බුදු දහමද? ඒ සඳහා සටන් කිරීමද?

kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
බුදු දහමද? ඒ සඳහා සටන් කිරීමද?

අද බොහෝ අය බුදු දහම ආරක්ෂා කිරීමක් ගැන බොහෝ වද වෙති. අන් ආගමිකයන් බුදු දහමට කරනවා යැය් සිතන දේට කිපෙති. ඒකායන මාර්ගයේ ඇති දේ නොදනිති. දැන ගත්තද නොකරති. මෙත්තා (සියලුම සත්ත්වන් කෙරෙහි ප්‍රසන්න ව සතුටු සිතින් කටයුතු කිරීම), ඛන්ති (සියලුම සත්ත්වන් කෙරෙහි තම දිවි දෙවෙනි කොට ඉවසීම) සහ නෙක්කම්ම (සියලුම දේ කෙරෙහි නොඇලෙන සිතින් සිටීම) නො දනිති. දැන ගත්තද නොකරති.

ඕනෑම කෙනෙකුට තම ආගම උතුම් ය. නිවැරදිය. සමහරවිට ලැජ්ජාව නිසා තම වර්ගයාගේ ගැරහීම නිසා සත්‍ය ගැන කථා නොකරති. මේ කාරණාව ඕනෑම කෙනෙකුට පොදු ය.

සමහරු බුදුහු කියති. සමහරු බුදුන් වහන්සේ කියති. සමහරු බුදුරජහු කියති. සමහරු බුදු පියාණන් කියති. සමහරු බුදු පියාණන් වහන්සේ කියති. සමහරු බුදු රජාණන් වහන්සේ කියති. කෙසේ හැදින් වුවත් ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අන් කිසිදු ආගමකට, දහමකට ගැරහුවේ නැත. ඒ ඒ උත්තමයන් වහන්සේට සිතන්නට වැදගත් දේ ඇති නිසා ය. බුදු පියාණන් වහන්සේ තරම් එකල අන් ආගමිකයන්ගේ ගරු ආදරයට සේම වෛරයට ලක් වූ කෙනෙක් නොමැත. බුදු පියාණන් වහන්සේ එය දැක්කේ ඉතා සරලවය. ඒ අට ලෝ දහමය්.

එසේම බුදු පියාණන් වහන්සේ අපහට වැදගත් දහමක්, ක්‍රමයක්, උපදෙසක් දුන්හ.

"යම් කෙනෙකු ශාස්තෘවරයාණන් වහන්සේ ගැන ගුණ කියය් ද එවිට මගේ ශාස්තෘවරයාණන් වහන්සේ මේ කියන ගුණ ඇත්තේ සිතා සතුටු විය යුතු ය. යම් කෙනෙකු ශාස්තෘවරයාණන් වහන්සේ ගැන නුගුණ කියය් ද එවිට මගේ ශාස්තෘවරයාණන් වහන්සේ මේ කියන නුගුණ නැත ය් ද නමුත් මේ මේ ගුණ ඇත්තෙය් සිතා සතුටු විය යුතු ය."

"යම් කෙනෙකු ධර්ම රත්නයන් වහන්සේ ගැන ගුණ කියය් ද එවිට මගේ ධර්ම රත්නයන් වහන්සේ මේ කියන ගුණ ඇත්තේ සිතා සතුටු විය යුතු ය. යම් කෙනෙකු ධර්ම රත්නයන් වහන්සේ ගැන නුගුණ කියය් ද එවිට මගේ ධර්ම රත්නයන් වහන්සේ මේ කියන නුගුණ නැත ය් ද නමුත් මේ මේ ගුණ ඇත්තෙය් සිතා සතුටු විය යුතු ය."

"යම් කෙනෙකු සංඝ රත්නයන් වහන්සේ ගැන ගුණ කියය් ද එවිට සංඝ ධර්ම රත්නයන් වහන්සේ මේ කියන ගුණ ඇත්තේ සිතා සතුටු විය යුතු ය. යම් කෙනෙකු සංඝ රත්නයන් වහන්සේ ගැන නුගුණ කියය් ද එවිට මගේ සංඝ රත්නයන් වහන්සේ මේ කියන නුගුණ නැත ය් ද නමුත් මේ මේ ගුණ ඇත්තෙය් සිතා සතුටු විය යුතු ය."

එසේ නැතිව අන්-අය කියන දේ ගැන සිතන කෙනා සදා දුකටම පත්වේ.

ඉතින් යාලුවනේ මේ ගත කරන කෙටි කාලය අවදියෙන් සතුටින් දහමෙන් ගත නොකර මොකට නිකන් අන්‍ය දහම් ගෙන වද වෙනවද???

සුද්ද සිංහලෙන් ලිව්වට Don't worry :)
 
Last edited:
  • Like
Reactions: Al Baik

malka1665

Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    නියම අදහස.

    අ‍පි කරන හොද වගේම නරකත් කවදා හරි අපිටම මොන විදියකින් හරි ලැබෙනව.