ආදරණීය නදී_[Chapter_3]...

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ආදරණීය_නදී_[Chapter_3]...

මේ කතාවෙ කලින් කොටස් වලට ලැබුනු ප්‍රතිචාර ගොඩක් හොඳ හින්දා මම කතාව දිගටම අරගෙන යනවා.මේ අපේ ආදර කතාවෙ තෙවෙනි කොටස...
කලින් කතා වල මට කමෙන්ට් කරලා හිත සවිමත් කල හැමෝටම ගොඩක් ස්තූතියි. :)

කලින් පළ වුනු පලමු කොටස | කලින් පළ වුනු දෙවෙනි කොටස

මේ මගෙ නදී වෙනුවෙන් මම මූණූපොතේ හැදුව පිටුව.

පිළිවෙලට හැමදාමත් පළ කරන හැම කොටසක්ම මෙතන තියෙනවා.

------------------------------------------------------------------------

"අමිල අයියෙ...මට බඩගිනියි මහත්තයෝ..."

නදී මට තුරුල් වෙලා ඉන්න ගමන් හෙමිහිට කොඳුරනව මට ඇහුනා හීනෙකින් වගේ.එතකොටයි මට මතක් උනේ.අපි ඇත්තටම දවල් කෑවෙ නෑ නේද නදී.මේ කෙල්ලව ගෙදරින් පිට එක්ක ගිය පලවෙනි දවසෙම මං එයාව බඩගින්නෙ තියලා තියෙන්නෙ.දෙයියනේ මං වගේ නපුරෙක්.

"අනේ සොරි පැටියො... මට ඒක ගානක් ගියේ නෑ.අපි මෙහෙන් බැහැලා මොනා හරි බීලා යමුද...?"

"ගොඩක් රෑ වෙයිනෙ එතකොට...?"

"කමක් නෑ නදී...අපි මොකක් හරි බොරුවක් කියමු.ඔයාව බඩගින්නෙ තියන්න බැහැනෙ මට..."

"ඒක තමයි...මොනා හරි අරගෙන දුන්නෙ නැත්නම් මං අම්මිට කියනවා මට මුකුත්ම කන්න දුන්නෙ නැහැ.ඔයා හරිම නරක ලමයෙක් කියලා.එතකොට ඔයාට අම්මිගෙන් හොඳට අහ ගන්න පුළුවන්නෙ.අපේ අම්මි හරි සැරයි හොඳද..."

නදී පිටිපස්සට වෙලා ඉඳගෙන කියනවා.ඔයා ඔය කියන්නෙ විහිළුවට.ඉස්සර වෙලා ඔයාම කිව්වා මතකයිද නදී අපේ අම්මි හරි හොඳයි කියලා.ඔයාට ඕන යාන්තමට මගෙ හිත රිද්දලා හිනා වෙන්න.දැනටත් ඔයා තනියෙන් හිනා වෙනවා ඇති.

මං නිට්ටඹුවට කිට්ටුව කූල් ස්පොට් එකක බයික් එක නැවැත්තුවා.මහ විශාල මැයි මාර ගහක් යට හෙවන පිරිච්ච තැනක්.ඇත්තටම කූල්ම කූල් ස්පොට් එකක්.එතනට ගියාම අමුතු සීතලක් දැනෙනවා.හරියටම අපි මහවැලි ගඟ අයිනට වෙලා වින්ද හීතල වගේ සුන්දර හීතලක්.

"මොනාද ගන්නෙ නදී...?"

"ඔයා කැමති ඕනෙම දෙයක් අරගෙන එන්න."

නදීට ඉන්න කියලා මම ගිහින් ෆෘට් ජූස් දෙකක් අරගෙන ආවා.

"ඉක්මනට එන්නකෝ....මට බඩගිනියි..." මම ඈතින් එන ටිකට කෙල්ල උඩ පනිනවා මං එන්න පරක්කුවට.

"මෙයාගෙ තියෙන බඩගින්නක තරමක්.මෙතනට එන අනිත් මිනිස්සුන්ටත් බොන්න ඉතුරු කරන්න නදී.නැත්නම් ඇවිත් හිස් අතින් යන්න වෙයිනෙ එයාලට...පව්නෙ එතකොට..."

මං එන ගමන්ම කියාගෙන ආවා.නදීට ඒකට චුට්ටක් තරහා ගිහින්ද කොහෙද.

"අනේ මේ...මං ඔයා තරම් පෙරේත නෑ හරිද...ටිකක් කට පරිස්සම් කර ගන්න බකමූනො.අපි යන්නෙ අපේ ගෙදර හොඳේ..." නදී මට තහංචියක් දැම්මා.

