.::මෙන්න ජාවා::.

Feb 24, 2011
17
10
0
:D:Dසුභ දවසක් වේවා යලුවනේ:D:D
මේ තමයි මගේ පළමු වෙනි පොස්ට් එක එළකිරි එකේ දාන :P:P
;);)ඉතින් මන් හිතුවා ඉස්ස ඉස්සෙල්ලාම ලස්සන වැඩකට අත ගහන්න:love::love:
:):)ජාවා කිව්වාම මගේ ජීවිතෙත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන දෙයක්... වරදවා වටහගන්න එපා යලුවේ...මම ජාවා වැඩ්ඩෙක් නම් නෙමේ තාම :D:Dහැබැයි බොහොම ඉක්මණටම වැඩ්ඩෙක් වෙන්න තම උත්සාහය...හී...හී...හී...

:lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Feb 24, 2011
17
10
0
හැදින්වීම...

ජාවා(Java) ගැන කියන්න කළින් පරිඝණක වැඩ සටහනක් කියන්නෙ මොකද්ද කියලා දැනගන්න එක හොදයිනේ...පරිඝනක වැඩ සටහනක් කියන්නේ පරිඝණකයක් ලව්වා මොකක් හරි වැඩක් කරව ගන්න කේතන භාෂාවකින්(ප්‍ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ් එකකින්-Programming language) ලියපු විධාන එකතුවකටයි.

හරි දැන් බලමු කේතන භාෂාවක්(ප්‍ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ්-Programming language එකක්) කියන්නෙ මොකද්ද කියලා...

ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජ් (Programming language) එකක් කියන්නෙ පරිඝණකයක් වැනි යන්ත්‍රයක් ඇතුලේ ක්‍රියාත්මක වෙලා ඒ යන්ත්‍රය මෙහෙයවන්න පුලුවන් විධාන ලියන්න පුලුවන් කෘතීමව නිර්මාණය කරගත් භාෂාවකටයි.

උදාහරණයක් විදිහට ගත්තොත් ඉංග්‍රීසි ගමු. ඉංග්‍රීසියෙන් වාක්‍යයක් හරියටම ලියන්න නම් ග්‍රරැමර් (Grammar) හරියටම තියෙන්න ඕනෙනේ. ඒ වගේම තමා කේතන භාෂා (ප්‍රොග්‍රැමින් ලැන්ඩ්වේජස්-Programming languages) වලත් ග්‍රැමර් (Grammar) හරියට තියෙන්න ඕනේ. ඒත් ඒවට භාෂාවෙන් කියන්නේ සින්ටැක්ස් (Syntax) කියලයි. ඒත් ඉතින් ඉංග්‍රීසි වාක්‍යයක ග්‍රැමර් (Grammar) හරියට නැති වුණත් අපිට තේරුන් ගන්න පුලුවන් වුණාට ප්‍රොග්‍රැමින් (Programming) වල සින්ටැක්සස් (Syntaxes) හරියට නැත්නම් පරිඝණකයට හරි ඒ ප්‍රොග්‍රැම් (Program) එක ලියන යන්ත්‍රයට ඒ කරන්න කියන දේ තේරුන් ගන්න බෑ. ඒ හින්දා ප්‍රොග්‍රැමින් (Programming) කරන කොට සින්ටැක්සස් (Syntaxes) හරියටම තියෙන්න ඕනේ.


දැනට මෙතනින් නවතින්නම්...


වැඩේ හොදයි නම් ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා හොදේ...
 
Feb 24, 2011
17
10
0
හරි අද මෙන්න දෙවෙනි කොටස...

හරි අද මෙන්න දෙවෙනි කොටස...:):)

හැමෝම දන්නවනෙ ඉතින් විෂයක් අලුතින් ඉගෙන ගනිද්දි මුල් ටිකේ තියෙන්නෙම කථාවක් වගේ theory විතරයිනේ...:rolleyes::rolleyes::rolleyes: ඉතින් ජාවා කියල අමුත්තක් නෑ... :P:P:P ජාවා වලත් theory ටිකක් තියෙනව දැනගන්න ඕනා...ඒව දැනගන්න ඕනෙමයි කියල නෑ..
ඒත් ජාවා ගහන්න පුලුවන් කියල ඉන්න කොට පොඩි එකෙක් " අයියේ, ජාවා මොන පරම්පරවෙ එකක්ද ? " කියල හරි ඇහුවොත් :eek::eek::eek: ජාමෙ බේරගන්න කියල හරි theory වලින් ටිකක් හරි දැනගෙන ඉන්න එක කෝකටත් හොදයිනේ...:yes::yes::yes:

:cool::cool:ඔන්න ඉතින් වැඩිය පල් හැලි ගහන්නෙ නැතුව කෙටියෙන් ජාවා ගැන දැන ගෙන හිටියොත් හොදයි කියල හිතෙන ටික කියන්නම්කො අහගන්නත් එක්ක...:):):)

ජාවා කියන්නෙ තුන්වෙනි පරම්පරවේ programming language එකක්නේ.:yes::yes::yes:

ජාවා ඉතිහසය ගැන කතා කළොත් 1990 ගනන් වල ගෘහ විදුලි උපකරණ නිෂ්පාදකයින්ට ලොකු ප්‍රශ්නයක් තිබිල තියෙනවා. ඒ තමයි ඒ කලෙ රූපවාහිනි, රේඩියෝ, ටෝස්ටර් වැනි උපකරණ program කරමින් තිබ්බ C, C++ වගේ භාෂාවල දුර්වලකම්...ඒ දුර්වලතා තමයි, ඒවයෙන් program එකක් ලියන්න තිබ්බ සංකීර්ණකම, එතකොට එහෙම හරි හදන program එකට ලොකු ඉඩක් වෙන් කරන්න වීම වගේ :angry::angry::angry: ප්‍රශ්න පත්තරයක්ම තිබිල තියෙනවා...

ඉතින් ඔහොම ඉන්න කොට තමයි ඇමරිකාවේ Sun Microsystems එකේ James Gosling විසින් Oak කියල අද අපි කතා කරන ජාවා නිර්මාණය කළේ..ජාවා නිර්මාණය කළේම ගෘහ විදුලි උපකරණ වලට අවශ්‍ය software සංවර්ධනය කරන්න...

මුලින් තිබ්බ ප්‍රශ්න ඔක්කොටම ජාවා වලින් පිළිතුරු හම්බ වුණා... :lol::lol::lol: ජාවා වැඩසටහනක් ලිව්වොත් එකම වෙනත් programming language එකකින් ලිව්වොත් ගන්න ඉඩ වගේ ඉතාම සුළු ඉඩක් ගන්නේ...:):)ඒවගේම ජාවා හරිම සරල, ජංගම, විශ්වාසවන්ත, බල සම්පන්න භාෂාවක්...:D:D
අනිත් වැදගත්ම දේ තමා ජාවා platforms මත රදා නොපැවතීම...ඒක සරලව කිව්වොත් Windows, Linux මොක කිව්වත් ජාවා ජාවාමයි...පස්සෙ කළේ අන්තර්ජාලයේ සීඝ්‍රර වර්ධනයත් එක්ක platform නිදහස් programming language එකක් විදිහට නිසා ජාවා සෑහෙන්න ජනප්‍රිය වුණා...

:confused::confused::confused:ආහ්...ආහ්...කට්ටිය ඇනුමුත් අරිනවා...:P:P:P

හරි ඉතිහාස කතාව එතනින් නවත්තමු.නැත්නම් මේකෙ වෙන මුකුත් කියන්න වෙන්නෙ නෑ...:cool::cool:

ආහ් වැදගත්ම දෙයක් අමතක වුණා... දැන් ඔය හැමෝම ජාවා ජාවා කිව්වට Oak වලට ජාවා කියල හදුන්වන්න ගත්තේ 1995 ඉදනුයි. Oak වලට ජාවා කියල නම දන්න හේතුවක් හරියටම කියන්න බැරි වුණාට ඔය ජාවා කියන නම හිතිල තියෙන්නේ කෝපි විරාමයකදීලු...

:D:D:D මරුම වැඩේ තමයි, තාම ජාවා කියන නමට අර බුද්ධිමය දේපල පනතට අනූව අයිතිය අරගෙන නෑ...
:P:P:P

ආහ් තවත් එකක්, ජාවා දැන් අයිති Oracle කියන සමාගමටයි...

දැනට මෙතනින් නවතින්නම්... ඉඩක් ලැබුනොත් තුන්වැනි කොටසත් අදම දන්නම්කෝ....

 
Feb 24, 2011
17
10
0
මෙන්න ජාවා - 3 වැනි දිගහැරුම

මෙන්න ජාවා - 3 වැනි දිගහැරුම

ජාවා ඉගෙන ගනිද්දී නිතරම ඇහෙන වචන ටිකක් තියෙනවා...ඒ ටිකත් දැන ගෙනම වැඩේට බහින එක ඔක්කොටම වඩා හොදයිනේ...
මොකද නැත්නම් මගදි වචන අහු වුණාම ටොපික් එකෙන් පිට පනින්න වෙනවනෙ වචනෙ තේරුම් කරන්න...

හැබැයි පුතෝ මේක හෙනම අමාරු වැඩක්...සමහරක් විට ඉංග්‍රීසි තේරුම කියෙව්වොත් සිංහල එකට වඩා හොදට තේරෙයි කියල හිතනවා...ඒ නිසා සිංහල සරල තේරුමයි, ඉංග්‍රීසි තේරුමයි දෙකම කියන්නම්කෝ...
හොද විදිහකට තේරුන් ගන්න බලන්නකෝ....

Class
දත්ත සහ ඒ දත්ත භාවිතා ක්‍රම සමූහයක එකතුවක්.
(A collection f data and methods that operates on that data.)

Method
කිසියම් ක්‍රියාවක්(task) මෙහෙය වීම සදහා class එකක් තුල ලියන ලද ප්‍රකාශන(statements) සමූහයක එකතුවකි.
(A group of statements in a class that handle a task.)

Interface
මුහුණතක්.
(A skeleton class.)

Package
තාර්කිකව එකිනෙකට සම්බන්ධ කේත( ක්ලාසස් සහ මුහුණු ) සමූහයක එකතුවක්.
(A group of logically related codes(classes and interfaces).)

Bytecodes
හරියට යන්ත්‍ර භාෂාවේ කේත වගේ පෙනෙන උපදෙස් සමූහයක්.
(A set of instructions that look like machine code, but are not specific to any processor.)

Java Virtual Machine-JVM
ජාවා වැඩ කරන පරිසරයයි.
(The environment in which Java runs. The JVM is responsible for executing the bytecodes and has responsibility for the fundamental capabilities of Java.)


----------------------------------------------------------------
කෙටි විරාමයක්...
 
  • Like
Reactions: prabo22

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    හොඳයි හොඳයි දන්න දෙයක් කියල දෙන එක බොහොම හොඳයි.... යමුකො බලන්න ඉස්සරහට :yes: