දඬු මොණරය ගැන

uni-soft

Member
Dec 2, 2010
253
63
0
දඬුමොණරය කිව්වහම අපි හුඟදෙනෙකුට මතක් වෙන්නෙ රාවණ රජ්ජුරුවන්ගේ වාහනේ. ඒත් මේ වාහනය හදන්න බොහොම ලොකු තාක්ෂණයක් භාවිතා කරල තියෙනවා. අද වෙනකොට මේ තාක්ෂණය අපි කවුරුවත් දන්නේ නැති වුනාට ඒ ගැන ලියවුණු පොත් කීපයක් නම් තාමත් පරෙස්සම් වෙලා තියෙනවා කියල මට දැනගන්න ලැබුණා. 'වෛමානික ශාස්ත්ර ' කියල කියන්නේ ඒ වගේ එක පොතක්. ඒක ලියලා තියෙන්නේ භාරද්වාජ කියන ඉන්දියානු සෘෂිවරයා. ඒ පොත ඇත්තටම අතීතයේ තිබුණු පෙරදිග යාන්ත්රිනක ඉංජිනේරු විද්යාාව පිළිබඳව ලියවුණු එකක්.
දඬුමොණරයට විමානය කියලත් කියනවා. පරණ පොත්පත් වල සඳහන් වෙන්නෙත් එහෙමයි. ඒක නිසා මමත් මීට පස්සෙ දඬුමොණරය කියන වචනය වෙනුවට විමානය කියල කියන්නම්, මොකද ඒක ලියන්න ලේසි නිසා.
අතීතයේ විමාන වර්ග කීපයක්ම නිර්මාණය කරලා තියෙනවා. පුෂ්පික විමාන, සුන්දර විමාන, රුක්ම විමාන, ත්රියපුර විමාන ආදී වශයෙන් ඒවා නම් කරලා තියෙනවා. භාරද්වාජ සෘෂිවරයා කියන විදිහට විමානයකට ගුවනින් මෙන්ම ගොඩබිමෙන් හා ජලයෙන් ද ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. පහලින් තියෙන්නේ රුක්ම විමානයේ හැඩයට නිර්මාණය කරපු computer graphic එකක්.
vimana03.jpg
අපේ හිත් වල ඇඳිලා තිබුණු විමානයේ ස්වරූපයට වඩා වෙනස් රූපයක් නේද මේක...! හුඟක් ඉස්සර මේ වගේ වාහන අහසින් ගමන් කරලා තියෙනවා.
අපි බලමු මේ 'විමාන' කියන වචනය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. සංස්කෘත වලින් 'වි' කියලා කියන්නේ පක්ෂියාට. 'මාන' කියලා කියන්නේ අනුකරණය කිරීමට. එතකොට විමාන කියල කියන්නේ පක්ෂියෙක්ව අනුකරණය කරමින් ගමන් කරන වාහනයකට. මේ අර්ථ දැක්වීම තියෙන්නෙත් 'වෛමානික ශාස්ත්රක' කියන පොතේ.
විමාන ගැන කතා කරනකොට ඒක පදවන රියදුරා ගැනත් කතා කරන්නම ඕනේ. මේ රියදුරා හඳුන්වන්නේ 'රථාචාර්ය' නැත්නම් 'ආචාර්ය' කියලා. ආචාර්යවරුන්ගේ රාජකාරි හා හැකියා මට්ටම අනුව තනතුරු හතක් තිබිලා තියෙනවා. ඒ තනතුරු හත තමයි මේ..
  1. නාරායන
  2. ෂෞනක
  3. විශ්වාම්බර
  4. ගර්ඝ
  5. වාශස්පති
  6. චක්ර්යානි
  7. ධුන්දිනාථ

මේ තනතුරු අතරින් විශ්වාම්බර කියන තනතුරට පත් වූ ආචාර්යවරයෙකුට පමණයි විමානයක් රටකින් රටකට පදවන්න හැකියාව තිබිලා තියෙන්නේ. දක්ෂ 'විශ්වාම්බර'යකුට එක ලෝකයකින් තවත් ලෝකයකටත් විමානය පදවන්න පුළුවන්කම තිබිලා තියෙනවලු.
 
Last edited:

uni-soft

Member
Dec 2, 2010
253
63
0
දැන් අපි විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු ක්රාමවේද 32 ම දැනගෙන ඉවරයි. මීට අමතරව අහසේ පිහිටි ප්ර්දේශ 5 ක් පිළිබඳවද විමානාචාර්යවරයෙක් දැනසිටිය යුතුයි. ඒ ප්රවදේශ 5 මෙසේ හැඳින්වෙනවා.
  1. රේඛාපත්ථ
  2. මණ්ඩල
  3. කක්ෂ
  4. ශක්ති
  5. කේන්ද්රථ
'වාල්මිකී ගණිතය' නම් පොතෙහි සඳහන් වෙන විදිහට රේඛාපත්ථ ප්රිදේශය තුල ගුවන් මාර්ග 70,300,800ක්, මණ්ඩල ප්රිදේශය තුල ගුවන් මාර්ග 200,800,200ක්, කක්ෂ ප්රයදේශය තුල ගුවන් මාර්ග 20,900,300ක්, ශක්ති ප්රඩදේශය තුල ගුවන් මාර්ග 1,001,300ක් සහ කේන්ද්රත ප්රකදේශය තුල ගුවන් මාර්ග 3,008,200ක් පවතිනවා.
'වෛමාණික ශාස්ත්රු' පොතේ තියෙන විදිහට මේ ගුවන් ප්රපදේශ පහ තුල වෙනත් ලෝක හතකට යා හැකි ගුවන් මාර්ගත් 519,800 ක් තිබිලා තියෙනවා. හිතාගන්නවත් බැරි තරම් ගොඩක් නේද... ඒ ලෝක හත මෙසේ හැඳින්වෙනවා.
  1. භූලෝක
  2. භූවර්ලෝක
  3. සූවර්ලෝක
  4. මහෝලෝක
  5. ජනෝලෝක
  6. තපෝලෝක
  7. සත්යෝලෝක
මම නම් මීට කලින් මෙහෙම ලෝක ගැන අහලා නැහැ. සමහරවිට වෙනත් ජීවීන් වාසය කරන මේ වෙනකොට අපි නොදන්නා ග්ර්හලෝක වෙන්න ඇති. ඒ කියන්නේ අතීතයේදී පෘථිවිවාසීන් වෙනත් ලෝක වල සිටින ජීවීන් සමගත් ගනුදෙනු කර ඇති බවට සාධකයක් විදිහට මෙය සලකන්න පුළුවන්.
දැන් අපි විමානාචාර්යවරයෙකුගේ නිල ඇඳුම ගැන කතා කරමු. ඍතු හතර සඳහා එක් එක් ඍතුව සඳහා ගැලපෙන නිල ඇඳුම් 4ක් ඔහුට තිබිලා තියෙනවා. මේ ඇඳුම් නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ කපු, සේද, හම්, කෙස්, මයිකා, පෙඳපාසි වැනි දේවලුයි. ඇඳුම මහන්න කලින් මේ ද්රකව්ය යන් ක්රිමයාවලි 25ක් යටතේ පිරිසිදු කිරීමකට ලක් කරලා තියෙනවලු. හිතාගන්න පුළුවන් නේද කොච්චර පිරිසිදුව සහ සියුම්ව වැඩේ කරලා තියෙනවද කියලා. ඉහල අහසේදී රියදුරාගේ සිරුර නිරෝගිමත්ව තියාගන්නයි මෙච්චර මහන්සි වෙලා තියෙන්නේ. මේ ඇඳුම් පිළියෙල කිරීම ගැන දීර්ඝ විස්තරයක් 'වෛමාණික ශාස්ත්රම' පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒත් මම ඒ ඔක්කොම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. මොකද එහෙම උනොත් මේ ලිපිය තව ගොඩක් දික් වෙන නිසා සහ ඒ විස්තරයේ තියෙන සමහර සංස්කෘත වචන වල සිංහල තේරුම් මම දන්නේ නැති නිසයි. කොහොමහරි මේ පිළියෙල කරනලද ඇඳුම විමානාචාර්යවරයාට ආරක්ෂිත කවචයක් ලෙස ක්රිලයා කරලා තියෙනවා. ඊට අමතරව මේ ඇඳුම මගින් ඔහුගේ කායික සහ මානසික ශක්තියද වැඩිකර තියෙනවා. සමහරවිට මේ ඇඳුමේ ශක්තිජනක ඖෂධ ගල්වා තිබෙන්නට ඇති.