දවස තිස්සෙම හාමතේ හිටිය මහන්සියට මං ෆෘට් ජූස් එක හිමිහිට බොන ගමන් බයික් එකට හේත්තු වෙලා ඒකට බර උනා.නදීටත් ඕනෙ කොහෙන් හරි ඇවිදින් මට හේත්තු වෙන්නම තමයි.නදීත් දුවගෙන ඇවිදින් මගෙ ඇඟට හේත්තු උනා.උදේටත් වැඩියෙන් ඔයා දැන් දඟ කරන්න පටන් අරගෙන නදී.අම්මි මෙච්චර කාලයක් කොහොම ඔයාව මේච්චල් කලාද මන්දා.මං ටිකක් වෙලා කල්පනා කලා.

"බකමූනෝ...." නදී අමුතු විදියකට කතා කරලා මගෙ දැහැන බිඳලා දැම්මා.ඒ පාර මොකද.

"ඇයි අම්මා...?" මූණට පුංචි හිනාවක් මතු කරගෙන මම කතා කලා.උදේ එහෙම කියලා නදී හිනා උනාම ලැජ්ජ හිතුනත් දැන් මට ගානක් නෑ.

"මට මදි..."

ඔයා නම් හරි නරකයි නදී.ඔයාගෙ එක ඔක්කොමත් බීල ඉවර වෙලා මගෙ එකටත් විදින්න නේද.කපටි කෙල්ල.ඔයාව චුට්ටක් රිද්දන්න හිතෙනවා මට.

"අනේ පැටියො...ඒවා ඔට්ටු නෑනෙ.ඔයා හරි නරකයි.මගෙ එකත් එක හුස්මට බීලා ඉවර කලාම මං බොන්නෙ මොනාද...?"

"එහෙනම් එපා.ඕනෙම නෑ.ඉක්මනට ගිහින් මාව ගෙදරට දාන්න."

නදී ඒක කිව්ව විදිය මට ඇල්ලුවෙ නෑ.කිව්වෙ ලොකු හදිස්සියකින් වගේ.මෙච්චර වෙලා හිනා වෙලා හිටිය ඔයා ඇයි දැන් මේ නදී.මං නදීගෙ මූණ දිහා බැලුවා එයාටත් හොරෙන් වගේ.නදී ඇස් දෙක පියා ගත්තා.ඔයාට එච්චරකට රිද්දන්න මං හිතුවෙ නෑ නදී.නදී ඇස් දෙක පියාගෙන ගලාගෙන ආව කඳුළු හංගන්න හැදුවට යාන්තමට ඇස් කොනින් කඳුළු බිංදුවක් එලියට පනින්න දඟලනවා.

"අනේ රත්තරං...මං විහිළුවක්නෙ කලේ...මං හිතුවෙ නෑ ඔයාට මේ තරම් දුක හිතේවි කියලා නදී.ආ බොන්න ටිකක්..."

මං නදීව තවත් ලං කරගෙන ඔලුව අතගාන ගමන් මගෙ ග්ලාස් එක එයාට ලං කලා.

"මට එපා..." නදී තරහෙන් වගේ මගෙන් ඈත් වෙන්න දැඟලුවා.

"එහෙනම් මටත් එපා.ඔයා මේ ටික බොනකම් මං එක අඟලක් මෙතනින් හෙල්ලෙන්නෙත් නෑ.ඔයාට මෙතනින් යන්න දෙන්නෙත් නෑ.අනේ මගෙත් කඳුළු අවුස්සන්නෙ නැතුව හොඳ ලමයා වගේ බොන්න නදී.ප්ලීස්..."


 
Last edited:
  • Like
Reactions: blackcord
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
නදී හුම්ම් කියන්නෙවත් නෑ.අනේ මගෙ චූටි බකමූනියෝ.බොන්නකො මේ ටික.මට මෙහෙම කතා කරන්න බෑ.තව ටිකකින් මටත් ඇඬේවි නදී.මං මේ ටික කියන්න ගියෝතින් මට ඇඬෙනවා.මං දන්නවා.

"බොන්නකො රත්තරන්..."

නදී මගෙ මූන දිහා බැලුවා එක සැරේටම.මහා වැහි වළාවක් අහසට ඇවිදින්.මුළු පලාතම කළුවර කර ගත්තා.අපි දෙන්නව වැඩි ඈතකට පේන්නෙ නෑ.අපිව දකින්න කවුරුත්ම ඇත්තෙත් නෑ.නදී මගෙ ඇස් වල හංගගෙන හිටිය කඳුළු කැට දකින්න ඇති.එක පාරටම නදී මගෙ පපුවට ඔළුව තියාගෙන අඬන්න ගත්තා.දුක ඔහොමම තුනී වුනාවෙ.නදී අඬනකම් මං සද්දයක් නැතුවම හිටියා.ඇයි දෙයියනේ මේ කෙල්ල මං කරන විහිළු තේරුම් නොගන්නෙ.

