බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බැලුවම අපි ඉපදිලා ඉන්නේ හොඳම කාලෙක නේ...

    මට ගොඩාක් ඉස්සර ඉඳල හිතිච්ච දෙයක් තමයි අපි ඉපදිලා තියෙන්නේ ලෝකයේ හොඳම කාලෙකය කියන එක. හැබැයි එහෙම හිතුවේ මහා ලොකු දෙයක් දැනගෙන නෙවෙයි... පොඩි කාලේ ඉඳලම මං ඔය එක එක electronics gajematic පිස්සෙක්! ඉතින් අපට කියල මොකුත්ම නැතිඋනත් මට නම්, මුල්ම කාලේ තිබිච්ච gramophone, magnetic tape spools, 8 track audio cassettes ඉඳල දැන් තියන dvd, mp3 වගේ latest audio devices වෙනකන්ම අහන්න/දකින්න, අතපත ගාන්න, කූරුගාන්න ලැබුණ! ආයේ valve යුගයේ ඉඳල දැන් තියන advanced electronics items වෙනකන්ම ගොඩක් ඒවා දැකල, අතපත ගාල බලනත් ලැබුණ... ඉතින් හරි kick! ඇත්තටම බැලුවම දියුණුම කියල කියන්න පුළුවන් කාලයක් නේ මේක. ඉතින් lucky නැද්ද එහෙම කාලෙක ඉපදිච්ච එක? අපේ ආච්චිලා සීයල mobile phones අනං මනං දැකලවත් තිබුනේ නැහැ නේ... ඒත් දැන් බලාගෙන යනකොට තව අපි හිතුවේ වත් නැති 'ලොකූ වාසනාවකුත්' ඉස්සරහට එනවා... දන්නවද?? ඔය මෙච්චරට දියුණු වෙච්ච ලෝකේ, කට්ටියත් එක්කම ඉවරයක් වෙන්න යනවයි කියන එක! බය හිතෙන්නේ නැද්ද ඉතින්? සුනාමිය උනත් කවුරුවත් නොහිතපු, නොපිලිගත්තු කතාවක්! ඒත් උනා නේ... හැබැයි එච්චර මහා විනාශයක් කරගෙන ගියපු මහා ජල කඳ එක චුටි බුදුපිලිමයකට වත් අංශු මාත්‍රයකින් වත් හානියක් කලේ නැති එකේ නම් හිතන්න ගොඩක් දේවල් තියනවා... කොහොම හරි, ඔය සුනාමි, භූමිකම්පා, ලැව්ගිනි වගේ 'කස කාරයෝ' ඉස්සර කරගෙන මේ එන 'පෙරහැර' ලොකු ලොකු උදවිය පිළිගන්නවද, විශ්වාසකරනවද කියන එක care කරන එකක් නැහැ!! ඔහේ යන විදියටම යාවි කියල තමයි මට නම් හැඟෙන්නේ.

