සිනා කතා 2011_03_06

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    විශේෂත්වය

    රැකියාවක් අපේක්ෂාවෙන් බොහෝ ආයතනවලට ගිය නමුත් ඉන් පලක් නොවූ සුසන්ත සර්කස් කූඩාරමක ‘ඇබෑර්තු ඇත’ යනුවෙන් ප්‍රදර්ශනය කර තිබූ දැන්වීමක් දැක එහි ගොස් සර්කස් කණ්ඩායමේ කළමනාකරු මුණගැසුණේය.

    අඩි පහකට කිට්ටු උසකින් යුත් සුසන්තගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා විමසිල්ලෙන් බැලූ කළමනාකරු මෙසේ ඇසීය.
    ’සර්කස් එකට බඳවා ගන්න, මොකක්ද තමුසෙගෙ විශේෂත්වය?’
    ’මම තමයි ලෝකෙ ඉන්න උසම අඟුටුමිට්ටා’ සුසන්ත පිළිතුරු දුන්නේය.

    :dull::oo:

    වෙලාව හරි


    ’ආ බං සෝමවතී මං උඹට කිව්වා නේද බත්හැලිය උතුරන වෙලාව බලන්න කියල?’ හදිසියේ කුස්සියට එද්දී ගෑස් කුකරයේ ඉදෙමින් තිබූ බත් හැලිය උතුරා ගොස් සිදුවී තිබූ විනාශය දැක කෝපයට පත් දීපානි තම මෙහෙකාරියගෙන් විමසුවාය.

    ’මං බැලුවා නෝනා. හරියටම එකොළහයි දහයට බත් හැලිය ඉතුරුවා.’ සෝමාවතී කීවේ බිත්ති ඔරලෝසුව දෙස නැවත වරක් බලමිනි.

    :no::growl:

    තාත්තා මොකටද?


    ’අම්මේ! දෙවියන් වහන්සේ අපිට කන්ඩ, බොන්ඩ, අඳින්ඩ දෙනවයි කියල කියන්නෙ ඇත්තද?’ පොඩි එකා තම මවගෙන් ඇසුවේය.

    ’ඔව් පුතේ දෙවියන් වහන්සේගෙ කරුණාවෙන් තමයි අපිට ඒ හැම දෙයක්ම ලැබෙන්නෙ’ තද දේවභක්තික කාන්තාවක වූ අනෝමා කීවාය.
    ’එතකොට නත්තලට අපිට තෑගි බෝග ගෙනත් දෙන්නේ නත්තල් සීයද?’
    ’නැතුව? නත්තල් සීයා නේන්නං ඒවා ඔක්කොම ගෙනත් දෙන්නෙ.’ අනෝමා පිළිතුරු දුන්නාය.
    ’එහෙනං අම්මේ අපිට තාත්තා කෙනෙක් ගෙන් ඇති වැඩේ මොකක්ද?’ පොඩි එකා ඇසුවේය.

    :oo::lol:

    ඒවා තියෙනවා නම් ස්ට්‍රයික් මොකටද?


    ’ඇයි ඔහේලා පොලිසියට ගල් ගැහැව්වේ? අපේ රටේදි නං ඔය වගෙ උද්ඝෝෂණයක දි පොලිසිය හරස් වුණාම ගහන්නෙ එක්කෝ බිත්තර. එහෙමත් නැත්තං තක්කාලි.’

    නගරයේ වටරවුමක උද්ඝෝෂණයක යෙදී සිටි අය හට බාධා කළ පොලිසිය වෙත ගල් මුල් ප්‍රහාරයක් එල්ලවූ අවස්ථාවේදී ඒ දෙස බලා සිටි විදේශිකයෙකු උද්ඝෝෂණය මෙහෙය වූ පියදාස ගෙන් ඇසීය.
    ’තක්කාලියි බිත්තරයි යහමින් තියෙනවා නං ස්ට්‍රයික් කරන්නෙ අහවල් දේකට දැ’යි පියදාස පිළිතුරු දුන්නේය.

    :rofl::P

    දුන්නෙන් විදීම


    ’දැන් කාලෙ මේ ඉස්කෝලෙ යන කොල්ලන්ට කෙල්ලන්ටත් අනංගයා උක්දඬු දුන්නෙන් විදිනවා අනේ’ යමුනා විවේක කාමරයේදී තම මිතුරු සෝමා ටීචර් සමඟ කීවාය.

    ’ඒක යසයි. දැන් කාලෙ දෙමව්පියෝ ළමයින්ට දඬුවම් නොකරන එකේ ගුරුවරුන්ට දඬුවම් කරන්ඩ නීතියෙන් අවසර නැති එකේ, රටේ ලෝකේ කාගෙන් හරිවත් උන්ට දඬුවම් ලැබෙන්ඩ ඕනැනෙ අනේ.’ සෝමා ටීචර් කීවාය.

    :baffled:

    එයත් අල්ලපු කඩේ


    රෝහණ වෙළෙඳ සල වෙත ගියේ තම නිවෙසට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීමේ අපේක්ෂාවෙනි. ඔහු එහි ගොස් සේවකයකු අමතා තමාට අවශ්‍ය බඩු වර්ග පිළිබඳව විමසන්නට විය.

    ’මොකක්ද අයිසෙ මේකෙ තේරුම? මට ඕන කරන බඩු මොකවත්ම මෙහේ නැහැනෙ. ඒ මදිවට මම ඉල්ලන ඉල්ලන බඩුවක් ගානෙ තමුසෙ කියනවා, ඒවා මෙහේ නැහැ අල්ලපු කඩේ තියෙනවා කියලා. කෝ තමුසෙලාගෙ මුදලාලි? රෝහණ ඇසුවේය.
    ’එයත් අල්ලපු කඩේ ඇති. එයාගෙ තමයි ඒ කඩේ’ සේවකයා කීවේ හිස කසමිනි.

    :oo::frown:


    සිළුමිණ