"මං බොරුවට කිව්වෙ මට මදි කියලා අමිල අයියෙ.මට දැන් බොන්න බැහැ.ඔයා බොන්න."

අඬලා අඬලා ඉවර වෙලා නදී හෙමිහිට කිව්වා මගෙ දිහා බලාගෙන.

"මට බැහැ පැටියො.දැන් බොන්න බැහැ.මගෙ හිතට හරි නෑ."

නදී දුකෙන් ගැහි ගැහී තිබුන මගෙ ලමැද සිප ගත්තා.මං මටම බැන ගත්තා.මේ තරම් මට ආදරේ කරන අහිංසක කෙල්ලගෙ හිත රිද්දන්නෙ මොන පව්කාරකමකටද දෙයියනේ මං.මං ණයගැතියි ඔයාට නදී.මට බැහැ ණයකාරයෙක් වෙන්න.

"ඉන්නකො පැටියො.අපි යමු ගෙදර."

එහෙම කියන ගමන් මං නදීගෙ නළලට හාදුවක් දීලා ග්ලාස් දෙක ලඟ තිබුනු මේසයක් උඩින් තිබ්බා.ඔයාගෙ නළල රස්නෙයි ගොඩක් නදී.උන ගන්නද මන්දා.

"ඔයාගෙ නළල රස්නෙයි නදී.උන ගැනෙන්නද...?"

"හ්ම්ම්...වෙන්න ඇති.ගෙදර බෙහෙත් තියෙයි අමිල අයියෙ.අපි යමු."

"චූටි බකමූනි..." මං හෙමිහිට නදීගෙ රෝස පාට කන් පෙත්තක් මිරිකන ගමන් කිව්වා.

"බකමූනා"

යන්න ඕනෙකමට මගෙ තුරුලෙන් ඈත් වෙන ගමන් නදී ඒක කිව්ව අපූරුව විතරක්.දෙතොල උල් කරලා එහෙම කියද්දි ඔයා ගොඩක් ලස්සනයි නදී.ඇත්තමයි.මොකක්දෝ දඟකාරකමකින් ඔයාව පිරිලා ඉතිරිලා යනවා ඒ වෙලාවට.

"නදී දැන් වෙලාව හයයි කාලයි.මං ඔයාව අරගෙන යනවා හයයි හතලිහ වෙද්දි.සීට් බෙල්ට් තද කර ගන්න.හයියෙන් අල්ල ගන්න.මං උඩින් යන්න හදන්නෙ."

මං එහෙම කිව්වෙ කියද්දි ටිකක් අගේ ඇතුව උනාට අපි ඇත්තටම ඉක්මනට යමු නදී.නැත්නම් අම්මිට තරහ යාවි ඔයාවත් අරගෙන මෙච්චර පරක්කු උනාට.

"හ්ම්ම්..."

මං කිව්ව බරපතල වචන ටිකට බයේද මන්දා නදී එක අතකින් මගෙ බඩ මැදින් අල්ලගෙන අනිත් අතින් උරහිසෙන් අල්ල ගත්තා.හරියට තදට ඇලෙන මැලියම් දාලා අපි දෙන්නව ඇලෙව්වා වගේ.පොලිසියෙන් හෙම දැක්කොතින් අපි දෙන්නව නවත්තනවා අනිවාර්යෙන්ම.ප්‍රසිද්ධ ස්ථාන වල අසභ්‍ය ලෙස හැසිරීම කියලා ලේබල් කරලා.

*******************​

"ඔතනින් නෙමෙයි ඉස්සරහින් පිස්සො..."

නදී දැන් හරියට ගයිඩ් කෙනෙක් වගේ.මට නිකමට බයික් එක පැත්තකට හරවන්න දෙන්නෙ නෑ.කෑ ගහනවා.මමත් ඉතින් සුවච කීකරු ගෝලයා වෙලා එයා කියන විදියටම යනවා.මේ කෙල්ල කරන විහිළුත් එක්ක බලද්දි කොහෙට එක්ක යාවිද දන්නෙ නෑ ගෙදරට යනකම්.

"කෝ මේ අත දෙන්න චුට්ටක්." නදී මගෙ වම් අත පිටිපස්සට ඇදලා ගත්තා.

"ඌයි...රිද්දන්නෙ නැතුව ගන්න ඉතින්..."

"දැන් හයයි හතලිස් පහයි වෙලාව.ඔයා පරක්කුයි බකමූනො..."

වෙලාව බලලා නදී කියනවා.ඒකටත් ඔයාට මගෙ ඔරලෝසුවම බලන්න ඕනෙ නේද.ඒ කියන්නෙ දැන් ගෙවල් ලඟටම ඇවිදින්.ඇත්තටම විනාඩි පහක් මං පරක්කු වෙලා.දස අතේ මං කල්පනා කලා ඒකට කියන්න හේතුවක් හොයන්න.

"ඉතින් මට හොඳ ගයිඩ් කෙනෙක් හිටියෙ නැහැනෙ.හිටිය කෙනත් තවම ට්‍රේනින් කරන කෙනෙක්නෙ.කොහොමද ඉතින් මං නොදන්න පලාතක දන්නවා වගේ එන්නෙ කිව්ව වෙලාවටම."
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
නදීට කියන්න දෙයක් හොයා ගන්න බැරි උනා ඒකට.අන්තිමට කරන්න දෙයක් නැති තැන නදී මගෙ මූණ දිහා බලලා රැව්වා මහ දරුණු විදියට.අන්න එහෙම ඉන්නකො නදී හැම වෙලාවෙම විහිළු කරද්දි.මං ආසයි ඔයා මට රවනවට.

"ඒක නෙමෙයි අමිල අයියෙ.මං කලිනුත් කිව්වනෙ ඔයාට.අපේ අම්මි හරිම සැරයි.අම්මි ඔයාට බනින්න ගත්තොත් හෙම මමත් බනිනවා ඔයාට අම්මිත් එක්කම එකතු වෙලා.එතකොට ඒකට තාත්තිත් එකතු වෙයි.පණ්ඩිත කතා කියන්න කට ඉස්සර කරගෙන මාව නැති කර ගන්න හෙම එපා හොඳද...?."

නදී මේ පුංචි එකෙක් ගානට මාව දාලා මාව රවට්ටනවද නැත්නම් මාව බය කරනවද කියලා මට හිතා ගන්න බෑ.ඔය කියන තරමට නම් අම්මි දරුණු වෙන එකක් නෑනෙ කොහොමත් මාව දැක්කම.මොන දේ කොහොම වුනත් මං ඒ අවස්ථාවට කොහොමත් මුහුණ දෙන්න ඕනනෙ.මං මගෙ හිත තද කර ගත්තා.

"බලමුකො නදී...මං දන්නවනෙ ඔයාලගෙ අම්මිව අල්ල ගන්න ක්‍රමේ.අම්මි බනින්න ගත්තොත් හෙම මං ඔයාවත් උස්සගෙන තමයි ආපහු දුවන්නෙ..."

මමත් මහ ලොකු මනුස්සයෙක් ගානට කතා කලා.

"ඔයාට මාව උස්සන්න බෑනෙ ඉතිං..." නදීගෙ කටකාරකම නම් මට කවදාවත්ම නවත්තන්න බැරි වේවි.

"ඉස්සරහ දකුණු පැත්තෙ ගේට් එකෙන් ඇතුලට දාන්න අමිල අයියෙ."

දිව අගට මොකක්දෝ වල් කතාවක් ඇවිදින් මාත් එක්ක ඔට්ටු අල්ලනවා එලියට පනින්න.මං පුළුවන් තරම් ඉක්මනට ඒක හංග ගත්තා.ඒක කිව්වා නම් ඔයාගෙන් ගුටි කාලම අද මට ගෙදර යන්න වෙන්නෙ අත පය බැඳගෙන තමයි මෙහෙන්.

ගේට්ටුව ඇරලා තිබුනා.ඇතුල් වෙන්න පූර්ණ බලතල තියෙද්දි මොකට ලතැවෙන්නද මං.මිදුලටම ගිහින් මං බයික් එක නැවැත්තුවා.අම්මගෙ තුරුලෙන් බැස්ස ගමන් බිම දිගේ දණගාගෙන දුවන දඟකාර පුංචි එකෙක් වාගෙ නදී බයික් එක නවත්තන පරක්කුවට බිමට පැන්නා.හිත ගැහෙනවා නදී.අද මේ මොහොතෙ දෙවියො මගෙ ලඟ නොහිටියොත් හෙම මගෙ මුළු ජීවිතේ පුරාවටම මට අඬන්න වෙන්නත් ඉඩ තියෙනවා.මං බයික් එකෙන් බැහැලා ගේ පැත්තට යන්න හැරෙද්දි නදී කිසිම ගානක් නැතුව මගෙ අතේ එල්ලුනා.මටත් මොකෝ ඉතින්.ඒත් අනේ මට බයයි නදී.

