දැනුම සඳහා පරීක්ෂණයක්

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
දැනුම සඳහා පරීක්ෂණයක්

දැනුම සඳහා පරීක්ෂණයක්

මෙහි පහතින් ප්‍රශ්න 4ක් සමගින් එක් බෝනස් ප්‍රශ්නයක් වේ.
මේ සියල්ලටම ඔබ එසැනින් පිළිතුරු සැපයිය යුතුයි.
වැඩි වේලා ගැනීම තරඟ කොන්දේසි උල්ලංගනය කිරීමක් ලෙස සැලකේ.
සියල්ලටම එසැනින් පිළිතුරු දිය හැකිනම් පමණක් අභියෝගය භාරගෙන පිළිතුරු සපයන්න.

බලමු ඔබ කොයිතරම් දක්ෂයකුදැයි කියා.

ඔබ සූදානම්ද?

පළමුවන ප්‍රශ්නය

ඔබ ධාවන තරඟයක් නියෝජනය කරනවා යැයි සිතන්න.
ඔබ දැන් සැටින්නේ දෙවෙනියා පසුකරමින්ය.
දැන් ඔබ කීවෙනි ස්ථානයේ තරඟවදිමින් සිටීද?




පිළිතුර

ඔබ පිළිතුරු දුන්නේ පළමුවෙනි ස්ථානය කියාද?
එසේනම් ඔබ සම්පූර්ණයෙන් වැරදිය.
ඔබ පසුකරමින් සිටින්නේ දෙවෙනියා නම්,
දැන් ඔබ ලබාගෙන සිටින්නේ ඔහුගේ ස්ථනයයි.
ඔබයි දැන් මේ තරඟයේ දෙවෙනියා.

ඊලඟ අවස්ථාවට මෙයට වඩා දිරිය ගන්න.

දැන් දෙවන ප්‍රශ්නයට පිළිතරු ලබා දෙන්න.

පළමුවන ප්‍රශ්නයට ගත් කාළයටත් වඩා අඩු කාළයකින් මෙයට පිළිතුරු සපයන්න.


දෙවන ප්‍රශ්නය

ඔබ දැන් අන්තිමයා පසුකරමින් සිටිනවා යැයි සිතන්න.
එසේ නම් දැන් ඔබේ ස්ථානය කුමක්ද?



පිළිතුර
ඔබ පිළිතුරු දුන්නේ අන්තිමයාට කලින් දුවන්නා ලෙසද?
එසේනම් මෙවරත් ඔබ වැරදිය.
පවසන්න ඔබ කෙසේද අන්තිමයා පසුකරන්නේ කියා?

ඔබ මේ සඳහා ඉතාමත් හොඳකෙනෙකු නොවේ මිත්‍රයා.


තෙවන ප්‍රශ්නය

මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටළුවකි.
මෙය මනෝමයෙන් කලයුතුය.
මේ සඳහා කොලයක්, පැන්සලක් හෝ ඝණකයන්ත්‍රයක් භාවිතා නොකිරීමට ඔබ අවංකවන්න.

1000ක් ගෙන එයට 40ක් එකතු කරන්න.
දැන් එයට තව 1000ක් එකතු කරන්න.
දැන් 30ක් එකතු කරන්න.
අනතුරුව තවත් 1000ක් එකතු කරන්න.
එයට 20ක් එකතු කරන්න.
දැන් තවත් 1000ක් එකතු කරන්න.
අවසානයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න.




ඔබට ලැබුනු පිළිතුර 5000ක් ද?

ඇත්තෙන්ම පිළිතුර වනුයේ 4100යි.

ඔබ විශවාස නොකරයිනම් දැන් ඝණකයන්ත්‍රයක් භාවිතා කර බලන්න.



අද අනිවාර්යයෙන්ම ඔබේ දවසක් නොවේ. එහෙමද?
ඇතැම් විට ඔබට අවසාන ප්‍රශ්නයට හරි පිළිතුර ලබා දිය හැකිවෙයි.


සිව්වන ප්‍රශ්නය

මේරිගේ පියාට දියණියන් පස්දෙනෙකු සිටී.
පළමු වැනියා ‍නනාය.
දෙවැනියා නැනෑය.
තෙවැනියා නිනීය.
සිව්වෙනියා නෙනේය.
ඔබ අදහස් කරන පරිදි පස්වැනියාගේ නම කුමක් විය හැකිද?




ඔව්. ඔබේ පිළිතුර වනුයේ නුනූ ද?
එය එසේනම් ඔබ මෙවරත් වැරදිය.
ඇත්ත ව‍ශයෙන්ම ඔබ වැරදිය.
ඇයගේ නම වනුයේ මේරිය.
නැවත ප්‍රශ්නය හොඳින් කියවන්න.

දැන් ඔබ පැමිණෙන්නේ ‍ බෝනස් වටයටයි.

කතාකිරීමට නොහැකි පුද්ගලයෙකු වෙළදසැලකට පැමිණියේය.
ඔහු‍ට අවශ්‍යව ඇත්තේ දත්බුරුසුවක් මිලදීගැනීමටය.
අංගචලනයන් භාවිතාකරමින් ඔහුට අවශ්‍යව ඇතිදේ වෙළඳසැල් හිමියාට පෙන්වා
දත්බුරුසුවක් මිලදීගැනීමට ඔහු සමත්වෙයි.




ඉනපසුව පැමිණෙන්නේ ඇස් නොපෙනෙන අයෙකි.
ඔහුට අවශ්‍යව ඇත්තේ අවුකණ්නාඩි යුවලක් මිලදී ගැනීමටය.
ඔහු මෙය පෙන්වන්නේ කෙසේද?




ඉතාමත් පහසුය.
ඔබ මෙන්ම ඔහුද තම කටහඞ අවදිකරමින් එම කර්ව්‍යය ඉටුකරගනී.


ඔව් මෙය ඔබ දන්නා බුද්ධිමතුන් වෙත යොමුකරන්න.
මෙයි පරමාර්ථය ඔබ පරාජයට පත්කර, අසාර්තයෙකු යැයි ඔප්පුකිරීම නොවේ.
සෑම විටම, සෑම අයෙක්ම, සෑම දෙයකටම දක්ෂයෙකු නොවේ.
අප නොදන්නා බොහෝදේ ඇත.
කලයුත්තේ දන්නා අයකුගෙන් අසා දැනගැනීමය.
එය නිහතමානී ගුණයකි.
නිහතමානීත්වය දියුණුවන්නෙකුගේ ගුණයකි.
උඩඟුකම පිරිහීමට හේතුවේ.


මතක තබාගන්න. නිවැරදි සෑමදේම සැමවිටම ජනප්‍රිය නොවේ.
එසේම ජනප්‍රිය සෑම දෙයක්ම හැම විටම නිවැදිද නොවේ.
සියළුදෙනා අතින් වැරදීම් සිදුවේ.
ඒවෙනුවෙන් පැන්සල් වල මකනයන් ඇත.
වැදගත් වන්නේ උත්සාහයයි.
වැරදීම් සිදුවනුයේ යමක් කරන්නන් අතින්ය.
නිකං සිටින්නන් අතින් වැරදි සිදු නොවේ.
මන්ද යත් වැරදීමට ඔවුන් කිසිත් නොකරන හෙයිනි.


ධෛර්යය සම්පන්නව වැඩ කරන්න.
ඉවසිලිවන්තව නොසැලී වැඩ කරන්න.
එය එකම මගයි. එම මගෙහි පියනගන්න.
සැමවිටම සිහියෙහිතබාගන්න
ඉවසීම, පාරිශුද්ධභාවය, ධෛර්‍යය සහ නොසැලීසිටීම
දිගුගමනක් සඳහා මංපෙත් විවර කරන බව.
ඔබේ සත්‍යකාමීකම සහ නිර්මලත්වය ඔබ කිසිදිනක පරාජයකරා ලං නොකරයි.




© [email protected]
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මන් අන්තිම එක ඇරෙන්න අනික ඒවානම් අහල තිබුන
    කොහොම උනත් Thanxz
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Machan.. ooka mamath dannawa... may kaa try karanna

    1035 ta thawa 1035 ekathu kalama keeyada..?
    Eekata 20 ekathu karanna
    eekata 10k ekathu karanna...




    Uththara 3000i needa...?

    na..

    Calculater ekak aran cal karala balanna
     
    Feb 9, 2011
    175
    9
    0
    Jeewithe theerana pansal irak nam makala hadaganna puluwan...
    namuth samahara theerana permanent marker pen ekakin anda wage...
    makanna tippex gannada...BE...
    Ai..... e unath kalala ithurui...

    OBA ehatha hama deema niwaradi...
    mama meeta kalin ath hada baloowek...
    THANX to post

    :lol::lol::lol: