උත්තමාවී_(මාර්තු 08 දිනට යෙදෙන කාන්තා දිනය ව&#

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උත්තමාවී_(මාර්තු 08 දිනට යෙදෙන කාන්තා දිනය ව&#

    අද ලෝක සම්මතයෙන් කාන්තා දිනය සැමරෙනවා.

    කාන්තාවන් උදෙසා සැබෑ නිදහසේ මංපෙත් විවර කරදුන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් දහම් අනුශාසනාව යම් කාන්තවක් අද දිනයේ සිහි කරනවා නම්, එය ඇයටත් උත්තම විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වනවා නියත යි.

    භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් දහම් මාවතේ පුරුෂ වීරියෙන් යුතු ව හැසිරුණු උතුම් කාන්තාවන් සියලු දුකින්, සියලු බන්ධන වලින්, සියලු සම්මත වලින් නිදහස් වුණා. මරුට පවා අභියෝග කළ ඒ උත්තමාවියන්ට මේ උතුම් දම් දෙසුම පුෂ්පෝපහාරයක් ම වේවා...!
    ---------------------------------------------------------------------
    'සෝමා සූත්‍රය'
    ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ යි. එදා සෝමා භික්ෂුණිය පෙරවරු සමයේ හැඳ පොරොවාගෙන, පාත්‍ර සිවුරුත් රැගෙන සැවැත්නුවර පිණ්ඩපාතයේ වැඩියා. පිණ්ඩපාතය පිණිස වැඩම කර, පිණ්ඩපාතය වැළදීමෙන් පසු 'අන්ධ වනය' යම් තැනක ද, දිවා විහරණය පිණිස එතැනට වැඩම කළා. අන්ධ වනයට පිවිස එක්තරා ගසක් මුල දිවා විහරණය පිණිස හිඳ ගත්තා. ඒ අවස්ථාවේ දී පාපී මාරයා සෝමා භික්ෂුණියට භය තැතිගැනීම්, ලොමු දහගැනිම් ඇති කරවීම පිණිස, ඇය ව සමාධියෙන් චුත කරවීම පිණිස සෝමා භික්ෂුණිය වෙත පැමිණියා. පැමිණ සෝමා භික්ෂුණියට ගාථාවකින් මෙහෙම කිව්වා.

    "ඉසිවරුන් විසින් ලබා ගත යුතු, ලබා ගැනීමට දුෂ්කර, යම් ඒ නිවනක් තිබෙනවා ද, දෑගුල් නුවණැති ස්ත්‍රීන්ට එය ලබා ගන්නට නොහැකි යි."

    ඒ අවස්ථාවේ දී සෝමා භික්ෂුණියට මෙහෙම හිතුනා.

    "මනුස්ස හෝ අමනුස්ස හෝ කවරෙක් විසින් ද මේ ගාථාවන් කියන්නේ..?"

    ඉන්පසු සෝමා භික්ෂුණියට මෙහෙම සිතුනා.

    "මා හට භය තැතිගැනීම්, ලොමු දහගැනීම් ඇතිකරවීමට කැමැත්තෙන්, මාව සමාධියෙන් චුත කරවීමට කැමැත්තෙන් පාපී මාරයා තමයි මේ ගාථා කියන්නේ..."

    ඒ අවස්ථාවේ දී 'මේ පාපී මාරයා යි' කියා දැන ගත් සෝමා භික්ෂුණිය පාපී මාරයාට ගාථාවලින් මෙසේ පිළිතුරු දුන්නා..

    "සිතත් සමාහිත නම්, ආර්ය සත්‍යයන් කෙරෙහි ඤාණයත් පවතිනවා නම්, ධර්මයන් මැනවින් විදර්ශනා වඩන විට ස්ත්‍රී භාවයෙන් කුමක් කරන්න ද..?"

    "යමෙකුට මෙසේ ‘මම ස්ත්‍රියක් වෙමි‘ හෝ ‘පුරුෂයෙක් වෙමි‘යි කියා හෝ ‘වෙන යමෙක් වෙමි‘ කියා හෝ හැඟීමක් (කෙලෙස් සහිතව මැන ගැනීමක්) තිබේ නම්, මාරය ඔහුට ඔබ ඔය කියූ දෙය කියන්නට සුදුසු වේ..."

    එවිට පාපී මාරයා, "සෝමා භික්ෂුණිය මා දන්නේ ය" කියා දුකට දොම්නසට පත් ව එතැන ම අතුරුදහන් වී ගියා.

    සාදු.. සාදු... සාදු!!!
    බුදු කරුණාවේ අනුහසින් තුන් ලොව ජයගත්
    ඒ උත්තමාවියන්ට අප ගේ වන්දනාව වේවා..!!!