ඇසිදිසි මානය
ලසෝ ලැව් ගිනි ඇවිලූනා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ
කරුණාරත්න දිවුල්ගනේ ගයන මේ ගීතය ඇසෙන හැම විටෙකම මම මහත් දුකින් ඊට සවන් දෙමි.
ලසෝ ලැව් ගිනි
ඇවිලුනා සිත
ඔබ මගෙන්
වෙන් වූ දිනේ...........
දරාගත නොහැකි ගී ඛණ්‌ඩය එයයි.
මෙයින් වසර ගණනාවකට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ එක් ශෝචනීය ප්‍රේම කතාවක ෙ€දනීය අවසානය මේ මොහොතේ සිහිපත් වෙයි.
සරසවියේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් බොහෝ දෙනෙක් එකිනෙකා සමඟ ප්‍රේම සබඳතා ඇති කර ගැනීම සාමාන්‍ය දෙයකි.
එක් ශිෂ්‍යාවක් දකුණෙන් පැමිණි ශිෂ්‍යයකු හා පෙමින් බැඳුණි. නමුත් ඇයට යෝජිත විවාහයක් තිබුණි. එම යෝජිත තැනැත්තා සිටියේ පිටරටක රැකියාවකය.
ඇයට වඩාත් ළං වූයේ පිට රටක සිටින යෝජිත තැනැත්තා නොව එදිනෙදා සරසවියේදී මුණගැසෙන පෙම්වතාය.
වසර 4 ක් අවසානයේ සරසවියෙන් නික්‌ම යැමට කාලය එළැඹුණි. ශිෂ්‍යයාව තම පෙම්වතාට ඇත්තම කීවාය.
පෙම් කළ බව ඇත්තයි. නමුත් ඔබට පෙර මා විවාහ විය යුතුයි යෝජිත කෙනෙක් ඉන්නවා. මට සමාවෙන්නැයි ඇය ඉල්ලා සිටියාය.
සරසවි පෙම්වතාට ඉහිලුම් නැති විය. ඊට පසුවදා ඔහු විශ්වවිද්‍යාල භූමියට ආවේ පිහියක්‌ද රැගෙනය. ඔහු ඇයට ඇන මරා දැමුවේය. අනතුරුව වස බීවේය. නමුත් ඔහු මිය ගියේ නැත.
මේ සිද්ධිය පුවත්පත්වලට කදිම මාතෘකාවක් විය. ඒ දිනවල ප්‍රධාන කතාව වූයේ එයයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් මම එකල උනන්දු වීමි.
සිද්ධිය පසුපස හඹා ගිය අපගේ වාර්තාකරුවෙක් මිනීමරු ශිෂ්‍යයාගේ දිනපොත ස්‌වල්ප වේලාවකට මට ගෙනැවිත් දුන්නේය.
එහි එක් පිටුවක ඔහු මෙසේ ලියා තිබුණි.
ලසෝ ලැව් ගිනි
ඇවිලුනා සිත
ඔබ මගෙන්
වෙන් වූ දිනේ
ඔහු පෙම්වතිය මරා දැමුවේ මේ සටහනින් පසුව දිනකය.
ඇය ඝාතනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මේ තත්ත්වය තුළම සිsටි සුගත් දම්මි මරා දැමුවේ නැත. පියල් නන්දා මරා දැමුවේ නැත.
එහෙත් අප පිළිගත යුතු දෙයක් තිබේ. තම පෙම්වතා හෝ පෙම්වතිය තමා ප්‍රතික්‍ෂේප කළ කල්හි, නැතහොත් තමා අතහැර ගිය කල්හි දැනෙන වේදනාව ඉතාම දරුණු සිත් වේදනාවක්‌ය යන්නය.
එම වේදනාවේ තරම එවැනි වේදනාවක් විඳි තැනැත්තෙක්‌ම මිස අන් කිසිවකුට නොදැනේ.
එය විරහව නොවේ. විරහව යනු රාමාට සීතා පැහැරගෙන යැමක් වැන්න. මේඝදූතයෙහි එන පරිදි සිර දඬුවමකට ලක්‌වූ යක්‍ෂයාට ස්‌වල්ප කාලයකට තම අලුත් බිරිඳ අහිමි වීමකි.
මේ විරහව තාවකාලිකය. නමුත් ආලයෙන් වෙලී බැඳී කාලයක් ඇවෑමෙන් ඔබ මට නොගැලපෙතැයි හෝ වෙන යම් හේතුවක් කියා කෙනකු ඔබ අතහැර ගිය විට දැනෙන්නේ සිඟිරි කා මියයන තරමට ඇතිවන තද දුකකි.
පෙම්වතා හෝ පෙම්වතිය ඔබ අත්හැර දැමුවාය යනු ප්‍රතික්‍ෂේප කිරීමකි. ඒ ප්‍රතික්‍ෂේපය ගෙල වැලලාගෙන මියෙන තරමට හිත් වේදනා දෙන්නකි.
පෙම්වතා හෝ පෙම්වතිය ඔබ අත්හැර ගිය කල්හි දැනෙන දුක සිත පමණක් නොව ඇඟේ මස් ලේ නහර පවා වේදනාවෙන් දවන්නකි. පරාජිත සිතකට ලොව සියලු සුන්දර දේවල් පෙනෙන්නේ දුක්‌මුසු දේ විදියටය.
ජීවිතය යනු තව බොහෝ දුර යා හැකි ගමනකැයි නොසිතන, අහිමි ප්‍රේමයේ වේදනාවෙන්ම සිය දිවි හානි කර ගන්නා අය සිටිත්.
මේ සටහන ලියන මා පඬිවරයෙක් යෑයි සිතූ තරුණ ගැහැනු ළමයෙක් නොබෝදා ටෙලිෆෝනයෙන් කතා කොට මහත් දුක්‌ගැනවිල්ලක් කීවාය.
ඕ දුප්පත් යුවතියකි. පොහොසත් එමෙන්ම උසස් රැකියාවක් කරන අයෙක් ඇය සමග යහළු විය. වසර දෙකක් ගතවීමෙන් පසු ඔහු ඇය දුප්පත් නිසා විවාහ කරගත නොහැකි යෑයි කියා ඇගෙන් වෙන් විය.
ඇය දුක් වූයේ පොහොසත් පෙම්වතා අහිමි වීම නිසා නොවේ. වසර දෙකකට පසු ඇගේ දුප්පත්කම නිසා ඔහු ඇය අතහැර දැමීම නිසාය.
සැබෑ ප්‍රේමය නම් සීමා මායිම් කිසිවකටත් යටත් නොවේ. සැබෑ ප්‍රේමය වූ කලී මුහුදම සොයා යන ගංගාවක් වැන්න. අතරමඟ ගල්කුළු කඳුවැටි තිබුණා යෑයි කියා ගලන ගඟක් නවතින්නේ නැත.
ඉහත කී යුවතිය ප්‍රේම චෞරයකුට හසු විය. දැන් ඇය දිවි නසා ගන්නා තරම් දුකින් සිටී.
කොළ පාට මිදිවලින් වයින් ඉල්ලීම අසාධාරණ යෑයි කියමනක් ඇත. අධර්මිෂ්ට පෙම්වතෙකුගෙන්a පිරිසිදු ප්‍රේමයක් පැතීමත් එවැනිමය.
අන්ධකාරය වනාහී පෙරුම් පුරන අරුණලු ම වන්නේ ය. කිසිවෙකුටත් රාත්‍රියේ මාවතේ ගමන් නොකොට අරුණලු කරා ළඟා විය නොහැක්‌කේය.
මේ කියමන් දෙකම ඛලීල් පිබ්රාන් නම් දාර්ශනික කවියාගේය.
අහිමි වූ ප්‍රේමය දුකකි. මා ආලය කළ තරුණිය ඊට පසුවදා වෙනත් පෙම්වතකුගේ අතෙහි එල්ලී යනු මම මගේ දෑසින්ම දුටුවෙමි.
ලසෝ ලැව් ගිනි
ඇවිලුනා සිත
ඔබ මගෙන්
වෙන්වූ දිනේ
මේ ගීතය ඒ දවස්‌වල තිබුණේ නැත.
ප්‍රේමා ලෝකය නිවී ගියා
ඔබෙ රූපය මා හද තියා ගියා
පිපුණු මලක් එම අත්තෙහි නාවෙද
ආලය ඒ ලෙස මැකී ගියා
ප්‍රේමයෙන් පැරැදී සිටි අයට ඒ දිනවල මේ ගීතය අසා සිටින්නට බැරි තරම් දුක් දෙන ගීතයක් විය.
ඔහු හෝ ඇය ඔබ අත්හැර ගිය කල්හි සිඟිරි කා මිය යන්නට ඔබට සිතේ නම් එය පුදුමයක් නොවේ. ඒ පරාජයේ වේදනාව අති මහත්ය. එහි දුක දන්නේ පරාජය ලද හදවත්මය.
නමුත් සිය දිවි නහ නොගෙන ජීවත් වීමෙන් ඔබට ලැබෙන්නේ ජයග්‍රහණයමය.
අරුණලු උදාවන්නේ අන්ධකාරයෙන් පසුවය.
ඔබ මතක තබා ගත යුතු දෙයත් එයයි
ප්‍රේමයෙන් ලද පරාජයේ අන්ධකාරය දිගේ ගමන් කරන්න. ඉතා හොඳ උදෑසනක් ඔබට මුණ ගැසෙනු ඇත.
දිවි නසා ගැනීම යනු පස් ගොඩකට යට වීම පමණි. නමුත් ජීවත් වීම යනු දිගුකාලීන ජයග්‍රහණයන් රාශියක් ඉතිරි කර ගැනීමකි.
චන්ද්‍රසිරි දොඩන්ගොඩ
http://www.divaina.com/2011/03/13/nimna03.html
http://www.mediafire.com/?fikam7vqxlpdx8b