    මීට අවුරුදු කිහිපයකට කලින් නේ මේ 2012 කතාන්දරය ටිකෙන් ටික මිනිස්සු අතරේ කතාවෙන්න ගත්තේ. (හැබැයි අද වෙනකන්ම මොකවත්ම නොදන්නා ඔහේ කකා බිබී ඉන්න අයත් ඇති). මාත් ඔය විස්තර දැනගන්න ලැබුනම කාලයක් net එක පීරුව! මම දැකපු, අහපු දේවල් වලින් අන්තිමට මමම තීරණය කළා 'බඩු' sure ම තමයි කියල! මොකද පදනම් කරගත්තු සේරම වගේ පිළිගත හැකි සාක්ෂිත් එක්කල තමයි ඉදිරිපත් කරලා තිබුනේ... මට නම් කල්පනා කිරීමේ හැකියාව, imagination ටිප් ටොප් එකටම තියන නිසා කරුණු අහන්න, දැනගන්න ලැබෙනකොට ඉස්සරහ 'පේන්න' ගත්ත! මයිල් කෙලින් උනා!! ඒත් ඉතින් මොනවා කරන්නද කියල අල්ලලා දාල නිකම් හිටිය... වෙන දෙයක් වෙන්න ඇරලා බලන් ඉන්නවා ඇරෙන්න ඇත්තටම මොනවා කරන්නද? ඔය දේවලුත් හිතේ තියන් ඉන්දැද්දී පස්සෙ පස්සෙ තමයි පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න, කියවන්න අවස්ථාව ලැබුණේ. අන්තිමේ ඉතින් එකසිය ගනනට වැඩේ නැගල ගියා! කාලයක් යද්දී, බුදුරජාණන්වහන්සේ අපේ සංසාර ගමන ගැන තෝරලා දුන්න කතන්දරේ තේරෙනකොට, විශ්වයේ විස්තර තෝරලා කියාදීපු දේවල් තේරෙනකොට 2012 නිකම් joke එකක් වගේ උනා!! මොකද මෙහෙම හිතන්න, කල්පණා කරන්න හැකියාව තියන මනුස්සයෙක් හැටියට ඉපදෙන්න ලැබුණු මේ වෙලාවේ, පිරිසුදු බුද්ධ දේශනා අහන්න ලැබුණ කියන්නේ මම මුලින්ම හිටපු මතයේ, 'අපි ඉපදුනේ හොඳම කාලයකය කියන එකෙ'ත් හොඳම එක! උපරිම වාසනාවන්ත කාලෙක තමයි අපි මේ ඉපදිලා තියෙන්නේ. electronic gajets කූරුගාන්න හම්බ වෙච්ච එකේ නෙවෙයි... පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණු එකේ තමයි වාසනාව ඇත්තටම රැඳිලා තිබුනේ!!

    බුද්ධ දේශනාවලට අනුව අපි මේ මැරි මැරී ඉපදී ඉපදී ඇවිත් තියෙන්නේ බුදුහාමුදුරුවොන්ට වත් පේන්නේ නැති තරම් දීර්ඝ කාලෙක ඉඳල... ඉතින් මේ වෙනකොට ලෝක විනාස කීයකට අපි අහුවෙලා ඇතිද?? 2012 ලෝක විනාසේ සිද්ධ උනත් නැතත්, ඉවරයක් නැතුව මැරෙන්න වෙලා තියන එකෙන් ගැලවෙන එක තමයි අපිට නම් මූලික අවශ්‍යතාවය හැටියට පෙනිච්ච එකම දෙය, බුද්ධ දේශනා ඇහුවාම!! ඉතින් අපි ඊට අවශ්‍ය විදියට කටයුතු කරන්න ගත්ත අනික් සේරම දෙවනියට දාල. දැන් අපිට නම් ඉතින් ලෝකේ විනාස උනත් එකයි... නැතත් එකයි. ලෝකේ විනාස වෙනවද නැද්ද කියන එක හරියටම කියන්නත් අපිට බැහැ... විනාස වෙනවනම් ඒකට අපිට කරන්න දේකුත් නැහැ!! ඒත් අපිට අපි අපි වෙනුවෙන් කරගන්න දේවල් ගොඩක් තියනවා... කරගත්තොත් ආයේ ඉතින් වෙන වෙන විකාර හිතන්න ඕනේ වෙන්නෙත් නැහැ! දන්න දන්න හැමෝටම මේවා ගැන කිව්වේ සැහෙන කාලෙක ඉඳල. අහන පිළිගන්න අය අවශ්‍ය දේවල් කරගෙනත් ඇති. එකම කණගාටුව තියෙන්නේ තවම මේ මොකවත්ම තේරුම්ගන්න තරමට