි. මෙසේ මේවා සංඛ්‍යාත්මකව මෙපමණකැයි පැවසීම අසීරුය. ඒ ඒ මන්ත්‍රවල බලය කියාපෑමට මේවා සංඛ්‍යාත්මකව ඉදිරිපත් කර ඇතත් සමස්‌ථය ඒ ඇසුරින් නිශ්චය කිරීම කළ නොහැක. මෙසේ ප්‍රමාණාත්මක වශයෙන් විග්‍රහ කළ නොහැකි අති විශාලවූ අනර්ථකාරී අභිචාර මගින් පුහුදුන් මිනිසා සතු අනන්ත වූ ද්වේශයත් වෛරයත්, ක්‍රෝධයත් ආදී අයහපත් සිතුවිලිම නිරූපණය කරන්නේදැයි හැඟේ.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    හොල්මන් අවතාර

    රත්නපුර කහංගම ප්‍ර්‍රදේශයේ ජීවත් වූ ඇය කලක්‌ කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක සේවය කළාය. ඇය ගෙදර ආවේ මසකට වරකි. අද තරම් ප්‍රවාහනයද දියුණුව නොතිබුණ එකල ගම්වල ජනප්‍රිය වාහනය වූයේ බයිසිකලයයි. වනවදුලු මැදින් සැමියා සමග බස්‌ නැවතුමට යැම් ඊම් කළේද බයිසිකලයෙනි. කහංගම සිට රත්නපුර බස්‌නැවතුම්පලට එන ඇය සැමියාගේ බයිසිකලයේ පසුපස ආසනයේ ඉඳගෙන යන්නීය. ඇය යන මාර්ගය මැද හරියේ පාළු තුං මං හන්දියකි. මේ හන්දියේදී උසම උසේ දැවැන්ත මිනිහෙක්‌ සුදු ඇඳුමින් සැරසී බසිසිකලය යන පාර දිගේම ටික දුරක්‌ ගොස්‌ අතුරුදන් වනු ඇය කීප දිනක්‌ම දුටුවාය. ඇය නිර්භය, නොසැලෙන කාන්තාවකි. සැමියාට කිවහොත් රැකියාවට යන ගමන නවතන හෙයින් ඇය නිසොල්මනේම මෙසේ බයිසිකලයෙන් ගියාය. පසු දිනක සැමියාගේ නිවසට පැමිණි විට ඇය මේ “දර්ශනය” ගැන සිය සැමියා ට කීවාය. සැමියාද මේ “දර්ශනය” ගැන දනී. නමුත් දෙදෙනාට දෙදෙනා නොදන්නා සේ හැසිරී තිබේ. පසුව ගුප්ත ශාස්‌ත්‍රඥයෙකුගෙන් විමසා බැලූ විට ඔහු පවසා ඇත්තේ ඒ “ගම්භාර හූනියම්” දේවතාවා කියාය. මොහුගෙන් “වැඩ” ගැනීමට හැකි බවද ගුප්ත ශාස්‌ත්‍රඥයා පවසා ඇත.
    මේ සිදුවීම සිදුවන ස්‌ථානයට නුදුරින් දොළ පහරකි. මෙම දොළෙහි වැලිගොව්වන් පෙතියන් වැනි මාළු (මිරිදිය) සිටිති. මෙහි මාළු ඇල්ලීමට තේගිරිස්‌ නමැති අයෙක්‌ද පුරුදුව සිටින්නේය.
    එක්‌ රාත්‍රියක තේගිරිස්‌ට බහුලව මාළු අල්ලාගත හැකි විය. හේතුව දොළේ දඟලා දඟලා පීනමින් යන මාළු රෑන් ඒ කියන දවසේ වැඩිවී සිටීමය. සතුටට පත් තේගිරිස්‌ යහමින් එදින මාළු අල්ල ගත්තේය. උදෑසනම මාළු උයා බත් කෑ ඔහුට ටික වේලාවකින් බඩ පෙරළෙන බවක්‌ දැනිණි. පසුව රෝහලට ඇතුළත් කළ තේගිරිස්‌ට අජීර්ණයට ප්‍රතිකාර කෙරිණි. නමුත් වැඩක්‌ නොවීය. තේගිරිස්‌ එලොව ගියේය. ගමේ අය කීවේ දොළේ මාළු දිෂ්ටියක්‌ නිසා තේගිරිස්‌ මිය ගිය බවය.
    මේ මාළු ද පෙර කී හූනියම් දේවතාවා විසින් මවන ලද ඒවා බව ගම්මුq කීහ. හූනියම් දේවතා (දිෂ්ටිය) නිසා එදා වැඩිපුර මාළු සිටි බවද ගම්මුන්ගේ අදහස විය. මේ ආකාරයට මාළු අයින් මවා පා මිනිසුන් අමාරුවේ දැමීම භූතයන්ගේ වැඩක්‌ බව යකැදුරෝද කීහ. එනිසා දන්නා අය ඒ මාළු රෑන් නොඅල්ලා යන්නට හරිති. පසුදින දහවල් ගොස්‌ මාළු අල්ලති. ඒ ස්‌වභාවික මාළුය. සත්‍ය සිද්ධියකි.
    මේ ලියන ලේඛකයාගේ මුල් ගෙදර තිබූ රණාල ප්‍රදේශයේ තම ගෙදරට අල්ලපු වත්තේ මිනීමැරුමක්‌ සිදු විය. ඒ ඉකුත් හැටේ දශකයේය. මරණයෙන් පසු ආදාහනය සිදුවුණු දිනට පසුදින අළුයම 4.00 ට පමණ මෙම ලේඛකයා තම රාජකාරි ස්‌ථානයට රත්නපුර කච්ෙච්රියේ සේවයට පැමිණෙමින් සිටියේය. ඒ එසේ මිය ගිය අය ආදාහනය කරන ලද සොහොන්පිටිය අසලිනි. රත්නපුරට ඒමට රණාල පාරේ එමින් සිටි ඔහුටද සොහොන් පිටියට හැරෙන මංසන්ධියේදී නොසිතූ අකරතැබ්බයක්‌ සිදු විය. තමා අත තිබූ බැටරි කෑලි තුනේ එවරෙඩි ටෝච් එකෙහි එලිය දල්වනවාත් සමගම (සුවිචය දැමූ විට) උස බල්ලෙක්‌ හෝ හිවලෙක්‌ වැනි සිවුපා සතෙක්‌ (දුඹුරු පැහැගත්) සොහොන්පිටිය දෙසට විදුලියක්‌ මෙන් ආලෝකයෙන් දැකගත හැකි විය. ටෝච් එළිය දල්වාගෙනම සොහොන් පිටිය දෙසට හැරී සිටින විටත් ඒ සිවුපාවා සොහොන් පිටියේ කෙළවර යමින් සිටියේය.
    මෙම සිදුවීම ගැන යකැදුරෙකුගෙන් විමසූ විට කියා සිටියේ, සුනඛයෙකුට භූත දිෂ්ටියක්‌ නොවැටෙන බවත්, ඒ සත්‍යම සුනඛයෙකු හෝ හිවලෙකු (නරියකු නොවේ) විය හැකි බවත්ය. අප රත්නපුරට පැමිණ මෙම සිදුවීම මගේ මවට ලිපියකින් දැන්වූ විට (ඒ කාලයේ අද මෙන් ජංගම ස්‌ථාවර දුරකථන නොවීය) අපේ අම්මා ලියා එවා තිබුණේ ලොමු දැහැගැන්වෙන කතාවකි.
    එනම් ආදාහනයට පසුදින උදේ (අප පැමිණියේ අලුයමය) මරණය දැමූQ සොහොන ළඟ එම මරණය සිදුවූ තැනැත්තාගේ සුනඛයා ලේ දමමින් මැරී වැටී සිටිනු සොහොන් පිටිය අසලින් යන එන ගම්වැසියන් දැක ඇති බවය. අප යම් හෙයකින් සුනඛයා පසු පස විදුලි පන්දම දල්වමින් ගියේ නම් අපද මළ යක්‍ෂයාගේ ගොදුරක්‌ වීමට ඉඩ තිබුණු බවය. කුමක්‌ හෝ වාසනාවකට එදා අපට සතා ලුහුබැඳ යැමට සිත දුන්නේ නැත.
    මෙම සොහොන් පිටිය අදත් රණාල ගමෙහි තිබෙන බවද කිව යුතුය. හොල්මන් අවතාර හා භූත දිෂ්ටි ගැන අද නම් එබඳු කතා ඒ පළාතෙන් නොඇසෙන බවද කිව යුතුය.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රැන්වර්ත් බෙහෙවින් සුන්දර ගමිමානයක් වුවාසේම අවතාර බහුල ගමිමානයක් බවට ද ප්‍රසිද්ධව තිබිණ. විශාල දේවස්ථානයක් එම ගමිමානයෙහි විය. පෞරාණික වටිනාකමකින් මෙන්ම වටිනා භාණ්ඩ වලින් ද පිරුණු මෙම දෙවි මැදුර මුළු ප්‍රාන්තයෙහිම වු විශිෂ්ඨතම නිර්මාණය ලෙස පිළිගැනිනි. එහි සුන්දරත්වයෙන් වසග නොවු දෙනෙතක් නොවීය.[/FONT]
    [FONT=&quot]බෙහෙවින් අලංකාර සිතුවමක් මේ දෙවි මැදුර තුළ විය. මෙම සිතුවම 15 වන ශත වර්ෂයෙහි එහි ජිවත් වු ජර්මන් ජාතික සිත්තරුන්ගේ විස්කමක් බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මේ දෙවි මැදුර ගොඩ නගන ලද්දේ 15 වන ශත වර්ෂයෙහි බව කියැවෙයි.[/FONT]
    [FONT=&quot]රාත්‍රී කාලයට දේවස්ථානය අසලින් ඇති ඇල ඉවුර දිගේ යන ඇතැමෙකුට අලංකාර ලෙස පින්තාරු කරන ලද ඹරුවක නැගී හබල් ගාමින් යන මිනිස් රුවක් දක්නට ලැබේ. ඒ හැම දිනයක්ම සද හොදින් පායා ඇති දිනයක් වීම මෙහි විශේෂත්වයයි.[/FONT]
    [FONT=&quot]ඹරුවෙහි නැගුණූ පුද්ගලයා ගේ ගත වැසී ඇත්තේ පුජකවරයෙකුගේ ඇදුමකිනි. ඹරුවෙහි තවත් අමුත්තෙකු ද වෙ යි. ඒ කුඩා දුඹුරු පැහැති සුනඛයෙකි.[/FONT]
    [FONT=&quot]ඹරුවෙහි නැගුණූ මේ පුජක ඇදුමින් සැරසුණු තැනැත්තා රැන්වරුත් හි දේවස්ථානයේ සිතුවමි නිමවු පුජකයවරයා බවට විශ්වාසයක් පවතී.[/FONT]
    [FONT=&quot]ඹහු කුඩා දුඹුරු පැහැති බල්ලෙකු ඇති දැඩි කළ බව ද තම ස්වාමියාට දැඩි සෙනෙහසක් දැක්වු මේ සුනඛයා ඹහු යන සෑම තැනකම පසුපසින් යෑමට පුරුදුව සිටි බව ද කියැ‍වේ. අද මිනිසුන් හමුවේ දිස්වන්නේ මේ සුනඛ මිතුරාගේත් මිනිස් මිතුරාගේත් අවතාරයයි. නමුත් ඹවුන්ගෙන් කිසිවෙකුට හෝ හිරිහැරයක් සිදු වි නැත. අවතාර වැවද ඒක්තරා අහිංසකයන් දෙදෙනකි.[/FONT]
    [FONT=&quot]මේ ප්‍රදේශයෙහි සැරිසරන බුරු අවතාරයක් ද වෙයි. ශීත සමයෙහි එක් රැයක දෙපසින් වගුරු බිමි සහිත පාළු මාවතක් පසු කර යන ගැමියෙකි. හදිසියේ එක්වරම පසු පස හැරී බැලීමට සිතක් ගැමියා තුළ පහළ විය. කිසිවෙකු තමාට එසේ කරන ලෙස විධානය දෙන බවක් ඹහුට හැගුණේ අහේතුක බියක් සමගිනි.[/FONT]
    [FONT=&quot]ඹහු හැරී බලනවාත් සමගම සතෙකුගේ කුර ගැටෙන හඩක් එක්වරම පසු පසින් නැගී ආවේ පැහැදිලිවය. පිටුපස හැරී බැලු ගැමියාට පාරෙහි තමා දෙසට එන සුදු පැහිති බු‍රුවෙකු දක්නට ලැබිණ. ඌ දක්කාගෙන එන්නෙකු පෙනෙන්නට නොවීය.[/FONT]
    [FONT=&quot]ගැමියාට බියක් දැනිණි. ඹහු බලා සිටියේය. එවිට බුරුවාත් නැවතී තමා දෙස බලා සිටිනු ඹහුට පෙනුණි. ඹහු ගමන ආරමිභ කළ විට මේ අද්භූත සත්වයාත් ඹහු පසු පස ගමන් කරන්නට විය.[/FONT]
    [FONT=&quot]මේ අද්භුත සත්ත්වයා අවතාරයක් විය නොහැකිද? යන සැකය ගොවියා තුළ පහළ විය. ඒ සමගම සිතට ආ අදහසක් ක්‍රියාත්මක කළ හෙතෙම ආපසු හැරී බුරුවා දෙසට ගමන් කළේය. බුරුවා දෙසට තමා ළගා වත්ම ඌ පාර මැද නැවතී තමා දෙස බලා සිටිනු ගැමියාට පෙනුණි. ඒ සමගම බියට පත්වුවාක් මෙන් එක් වරම හැරුණු සත්ත්වයා පසු පස නොබලා දුවන්නට විය. ගැමියා ආපසු හැරුණේය. ඹහුගේ සිතිනි බිය පහව ගොස් තිබිණ. නමුත් මොහොතකට පමණි.[/FONT]
    [FONT=&quot]ගමන ආරමිභ කළ ඹහු පිටුපසින් නැවත කුර හඩ නැගෙයි. බුරුවා නැවත ඹහු පසු පසින් පැමිණෙයි. හැරී බලන සෑම මොහොතකම ඌ පෙරට වඩා තමාට ළංවී සිටිනු ගැමියාට පෙණින.[/FONT]
    [FONT=&quot]මේ වන විට ගැමියා හොදින් බියපත් වී සිටි අතර ඒ සීත රැයේදීත් ඹහුගේ සියොළග දහදිය නැගෙමින් තිබිණ.[/FONT]
    [FONT=&quot]දැන් බුරුවා තමා අසලින්ම වාගේ එනු ඹහුට දැනෙයි. එක්වරම හැරී බැලු ඹහු බුරුවා තමාට අඩි කීපයක් පිටු පසින් එන බැවින් උගේ නාස් කුහර වලින් ළා රෝස පැහැති ගිනි දළු දෙකක් සමග දුමි රොටු පිටතට එන බවක් පෙනිණ. පල්මානික්කමි පිළිස්සෙන ගද වැනි ගදක් ද ඹහුට දැනිණ.[/FONT]
    [FONT=&quot]බුරුවා තමා පසු කර දිව යනු ගැමියාට පෙනෙයි. ඉදිරියෙහි වු වැටක් තුළින් ඌ එක්වරම යනු දුටු ගැමියා මේ නමි අවතාරයක්ම බව සැක හැර දැන ගත්තේය.[/FONT]
    [FONT=&quot]දේවස්ථානය ද පසු කළ මේ අද්භුත සත්ත්වයා එක පිමිමේ ගමිමානය වෙත ඇදෙයි. දේවස්ථාන භුමියේ විශාල තාප්පය තුළින් ඌ අනෙක් පසට යනු දුටු ගැමියාගේ දෙනෙත උඩ ඉන්දවිණි.[/FONT]
    [FONT=&quot]පසු දින උදැසනින්ම පැමණ මාවත පරීක්ෂා කර බැලු ගැමියාට බුරුවෙකුගේ කුර වල සළකුණ කුදු සොයා ගත නොහැකි වීමෙන් ත[/FONT][FONT=&quot]මා දැක ඇත්තේ පෙර අසා තිබු අවතාරය බව ඹහුට වැටහිණ.......[/FONT]
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    බ්‍රිතාන්‍යයේ පාළු නිසසල ගමිමානයක සුවිසල් නිවසකි."විනිශ්චයකරුවන්ගේ නිවස" යනුවෙන් ගැමියන් අතර ප්‍රචලිතර මේ සුවිසල් මැදුර බොහෝ කලක් තිස්සේ වසා තැබීම නිසාදෝ දැඩි පාළු පෙනුමක් උසුලයි. නමුත් මේ කියන දිනවල දිවා කාලයන්හි එහි දොර ජනෙල් ඇර තිබෙණු රාත්‍රී කාලයන්හි පහන් දැල්වෙනුද පෙනෙයි. ඊට හේතුව තරුණ ලේඛකයෙකු වන "මැල්කමි" තම නවතම ග්‍රන්ථයක් ලියා නිම කිරීම පිණිස තෙමසකට මෙම නිවස භාරකරුගෙන් කුලියට ගැනීමය.
    කලකදී වැරදි කරුවන්ට දරුණු දඩුවමි දීම පිළිබදව ප්‍රසිද්ධව සිටි විනිශ්චයකරුවකු ගේ නිවස වු මෙහි හොල්මන් අවතාර බහුලව ඇතැයි සැක කරන ගමිමුන් දිවා කාලයන්හි හෝ මේ නිවස පසුකර යාමට මැලි වන අතර "මැල්කමි: ටද ඒ පිළිබද අනතුරු ඇගවීමට උත්සුක වුහ. නමුත් හොල්මන් අවතාර පිළිබද මත තරයේ ප්‍රතික්ෂේප කළ මැල්කමි තම කාර්යය බාධා කිරීමකින් තොරව කිරීමට ස්ථානයක් ලැබීම පිළිබදව ප්‍රීතියට පත් වුයේය.


    දින කිහිපයක් ගෙවී ගියේය. ඉදහිට රාත්‍රීරයට ඇසෙන මීයන් එහා මෙහා දිවෙන හඩ හැරුණු විට "මැල්කමි" ගේ කාර්යයට බාධා කෙරෙන අන් කිසිවක් නොවීය. විශාල නිවස දැවැන්ත මියන්ගේ පාරාදීසයක් බව නමි මැල්කමි ට වැටහී ගොස් තිබිණ.



    ආහාර ගැනීමට අසල වු තානායමට යන මැල්කමි ඉතිරි කාලය ගත කළේ ග්‍රන්ථය ලිවීම පිණිසය. නිවස පිරිසිදු කරදීම පිණිස දිනපතාම උදය වරුවේ පැමිණෙන කාන්තාවද එසේ පැමිණෙන්නේ තමා විසින් ගෙවනු ලබන වැඩි වැටුප නිසා මිද කැමැත්තකින් නොවන බවද මේ වන විට "මැල්කමි" ට පැහැදිලිව වැටහී ගොස් තිබිණ.



    වැසි බර රැයක් ආරමිභ විය. දැඩි සුළගක් හමා ගියේ ගත කිලි පොලා යන සීතලයක්ද සමගිනි. "මැල්කමි" තම ග්‍රන්ථය ලිවීමෙහි නිරත වී සිටියද සුළගෙහි හා දැඩි වර්ෂාවෙහි ශබීදය ඹහුට සිත එකග කර ගැනිමට මග අවුරා සිටියේය.

    නිවසෙහි විශාල විසිත්ත කාමරයේ පසෙක වු මධ්‍යම ප්‍රමාණයේ කාමරයක වු ජනේලයක් කීප වරක්ම මහ හඩින් ඇරෙනු වැසෙනු ඇසුනු මැල්කමි එම කාමරයට ගියේ ජනේලය වසා දමනු පිණිසය.


    දොර වසා තිබු කාමරයේ දොර විවර කොට විදුලි පහන දැල්වු "මැල්කමි" බිත්තියෙහි තැනින් තැන රාමු කර එල්ලු සිතුවමි සහිත කාමරයෙහි ජනේලය තදින් වසා දැමුවේය. ආපසු කාමරයෙන් පිට වන්නට පෙර ඹහුගේ දෙනෙත කාමරයෙහි පසෙක වු සිතුවමක් වෙත එල්ල විය. පැරණි පන්නයේ ඇදුමකින් සැරසී පුටුවක වාඩිවී සිටින ප්‍රභූවරයා දැඩි රළු මුහුණකින් යුතු වු අයෙකි. සිතුවම දෙස බැලු ඹහු දොර අසලට ගියේ කාමරයෙන් පිටවිමටය. දොර අසලදී ආපසු හැරී බැලු ඹහු නෙත ගැටුණු දර්ශනයෙන් විමතියටත් භීතියටත් පත්විය. සිතුවමෙහි වු ප්‍රභූවරයාගේ රුව අතුරුදහන් වී තිබුණු අතර ඒ මත දිස් වුයේ විශාල ලේ පැල්ලමකි.



    කර කියා ගත හැකි දෙයක් සිහි නොවු "මැල්කමි" වහා කාමරයෙන් පිටවී හඩ නගා දොර වසා දැමුවේය. ඊ ළග මොහොතේ නෙත ගැටුනු දර්ශනය ඹහුගේ බිය දෙගුණ තෙගුණ කළේය. තම සියොළග වෙවිලනුත් නළලට දහදිය උනනුත් "මැල්කමි" ට දැනිණ.



    විසිත්ත කාමරයේ වු කැටයමි සහිත විශාල පුටුව මත සිතුවමෙහි වු ප්‍රභූවරයා වාඩි වී සිටියේ ගිනි පුළිගුවන් වියරු දෙනෙතින් "මැල්කමි" දෙස බලමිනි. දැඩි කුරිරු බවක් රැදුණු ඹහුගේ‍ බැල්මෙන් භීතියෙන් මුසපත් වු "මැල්කමි" ගේ බැල්ම ප්‍රභූවරයාගේ සුරතෙහි වු තොණ්ඩුවක් සහිත රැහැන වෙත යොමු විය.



    ඊළග මොහොතේ පියවර කිහිපයක් පිටුපසට තැබු තරුණයා පසු පස නොබලා දිවගොස් නිවසේ ඉදිරිපස දොර විවෘත කර මිදුලට පැන්නේය. ඹහු නැවත නිවස දෙස හැරී බැලුවේ යාර කිහිපයක් දිව ගිය පසුය. ඹහුගේ මහත් සැනසුමට මෙන් ඹහු බලාපොරොත්තු වු පරිදි පිටුපසින් හඹා එන අවතාරයක් නොවීය.



    අදුරු පාර දිගේ දිව ගිය "මැල්කමි" නතර වුයේ තානායමේ ආලින්දය තුළය. තම අත්දැකීමි විස්තර කිරීමට තරමි සිහි එළවා ගැනීමට ඹහුට තවත් පැය භාගයක් පමණ ගතවිය. ඹහු සනසවා නිදා ගැනිමට කාමරයක් පිළියෙල කරදුන් තානායමි හිමියාත් ඹහුගේ බිරිදත් සියල්ල විස්තර කළේ පසුදාට පහන් වු පසුවය.



    "අපි මහත්තයාට කිවිවනෙ ඹය ගෙදර නතර වෙන්න එපා කියලා. ඹය ගේ මහා භයානක තැනක්. මීට අවුරුදු ගණනාවකට ඉස්සර ඹය ගේ අයිති වෙලා තිබිලා තියෙන දරුණු විනිශ්චයකාරයාගේ රූපෙ තමයි ඒ කාමරේ තියෙන සිතුවමමේ තියෙන්නේ. ඹය මිනිහට බලය තිබුනු දවස් වල සුළු වැරදි වලට පවා එල්ලලා මරන්න නියම කරපු මිනිසුන්ගේ ගණන නිමත් නැහැලු. ඹය වගේ පවිකාර මිනිස්සු ලේ තැවරුණු දෑත් පිටින්ම මැරුණාම උන්ගේ ආත්ම වලටත් නිදහසක් නැහැ මහත්මයා. මරණින් මතුත් පුරුදු පවිකාර ජිවිකයම තමයි උන්ගේ ආත්මය බලාපොරොත්තු වෙන්නේ" තානායමිකරුවා විස්තර කළේය.
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    තමන්ගේ හිත ශක්තිමත් නම් ඔය හොල්මන් වලින් කිසිමබලපාමක් නැහැ නේද?