දෙවැනි ග්‍රහලෝකයක සලකුණු
හිරු ගිනිසිළු
හිරු ගිනිසිළු ලෙස හැඳින්වෙන්නේ හිරුමත ‘වායුගෝලයේ’ ඇතිවන දැවැන්ත පිපිරීම් ය. ඒවායෙන් අති විශාල ශක්තියක් පිට කෙරේ. සූර්ය වායුගෝලයේ සියළු ස්ථරවලට බලපෑම් කෙරෙන සූර්ය ගිනිසිළුවල ප්ලාස්මාව කෙල්වින් මිලියන 10ක් 20ක් හෝ ඇතැම් විට මිලියන 100ක් ඉක්මවා යන අවස්ථාවන් ද ඇත. ඉන් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා බැර අයන ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් පිට කෙරේ. රේඩියෝ තරංගවල සිට ගැමා කිරණ දක්වා වූ විද්‍යුත් චුම්භක වර්ණාවලියේ සියලු ම විකිරණ ඉන් පිට කෙරේ. බොහෝ ගිනිසිළු හට ගන්නේ හිරු ලප ආශ්‍රිත සක්‍රිය කලාපවල ය. සූර්ය ගිනිසිළුවලට ශක්තිය සැපයෙන්නේ සූර්ය කොරෝනාවේ ඇති වන ක්‍ෂණික චුම්භක ශක්ති විදාරණයන්ගෙනි.
මෙහි දිස් වන්නේ ‘සූර්ය ගතික නිරීක්‍ෂණාගාරය’ මගින් ඡායාරූපගත කරන ලද පළමු ඡායාරූපවලින් එකකි. මෙම සේයාරුව මහත් ජනප්‍රියත්වයට පත් විය. පුපුරා යන සූර්ය නෙරුමක් ආන්තික පාරජම්බුල කිරණ ඔස්සේ දකින්නට ලැබුණු අයුරු මෙහි දිස් වේ. 2010 වසරේ මාර්තු 30 වැනි දා සටහන් වූ මෙම ඡායාරූපය තුළට පොළොවේ රූපයක් යොදා ඇත්තේ විශාලත්වය සසඳා බැලීම සඳහා ය.
යකඩ හා පාෂාණයෙන් සුසැදි ග්‍රහලොවක් හමු වේ
නාසා ආයාතනයේ කෙප්ලර් මෙහෙයුමේ තාරකා විද්‍යාඥයින් ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් පසුගිය දා පැවසූයේ මෙම සොයා ගැනීම විද්‍යාවේ පමණක් නොව මුළුමහත් මානව ඉතිහාසයේ ම එක් සැතපුම් කණුවක් සනිටුහන් කරන බවකි. එහි දී කෙප්ලර් කණ්ඩායම වෙනුවෙන් අදහස් දක්වමින් හිරුමඩලට එපිටින් සොයාගැනුණු පළමු පාෂාණමය ග්‍රහලොව මෙය බව තාරකා විද්‍යාඥ නටාලී බටල්ලා ප්‍රකාශ කර සිටියා ය.
කෙප්ලර්-10බී ලෙස නම් කර ඇති මෙම ග්‍රහලොව පොළොවට වඩා විශාල වන්නේ සියයට 40කින් පමණක් වුව ද එහි පොළොව මෙන් 4.6 ගුණයක් තරම් ස්කන්ධයක් ඇත. ග්‍රහලෝකයේ ප්‍රමාණය සමඟ සැසඳූ කල එය ඉතා අධික ස්කන්ධකි. එබැවින් එහි ඝනත්වය ද ඝන සෙන්ටිමීටරයකට ග්රෑම් 8.8ක් තරම් විශාල අගයක් ගනී. එය කොතරම් ඉහළ ඝනත්වයක් ද යත් සාමාන්‍යයෙන් කාලතුවක්කු උණ්ඩයක ඇති යකඩවල ඝනත්වය පවා ඒ හා සමාන අගයකි. හිරුමඬලේ ඝනත්වයෙන් වැඩි ම ග්‍රහලොව වන්නේ පෘථිවියි. එහි සාමාන්‍ය ඝනත්වය ඝන සෙන්ටිමීමරයට ග්රෑම් 5.5ක් වේ. සිකුරුගේ එය 5.4ක් ද බුදගේ 5.3ක් ද වේ.
කෙප්ලර්-10බී ග්‍රහලොවේ අධික ඝනත්වය නිසා, ඉතා කුඩා වායුගෝලයක් සහිතව හෝ කිසිම වායුගෝලයක් රහිතව එය සම්පූර්ණයෙන්ම පාහේ පාෂාණ හා ලෝහවලින් සමන්විත විය හැකි යැයි විද්‍යාඥයෝ පවසති. හරියටම එහි සංයුතිය කුමක් දැයි තවමත් නොදනී. මෙහි ස්කන්ධය තවමත් නිවැරැදිව නිශ්චය කර නොමැති බැවින් ඇතැම් විට පොළොවට ඉතා සමාන සංයුතියක් මෙහි තිබෙන්නට ද හැකි ය. එසේ නොමැති නම් එහි වැඩි ප්‍රතිශතයක් යකඩ අඩංගු වී තිබෙන්නට පුළුවන. එහි මතුපිට ගුරුත්වය පොළොවේ මෙන් දෙගුණයක් පමණ වේ. එහි තේරුම වන්නේ ඔබ කෙප්ලර්-10බී ග්‍රහලොව මත සිට ගත හොත් ඔබගේ බර දෙගුණයක් වනු ඇති බව ය.
“මෙම ග්‍රහලෝකය දැවැන්ත ගැටුමක් නිසා ප්‍රාවරය පැලීමෙන් බිහිවුණු ‘යකඩ ලෝකයක්’ වෙන්න පුළුවන්. ඒත් තවමත් මෙහි ස්කන්ධය පිළිබඳව නිශ්චිතව ම පැවසිය නොහැකි නිසා, එය මීට වඩා අඩු අගයක් වන්නටත් පුළුවන්. එසේ වුවහොත් සැබැවින් ම පොළොවට සමාන සංයුතියක් මේ ග්‍රහලෝකය තුළ තියෙන්නත් ඉඩ තියෙනවා.” යනුවෙන් පිටසක්වළ ග්‍රහලෝක පිළිබඳ පර්යේෂිකා සාරා සීගර් පවසන්නී ය.
කෙප්ලර්-10බී ග්‍රහලෝකයට සිය තරුව වටා වටයක් යෑමට ගත වන්නේ පැය 20ක් තරම් කාලයකි. ඒ අනුව එහි කක්‍ෂය හිරු වටා බුදගේ කක්‍ෂය පිහිටනවාට වඩා 20 ගුණයක් තරම්වත් සිය තාරකාවට ලංව පිහිටයි. කෙප්ලර් 10 තාරකාව සිග්නස් ලයිරා තාරකාරාශි අතර පොළොවේ සිට ආලෝක වර්ෂ 560ක් පමණ ඈතින් පිහිටා ඇත. ඉන් නිකුත් වන රශ්මිය අප සූර්යයාගෙන් නිකුත් වන රශ්මියට ආසන්න අගයක් ගනී. එබැවින් ග්‍රහලෝකයේ දිවා මුහුනත ෆැරන්හයිඩ් අංශක 2500ක තරම් උෂ්ණත්වයකට රත් වී ජ්වලනය විය යුතු ය. එවන් තැනෙක ජීවයක් පැවතීම නම් අසීරු ය.
දෙවැනි ග්‍රහලෝකයක සලකුණු
කෙප්ලර් දත්ත පිරීක්සන විද්‍යාඥයන් සඳහන් කරන්නේ, මේ ග්‍රහපද්ධතිය තුළ තවත් ග්‍රහලෝකයක් පිළිබඳව ද ප්‍රබල සාක්ෂි ඇති බව ය. එය දින 45ක කක්‍ෂීය කාලාවර්ථයක් සහිත බව ඔවුන්ගේ අදහසයි. මේ වන විට කෙක් දුරේක්‍ෂය උපයෝගී කොට ගනිමින් ඒ පිළිබඳ වැඩිදුර නිරීක්‍ෂණ සිදු කෙරෙමින් පවතී.
බිහි වූ අයුරු අභිරහසක්
කෙප්ලර්-10බී ග්‍රහලොව සිය තරුවට මෙතරම් සමීපයෙන් පිහිටන්නේ ඇයි දැයි යන්න තවමත් අබිරහසකි. පළමුව එය එම ග්‍රහ පද්ධතියේ වඩාත් පිටත කක්‍ෂයක පිහිටා පසුව දැන් තිබෙන ස්ථානය වෙත සංක්‍රමණය වන්නට හැකියාවක් ඇතැයි විද්‍යාඥයෝ පවසති. මේ වන විට එම තරුවේ වයස අවුරුදු බිලියන 11.9ක් පමණ වෙතැයි ගණන් බලා ඇති අතර එම දීර්ගකාලය ඇතුළත ග්‍රහලොවේ පිහිටි වායුගෝලය තාරීය සුළඟ හා චුම්භක අන්තර්ක්‍රියාකාරීත්වය නිසා වියැකී යන්නට ඇත.
මේ වන විට කෙප්ලර් දුරේක්‍ෂයෙන් ලැබෙන දත්ත ඔස්සේ මෙවැනි ග්‍රහලෝක සියගණනක් පිළිබඳව තාරකා විද්‍යාඥයෝ සොයාබලමින් සිටිති. ඒවායින් බොහෝමයක් නෙප්චූන් ග්‍රහලෝකයට වඩා කුඩා වූ ඒවා ය. ඉදිරි මාස හා අවුරුදු කිහිපය ඇතුළත තවත් විස්මිත සොයාගැනීම් පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි යැයි කෙප්ලර් මෙහෙයුමේ විද්‍යාඥයෝ පවසති.
“අපි දැන් වසර 15ක් තිස්සේ පටන් යෝධ ග්‍රහලෝක සොයාගනිමින් ඉන්නවා. ඒත් අපේ අවසාන අරමුණ වන්නේ පොළොව වැනි ජීවය පැවතිය හැකි ග්‍රහලෝකයක් සොයා ගැනීම. ඒ නිසා කෙප්ලර්-10බී සොයා ගැනීම ග්‍රහලෝක අනුපිළිවෙලේ මඟහැරුණු පුරුකක් සොයා ගැනීමක් ලෙස ද සඳහන් කරන්න පුළුවන්” යැයි විද්‍යාඥයෝ වැඩිදුරටත් අදහස් දැක්වූහ.