"එන්න යමු..." නදීට නම් කිසිම ගානක් නෑ.මේක ඉතින් ඔයාලගෙ ගෙදරනෙ.ඒත් මං නදී.මගෙ අතින් ඇදගෙන නදී දොර ලඟට ගිහින් කෑ ගහන්න ගත්තා.

"අම්මි මේ.ඇවිත් බලන්නකො බකමූනෙක් ඇවිත් අපේ ගෙදරට...කොස්ස අරගෙන එන්න ඉක්මනට එයාව......."

"නදී ඔයාට ටොක්කක් අනින්න කලින් නවත්තන්න."

මං නදීගෙ කට අතින් වැහුවා.ඉතුරු ටික කියන්න දුන්නා නම් මගෙ කාඩ් ඔක්කොම ටික කුඩුනෙ.තදින් අල්ලගෙන හිටිය හින්දා නදී මගෙ ලඟට ඇදිලා ආවා.

"ආ...එන්න පුතේ ගෙට.මං ඒත් බැලුවා ඇයි මෙච්චර පරක්කු කියලා..."

හිතේ තිබුන බය කොහෙන් ගියාද මන්දා.මං නදීව ටිකක් ඈත් කලා.ඒක කෝකටත් හොඳයිනෙ.නදී මට කියලා තියෙන්නෙ අමූලික බොරුනෙ එතකොට.නදීලගෙ අම්මා නදී කිව්ව තරම් දරුණු කෙනෙක් නෙමෙයි.මට දැන් හොඳටම විශ්වාසයි.මට බැනුම් අහන්න වෙන්නෙ නෑ.මට බොරු කිව්වට මං හොඳ වැඩක් කරන්නම්කො ඔයාට.

"ඔව් අම්මේ...ටිකක් පරක්කු උනා.එද්දි නදී තිබහයි කියලා හොටු පෙරාගෙන අඬන්න ගත්තා.පස්සෙ ඉතින් කූල් ස්පොට් එකේ තිබුන කූල් ඩ්‍රින්ක්ස් වලින් බාගයක්ම බොනකම් ඉන්න උනා."

"අනේ යනවා යන්න බොරු නොකියා...බකමූනා...කාටද දන්නෙ නෑ බඩගිනියි කිව්වෙ..."

නදීට ඒකට නම් තරහ ගියේ නෑ.කට කොනින් හිනා වෙවී කිව්වෙ ඒක.කියන්න හරි හැටි නෑදෑකමක් නැතිවම වයසට ගැලපෙන විදියට අම්මෙ තාත්තෙ කියන්න මට උපතින්ම ආව මගෙ අම්ම මට දුන්න මනුස්සකමක් තිබුනා.ඒ හින්දම කිසිම ලෝබකමක් නැතුව නදීලගෙ අම්මට උනත් අම්මෙ කියලා කතා කර ගන්න අමාරුවක් උනේ නෑ මට.

"ඇතුලට ඇවිත් වාඩි වෙන්න පුතේ..."

මෙහෙම සලකන අම්මෙක්ට වඳින්නෙ නැතුව ඉන්න එක මහ පාපයක් කියලා මට හිතුනා.මං අම්මගෙ ලඟට ගිහින් එයාගෙ කකුල් දෙක අල්ලලා වැන්දා.

"බුදු සරණයි පුතේ."

මගෙම අම්ම ගානයි නදීලගෙ අම්මත්.නදීට නම් ඔහෙ ගානක් නෑ.එයා හාවක් හූවක් නැතිව බලාගෙන ඉන්නවා මගෙ දිහා.කෙල්ලට ගොඩක් මහන්සියි වගේ.ඇස් දෙක හීන් වෙලා ගිහින්.දහඩිය හින්දා නදී දාගෙන පපුව දිහාවට පූගනවා.මං ඔයාට රිද්දන්නෙ නැතුව හිමිහිට ටිකක් පූගන්නද නදී.අම්මි මෙතන නොහිටින්න ඒකත් මං ඔයාගෙන් අහනවා.ඒත් අවාසනාවට අම්මි මෙතනනෙ.

"ඔයාට ඉඳ ගන්නනෙ කිව්වෙ.දැන් හොඳ බබා වගේ ඉඳ ගන්නකො.හ්ම්ම්...කෝ ඉතින්..."

ගෙදර ආවම මෙහෙම කරාවි කියල දන්නවා නම් ඔයාව මේවටත් එක්ක තව ටිකක් අඬවන්න තිබුනා නදී.ඔයා අම්මි ඉස්සරහ මාව බබෙක් කරන්න යන්න නම් එපා නදී.පාඩුව අපිටමයි නදී.

"මං තේ ටිකක් හදන්නම්.උදේ ඉඳන් ඇවිදලා දැන් මහන්සිත් ඇතිනෙ."
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
නදීලගෙ අම්මා කුස්සිය පැත්තට ගියා.
ඒ හදිස්සියේ මං නදීව ඇදලා ගත්තා ලඟට.උදේ ඉඳන් මාත් එක්ක දඟලපු මහන්සියට නදී නිකන්ම ඇදිලා ආවා මගෙ ලඟට පරඬැලක් වාගෙ.ඇඟට කිසිම හයියක් නෑ මේ කෙල්ලගෙ.

"ආයිත් හෙම අම්මි ඉස්සරහ මට මොනා හරි කිව්වොත් මං අනිනවා ටොක්කක් ඔයාට අම්මි ඉස්සරහදිම.හොඳද චූටි බකමූනි...?"

දරුණු විදියට මං තරවටු කලා නදීට.එක වසරෙ දෙක වසරෙ පොඩි එකෙක් හෙම නම් මගෙ ඇස් දෙක දැකලා බයට සිහි නැති වෙනවා ඒ වෙලාවෙ.බය කරලා වත් නදීව නැවැත්තුවෙ නැත්නම් මං ඉවරයි අද.

"හ්ම්ම්...බලමුකෝ අනින හැටි."

නදී නම් බය වෙන වගක් පේන්න නෑ.ඔයා කියන හැම වචනෙකම මට සුන්දර කතාවක් මැවෙනවා නදී.ඒත් මං ඒ හැම මොහොතකම හිතට විතරක් සීමා කර ගන්න තරම් මං පරිස්සම් වුනා.හැමදේම කියන්න ගියොත් ඔයාට තරහ යන හින්දා.

"හ්ම්ම්...බලන්න තිබුනා හැටි."

"අමිල අයියෙ...රෑට කාලම යමු.දැන් මහන්සියි නේ...මගෙ හොඳ මහත්තයා වගේ වොෂ් එකක් දාගෙන එන්න.මෙච්චර වෙලාවක් ඉවසගෙන හිටියෙත් හරි අමාරුවෙන් මං.ඔයා හරි ගඳයි අනේ."

"ආ ඇත්තද..?.පිස්සි...යමු කියන්නෙ කොහෙ යන්නද..?.ඔයාව එක්ක යන්නෙ නෑ මං අද."

මං රිදෙන්නම නදීගෙ කන් පෙත්ත මිරිකුවා.

"ඌයියා..සොරි සොරි...යමු නෙමෙයි යන්න.හැබැයි කන්නෙ නැතුව නම් යන්න දෙන්නෙ නෑ ඔයාට."

ඒ කියන්නෙ අද මට යන්න වෙන්නෙ රෑටත් කාලමයි.දෙයියනේ ගෙදර යද්දි කීය වෙයිද එතකොට.මං ගෙදරට කෝල් එකක් දුන්නා.මං එද්දි රෑ වෙයි කියලා.අම්මට ඒකත් ප්‍රශ්නයක්.ඒකෙ වැරැද්දකුත් නෑ එක අතකට.උදේ හයට විතර ගෙදරින් ඇවිත් යද්දිත් රෑ දහය විතර වේවි.මෙච්චර රෑ වෙනකම් මොනා කරනවද මං.ඒවට උත්තර දෙන්න බෑනෙ මේ වෙලාවෙ.නදී එහෙන් කෑ ගහනවා.බාත් රූම් එකට රිංගගෙන සීතලේ ගැහි ගැහී යාන්තමට වොෂ් එකක් දාගෙන එලියට පැන ගත්තා.තුවාය අතට අරගෙන ඔළුව පිහදාන ගමන් එලියට එන්න දොර අරිනකොටම නදී දොර ලඟ.ඔයාලගෙ වතුරෙ සීතලට මං තාමත් වෙව්ලනවා නදී.

"සීතලයිද...?"

"හ්ම්ම්...සීතලයි ගොඩාක් නදී...මං තාමත් වෙව්ලනවා."

"ඒ තරම්ම...?"

"හ්ම්ම්..."

එහෙම කියාගෙන මං නදීට ඇතුලට යන්න පාර හදලා දීලා එතනින් එලියට එන්න හැදුවා.ගෙදරට ආව පලවෙනි දවසෙම අම්මලාගෙ හිත දිනා ගන්නවා මිසක් ලකුණු කපා ගන්න එක හරි නැහැනෙ නදී.

"කපටියා..ඉන්න චුට්ටක් ඔහොම..."

නදීට හිතක් නෑ මගෙන් ඈත් වෙන්න.නදී මගෙ ලඟට ඇවිදින් උණුහුමක් ඉල්ලගෙන ඇඟේ දැවටෙන පුංචි පූස් පැටියෙක් වාගෙ මගෙ දිහා බලාගෙන.මං නදීව හීතලේ ගැහෙන මගෙ නිරුවත් ලමැදට තුරුල් කරගෙන නළල සිප ගත්තා වෙව්ලන ගමන්ම.දරා ගන්න අමාරුයි සීතල තාමත්.මේ කොන්ක්‍රීට් වනන්තරේ මේ තරම් සීතල රැයක කවුරුත් නැති පාළු තැනක ඔයයි මමයි තනියෙන්.අනේ මන්දා නදී.කවිකාරයෙක් වෙන්න උපන් සුදුසුකම් තියෙනවා මට.හිත අතරමං වෙලා ඔයාගෙ කෙහෙරැලි අතරෙ.නදී මගෙ පපුවට දෙතොල තද කලා.අනේ මට ඉන්න බැහැ නදී.ඔයා මාව කිති කවනවා.මං නදීගෙ ඔලුව අතගෑවා.මෙච්චර හොඳට ඉන්න මාව නරක ලමයෙක් කර ගන්න එපා නදී.

"ම්ම්ම්...සුවඳයි..."

"ගොඩක්..?"

"හ්ම්ම්...ගොඩා....ක්..."

ඔයා මගෙ සුවඳ විඳින්නෙ එහෙමද.කමක් නෑ නදී තවම පොඩියිනෙ ඔයා.අනිත් එක අපි අදනෙ ඉස්සරලම මීට් වුනේ.අපි අනාගතේටත් ඉතුරු කරමු නේද.නැත්නම් තව ගොඩක් දේවල්...නෑ ඕන නෑ...මේ ඇති.මං මගෙ හිතට බල කලා.

"ඔයත් වොෂ් එකක් දාගෙන එන්න ඉක්මනට නදී...මං පහලට යන්නම්."

"කොහෙද දුවන්නෙ..?.ඔච්චරටම හදිස්සියිද..?"

"නැහැ ඉතින්...ඒත් අම්මලා හිතාවි ඇයි මේ තරම් පරක්කු කියලා..." මං හිනාව දෙතොලට තද කරගෙන කිව්වා.

"චීයා...වල් කොල්ලා..." නදීටත් හිනා යන්න එනවා.

"එහෙනම් තව එකම එක උම්මා එකක් දීලා යන්න.මං ඉක්මනට එන්නම් වොෂ් එකක් දාගෙන."

පව්.නදීගෙ ඇස් මලානික වෙලා ගිහින්.ඔයා හිතන පතන ගොඩක් දේවල් මේ තරම් ඉක්මනට දෙන්න මට බෑ නදී.රෝස පාට දෙතොල් පෙති මම සිප ගත්තා ආදරෙන්.නදී දැන් නම් හොඳටම නරක ලමයෙක් වෙලා.මගෙ ගත පුරා වෙලෙනවා.මටත් එහෙම නොඉඳ ඔහේ බලාගෙන ඉන්න තිබුනා මම මහ පාළු වනන්තරේක බවුන් වඩන තවුසෙක් උනා නම්.ඒත් මමත් මනුස්සයෙක්නෙ නදී.කවුරු කොහොම හිතුවත් මේ වල්කම නෙමෙයි නදී.මගෙ ආදරේ මේ තරම්ම උණුසුම්.මගෙත් දෑතෙම ඇඟිලි මටම අකීකරු වෙලා.ඔයාගෙ කෙහෙරැලි අතරෙ දුවන ගමන්.මං ආයිමත් පියවි ලොවට ආවා.මුදා නොහැර බැරිකමට වෙව්ලන දෙතොල අසීරුවෙන් මුදා ගත්තා මං.නදීට ඒත් මදි.අනේ මට සමා වෙන්න නදී.තවම අපි ඉන්නෙ අපේම ලෝකෙක නෙමෙයිනෙ.

"ඉක්මනට පහලට එන්න මැණික.මට පාළුයි ඔයා නැතුව."

"හ්ම්ම්..."


මට මොනාද උනේ.මේ මගෙ ගෙදරකුත් නෙමෙයි.ඒත් පුදුම විදියට මං මටම අකීකරු වෙලා.ගෙදර අය දැක්කා නම් මට යන්න වෙන්නෙ හිස් අතින් නම් නෙමෙයි.රෑට හොඳම කෑමකුත් කාලමයි.එන ගමන් මං කල්පනා කලා.
පහලට එද්දි නදීලගෙ අම්මයි තාත්තයි දෙන්නම සාලෙට වෙලා මං එනකම් මඟ බලාගෙන.

*******************​
 

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කතාවෙ අගට ඇවිල්ලම බලන්න අක්කියෝ....:yes:

    අඩුම ගානෙ මම වත් තවම හිතුවෙ නෑ කතාවෙ අවසානය.:yes:
    ඒත් ඒක දුකක් වෙනවා නම් හොඳයි.:(
    එතකොට ආදරේ කියන දේ නොතේරෙන අයට ගොඩාක් හොඳට තේරෙවි...
    :yes::yes::(
    මේක 70%ක විතර මගෙ හීන වල අත්දැකීම් තියෙන්නෙ.


    hmmm... ethakota adare kiyanne dukakda?

    hari kathawa digatama liyannako.... balamuko moko wenne kiyala :)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ම්ම්ම්ම්...
    කියන්න වචනත් නෑ.හරිම ලස්සනයි හරිම ආදරණියයි....තව.....:P
    දිගටම ලියන්න.:D;)

    කලින් කමෙන්ට් එකක දැකල කියන්න හිතුනෙ.ඇත්ත ආදරය කියන්නෙ දුකක් නෙමෙ මල්ලියෝ.:no::no:
    උඹ ඕව තේරුම් ගන්න පොඩි වැඩියි තාම.;)
    කවදහරි දවසක උඹට තේරුම් යයි සැබෑ ආදරය දුකක් නෙමෙයි කියලා.
    එදාට මාව මතක් කරපන් :P
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන් මේ කතාව නම් දුකකින් අවසන් කරන්න එපා........හෑම ආදර කාතාවක්ම ඉවර වෙන්නේ මහා දුකකින් ඒක නිසා මේ කතාව වෙන විදියකට ඉවර කරමු. ලස්සන කතාවක් මචන් good luck :)
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    හ්ම්ම්, ආසාවෙන් කියවනවා
    දිගටම ලියන්න :D
    ගොඩක් ස්තුතියි සහෝ....
    ම්ම්ම්ම්...
    කියන්න වචනත් නෑ.හරිම ලස්සනයි හරිම ආදරණියයි....තව.....:P
    දිගටම ලියන්න.:D;)

    කලින් කමෙන්ට් එකක දැකල කියන්න හිතුනෙ.ඇත්ත ආදරය කියන්නෙ දුකක් නෙමෙ මල්ලියෝ.:no::no:
    උඹ ඕව තේරුම් ගන්න පොඩි වැඩියි තාම.;)
    කවදහරි දවසක උඹට තේරුම් යයි සැබෑ ආදරය දුකක් නෙමෙයි කියලා.
    එදාට මාව මතක් කරපන් :P
    ගොඩක් ස්තුතියි අයියෙ....

    හ්ම්ම්...හැබෑ ආදරේ දුකක් නොවුනට මම හැබෑ ආදරයක් ලබන්න පිං කරල නෑ. ඒකයි හැබෑව.
    වෙන කාටවත්ම දී ගන්න බැරි තරමට මම ආදරේ නීති වලින් හිර වෙලා...මට තියෙන්නෙ මගෙ හිත තියා ගන්න විතරමයි.මට අයිතියක් නෑ දැන්...
    මචන් මේ කතාව නම් දුකකින් අවසන් කරන්න එපා........හෑම ආදර කාතාවක්ම ඉවර වෙන්නේ මහා දුකකින් ඒක නිසා මේ කතාව වෙන විදියකට ඉවර කරමු. ලස්සන කතාවක් මචන් good luck :)
    ගොඩක් ස්තුතියි සහෝ....

    බලමු සහෝ...අනාගතේට, කාලයාට මම ඒ හැමදෙයක්ම භාර දීලා තියෙන්නෙ.
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ඈත්තටම ලස්සනයි සහෝ.....ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න......

    :D:D:love:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    hari lassanai mcn :D ilaga kotasa ikmanata danna :)

    me attatama ubata wecha deyakda ban :eek:

    නැහැ මචං. ඒත් සමහර කොටස් ඒ විදියටම වෙනවා නම් මං කැමතියි මචං.
    :)
    Niyamai..ඊළග කොටස දානකම් අපි බලා ඉන්නවා මචන්......

    ඈත්තටම ලස්සනයි සහෝ.....ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න......

    :D:D:love:

    ගොඩක් ස්තුතියි.
    ලඟදිම දාන්නම්...
    :)