අපට තරු පෙන්වන බොලිවුඩ්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපට තරු පෙන්වන බොලිවුඩ්

    මේ කතා කරන්නට සැරසෙන්නේ 2011 වර්ෂයේ නිකුත් වූ නවතම බොලිවුඩ් සිනමා පටයකට උපසිරස් ලබාදීමක් පිළිබඳ නොවේ.මේ කතා කරන්නට සැරසෙන්නේ 2011 වර්ෂයේ නිකුත් වූ නවතම බොලිවුඩ් සිනමා පටයක් නැරබීමට ඔබව යොමු කිරීමක් ගැනද නොවේ.එහෙත් කාලයක සිට යුරෝපය ඇමරිකාව ආශ්‍රිතව පැවති පහත් ක්‍රියාවක් ඉන්දියානු අර්ධද්වීපයටද රිංගමින් පවතින බව පෙන්වා දෙන අනතුරු ඇඟවීමකි. 2011 වර්ෂයේ නිකුත් වූ 7 Khoon Maaf චිත්‍රපටයේ දර්ශන කිහිපයක් නැරබීමෙන් ඔබට මා කන්නට යන පොල් පැලය කුමක්දැයි ක්ෂණයකින් අවබෝධ වනු නොඅනුමානය.

    මේ එම දර්ශන වල මා ලබා ගත් පින්තූර කිහිපයකි.

    i4iuj5.jpg

    2na6uxe.jpg

    2a50ksj.jpg

    මෙවැනි දසුන් බෞද්ධයන් වන අපහට අලුත් නැත.ඒත් මෙවර ඔවුන් ජේසුතුමන් වද කන්‍යා සොයුරියක සමග නටවා ඇත්තේ මෙසේය.

    b3kal5.jpg

    34g9e8h.jpg

    කාරණාව දැන් හොඳින් පැහැදිළිය. Guzaarish චිත්‍රපටයේද මෙවැනිම පහත් ක්‍රියාවක් ඔබ දැක ඇතුවාට සැක නැත.බෞද්ධ ආගම බෞද්ධ සංකේත පිලිබඳ අප ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයිනට ටියුෂන් පන්ති පැවැත්විය යුතු නැත.මන්ද දඹදිව කියා අපි යන්නේ හඳට නොවන නිසාය.කිතු දහම පිළිබඳද එසේමය.මා දන්නා පරිදි පිරිසිදු කතෝලික දහම අදහන්නන් හෝ පිරිසිදු බුදු දහම අදහන්නන් අතර තමාගේ ආගම බලෙන් පතුරුවාගැනීමේ ගොබ්බ අදහස් නොමැත.මෙහිදී මා සඳහන් කල පිරිසිදු යන වචනය වඩා වැදගත්බව සිහියේ තබා ගත යුතුය.

    කරුණු එසේ වුවද මේ පිටුපස ඇති අදිසි හස්තය මාහට නම් සදිසි දෝ යැයි විටෙක සිතේ.කෙසේ වෙතත් කිසිවෙකුට කෙලින්ම මා ඇඟිල්ල දික් කරන්නේ නැත.නමුත් එසේ නොකරන්නේද නැතැයි කියා හර්දසාක්ෂියට එකඟ විය හැක.

    මේ විකාර සහ අනඟ රැඟුම් දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නේ අප ආදරණීය බුදු පියාණන් වහන්සේය.කතෝලික සහෝදර සහෝදරියන්ට නම් ජේසුතුමන්ය.මෙම පහත් ක්‍රියාව අප දෙකොට්ටාශයේම දැඩි හිත රිදවීමට හේතුවකි.කිසියම් කෙනෙකු හෝ පිරිසක් අන් ආගම් හිතාමතාම මෙවැනි කූට ලෙස හෑල්ලුවට ලක් කරන්නේ තමන්ගේ ඇති දුෂ්ට අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ පහත් ආශාවෙනි.යුරෝපයේ මෙවැනි බුද්ධ බාර් සුලබය.නමුත් ඔවුන්ගෙන් ඇසුවොත් ඔවුන් මේ කිසි දෙයක් දැනසිටි බවක් නොපෙනේ. එසේනම් මෙහි අන්‍යයන්ගේ නොදැනුවත් කමින් ප්‍රයෝජන ගන්නා පාහරයන් පිරිසක් සිටිනු නොඅනුමානය. එම ක්‍රියාවන් කෙසේ හෝ දැන් බුද්ධෝත්පාද රටටද රිංගා ඇත.

    මෙය online forum එකක ඉන්න තවත් කාඩ්බෝඩ් වීරයෙක්ගේ සටහනක් ලෙස හංවඩු ගසන රැඩිකල් ගනයේ උන්මත්තකයන්ටද අදාලය. එවැන් අයට කීමට ඇත්තේ කාඩ් බෝඩ් වීරයන් හෝ සිට මේවා අන්තර් ජාලයෙන් හෝ අනාගත පරපුරට පෙන්වාදීම ඔබගේ මෝඩ චුන් රැඩිකල් බවට වඩා උතුම් බවය.

    සංවාදයට විවුර්තයි
     
    • Like
    Reactions: wijendra

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    පොඩ්ඩක් වැඩිහිටි අඩවියකට ගිහිල්ලා බලන්න. ඔය Fathers,Sisters, ලාගේ එවා ඕනා තරම් තියෙන්නේ. අපහාස,උපහාස බාර නොගන්න එතකොට එකී අයටම ඒවා හැරවෙනු ඇත.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පොඩ්ඩක් වැඩිහිටි අඩවියකට ගිහිල්ලා බලන්න. ඔය Fathers,Sisters, ලාගේ එවා ඕනා තරම් තියෙන්නේ. අපහාස,උපහාස බාර නොගන්න එතකොට එකී අයටම ඒවා හැරවෙනු ඇත.
    ඒක ඇත්ත. ඒත් ඒවාට තාමත් යම් කිසි රටවල යම්කිසි වාරණ තියෙනවනේ. මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍යයකින් මේවා එලියට එන ඒක ගැනයි මම කතා කරේ සහ එයින් අපහට ඇතිවන හිත්රිදවීම ගැනයි.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඒක ඇත්ත. ඒත් ඒවාට තාමත් යම් කිසි රටවල යම්කිසි වාරණ තියෙනවනේ. මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍යයකින් මේවා එලියට එන ඒක ගැනයි මම කතා කරේ සහ එයින් අපහට ඇතිවන හිත්රිදවීම ගැනයි.

    මන් දන්න තරමට සමහර යුරෝපේ (වතිකානුව ) , ලතින් ඇමරිකාව, වගේ රටවල වාරණ තුබුනත්. ගොඩක් රටවල ඕවා ගනන් ගන්නේ නෑ. නීති දාලා මිනිසාව සධාචාර සම්පන්න කරන්න බෑ. ඒකට මිනිස්සු දැනගන්න ඕනා හරි වැරැද්ද අදුර ගන්න. නීති කියන්නේ දුර්වල බැම්මක් විතරයි. ජනතා එකමුතු හමුවේ ඒක උනත් කඩන්න පුලුවන්. දැක්කනේ මැද පෙරදිග වෙච්ච දේවල්. මන් කියන්නේ මෙහෙමයි ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුලුවන්. ඔතන වැදගත් වෙන්නේ අපි ඒකට ඇහුම් කන්න දෙනවද නැද්ද කියන එකයි. මින්ස්සු ආස නිසා නේ ඕවා දාන්නෙත්. නැත්නම් ඔච්චර වියදම් කරන්නේ ඇයි. හැමොටම තියෙන්නේ ඕවා නොබලා ඉන්න එතකොට ඔය මිනිස්සු ඕවා හදන්නේ නැතුව ඉදියි. ඕක හරියට ලංකාවේ මින්ස්සු හරක් මස් වලට විරුද්ද වෙලා අනෙක් පැත්තෙන් හරක් කනවා වගේ වැඩක්.
    ඒ මිනිස්සු හරක් මස් දෙන්නේ මිනිස්සු ඉල්ලන නිසයි. අද සමාජය කියන්නේ ඒකයි. වෙළදාමේ ප්‍රදාන අරමුණ ඉල්ලුමට අනුව සැපයුම දෙන එකයි. ඔයා කුණු ගොඩක් ඉල්ලනවා නම් ඒකත දෙන අය ඉන්නවා. මොකද හැමෝම හොද නෑ. මේ සමාජයේ අද ගොඩක් ඉන්නේ වෛර සිතිවිලි තියෙන, හින්සාකාරි දේවල් වලට ඉක්මනින් යොමුවන, මොනවා හරි කරලා සල්ලි හොයන් පිරිස්. ඉතින් ඕවා බැලීමෙන් වෙන්නේ ඒවාට අනුබල දීමක්.

    math eh kathawata ekangai.wade kiyanne api hithanne wath nathi dewal walata obbawalane me dewal karanne:dull: