--සමාන්තර-- (2වන කොටස)[PG-13]
උත්තරාගේ දෘෂ්ටිකෝණයෙන්:
"කොහෙද අර එදා අවිශ්කත් එක්ක රවුන් ගැහුවේ?"
"ආ,,,,, දැන් මම කරන කියන හැමදේම හොයනවා වගේ"
"ඔව්, මිනිහ මොනවද කියන්නේ"
"ම්ම්,,,, මම දැන් කියන්නම ඕනද?", මම ඇහුවේ ඕනවට එපාවට.
මාලන් උත්තර දුන්නේ නෑ බලාගත්ත අතම බලාගෙන හිටියා, මුණේ තියන හැගීම් මට තේරුම්ගන්න බැරුව ගියා.
මම එයාගේ අතින් අල්ලලා මගේ ලඟට ගත්තා, ඒ මුණ කඩවසම් , ඒ ලස්සන ඇස දෙකෙන් ඕන කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන්, ජීවයෙන් පිරිලා.
"මාලන්, ඔයා දන්නවනේ හොඳටම මම ඔයාට ආදරෙයි කියලා, එක හැමතිස්සෙම කියන්නේ නැත්තේ නැති හින්ද නෙමේ, ඒ වචන වල වටිනාකම අඩුවෙයි කියන බයට,,, ඔයා දන්නවනේ මන් ගැන, මම කොටුවෙලා ඉන්න කැමති කෙනෙක් නෙමේ, යටත් වෙලා ඉන්නත් මට ඕනේ නෑ. ඔයා මට ආදරේ නම් ඔයා ඒක පිළිගන්න ඕන, මාව ඒ විදිහට බාරගන්න, තේරුම්ගන්න."
එයාගේ මුණ දිහා බලාගෙනම මම කිව්වා.
"මම දන්නවා උත්තරා, මම ඔයාට කැමති උනෙත් ඒ හින්දමයි, එත් සමහර වෙලාවට මට හිතනවා ඔයා මගේම කරගන්න."
"කෙනෙක්ව තවත් කාගෙවත් කරගන්න ඒක ආදරේ නෙමෙයි මාලන්, ඒක බලහත්කාර කමක්, වහල්කමක්."
"එහෙම නෙමේ මට කියන්න ඕන උනේ, ඔයා ,,,, හරි කෙටියෙන්ම කිවොත් මම ඔයා අවිශ්කත් එක්ක තියන යාළුකමට කැමති නැහැ."
"මාලන් මට මොනවද කරන්න ඕනේ එපා කියලා කව්රුවත් කියනවට මම කැමති නෑ, ඒ මගේ හැටි, අනිත් එක අවිශ්ක කියන්නේ මගේ හොඳම යාළුවා."
"ගැණුළමයෙකුටයි පිරිමිළමයෙකුටයි හොඳම යාලුවෝ වගේ විතරක් ඉන්න පුලුවන්ද? එකේ මායිම තියෙන්නේ කොතනද?"
"එතැනදී මායිම් තීරණය කරන්න නිශ්චිත සංරචකයක් නැනේ, එක තමන්ගේ හිතේ තියන දෙයක්."
"දැන් අවිශ්කගේ හිතේ තියන අදහස් ඔයා දන්නවද?'
"දන්නේ ටිකයි, එත් මම මගේ හිත ගැන දන්නවනේ,,,"
නිහඩ තාවක්,,, මාලන් මොනවා හිතනවද කියලා හිතන්න එච්චර අමාරු උනේ නැහැ, සමහර විට මම කියපු දේවල් තදින් හිතට වදින්න ඇති. දුකත් හිතුනා, එත් ඉතින් මම කිව්වේ බොරු නෙමේනේ.
ටිකකින් මම මාලන්ට තුරුළු වෙලා එයාගේ පපුවෙන් මගේ ඔලුව තිබ්බා, එයාගේ හදවත ගැහෙනවා මට දැන් හොඳට දැනෙනවා, ඒ රාවයත් එක්ක මගේ හදවතේ ගැස්මත් මුසුවුණා. ඒ රිද්මය මුළු ශරීරය පුරා පැතිරුණා, ඒ වෙලාවේ මට හැඟුනේ මාලන් මගේම කොටසක් කියලා, සමහර විට එයා කියන්න උත්සහ කලෙත් මේ වගේම දෙයක් වෙන්න ඇති. මෙහෙම හැමදාම ඉන්න පුලුවන්නම් කොච්චර හොඳද!
මාලන් මගේ ඔලුව ඉබිනවා දැනුනේ හීනෙන් වගේ, ඊට පස්සේ එයා මගේ ඔලුව පිරිමැද්දා, හරිම සනීපයක් දැනුනා, හිටපු විදිහටම නින්ද යන තරම්.
"මගේ මැණික, මට පොරොන්දු වෙන්න මට ආදරේ කරන ඒක කවදාවත් නවත්තන්නේ නෑ කියලා", මාලන් ආදරෙන් ඇහුවා ඉතින් බැහැ කියන්නේ කොහොමද, අනික එකනේ මටත් ඕන.
මම අයෙත් එයා දිහා බැලුවා, එයත් මම දිහා බලාගෙන හිටියා, කොච්චර වෙලාවක් එහෙම හිටියද කියන්නේ දන්නේ නැහැ, අපි අපේ වෙලා කාලයේ අතරමන් උනා.
මාලන් මගේ නිකටින් අල්ලලා මුණ ඉස්සුවා, දැන් එයාගේ මුණත් එක්ක ගෑවෙන නොගෑවෙන තරම්,
මම බලා පොරොත්තු නොවූ වෙලාවක එයා මගේ කම්මුල සිපගත්තා, මාව පිච්චිලා හිරිවැටුනා, මාව දිය වෙලා මාලන්ගේ ඇගේ ඇලෙන්න තරං ආදරයක් හිතුනා, එත් එක්කම තව තවත් එයාටම තුරුළු උනේ අහපු ප්‍රශ්නෙට උත්තරේ විදිහට.
සමාන්තරව දිවෙන අසම්මත කතාවේ දෙවන අදියර.

Last edited:
elzzz