වත් මෝරලා නැති, පොඩි පොඩි එවුන් set එක ගැන විතරයි... ඒත් ඉතින් එයාලටත් මෙහෙම මෙහෙම කරන්නය කියල කිව්වා. වෙන ඉතින් අපියි කියල මොනවා කරන්නද? හිතන්න ගියාම නම් upset upset වගේ තමයි... ඉතින් ඒ ගැන නොහිත වෙන දෙයක් ගැන හිතන එක තමයි එකම විසඳුම. ඒත් හැබැයි එහෙම නොහිත, කල්පණා නොකර හිටියා කියල සිද්ධ වෙන දේවල් වල වෙනසක් වෙන්නේ නැහැ... අන්න ඒක හන්ද තාම මේ පුළුවන් කම තියන වෙලාවේ බුද්ධ දේශනාම අහල අවශ්‍ය දේවල් කරගන්න බලන්න.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේක නම් ලියන්න ගත්තේ බණ කියන්න එහෙම නම් නෙවෙයි! ඒත් මොකෙන් පටන් ගත්තත් මැක්කා ගැනම රචනාව ලියපු එකා වගේ මටත් කියවෙන්නේ ඒවම තමයි!:) දැන් මාව දන්න සමහරෙකුට නම් නම දැක්කත් 'මල' ඇති... ඒත් මේ මට හොඳටම දිරවල තියන මාතෘකාව! කාට දිරෙව්වෙ නැතත් කතාව එහෙමපිටින් ඇත්ත! බෙහෙත තිත්ත උනත්, ඒකෙන් බොහොම භයානක අසනීපයක් සනීප වෙනවා!! අනික ඒ අසනීපෙට තියන එකම බෙහෙත!! ඉතින් අකමැත්තෙන් හරි මං දාන ඒවා බැලුවොත් කාටවත් අවුලක් වෙන එකක් නැහැ... අපි ළඟ 'දෙතිස්' ඒවා නෑ... තියෙන්නේ 'දස' ඒවා විතරයි!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මාව appreciate කරන, මගේ ඒවා අගය කරන අයට මං thanks කරන්න ඕනේ නැහැ නේද? මං අද තැනක ඉන්නවා නම් ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය හන්දයි!! අගය කරන උදවිය ඔය අගය කරලා තියෙන්නේ ඒ ශ්‍රී සද්ධර්මයයි!! ඉතින් දන්නවනේ ධර්මයට කැමති, ධර්මය අගය කරන උදවියට වෙන දේ? "ධම්ම කාමෝ භවං හෝතී, ධම්ම දෙස්සී පරාභවෝ" කියල තියෙන්නේ... ඉතින් ඔයාලට rewards හම්බවෙනවා කොහොමත්!! automatically...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Tsunami waladi anith okkoma gahagena yaddi/ winaasa weddi,
    Budu pilima walata kisima anathurak wenna nodee beragaththe Naaga loke Naagayan..

    නාග ලෝකේ උදවියගේ වැඩක් කියන එක පිළිගන්න පුළුවන්. ඔය ස්වර්ණමාලි මහා චයිත්‍යයට ධාතුන් වහන්සේලා වැඩමවන් ඇවිත් තියෙන්නෙත් එහෙන් නේ... ඒත් බුදුහාමුදුරුවෝ කියල තියනවා හිරුට, සඳුට, ගින්නට, ජලයට, සුළඟට වගේ දේවල් හැම එකකටම අරක් ගත්තු දෙවිවරු ඉන්න බව! හැබැයි ඒ දෙවියෝ කවුරුවත් ඒ දේවල් මැව්වා කියන, 'මන් තමයි අහවලා... මං තමයි ඔක්කොම කරන්නේ...' කියන ජාතියේ අය නෙවෙයි!! තථාගත ආර්ය ශ්‍රාවක පිරිසක්.
    කෙනෙක් සුගති සංඛ්‍යාත ජීවිතයක උප්පත්තියක් ලබන්න නම් ඒ අය කුසල් වර්ධනය කරගත් අකුසල් ප්‍රහාණය කරගත් අය වෙන්නම ඕනේ!!! නැත්නම් දිවය ලෝකේ යනවා කියල හිතාගන ගිහින් බලනකොට එක්කෝ බල්ලෙක්, පූසෙක්... එක්කෝ පෙරේතයෙක්!
    ලෝකයට කුසල් අකුසල් කියල හඳුන්වල දෙන්නෙත් බුදුරජාණන්වහන්සේ නමක්ම පමණයි!! ඉතින් කෙනෙක් සුගතියක ඉපදිලා ඉන්නවා නම්, උපතක් ලැබුවා නම් එයාල දන්නවා තමන්ට එතනට එන්න උපකාර උනේ කවුද කියල! (මේ මනුස්ස ලෝකේ වගේ නැගපු ඉනිමගට පයින් ගහන කතා ඒවායේ අහන්න ලැබිල නැහැ...) එයාල බුදුන්වහන්සේගේ නමටත් ගෞරව කරනවා මිසක් බුදුන්ගේ කිසිම දේකට හානි කරන්නේ වත් හානියක් වෙන්න දෙන්නේ වත් නැහැ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ලඟදි දවසක් පුත්තරයගේ වැඩකට ඉස්කෝලෙකට යැවුන. එහෙ ළමයි එක්කරන් ආව parents ලට ඉන්න hall එක set කරලා film එකකුත් දාල තිබුන... නිකම් ඉන්න එක හන්ද මාත් ඔහේ බලාන හිටිය. ඒත් මං set වෙනකොට ඒක සැහෙන ගිහින්... මහා අපබ්‍රංස case එකක්! ප්‍රධාන නළුවා මොකද්ද ඉලක්කම් ගොඩාක් ලියපු බෝඩ් එකක් තියාගන google එකෙන් මොනවද බල බල ඒකෙ තැන් තැන් වල mark කළා... මොකවත් එක පාරට හිතාගන්න බැරි උනා. හැබැයි disasters වගයක් ගැන තමයි කියවුනේ. පස්සේ ඒ නළුවා car එකේ කොහෙද ගියා... යද්දී හෙන traffic එකක්! පස්සේ එතන බැහැල යනකොට පාලමක් උඩ මොකද්ද accident එකක් වෙලා, පාර වහල. ඒත් එක්කම මෙන්න බොලේ එතනට flight එකක් කඩාගෙන වැටුන! එක ජංජාලයයි... එච්චරයි!! projector එක overheat වෙලා කට්ටිය film එක නවත්ත දැම්ම...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    KNOWING ද?

    ඔව් කොලුවෝ... film කාපර් කෙනෙක් වගේ නේද? මම නම් එහෙම නැහැ... ඒත් මටත් ඔය film එක නම් බලන්න ඕනේ කියල හිතුන. හැබැයි ඒක හොයාගන්න වත් hints මොකුත් තිබුනේ නැහැ. අර නළුවව විතරයි මතක තිබුනේ. ඒ පාර නළුවන්ගේ photos search කරලා ඒකෙන් එයාගේ නම හොයාගෙන, ඊළඟට එයා ඉන්න films search කරලා, ටිකක් දඟලල මාත් ඕක හොයාගත්ත! ඒක නෙවෙයි ඉතින් වැඩේ... කොහොමද ඒ film එක? කට්ටිය බලල තියනවද දන්නේ නැහැ... මුළු film එකම අදහගන්න දෙයක් නැතත් ඒකෙ යනවා ඔය ඉස්සරහට ඇතිවෙන්න ඉඩ තියන situation එක ගැන නම් හොඳට. බලල නැති අය පොඩ්ඩක් බැලුවනම් හොඳයි මං හිතන්නේ...
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව් කොලුවෝ... film කාපර් කෙනෙක් වගේ නේද? මම නම් එහෙම නැහැ... ඒත් මටත් ඔය film එක නම් බලන්න ඕනේ කියල හිතුන. හැබැයි ඒක හොයාගන්න වත් hints මොකුත් තිබුනේ නැහැ. අර නළුවව විතරයි මතක තිබුනේ. ඒ පාර නළුවන්ගේ photos search කරලා ඒකෙන් එයාගේ නම හොයාගෙන, ඊළඟට එයා ඉන්න films search කරලා, ටිකක් දඟලල මාත් ඕක හොයාගත්ත! ඒක නෙවෙයි ඉතින් වැඩේ... කොහොමද ඒ film එක? කට්ටිය බලල තියනවද දන්නේ නැහැ... මුළු film එකම අදහගන්න දෙයක් නැතත් ඒකෙ යනවා ඔය ඉස්සරහට ඇතිවෙන්න ඉඩ තියන situation එක ගැන නම් හොඳට. බලල නැති අය පොඩ්ඩක් බැලුවනම් හොඳයි මං හිතන්නේ...

    :yes::yes: