සන්නිවේදනය අඩපණ වන බවට අනතුරු ඇගවීම්

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    සන්නිවේදනය අඩපණ වන බවට අනතුරු ඇගවීම්

    :(
    සන්නිවේදනය අඩපණ වන බවට අනතුරු ඇගවීම්


    රළ
    ු සූර්ය කුණාටු වලින් පෘථිවිය ආරක්ෂා කිරීම සදහා ස්වභාවික පලිහක් ලෙස ක්‍රියා කරන පෘථිවි චුම්භක ගෝලයේ සෑදී ඇති විශාල සිදුරු දෙකක් විද්‍යාඥයින් විසින් මේ වන විට සොයාගෙන ඇති අතර මෙම නව සොයාගැනීම මෙතෙක් විද්‍යාඥයින් විසින් චුම්භක ගෝලය සහ සූර්ය කුණාටු පිලිබදව පලකර තිබූ අදහස් තර්ජනයට ලක් කරවන්නක් බවට මේ වන විට අදහස් පලවෙමින් තිබෙනවා. මෙම සිදුරු සෑදීම හේතුවෙන් සූර්ය අංශු බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් වායුගෝලය තුලට ඇදී එන බවත් ඒ සමග ඇතිවන අන්තර් ක්‍රියාවන් විද්‍යාඥයින් විසින් පල කර තිබූ සියළු මත වලට ප්‍රතිවිරුද්ධ ආකාරයේ ඒව වන බවත් මේ වන විට සොයාගෙන තිබෙනවා.


    සමහර සොයාගැනීම් මගින් මෙම සූර්ය කුණාටු මගින් පෘථිවියට ඇතිවිය හැකි බලපෑම් පිලිබදව යම්තාක් දුරට අනාවරණය කර ඇති අතර සූර්යාගෙන් අධික වේගයෙන් පිටවන ආරෝපිත අංශු මගින් ඇතිවිය හැකි දරුණු කුණාටු නිසා සිදුවීමට ඉඩ ඇති චන්ද්‍රිකා අඩපණ වීම් සහ විදුලි පද්ධති වල බිද වැටීම් මේ අතර වෙනවා.


    නාසා ආයතනයේ අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානයේ විද්‍යඥයෙකු වන ඩේවිඩ් සිබෙක් විසින් සැන් ෆ්‍රැන්සිස්කෝහි පැවති ඇමෙරිකානු භූ භෞතික වාර්ෂික සම්මේලනයේ මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ මෙම නව නිරීක්ෂණ සූර්යාගේ සහ පෘථිවියේ චුම්භක ක්ෂේත්‍ර අතර ඇති අන්‍යොන්‍ය බලපෑම් පිලිබද වටහා ගැනීම් නව මගකට යොමු කර ඇති බවයි.


    මේ පිලිබද වැඩිදුර විස්තර ඇතුලත් වීඩියෝව නරඹන්න




    උපුටා ගැනීම ufo-blogger ඇසුරෙනි
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඉතින් උබේ නම සිංහල නෙමේනේ එක හන්ද වෙන්න ඇති
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඉතින් උබේ නම සිංහල නෙමේනේ එක හන්ද වෙන්න ඇති

    හුටා
    sorry වෙන්න ඕන වෙන පොස්ට් එකකට දාන්න හදපු එකක් මේකට දාල තිබුනේ