Hashan dis ලොකු ළමයෙක් වෙලා .....අය්යෝ!

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Hashan dis ලොකු ළමයෙක් වෙලා .....අය්යෝ!

අපේ එළකිරියේ ඉන්න තවත් සාමාජිකයෙක් ලොව දැක්ක දවසක් අද !!:D

20.gif


Hashan dis
user_online.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif


Posts: 9,999
Blog Entries: 2
Join Date: Sep 2008

2096066yrb20rgpt4.gif


ඔන්න අපේ හෂාන් ඉදලා ඉදලා ඉදලා....... අන්තිමට ලොකු ළමයෙක් වෙලා ..ඒකයි මේ දවස්වල එයා වැඩිය එළකිරි පැත්තේ ආවේ නැත්තේ ..කොහොම හරි මිනිහා ගැන පොඩිම පොඩි ලයිෆ් ස්ටොරියක් දාන්න හිතුනා.මෙයා ඉපදුනේ මහනුවර මහා රෝහලේ.1990.03.09 දිනේ.ඉපදුනු ගමන් ම එතන හිටපු නර්ස්ටත් ලයින් දාපු කොල්ලෙක් මෙයා.:no::no:


happy%20baby_1.jpg


20.gif

ඉතින් මෙයාගේ පුරුද්දක් තියෙනවා කෙල්ලෙක් දැක්කහම ඇහැක් ගහනවා..මොන්ටසොරි එකෙදේ පොඩි කෙල්ලෙක්ට ඇහැක් ගහලා ඒ ළමයාගේ අම්මගෙන් ගුටි කාලා.පාසල් ජීවිතේ ඒ වගේ ලබපු මිහිරි අත්දැකීම් හුගාක් තියෙනවා එව්වා මෙතන කියන්න අවස්ථාවක් කර ගන්නේ නැහැ.එත් අ.පො.ස.(සා.පෙළ) කරනකොට මෙයා පටන් ගත්ත ආදර කතාව නම් නොකිය බැහැ.:P:love::love:

love+couple.jpg




20.gif



මෙයා ඒ කෙල්ලව දැකල තියෙන්නේ ඉස්කෝලෙට පළවෙනියටම ආව දවසෙලු .ඒ කියන්නේ ඒ කෙල්ල සා.පෙළ කරන්න ඇවිත් තියෙන්නේ වෙන ඉස්කෝලෙකින්.දැකපු මුල්ම දවසේ හිත බිල්ලට දුන්නු මෙයා දවසින් දවස තමන්ගේ ආදර ගමනේ ගමන් කරන්න පටන් ගත්තා.ඒ ගැන විස්තරයක් දෙන්න මෙන්න ඔයාල එක්ක එකතු වෙනවා අපේ සමාජිකයෙක් වන BC_දිලුම් :nerd::nerd:


bday10.gif



20.gif


17.gif






BC_දිලුම් : -

මෙන්න මෙය ගැන කියනවා නම් ඇත්තටම මෙය ගැන හරියටම විස්තර අපි කව්රුත් දන්නේ නෑ.මු ගොඩක් රහසිගතව තමය් එළකිරි එකේ ඉන්නේ.මෙයාගෙන් කව්රු හරි ඉන්නේ කොහෙද කියල ඇහුවොත් එක එක වෙලාවට එක එක පැත්තවල් තමය් කියන්නේ.ඒකට හේතුව තමය් මෙයාව මෙයාගේ ඉස්සර ගැණු ළමයාගේ ගෙදර කට්ටිය මුව හොයන එක.මු ගමෙන් පැනල ඇවිල්ල දැන් රහසිගතව තමය් ජීවත් වෙන්නේ.මෙන්න මේකය් ඒ කතාව:nerd::nerd:

:lol::lol::lol::lol:
20.gif


cat-happy-birthday.gif




Happy-Birthday.png

ඉස්සර ගමේ ගැනු ළමයෙක් එක්ක මුගේ පොඩි පොඩි සම්බන්දයක් තිබ්බ.පොඩි කිව්වට පොඩිත් නෑ. එක දවසක් ඔන්න ඒ ගැනු ළමයාගේ ගෙවල් පැත්තේ මලගේදරක් උනා.ඔන්න ඉතින් අපේ බුවත් මල ගෙදර බැහැල වැඩ කෙල්ලව බලන්නත් පුළුවන් නේ.ඔන්න එක දවසක් මළගෙදර 9 ට විතර කෙල්ල බිස්කට් අල්ල අල්ල හිටිය.මු පොඩ්ඩක් ලගට ගිහිල්ල කෙල්ලට කිව්වා අපි දෙන්න පොඩ්ඩක් පැත්තකට ගිහිල්ල කතා කරමුද කියල.ඉතින් ටික වෙලාවකට පස්සේ ඒ කියන්නේ 9.30 ට විතර කෙල්ල ආවා.මේ දෙන්න මලගෙදරින් ටිකක් දුර කළුවර පැත්තකට ගිහිල්ල ඔන්න බර කතාව. ඔන්න ඔය අතරේදී කෙල්ලගේ අම්මල කෙල්ලව හොයන්න ගත්ත.මළගෙදර හැමතැනම බැලුවත් කෙල්ල නෑ.කෙල්ලගේ අම්මල හොදටම බයවෙලා.මළගෙදර දෙවනත් වෙන්න කෑගහනවා .ඒ සද්දෙට මළගෙදර ඇවිල්ල හිටපු මිනිස්සු ටිකත් බයවෙලා කට්ටියම එකතු වෙලා කෙල්ලව හොයනවා.මේ මළගෙදර මහා සද්දේ අර මල් කඩ කඩ හිටපු Hashanටය් කෙල්ලටය් ඇහුන.මේ දෙන්න හොදටම බය වෙලා. කෙල්ල කොච්චර බයවෙලාද කියනවා නම් අඩ අඩ කියනවා අනේ අය්යේ මට දැන් නම් එහෙට යන්න බෑ කියල. අපේ හෂානයට මේ වෙලාවේ හොද idea එකක් ආවා. මේ දෙන්නම කැලේවල් අස්සෙන් පැන පැන ගිහිල්ල මුගේ යාලුවෙක්ගෙ ගෙදරට රිංගුවා.මේ මළගෙදර කලබලේ පැය බාගෙකින් විතර මුළු ගමම දැනගත්ත.

20.gif

hairul.jpg


ඊටපස්සේ මුළු ගමම හුළු අතු අරගෙන කෙල්ලව හොයනවා.අන්තිමට මහා පාන්දර 1 ට විතර දෙන්න අර යාළුවගේ ගෙදර ඉද්දි හොයාගත්ත.මු නම් කෙල්ලගේ අතින් වත් අල්ලලා නෑ.ඒත් ඔහොම උනාම මුළු ගමම හිතන දේ දන්නවනේ.කෙල්ලගේ ගෙදරින් ඊට පහුවෙනිදම මුට කිව්වා කෙල්ලව බදින්න කියල.මුට දෙවියෝ සිහිවෙලා ගෙදරින් පැනපු පාර තවම ගමේ පස් පාගල නෑ. ඔන්න ඕක හින්ද තමය් මු කාටවත් ඉන්න තැන කියන්නේ නැත්තේ.ඉන්න තැන කියල අර කෙල්ලගේ ගෙදරින් දැනගත්තොත් අනිවා බදින්න වෙනවා නේ. ඔන්න ඔහොම තමය් හෂාන්ගේ 1st love එක ගෙවීගෙන යන්නේ.


thing-called-love.jpg




20.gif


ඉතින් ඔය ලව් පලහිලව්ව අතරේ තම මෙයා අපේ එළකිරි සිතේ එකට ආවේ ..අප්පේ ආපු දවස්වල මෙයා දාන ත්‍රෙඩ් ඇති විශිෂ්ටයි.එව්වා මෙතන දාන්න බැරි තරම්.කොහොම හරි අපේ එළකිරි රේඩියෝවේ ඉතා ප්‍රකට නිවේදකයෙකු ලෙස කටයුතු කරන මෙයාට සහජ හැකියාවක් තියෙනවා එකවිට ගැහැණු පිරිමි කටහඩෙන් කතා කරන්න පුළුවන්.දැනට පොස්ට් 9999 ක් අරන් ඉන්න මොහුගේ 10 000 පොස්ට් සපුරන්න උපන්දිනය එනකන් බලන් හිටියේ කියලයි අපේ විචාරකයින්ගේ මතය.
20.gif
20.gif


happy_birthday_flower-1561.gif


අපේ තවත් සාමාජිකයෙක් වන අනුරු_1 අපිට මෙයා ගැන අදහස් දැක්වුවේ මෙහෙම :
හෂාන් ගැන කියනවනම් හුගක් දේවල් කියන්න තියෙනවා ..එත් මෙයාගේ චරිතය ගාතනය කරන්න අකමැති නිසා කෙටියෙන් කියන්නම් "මේක එල බොක්කේ පොරක් ,
හැබැයි අංක එකේ මල් කුමාරයෙක් ,කෙල්ලෙක් පෙන්න බැහැ , ලගින් ගියත් බබාලා හම්බවෙනවා" එල කොල්ලෙක්.:P:D:rolleyes::love:
happy-birthday-with-balloons%281%29.gif


අපගේ මෙම ඇගයීමට ලක්වූ Hashan_dis අද මේ තමන්ගේ උපන්දිනය ඉතා විශේෂයෙන් සමරන මොහොතේ ඔබගේ සියලු ප්‍රර්ථනා සබැ සිහිනයක් සේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැය් එළකිරියේ සියලුම යහළුවෙන් මෙසේ ප්‍රර්ථනා කරමු!

happy-birthday_animated_157.gif%253Fw%253D400%2526h%253D300



(The longest wish in ElaKiri.com ever:P)


:P:rofl::D:love::rolleyes::angry::baffled::no::frown::nerd::(:lol::lol:

 
Last edited:
  • Like
Reactions: dj ice cold

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    happata sili Hashan dan loku podi ekek newa hoda hoda apen onna unusum subapathum kiwva ehenan.....
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    funnybirthdaygiftideas7.jpg



    මඩ නාවලම අරගෙන කොල්ලා!!!:lol::lol:
    Happy BirthDay Bro!!!

    icleva1.jpg


    මචො මතක ඈතුව දෑන් මෙවත් ලග තියගෙන ඉදපන්..
    දෑන් උබ ලොකු ලමයෙක් වෙලානේ!!!