ගුවන් ගමනකදී විමානාචාර්යවරයෙක් ගතයුතු ආහාර වර්ගද ඍතුව අනුව වෙනස් වෙනවා. වසන්ත සහ ගිම්හාන ඍතු වලදී ඔහුගේ ආහාර වට්ටෝරුව මීහරක් කිරි වලින් සෑදූ දියර වර්ග, බැටළු මස්, පරිප්පු වැනි ධාන්යා වර්ග ආදී ආහාර වලින් සමන්විත වෙනවා. වැසි කාලයේදී සහ සරත් ඍතුවේදී එම ආහාර වට්ටෝරුවට ඇතුලත් වන්නේ ගව කිරි වලින් සෑදූ දියර වර්ග, කුකුළු මස් සහ ඉරිඟු වැනි ධාන්යද වර්ගයි. ශීත ඍතුවේදී එම ආහාර වට්ටෝරුව එළු කිරි වලින් සෑදූ දියර වර්ග, කුරුළු මස් සහ යව වැනි ධාන්යන වර්ග ලෙස වෙනස් වෙනවා. නමුත් විමානාචාර්යවරයා බ්රානහ්මණ, ක්ෂත්රිුය හෝ වෛශ්යි යන කුල වලට අයත් නම් ඉහත ආහාර වට්ටෝරුවෙන් මස් වර්ග ඉවත් කර තියෙනවා. මේ ආහාර වට්ටෝරුව නිවැරදිව යොදාගැනීමෙන් ඍතු විපර්යාස වලදී මිනිස් සිරුරට ඇතිවිය හැකි අහිතකර බලපෑම් 25කින් වැළකිය හැකි බව සඳහන් වෙනවා.
මම මේ විස්තර ලියන්නේ විමානාචාර්යවරුන් මුල් කරගෙන වුවත් ඔවුන්ට අමතරව තවත් මගීන් විමානයේ ගමන් කරන්නේනම් ඒ පුද්ගලයින්ද මේ ආහාර වට්ටෝරුවට පිළිපැදිය යුතුයි. විමානයක ගමන් කරන එක ටිකක් අමාරු වැඩක් කියලා මට හිතුනේ ආහාර ගන්න ඕනෑ වාර ගණන දැක්කහමයි. ගිහි පුද්ගලයෙක් ආහාර ගන්න ඕනෑ දවසකට දෙපාරයි හෝ එකපාරයිලු. තාපසයෙක් නම් අනිවාර්යයෙන්ම ආහාර ගන්න ඕනෑ එක පාරයි. කම්කරුවන් සහ අනෙක් පුද්ගලයන් හතර පාරක් ආහාර ගත යුතු අතර යෝගීන් හැකි සෑම අවස්ථාවකම ආහාර ගත යුතුයි. විමානාචාර්යවරයෙකුට දිනකට පස් වතාවක් ආහාර ගන්න අවසර තියෙනවා. 'වෛමාණික ශාස්ත්රු' පොතේ සඳහන් වෙනවා ආහාර ගත යුතු වෙලාවන් ගැනත්. ගිහි පුද්ගලයෙක් දවසට දෙවරක් ආහාර ගන්නවානම් පළමු වේල දිවා කාලයේ දෙවන යාමය අවසානයේත් දෙවන වේල රාත්රි යේ පළමු යාමය අවසානයේත් ගත යුතුයි. එක් වරක් ආහාර ගන්නේ නම් ඒ ආහාර වේල තෙවන සහ සිව්වන යාම අතර කාලයේදි ගත යුතුයි (යාමයක් කියන්නේ පැය තුනක්). තාපසයින්ද තම ආහාර වේල එම කාලය තුලදී ගත යුතුයි. ආහාර වේල් 4ක් ගැනීමට අවසර ඇති අය වේල් 3ක් දිවා කාලයේ සහ එක වේලක් රාත්රීු කාලයේ ගත යුතුයි. විමානාචාර්යවරුන් දිවා කාලයේදී ආහාර වේල් 3ක් සහ රාත්රීි කාලයේදී වේල් 2ක් ගත යුතුයි. මෙම නියමිත ආහාර ප්රයමාණයන් ගෙනයාමට විමානයේ ඉඩ පහසුකම් නැත්නම් ඒ ආහාර වල සාරය වෙන්කරගෙන පෙති හෝ ආහාර ගුලි ලෙස පිළියෙල කර රැගෙන යා යුතු බවද සඳහන් වෙනවා.
 

uni-soft

Member
Dec 2, 2010
253
63
0
විමානයක සැකැස්ම

මුලික යාන්ත්රයණ 31


  1. විමානයෙන් පරිභාහිරව සිදුවන ක්රි/යා නිරීක්ෂණය කිරීම සඳහා වන 'විශ්වක්රිකයා දර්පනය'.
  2. ශක්ති අවශෝෂණය සඳහා යොදා ගන්නා 'ශක්ත්යාකකර්ශන දර්පනය'.
  3. යානයේ වහලයේ පිහිටා ඇති පරිවේශ යාන්ත්රිණය.
  4. අංගෝපසම්භාර යාන්ත්රඇණය
  5. විස්තෘතක්රි යා යාන්ත්රරණය
  6. විරූප්යක දර්පනය
  7. යානයේ ඉදිරිපස පිහිටා ඇති පද්මචක්ර්මුඛ යාන්ත්ර.ණය.
  8. යානයේ ඉදිරි ගෙල ප්රාදේශයේ පිහිටා ඇති කුන්තිනි-ශක්ති යාන්ත්රකණය.
  9. යානයේ දකුණු පස පිහිටා ඇති පුෂ්පිණී දර්පනය සහ පිංජුල දර්පනය.
  10. යානයේ ඉදිරි වම්පස පිහිටා ඇති නාලපංචක හෙවත් නාල වර්ග පහ.
  11. ගුහාගර්භ දර්පනය.
  12. යානයේ වයඹ දෙස ඇති තමෝයන්ත්රිය.
  13. පංච වාතස්කන්ධ නාල.
  14. රෞද්රීත දර්පනය.
  15. වාතස්කන්ධ කීලක.
  16. යානය ඉදිරිපස සහ දකුණුපස පිහිටා ඇති ශක්තිස්ථාන යාන්ත්රහණය.
  17. යානයේ වම් පස පිහිටා ඇති ශබ්ද-කේන්ද්රා-මුඛ යාන්ත්රතණය.
  18. විද්යුවත්වාදශක යාන්ත්රාණය.
  19. ප්රායණකුණ්ඩල යාන්ත්රාණය.
  20. ශක්ත්යුමද්ගම යාන්ත්රතණය.
  21. යානය අයිනේ පිහිටා ඇති වක්රතප්‍රසාරණ යාන්ත්රයණය.
  22. යානය මධ්යේයේ පිහිටා ඇති ශක්තිපංජර යාන්ත්රණණය.
  23. යානයේ හිසෙහි පිහිටා ඇති ශිරහ්කීලඛ යාන්ත්රයණය.
  24. ශබ්දාකර්ෂක යාන්ත්රාණය.
  25. පාට-ප්රතසාරණ යාන්ත්ර්ණය.
  26. යානයේ ඉදිරි වම්පස පිහිටා ඇති දිශාම්පති යාන්ත්රයණය.
  27. යානයේ වහලය මධ්යපයේ පිහිටා ඇති පටිකාභ්ර ක යාන්ත්රයණය.
  28. සූර්ය ශක්ති ආකර්ශක යන්ත්රයය.
  29. විෂ වායු නිකුත් කිරීමට යොදාගත් අපස්මාර යාන්ත්රයණය.
  30. ස්තම්භන යාන්ත්ර ණය.
  31. ව්යමශ්වානර නාල.
 

uni-soft

Member
Dec 2, 2010
253
63
0
රුක්ම විමානය

මුලින්ම අපි රුක්ම විමානයක් කියන්නේ කොයිවගේ යානයක් ද කියලා බලමු. මේ පහළින් තියෙන්නේ රුක්ම විමානයක බාහිර පෙනුමේ දළ සටහනක්. ( රූපසටහන් සියල්ල උපුටාගෙන තියෙන්නේ අන්තර්ජාලයෙන් )

pl01.jpg

'වෛමානික ශාස්ත්රG' පොතේ සඳහන් වෙන විදිහට රුක්ම විමානයක් කියලා කියන්නේ රන්වන් පාට ගුවන් යාත්රාමවක්. රුක්ම කියලා කියන්නේ රත්තරන් පාටටලු. මේ යානය රන්වන් පාට කිරීම සඳහා වර්ණ සාදාගෙන තියෙන්නේ 'රාජලෝහය' කියන ලෝහය මගින්. කිසියම් රසායනික ක්රිරයාවලියකට ලක් කිරීම තුලින් රාජලෝහයේ වර්ණය රන් පැහැයට ආසන්න පාටකට පත්කිරීමට හැකියාවක් තිබුණු බව කියැවෙනවා. විමාන තාක්ෂණයට අනුව රුක්ම විමානයක් අනිවාර්යයෙන්ම රන් පැහැයෙන් නිපදවිය යුතු නිසා එවැනි යානාවක් නිර්මාණය කිරීමේදි කර තිබෙන මුල්ම කාරිය වෙලා තියෙන්නේ රාජලෝහයෙන් රන් පැහැය නිපදවීමයි. පැරණි ඉංජිනේරුවෝ මේ රන් වර්ණය නිපදවන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. එයාලා මේ වර්ණය පිළියෙල කලේ කොහොමද කියලයි මං දැන් ලියන්න යන්නේ. මෙන්න මේවා තමයි ඒ අය පාවිච්චි කරලා තියෙන රසායනික ද්රදව්ය සහ ඒවායේ අනුපාත....
ඇමෝනියම් ක්ලෝරයිඩ් කොටස් 4 යි. බෙන්සීන් කොටස් 18 යි. ඊයම් කොටස් 20 යි. මුහුදු පෙණ කොටස් 16 යි. අයන් පයිරයිට්ස් කොටස් 6 යි. යකඩ කොටස් 20 යි. රසදිය කොටස් 15 යි. ක්ෂාරත්ර ය (නැට්රොරන්, සෝල්ට් පිටර්,බොරැක්ස්) කොටස් 28 යි. මයිකා කොටස් 20 යි. රිදී කොටස් 17 යි. ඇකොනයිට් කොටස් 8 යි. බෙංගාලි කඩල නම් ධාන්යො වර්ගය කොටස් 32 යි. සහ අවසාන වශයෙන් පස් ගෝ රස ඇති තරම් ප්රොමාණයක්. ( පස් ගෝ රස අරගෙන තියෙන්නේ මිශ්රරණයේ මෘදු බව වැඩි කරන්නලු ). සමහරවිට කට්ටියට මේ ද්රඇව්ය් ගැන එච්චර අවබෝධයක් නැති වෙන පුලුවන්. හැබැයි chemistry දන්න අයටනම් ටිකක් තේරෙනවා ඇති.
කොහොමහරි මේ රසායනික ද්රනව්යහ හොඳට මිශ්ර කරලා සෙල්සියස් අංශක 800 ටත් වැඩි උෂ්ණත්වයකට රත් කරලා තමයි රාජලෝහය හදාගෙන තියෙන්නේ. ඇත්තටම රාජලෝහය කියන්නේ තනි ලෝහයක් නෙවෙයි. රසායනික ද්රාව්ය මිශ්රැණයකින් හදපු කෘත්රිතම ලෝහයක්.

දැන් වර්ණ නිර්මාණය ගැන කතා කලා ඇති. ඉතුරු කොටස් ගැනත් කතා කරමු. රුක්ම විමානයේ යට කොටස හඳුන්වන්නේ 'පීත' කියලා. ඒක නිර්මාණය කරලා තියෙන්නේ 'කැස්බෑවෙකුගේ' හැඩයටලු. ඒ කොටස සාමාන්ය්යෙන් හදලා තියෙන්නේ අඩි 1000 ක් දිගට සහ අඩියක් ඝනකම වෙන ආකාරයටයි. ( ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේද යානයේ ප්ර මාණය ගැන ).

මේ තියෙන්නේ යානයේ හරස්කඩක දළ සටහනක්...


මේ රූපය හොඳින් නිරීක්ෂනය කළොත් ඔයාලට පෙනේවි ඉහල කොටසේ තියෙන සුළං පෙති දෙක. මේ රූපයේ පේන්නේ 2 ක් වුනාට ඇත්තටම මේ වගේ සුළංපෙති 4 ක් පිහිටලා තියෙනවා. ඒවා වේගයෙන් කරකවා වේගවත් සුළං ධාරාවන් පොළොව දෙසට යොමු කරලා තමයි යානය ඉහළට ඔසවලා තියෙන්නේ. මීට අමතරව චුම්බක ශක්තියත් පාවිච්චි කරලා තියෙනවා. කොහොමද අපේ පැරණි මුතුන්මිත්තන්ගේ වැඩ.... ඒ විතරක් නෙවෙයි, මේ අය විදුලි බලයත් යොදාගෙන තියෙනවා අර සුළං පෙති කරකවන්න. කොහොමහරි ඉහලට එසවුනු යානය ඉදිරියට චලනය කරලා තියෙන්නේ යානය වටේ දිශා හතරට යොමු වෙන විදිහට සවි කරල තිබුණු තවත් සුළං පෙති හතරකින් ලු. ඒ විතරක් නෙවෙයි, මේ විමානයට බොහොම ලොකු වේගයකුත් තිබිලා තියෙනවා. ඒ කොච්චරද කියනවානම් විනාඩි 24 ක් (සිංහල පැයක්) වැනි කාලයකදි සැතපුම් 250 ක් පමණ දුරක් යන්න පුළුවන් වෙලා තියෙනවා.

පහළින් තියෙන්නේ රුක්ම විමානයේ පාදම හෙවත් පීත කොටසේ රූප සටහනක්.....


pl02.jpg



Source :-
දඬුමොණරය ගැන පුංචි විස්තරයක්.

දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්රt...
 
Last edited:
  • Like
Reactions: Ritash9001

uni-soft

Member
Dec 2, 2010
253
63
0
interesting subject machan
thanx for info
blog ekath oyageda

නෑ :no:


tahnx machn

You have given out too much Reputation in the last 24 hours, try again later.
:(

Machan Umbath Vimanayak Hadannada yanne :D

Ammo sehena watinawa
thx

ගොඩක් ස්තුති යාලු..

gud post macho
rep++


wow rep 3+

great machaaaa

hodha lipiyak , thawa dhapan +++

elazzzzzzzz..........


Maxxa post machan...
Thanks for sharing...
+4 rep added...


බොහොම ස්තුති