ශ්‍රීලාංකික_විරුවන්

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ශ්‍රීලාංකික_විරුවන්

සදාකාලිකව ජීවත්වීමට සිතන අධම පිරිසකගේ අමනෝඥ කි‍්‍රයාවක ප‍්‍රතිපලයක් ලෙස දශක තුනක් තිස්සේ ශ‍්‍රී ලංකාව යුද්ධයකට මැදිව තිබිණි. ශ‍්‍රී ලංකාව දෙකඩ කිරීමට බෙදුම්වාදීන් පටන්ගත් යුද්ධයේදී අපට අහිමි වී ගිය දේ අතර අමිල සම්පත වන්නේ දැයේ, දරුවන් ය.

මේ කුරිරු යුද්ධය හේතුවෙන් ලක් මවට අහිමි වූ අභීත තරුණ ජීවිත ගණන දස දහස් ගණනින් ගිණිය හැකි ය.

මෙරට ජනතාව වසර දහස් ගණනක් වූ ඉතිහාසය පුරා දිවි පරදුවට තබා සුරැකි දේශයේ උරුමය එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් ගෙන් ආරක්ෂාකර ගැනීමේ වගකීම තමන් සතු බව සිතූ අභීත විරුවන් බොහෝ දෙනකු මේ වනවිට දැයෙන් සමුගෙන ගොස් ය.

දේශයේ නිදහස හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් තම ජීවිත කැප කළ සෙන්පතියෝ බොහොමයක් එල්.ටී.ටී.ඊ. යේ රුදුරු බෝම්බයට ගොදුරු වූහ.

ඒ අතරින් ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ප‍්‍රමුඛ වේ. 1992 මාර්තු 8 වනදා මේජර් ජනරාල් විජය විමලරත්න සමඟ ඔහු යාපනයේ අරාලිහිදී බිම් බෝම්බයකට ගොදුරු විය.

මේ අභීත සෙන්පතියෝ දෙදෙන යුද පිටියේ සෑම අඟලක් ම හොඳින් හඳුනාගෙන සිටියහ. ඔවුන් හා සමතැන්හි තැබිය හැකි මේජර් ජනරාල් පාරමී කුලතුංග නම් වීරෝධාර ශ‍්‍රී ලාංකේය සෙන්පතියා 2006 ජූනි 26 වනදා පන්නිපිටියේදී මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියෙකු ගේ ඉලක්කයකට හසු විය.

මේජර් ජනරාල් ලකී විජේරත්න 1990 දෙසැම්බර් 18 මොරවැව දී ද, මේජර් ජනරාල් නලින් අංගම්මන 1995 ජූලි 30 මඩකලපුවේදී ද එල්.ටී.ටී.ඊ. යේ පීඩන බෝම්බයන්ට ගොදුරු වූහ.

තම යුතුකම නොපිරිහෙළා ඉටු කරමින් අමතක නොවන සටහන් තැබූ මේජර් ජනරාල් ඒ.එස්.එස් හමන්ගොඩ 1996 ජූනි 04 වනදා යාපනයේදී ද මේජර් ජනරාල් ලැරී විජේරත්න 1998 මැයි 14 වනදා පේදුරුතුඩුවේ දී ද, මරාගෙන මැරෙන මිනිස් බෝම්බයන්ට ගොදුරු වීම නිසා දැයට අහිමි වී ගිය වීරයන් ය.

යාපනය නගරාධිපති කාර්යාලයේ සිදුවූ පිපිරීමකින් 1998 සැප්තැම්බර් 11 වනදා මේජර් ජනරාල් සුසන්ත මෙන්ඩිස් හා 2000 අපෙ‍්‍ර්ල් 22 දා අලිමංකඩදී සිදුවූ පිපිරීමකින් මේජර් ජනරාල් පර්සි ප‍්‍රනාන්දු යන අභීත සෙන්පතියෝ ලක්බිමට අහිමි වූහ.

උපන් බිම රැක ගැනීමට දිවි හිමියෙන් කැපව සිටි අභීත නාවික නිලධාරීහු දෙදෙනෙක් එල්.ටී.ටී.ඊ. යේ රුදුරු බෝම්බයට ගොදුරුව දැයෙන් සමුගත්හ.

ඒ අරාලි හිදී සෙන්පති කොබ්බෑකඩුව සමඟ දැයෙන් සමුගත් රියර් අද්මිරාල් මොහාන් ජයමහ සහ ගෝල්ෆේස් හිදී 1992 නොවැම්බර් 16 දා එල්.ටී.ටී.ඊ. යේ ප‍්‍රහාරයට ලක් වූ හිටපු නාවික හමුදාපති ක්ලැන්සි ප‍්‍රනාන්දු යන විරුවන් ය.

මෙම අභීත සෙන්පතියන් එල්.ටී.ටී.ඊ. යේ ඉලක්ක බවට පත්වූයේ ඔවුන් එල්.ටී.ටී.ඊ යේ ත‍්‍රස්ත කි‍්‍රයා සම්බන්ධයෙන් ලැබ සිටි අත්දැකීම් හා ත‍්‍රස්තවාදීන් ගේ උපායන් පිළිබඳ ඔවුන් තුළ වූ අවබෝධය හේතුවෙනි.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය සටනේදී මේ සෙන්පතියන්ගේ කැපවීම එල්.ටී.ටී.ඊ. යට දරාගත නොහැකි විය.

අභීත සෙන්පතියන්ගෙන් හිඟයක් නැති ලක් මවට අභිමානවත් සෙබළ පුතුන්ගෙන් ද අඩුවක් නැත. 1991 ජූලි 14 වනදා අලිමංකඩ කඳවුර සහ සහෝදර සෙබළ ජීවිත සිය ගණනක් බේරා දිවි දුන් ලාන්ස් කොප්රල් ගාමිණී කුලරත්න ලෝක පූජිත ලාංකේය වීරයෙක් විය.

අවසන් සෙබළා තෙක් ම සතුරා සමඟ සටන් වැද සතුරාට යටත් විය නොහැකි යයි පවසා කොකාවිල් රූපවාහිනි සම්පෙ‍්‍ර්ෂණාගාරයට ගුවනින් බෝම්බ දමන්නැයි ඉල්ලා සිටි ලෙෆ්ටිනන් එස්.බී. අලදෙණිය ලක් මවගේ් තවත් අභීත පුත‍්‍රයෙකි.

ඔහු දැයෙන් සමුගත්තේ 1990 වසරේදී ය.

උපන් බිමට ආදරය කිරීමට ජාතිය බලපාන්නේ නැත. මුස්ලිම් ජාතිකයකු වූ කර්නල් ෆස්ලි ලෆීර් මුලතිව් හි සතුරු කඳවුරු වෙත ගොඩ බැස තම වීර විකුම් පෑ අයෙකි.

ඔවුන් දේශයේ අභිමානයයි. උපන් බිම වෙනුවෙන් තම දිවි දෙවැනි කොට තැකූ ඒ උදාර ජීවිත වෙනුවෙන් අපි ණය ගැති වෙමු.

“ඕනෑ තරම් දෙමළ මිනිසුන් විනාශ කර ඊළම ලබාගන්නවා මිස ප‍්‍රභාකරන් ජීවත් වන තුරු පවත්නා අරගලයට වෙනත් විසඳුමක් නැත”යි කොටි සංවිධානයේ මුල්ම නායකයා වූ තංගවේලු වරක් අදහස් පළ කර තිබිණි.

ප‍්‍රභාකරන් එය එලෙසම කි‍්‍රයාත්මක කරගෙන ආවේය.

ඔහු තම අරමුණ කරා යාමට දෙමළ ජනයා සමූල ඝාතනයට වුවත් සූදානම් ය.

මෙතෙක් ඔහු කළේ එයයි. ඔහුගේ කුරිරු අරමුණ පරදා ලීමට දිවිදුන්නෝ දැයේ උදාර දරුවෝය.

ඔවුන්ගේ මරණයට හේතු ලෙස ලියැවෙන්නේ කුමක් වුවත් ලියැවිය යුත්තේ “ඒකීය රාජ්‍යය සුරක්ෂිත කිරීමට ගෙන ගිය සටනේ ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් මිය ගිය බවය.”

මේ ලියැවුණු නම් වැලට තව දස දහස් ගණනක් නම් එක්විය යුතුව ඇත.

එහෙත් ඒ නම් පෙළෙහි අවසන් නම විය යුත්තේ මේජර් ජනරාල් ජානක පෙරේරා රණවිරුවාගේ උදාර නාමයයි.

මොවුහු අපගේ විරුවෝ ය. දැයේ දරුවෝ ය. ඔවුහු තම යුතුකම ඉටු කළහ. අපි තවමත් අප සතු යුතුකම ඉටු නොකොළෝ වෙමු.

බෙදුම් වාදයට තිත තබා ශ‍්‍රී ලාංකිකයන් ලෙස එක්ව, අපගේ විරුවන්ට බුහුමන් දක්වා අපි අපගේ යුතුකම ඉටු කළ යුතු වෙමු.

අපේ විරුවන් දැයට අහිමිව ගිය ද ඔවුන් ජීවත්වූ සුවඳ පවනේ රැඳෙන්නේ එවිට පමණි

කපිතාන් සාලිය උපුල් අලදෙණිය

4.jpg

මෙම පදක්කමට මුලින්ම හිමිකම් කීවේ කපිතාන් සාලිය උපුල් අලදෙණිය විරුවාය.1990 ජුලි 11 වනදා කෙ‍ාකාවිල් කදවුර කොටින් අතට පත් වීමට ප්‍රථම එහි ඇති අවි ආයුධ සමග පුපුරවා ගනිමින් තම ජීවිතයද පුද කරමින් කළ උතුම් පරිත්‍යාගය හේතුවෙන් ඔහුට මෙම පදක්කද හිමි විය

කර්නල් ෆස්ලි ලෆීර්

5.jpg

මුලතිව් කදවුරට 1996 ජුලි 18 සිට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයේදී කදවුරේ සිටි 1500 පමණ වු සෙබළුන් බේරා ගැනීම සදහා යවනු ලැබු පළමුවන විශේෂ බලකායේ අන දෙන්නා ලෙස සටනට එක්වු මෙම විරුවා තම ජීවිතාරක්ෂාවද නොතකා ක්‍රියා කළ අතර ත්‍රස්ත මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් මුහුණට වු තුවාල නිසා දැයට අහිමි විය.එම සටනේදී සෙබළුන්ගේ ජිවිත ගැන පමණක් සිතමින් කළ උතුම් පරිත්‍යාගය හේතුවෙන් මෙම පදක්කමට හිමිකම් ලැබූහ

මේජර් ජයනාත් ගිනිමැලගේ

1.jpg

1997 දෙසැම්බර් ජයසිකුරු මෙහෙයුමේදී මන්නකුලම් ගම මුදා ගැනීමේ සටනේදී මෙම විරුවා තම ජීවිතය රට වෙනුවෙන් පුද කළහ.එකී මෙහෙයුමේදී දරුණු සටන් මැද තම ‍සහෝදර සෙබළුන් තනි නොකොට අන්තිම මොහොත දක්වාම ඔහු සටන මෙහෙය වීය.අවසාන‍යේ සතුරාට නතු වීමට ප්‍රථම තම ගිනි අවියෙන්ම හිසට වෙඩි තබාගෙන මිය ගියේද කමාන්ඩෝ විරුවකු සතු ගුණාංග ‍ෙපන්වමිනි

ලුතිනන් තිලක් නිශ්ශංක

2.jpg

1993.11.11 වනදා පුනරීන් කදවුරට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයෙදී මෙම විරුවා දැයට අහිමි විය.තම ඛණ්ඩය දුර්වල වු හෙයින් ත්‍රස්තවාදීන් සමගම මෙම විරුවා අත් බෝම්බ දෙකක් පුපුරවා ගනිමින් තම ජීවිතය රට වෙනුවෙන් පුද කළහ.

හසලක ගාමිණී

3.jpg

1991 ජුලි 10 අලිමංකඩ කදවුරට බුල්ඩෝසරයක් යොදා ගනිමින් ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කළහ.ඩෝසරය නැවැත්වීමට දැරු සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.අවසානයේ ගාමිණි විරුවා බෝම්බ දෙකක්ද සමගින් ඩෝසරය තුලට පැන පුපුරවා ගෙන තම ජිවිතය අනෙකුත් සෙබළුන් වෙනුවෙන් පුදන ලදි

මුලාශ්‍ර- සිළුමිණ, විකිපීඩියා, වෝ හීරෝස්
 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මේ වගේ තව වීරයෝ ගොඩක් ඇති.. අනිවාර්යෙන් ඉන්නවා.. ඒ හැමෝටම මගේ හද පිරි උත්තමාචාරය...
 
28289_116975641670077_100000729254577_128461_3893136_n.jpg

Sri Lankan Military Intelligence Corps (MIC) Commanding Officer, Major Thuwan Nizam Muthaliff is the highest ranking Sri Lankan Military Intelligence officer to be killed since the signing of Cease Fire Agreement (CFA) between GOSL and LTTE Commanding Officer, 1 st Regiment Sri Lanka Military Intelligence Corps Lieutenant Colonel T. N. Muthaliff RWP slain in LTTE gunfire on 31st May 2005, made his final journey to the burial grounds at Dehiwala Muhaideen Grand Jumma mosque for Janaza Wednesday (1st June) morning where his remains were laid to rest in conformity with Islamic traditions. Gun salute followed the full military honours accorded to his memory at the mosque premises. The military parade with the presence of over five hundred military personnel from more than ten Regiments, perhaps an unprecedented event in the Dehiwala- Mount Lavinia precincts, solemnly wended their way to the mosque premises while thousands of mourners lined up on waysides to pay their last respects to this fallen hero of the Sri Lanka Army. Some grief-stricken by-standers paid their tribute throwing flowers and petals towards the hearse that carried Lt Col. Muthaliff's remains.
 
බොහොම ස්තුති මචන් මේක දැම්මට..
 
Titan Cyclops

Banned
Feb 10, 2011
215
21
0
ජිවත්වීම මිසක් සිය දිවි හානි කර ගැනීම වීරත්ව කොට සලකන්න බෑ.යම් කිසි කෙනෙකු අතින් මියයාම වෙනම දෙයක්.
අපේ රටේ ඉස්සර කාලේ ජිවත් වෙච්ච කිසිම විරයෙක් සියදිවි හානි කරගත්තේ නෑ වීරත්වය කියලා සටන් කරා මිසක් තවකෙනෙකු අතින් මිය යනතුරු. ඔතනින් වීරයන් කොට සැලකිය හැක්කේ
කිහිප දෙනයි සැබැ ලෙස
මොකද එම කිහිප දෙනා සියදිවි හානි කරනගන්න ගියේ නෑ. මැරෙන වඩා අමාරුයි කොටින්ගේ හිරකාරයෙක් වෙලා ඉන්න එක.
අනෙක් සියලු දෙනා බොහොම නිර්භීතයි කියන්න පුලුවන්. :yes: :D

මං මේ කියන එක ඔයගොල්ලන් හිතනවාට වඩා වෙනස් වෙන්න පුලුවන්. නමුත් සැබැ බෞද්ධයෙකු ලෙස මගේ ලග අන්ධ විශ්වාස නෑ.සියලු දේය යතාර්ථ වාදී ලෙසයි මම බලන්නේ

යම් කිසි කෙනෙකු කිව්ව පලියට පිලි නොගත යුතුයි ,පොතේ තිබ්බ පලියට පිලි නොගත යුතුයි, පරම් පරාවෙන් ආ පලියට පිලි නොගත යුතුයි, තමන් බුද්දියෙන් විමසා බලලා යතාර්ථ ගාමි වේනම්
පමණක් පිලිගත යුතුයි. :D

බුද්දියෙන් විමසා බලන්නැති කාලයක රහතන් වහන්සේලා පහලවෙන්නැති එක පුදුමයක් නෙවෙයි. :D

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
Menna niyama wirayo. rata pawa dipu hamudawe ekata kade yana ayata mewa pennanna ona

මල්ලි තරහ වෙන්න එපා, මං මේ ත්‍රෙඩ් ඒකෙ වාක්‍ය කීපයක් දාන්න කැමති.. "මෙම අභීත සෙන්පතියන් එල්.ටී.ටී.ඊ. යේ ඉලක්ක බවට පත්වූයේ ඔවුන් එල්.ටී.ටී.ඊ යේ ත‍්‍රස්ත කි‍්‍රයා සම්බන්ධයෙන් ලැබ සිටි අත්දැකීම් හා ත‍්‍රස්තවාදීන් ගේ උපායන් පිළිබඳ ඔවුන් තුළ වූ අවබෝධය හේතුවෙනි.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය සටනේදී මේ සෙන්පතියන්ගේ කැපවීම එල්.ටී.ටී.ඊ. යට දරාගත නොහැකි විය.

අභීත සෙන්පතියන්ගෙන් හිඟයක් නැති ලක් මවට අභිමානවත් සෙබළ පුතුන්ගෙන් ද අඩුවක් නැත
"

මේකත් ඇත්ත නේද? යුද ජයග්‍රහණය MR, SF, UNP, JVP, UPFA කාගෙවත් පෞද්ගලික අයිතියක් නෙමෙයි.. මේ ත්‍රෙඩ් ඒකෙ නම් කියවුණු, නොකියවුණු හැමෝටම වගේම රටේ ජනතාවටත් අයිති..
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජිවත්වීම මිසක් සිය දිවි හානි කර ගැනීම වීරත්ව කොට සලකන්න බෑ.යම් කිසි කෙනෙකු අතින් මියයාම වෙනම දෙයක්.
    අපේ රටේ ඉස්සර කාලේ ජිවත් වෙච්ච කිසිම විරයෙක් සියදිවි හානි කරගත්තේ නෑ වීරත්වය කියලා සටන් කරා මිසක් තවකෙනෙකු අතින් මිය යනතුරු. ඔතනින් වීරයන් කොට සැලකිය හැක්කේ
    කිහිප දෙනයි සැබැ ලෙස
    මොකද එම කිහිප දෙනා සියදිවි හානි කරනගන්න ගියේ නෑ. මැරෙන වඩා අමාරුයි කොටින්ගේ හිරකාරයෙක් වෙලා ඉන්න එක.
    අනෙක් සියලු දෙනා බොහොම නිර්භීතයි කියන්න පුලුවන්. :yes: :D

    කතාව වැරදියි. :angry::angry:මෙතන ඉන්නෙ ඔක්කොම සැබෑ විරුවෝ. නිර්භීත නැත්නම් පසු බැහැල පැනල යන්න තිබ්බ. නැත්නම් යටත් වෙන්න තිබුන. සතුරා අතින් නිකන්ම මැරෙනවට වඩා උනුත් මරාගෙන මැරිල අනෙක් සගයන්ව ආරක්ශා කලේ නියම වීරයො නිසා තමයි.අනෙක් අතට නිළධාරියෙක් පණපිටින් අල්ල ගන්නවා කියන්නෙ සතුරාට ලොකු ජයග්‍රහනයක්. ඊට වඩා තමන් සියදිවි හානිකරගැනීම හොඳයි කියලා හ්තන්න තරම් ශක්තියක් මේ විරුවන්ට තිබුනා :yes::yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ජිවත්වීම මිසක් සිය දිවි හානි කර ගැනීම වීරත්ව කොට සලකන්න බෑ.යම් කිසි කෙනෙකු අතින් මියයාම වෙනම දෙයක්.
    අපේ රටේ ඉස්සර කාලේ ජිවත් වෙච්ච කිසිම විරයෙක් සියදිවි හානි කරගත්තේ නෑ වීරත්වය කියලා සටන් කරා මිසක් තවකෙනෙකු අතින් මිය යනතුරු. ඔතනින් වීරයන් කොට සැලකිය හැක්කේ
    කිහිප දෙනයි සැබැ ලෙස
    මොකද එම කිහිප දෙනා සියදිවි හානි කරනගන්න ගියේ නෑ. මැරෙන වඩා අමාරුයි කොටින්ගේ හිරකාරයෙක් වෙලා ඉන්න එක.
    අනෙක් සියලු දෙනා බොහොම නිර්භීතයි කියන්න පුලුවන්. :yes: :D

    මං මේ කියන එක ඔයගොල්ලන් හිතනවාට වඩා වෙනස් වෙන්න පුලුවන්. නමුත් සැබැ බෞද්ධයෙකු ලෙස මගේ ලග අන්ධ විශ්වාස නෑ.සියලු දේය යතාර්ථ වාදී ලෙසයි මම බලන්නේ

    යම් කිසි කෙනෙකු කිව්ව පලියට පිලි නොගත යුතුයි ,පොතේ තිබ්බ පලියට පිලි නොගත යුතුයි, පරම් පරාවෙන් ආ පලියට පිලි නොගත යුතුයි, තමන් බුද්දියෙන් විමසා බලලා යතාර්ථ ගාමි වේනම්
    පමණක් පිලිගත යුතුයි. :D

    බුද්දියෙන් විමසා බලන්නැති කාලයක රහතන් වහන්සේලා පහලවෙන්නැති එක පුදුමයක් නෙවෙයි. :D

    මෙහෙමයි මචෝ.. තමුන්ගේ ජීවිතය දීල (සියදිවි නසාගන හෝ..) සතුරෝ විශාල ප්‍රමාණයකගේ ජීවිත ගන්න පුළුවන් නම් ඒක වටිනවා නේද? ඒක නේද නියම වීරකම.. සියදිවි හානි කරගන්නත් ලොකු ආත්ම ශක්තියක් ඕන..
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    sl_army.jpg

    හිරැ නැගඑන මොහොතේදී මෙන්ම
    හිරැ බැසයන මොහොතේදීද
    අප ඔබ සදා සිහිපත් කරන්නෙමු
    මන්ද යත් මේ ඔබ විසින්
    තරස්තවාදය හා ම්ලේඡ්චත්වයේ වියරැවෙන්
    අසරනව උන්ජා
    තියට
    ලබා දුන් ජීවයට
    අප සදාකාලිකව නයගැති බැවිනි

    rep+
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කියනකොටත් හිතට දුකක් දැනෙනවා මචං.අයෙත් අපි අතරේම ඉපදෙන්න ඕනෑ කියලා ප්‍රාර්ථනා කරනවා.මෙන්න නියම වීරයෝ

    මේ අය හැමදාම අපේ හදවත් වල ජීවත් වෙනවා සහෝ
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මල්ලි තරහ වෙන්න එපා, මං මේ ත්‍රෙඩ් ඒකෙ වාක්‍ය කීපයක් දාන්න කැමති.. "මෙම අභීත සෙන්පතියන් එල්.ටී.ටී.ඊ. යේ ඉලක්ක බවට පත්වූයේ ඔවුන් එල්.ටී.ටී.ඊ යේ ත‍්‍රස්ත කි‍්‍රයා සම්බන්ධයෙන් ලැබ සිටි අත්දැකීම් හා ත‍්‍රස්තවාදීන් ගේ උපායන් පිළිබඳ ඔවුන් තුළ වූ අවබෝධය හේතුවෙනි.

    ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය සටනේදී මේ සෙන්පතියන්ගේ කැපවීම එල්.ටී.ටී.ඊ. යට දරාගත නොහැකි විය.

    අභීත සෙන්පතියන්ගෙන් හිඟයක් නැති ලක් මවට අභිමානවත් සෙබළ පුතුන්ගෙන් ද අඩුවක් නැත
    "

    මේකත් ඇත්ත නේද? යුද ජයග්‍රහණය MR, SF, UNP, JVP, UPFA කාගෙවත් පෞද්ගලික අයිතියක් නෙමෙයි.. මේ ත්‍රෙඩ් ඒකෙ නම් කියවුණු, නොකියවුණු හැමෝටම වගේම රටේ ජනතාවටත් අයිති..

    ow. meka hamoma gaththa jayak. meka thaniyen thamange account ekata daganna hadala hira bath kana aya gananam saba sri lankikayek widiyata matath lajjayi. api atharema pawa dena aya innawane.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මල්ලි තරහ වෙන්න එපා, මං මේ ත්‍රෙඩ් ඒකෙ වාක්‍ය කීපයක් දාන්න කැමති.. "මෙම අභීත සෙන්පතියන් එල්.ටී.ටී.ඊ. යේ ඉලක්ක බවට පත්වූයේ ඔවුන් එල්.ටී.ටී.ඊ යේ ත‍්‍රස්ත කි‍්‍රයා සම්බන්ධයෙන් ලැබ සිටි අත්දැකීම් හා ත‍්‍රස්තවාදීන් ගේ උපායන් පිළිබඳ ඔවුන් තුළ වූ අවබෝධය හේතුවෙනි.

    ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය සටනේදී මේ සෙන්පතියන්ගේ කැපවීම එල්.ටී.ටී.ඊ. යට දරාගත නොහැකි විය.

    අභීත සෙන්පතියන්ගෙන් හිඟයක් නැති ලක් මවට අභිමානවත් සෙබළ පුතුන්ගෙන් ද අඩුවක් නැත
    "

    මේකත් ඇත්ත නේද? යුද ජයග්‍රහණය MR, SF, UNP, JVP, UPFA කාගෙවත් පෞද්ගලික අයිතියක් නෙමෙයි.. මේ ත්‍රෙඩ් ඒකෙ නම් කියවුණු, නොකියවුණු හැමෝටම වගේම රටේ ජනතාවටත් අයිති..

    ඔව් මේ තෙරෙඩ් එක නිහඩ සේවයක් කල ඒ රණවිරැන් ගැන සිහිපත් කිරීමක් හා ඔවුන්ට හිමිතැන ලබා දෙන්න ගත්ත උත්සාහයක් හැටියටයි මං දකින්නේ
     
    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    මෙහෙමයි මචෝ.. තමුන්ගේ ජීවිතය දීල (සියදිවි නසාගන හෝ..) සතුරෝ විශාල ප්‍රමාණයකගේ ජීවිත ගන්න පුළුවන් නම් ඒක වටිනවා නේද? ඒක නේද නියම වීරකම.. සියදිවි හානි කරගන්නත් ලොකු ආත්ම ශක්තියක් ඕන..

    සිය දිවි හානි කර ගැනීම තරම් වෙන පාප කර්මයක් තවත් නෑ.
    සැබැ වීරයන් වෙන්නේ සතුරන්ටත් ගහලා ,තමන්ගේ අයත් බේරගෙන එන අයයි. තමන් මගදි වෙනකෙකු අතින් මැරෙන්න පුලුවන්.නමුත් තමන්ට තමන්ගේ ජිවිතයත් සමග අන් අයෙගේ ජිවිතත් බේරගන්න පුලුවන්නම් අන්න ඒක තමයි. නියම වීරකම.ඒ අවස්ථාවේදී තමුන් මගදි මිය ගියොත් වෙනකෙකු අතින් ඒයාවත් විරයෙක් කියලා සලකන්න පුලුවන්.
    ඔතනිනුත් ශ්‍රේෂ්ඨ වීරයෙක් වෙන්නේ සියලු දෙනාම බේරගෙන
    හැම දෙනාම යහපත් මර්ගයට ගන්න අයයි
    මතකනේ උම්මග්ග ජාතකයේ මහෞෂධ පඩිතුමා කරපු දේ. තමන්ගේ නුවණ යොදවා සියලු දෙනාගේ ජිවිත ආරක්ෂා කරපු හැටි, ඉතින් ඒ වගේ අය තමයි
    ශ්‍රේෂ්ඨ වීරන්
    කියන්නේ.

    ඥානවන්ත පුදුගලයා ලොවට මැණිකක් වැනිය.එවැන්නන් ලොව දුරුලභය.ලොව ඇති සියළු දෙය අනිත්‍ය ’ හෙවත් විනාශයට පත්වන බව තේරුම් ගැනීමට හැකි නුවණ ඇත්තේ එබඳු ඥාන වන්ත පුද්ගලයන් තුළ පමණි.බෝසත්වරුද එබඳු ඥානවන්ත පුද්ගලයෝය.ඔවූහූ එම තත්වය තේරුම් ගෙන ක්‍රමයෙන් සිත දියුණු කොට බුද්ධත්වයටද පත් වෙති.එසේම තුන්කල් දැකීමටත්, ඇසීමටත් හැකි නුවණ ද ලබති.මෙසේ බෝසත්වරුන් නුවණ පාරමිතාවක් ලෙස සම්පූර්ණ කිරීම, "පඤ්ඤා පාරමිතා" වයි.

    උම්මග්ග ජාතකයෙන් හෙළි වන්නේ අප බෝසතාණන් වහන්සේ දියුණු කළ උසස් නුවණ යි.උන්වහන්සේ එක් භවයක ගොවි පවුලක ඉපිද සත් අවුරුදු වීයේදීම නොයෙකුත් බැරෑරුම් ප්‍රශ්න විසදීමට පවා සමත් උසස් නුවණකින් යුක්ත විය.එතුමාගේ ඤානවන්ත බව නිසාම වේදේහ නම් රජ එතුමා සිය ප්‍රධාන අනුශාසක ධූරයට පත්කර ගත්තේය.

    වරෙක අසල් වැසි චූලනී බ්‍රහ්ම දත්ත නම් රජෙකු සිය කේවට්ට නම් කූට බමුණු අනුශාසකයාගේ උපදෙස් අනුව කවට රාජ්‍යයන් සියයක් තමාගේ යටතට පත් කොට එම රජ වරුන්ද අත් අඩංගුවට ගත්තේය.ඔවුන්ගේ අවසාන බලාපොරොත්තුව වූයේ වේදේහ රජුගේ රාජ්‍යය ද යටත් කර ගැනීමය.ඉන්පසු අත් අඩංගුවට ගත් රජ වරුන් සියළු දෙනා මරා දැමීමයි.

    එහෙත් බෝසත් මහෞෂධ පඩිතුම‍ා තමාගේ තැනට සුදුසු නුවණ යොදා ඉතා ප්‍රබල චූලනී බ්‍රහ්මදත්ත රජතුමාද එතුමාගේ මහත් වූ යුධ සේනාව ද, කපටි කේවට්ට බමුණාද පරාජය කළේය.එතුමාගේ දියුණු නුවණ නිසා දහස් ගණනක් වූ යුධ සේනාද, එකසිය එකක් වූ රජවරුන්ගේද ජීවිත ආරක්ෂා විය.

    මේකේ reply කරන එක වාදයක් හැටියටයි මම හිතන්නේ. ඒක නිසා තවත් replies බලාපොරොත්තු වෙන්නෙ එපා ඕ සම්බන්ධව.
     
    Last edited: