~Digital~Camara~ගැන...

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Digital Camara


    cam1e.jpg
    cam2s.jpg


    Digital Camara කිව්වම අද කාලෙ හෑම කෙනා ගාවම තියෙන උපකරනයක්. තමන්ගෙ phone එකේ හරි කැමරා එකක් තියෙනවනෙ. ඉතින් මම හිතුව digital camara ගැන මම දන්න දේවල් ටිකක් ඔයාලටත් කියන්න.

    ඩිජිටල් කැමරාවක් මිලදි ගැනීමෙදි සලකනු ලබන කරුනු.


    • කෑමරාවෙ වර්ගය. (මාදිලිය)
    • මෙගා පික්සෙල් (mp) අගය.
    • zoom කිරීමෙ හැකියාව.
    • කෑමරාවෙ ප්‍රමාණය.
    • භාවිතා කරනු ලබන බැටරි වර්ගය. AA සහ Li-ion Battery.
    • මතක ධාරිතාව (memory capacity)
    කෑමරා වර්ග.
    Sony, Nikon, Panasonic, Samsung, Fujifilm, Canon

    මෙගා පික්සෙල් අගය.
    ගොඩක් අය කැමරවක් ගන්න ගියාම බලන විශේශ දෙයක් තමා මේ megapixel value එක. මොකක්ද මේ මෙගා පික්සෙල් අගය කියන්නේ? ඩිජිටල් කැමරාවක සංවේදකය (sensor) එක සතුව ඇති සංවේදක ගණන මේ නමින් හැදින්වේ. මෙය megapixel 5mp, 8mp යනුවෙන් හදුන්වනවා.
    එ වගේම තමා ඡායාරූපයක ගුනාත්මක භාවයට මෙම මෙගාපික්සෙල් අගයද බලපානවා.
    ඇත්තටම අපි භාවිතා කරන ඡායාරූප ප්‍රමාණය 4R, 8R ඡායාරූපයක් ගැනීම සදහා 8mp කැමරාවක් හොදටම ප්‍රමානවත්.

    Zoom කිරීමෙ හැකියාව.

    ඡායාරූපයක් විශාල කිරීමෙ හෑකියාව Zoom size ලෙස හදුන්වනු ලෑබෙ. උදා: 2x 8x 10x වෑනි අගයන් ගෙන් යුක්තයි.

    Zoom කිරීමෙ ක්‍රම දෙකකි එනම්.
    Optical Zoom.
    Digital Zoom
    .

    Optical Zoom
    කැමරා කාචය මගින් ඈත ඇති වස්තුවක් කී ගුනයෙන් විශාල කර කැමරාව වෙත ලබා දිය හැකිද යන්න Optical Zoom මගින් දක්වයි. මෙලෙස Optical Zoom මගින් Zoom කිරීමෙදි ඡායාරූපයක කිසිදු වෙනසක් සිදු නොවේ.

    Digital zoom

    මෙහිදි කාචන මගින් ලබා දෙන දර්ශනය කෑමරාව මගින් කී ගුනයක් විශාල කල හෑකිද යන්නයි.
    මෙම ක්‍රමය මගින් චායා රුපයක් විශාල කිරීමෙදි ගුනාත්මක භාවයෙ අඩුවක් ඈතිවෙ.



    opticalx.jpg


    යෂ​ටර් වේගය
    (shutter speed)


    ෂටර් වේගය යනු අදාල ඡායාරූපය ලබා ගෑනීමෙදි කෑමරාවෙ ෂටර් එක විවුර්තව පවතින කාලයයි. අඩු ෂටර් වේගයන් මගින් චලනය වන වස්තුන් වල චලන ස්වභාවය පෙන්නුම් කරන අතර වැඩි ෂටර් වේගයන් මගින් චලනය වන වස්තූන් නිශ්චල ආකාරයට පෙන්නුම් කරයි.

    shuttermd.jpg

    වැඩි ෂටර් වේගය.................................. අඩු ෂටර් වේගය
    ​


    ඔයලට මම ලගදිම කියල දෙන්නම් ඩිජිටල් ක
    ැමරාවල තවත් විශේෂාං සහ ඡායාරූප ගෑනිමෙ ක්‍රම :)

    මෙ thread එකෙන් ඔයාල වැදගත් දෙයක් ගත්තනම් කමෙන්ට් එකක් දාල rep+ එකක් දීලම යන්න.. ;) ;)


    ​
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ

    Pisachaya

    Member
    Dec 10, 2010
    50
    3
    0
    මෙගා පික්සල්...........
    ඡයාරුපයක් හැදිලා තියෙන්නේ පික්සල් කියන කුඩා කොටස් විශාල ප්‍රමානයක් එකතු වෙලා.ඔය ගොල්ලෝ දැකල ඇති පුංචි පුංචි කොටු....ඉතින් ඡයරුපයක ගුණාත්මක බාවය වැඩි වෙන්න නම් ඡයරුපයක් තියෙන පික්සල් ප්‍රමානයත් වැඩි වෙන්න ඕන.මෙවැනි පික්සල් මිලියනයක් එකතු වෙලා තමයි මෙගා පික්සල් එකක් හැදිලා තියෙන්නේ......
     
    • Like
    Reactions: I'ts My Style

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මෙගා පික්සල්...........
    ඡයාරුපයක් හැදිලා තියෙන්නේ පික්සල් කියන කුඩා කොටස් විශාල ප්‍රමානයක් එකතු වෙලා.ඔය ගොල්ලෝ දැකල ඇති පුංචි පුංචි කොටු....ඉතින් ඡයරුපයක ගුණාත්මක බාවය වැඩි වෙන්න නම් ඡයරුපයක් තියෙන පික්සල් ප්‍රමානයත් වැඩි වෙන්න ඕන.මෙවැනි පික්සල් මිලියනයක් එකතු වෙලා තමයි මෙගා පික්සල් එකක් හැදිලා තියෙන්නේ......
    එල එල මචන්...