ස්වාධීන රූපවාහිනී සේවය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කොන්දේසි විරහිත සමාව ඉල්ලීමක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පවසයි.
එමනිසා අදාළ නාලිකාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන බව ඩී. එස්. ද සිල්වා විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.
පසුගිය සෙනසුරාදා දින(26) ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් තරග පාවාදීමක් සිදුකර ඇති බවට හැඟවෙන ප්‍රකාශයන් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ කිසියම් වැඩ සටහනකදී සඳහන් කර තිබිණි.
මෙම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අධෛර්යමත් කිරීමට දරන ලද උත්සාහයක් බව විශ්වාස කරන බව ද ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක මහේල ජයවර්ධන මූල්‍යමය වාසි වෙනුවෙන් සිතාමතාම අදක්ෂ අයුරින් ක්‍රීඩා කළ බවට අදාළ රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයක් සිදුකළ විස්තර විචාරයකදී කිසියම් අදහසක් ඉදිරිපත් කර තිබිණි.
මෙම චෝදනාව සම්බන්ධව සියලුම නෛතික පියවර ගැනීම සඳහා සිය නීතිඥයා විසින් අවශ්‍ය ලේඛනයක් සැලසුම් කරමින් සිටින බව මහේල ජයවර්ධන ප්‍රකාශ කළේය.
කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, පකිස්ථාන කණ්ඩායමට ලකුණු 11 න් පරාජයට පත්විය.
http://www.adaderana.lk/sinhala/news.php?nid=14581

Last edited: