ගෘහස්ථ හිංසනයට එරෙහිව (මි.රි.)හාන පොලීසිය...

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ගෘහස්ථ හිංසනයට එරෙහිව (මි.රි.)හාන පොලීසිය...

    ගෘහස්ථ හිංසනයට එරෙහිව (මි.රි.)හාන පොලීසිය...


    ට්‍රීං... ට්‍රීං.........


    හලෝ....


    සෑර් මහේස් සෑර්ද?


    ඔව්වොව් කවුද ඕයි තමුසෙ?


    අහිතක් හිතන්ඩ එපා සෑර් මං මි.රි.හාන අයි ඕ සී.....


    මොන රෙද්දකට ඕයි තමුසෙ මේ පාන්දර මට කෝල් කරන්නෙ..?


    අනේ බුදු සෑර් අයි බෙග් යුව පාඩන් තවුසන් ටයිම්ස් සෑර්.....පොඩි ආරාදනාවක් කොරන්න කතාකොලේ..


    මොකද්ද ඕයි....තෙපරබාන්නැතුව කියනවකො...මට අඩියක් ගහන්න යන්නත් තීනව..


    සෑර් අරකිට ගැහැව්වයි කියල ආරංචියි.....ඇත්තද සෑර්?


    කොයි කාලෙ ඉඳලද ඕයි මං ඕකිට ගහන්නෙ....බඳින්නත් කලිං ඉඳල.....අනික මං විතරක්යැ.....?


    සොරි සෑර්....සෑර් ක්වෙස්චන් එක මිස් අන්ඩස්ටුඩ් කරගෙන වගේ......


    හා.......ඔය කියන්නෙ අර ඕකි හොස්පිටල් ඇඩ්මිට් වෙච්චි සිද්දියනේ..


    දෑ..ස් කරෙක්ට් සෑර්..


    ඒකත් එච්චර දෙයක් නෙවෙයි ඕයි...මං මීට කලිනුත් ඕකිගෙ හොම්බට ඇනල තීනව..අනික මේ අපේ ෆැමිලි ප්‍රොබ්ලම් වලට අත දාන්න තමුසෙලාට තියෙන අයිතිය මොකද්ද?


    නෑ...නෑ...සෑර්...එහෙම එකක් නෙවි.....අපේ හුර්දයංගම සුබපැතුම් පිලිගන්න....අපි සෑර් වෙනුවෙන් සුහද හමුවක් ඇරේන්ජ් කොරන්න යන්නෙ.කවද්ද මේ පැත්තෙ එන්න පුළුවං කිරිබත් කටක් හෙම කාල යන්න...?


    ම්...ම්....අද බෑ...හෙටත් බෑ.....ලබන සතියෙ මං අහවල් තුමාගෙ ඉලෙක්ෂන් කැම්පේන් එකේ...නෙක්ස්ට වීක් මැලේෂියා ටුවර් එකක් තීනව.....කොහොම උණත් මං ඇපොයිමන්ට් එකට දිනයක් ෆික්ස් කරල කෝල්ලෙකක් දෙන්නං.......


    සුවර් නේද සෑර්........අනේ එන්ඩම ඔනෙ....ඔන්න මතකනැති කොරන්න එහෙම එපා....


    පිස්සුද ඕයි මං අපේ රජ්ජුරුවො වගේ තනි වචනෙ මිනිහ....එනවයි කිව්වොත් එනවාමයි...මාව විස්සාස නැද්ද ඕයි.....බුදු සුවර්....


    ඕකේ එහෙනං බායි සෑර්.....අපි බලං ඉන්නව ඔන්න හොඳෙයි.....




    ඒයි පීසී මෙහාට වරෙං මෙන්න මේ ඉස්ටේට්මන් එක මීඩියා වලට දාපං...මෙහෙම ලියපං...


    " අයි, දි අයි.ඕ.සී ඔෆ් මි.රි.හාන පොලිස් හෑස් පර්සනලි කන්ටෑක්ටඩ් මිස්ටර් මහේස් රිගාඩිං ඇසෝල්ට් ටු එම්.පී. ද යංගර් සිස්ටර් ඔෆ් රවුන්ඩ් බුටික් ඇන්ඩ් හී ඇග්රීඩ් ටු පර්සනලි ඇපියර් ඇට් පොලිස්......"



    Source :- http://pissagepalaamalla.blogspot.com/2011/02/blog-post_20.html