ඔබේ~ශරීරය~පිළිබඳ~නොදන්නා~යමක් !

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
ඔබේ~ශරීරය~පිළිබඳ~නොදන්නා~යමක් !

ඔබේ ශරීරය පිළිබඳ නොදන්නා යමක් !

frontleft.png


මිනිස් ශරීරය පුදුමාකාර නිර්මාණයකි. සමහර විට මෙතෙක් අපගේ ශරීරයේ ඇති මේ විශේෂ ලක්ෂණ සම්බන්ධයෙන් ඔබ නොදැනුවත්ව සිටින්න ඇති.


43793448.jpg


මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය කරන ශක්ති ප්‍රමාණය වොට් 25ක බල්බයක් දැල්වීමට තරම් ප්‍රමාණවත් වේ.
වයස අවුරුදු 18 වන විට අපගේ මොළය සම්පූර්ණයෙන් ම වැඩී අවසාන වේ.
මොළය වෙත නිසි පරිදි රුධිර සැපයුම නැවතුහොත් තත්පර 8-10 කින් පසුව අසඥතාවයට (සිහි නැති වීම) පත් වන අතර
ඔක්ෂිජන් නොමැතිව මොළය සජීවීව පවතින්නේ විනාඩි 4-6 පමණ කාලයකි. ඉන් පසුව මොළයේ සෛල විනාශ වීමට පටන් ගනී.



33579147.jpg


මිනිසුන් ත්‍රිමාණීයව ගන්ධයන් ආඝ්‍රාණය කරයි. එනම් නාසය මගින් යමක සුවඳ පිලිබඳ සංඥා එක් එක් නාස් පුඩු හරහා වෙන වෙනම මොළයේ අංශ දෙකකට යවන අතර
එමගින් සුවඳ පැමිණෙන දිශාව නිර්ණය කරගැනීමට හැකි වේ.
ඔබගේ නාසය සුනඛයෙකුගේ තරම් සංවීදී නොවුනත් විවිධ ගන්ධයන් වර්ග 50,000ක් පමණ මතක තබා ගැනීමේ හැකියාව එයට ඇත.
ඒ ඒ ගන්ධයන් වෙන වෙනම හදුනා ගැනීම සඳහා නාස් මාර්ගය ඉහල කොටසේ පටලය තුළ ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක මිලියන පහක් පමණ එකට ගොනුවී ඇත.



96875034.jpg


ඇඟිලි සලකුණු මෙන් සෑම පුද්ගලයෙකුටම අනන්‍ය දිවෙහි සටහනක් ඇත.
රසාංකුර 9000ක් පමණ දිව මතුපිට පෘෂ්ඨයේත් උගුරේ හා උඩුතල්ලේ ඇති අතර
මුඛයේදී ඛේටය සමග ද්‍රවණය වන අහාර වල ඇති රසායනික ද්‍රව්‍ය හා අනිකුත් සාරයන් හට සංවේදී රසග්‍රාහක මෙම රසාංකුර තුළ ඇත.



94051671.jpg


ඔබ ලිවීමට භාවිතා කරනා අතෙහි ඇති දිගු ඇඟිලි වල නිය ඉකමනින් වර්ධනය වේ.
සාමාන්‍යයෙන් මිනිසෙකුගේ නිය මසකදී මිලිමීටර් 3 ක් (0.12 in)පමණ වර්ධනය වන අතර
නියපොත්තක් සම්පූර්ණයෙන් මුල සිට අග දක්වා වර්ධනය වීමට මාස 6 පමණ කල් ගතවේ.



62706347.jpg


මිනිසකුගේ හිසකේ වර්ණය මගින් කොපමණ කෙස් ප්‍රමාණයක් ඒ ඒ පුද්ගලයාගේ හිසෙහි ඇත් දැයි නිර්ණය කල හැක.
සාමාන්‍ය පුද්ගලයකුගේ හිසෙහි රෝම කූප 100,000ක් පමණ ඇති අතර
පුද්ගලයකුගේ ජීවිත කාලය තුලදී එම එක් එක් රෝම කූප වෙන වෙනම කෙස් ගස් 20 බැගින් නිපද වීමට සමත් වේ.
තඹවන් කෙස් හිමි පුද්ගලයන් හට වැඩිම කෙස් ප්‍රමාණයක් ඇති අතර ඔවුන්ගේ හිසෙහි රෝම කූප 146,000ක් පමණද
කළු පැහැති කෙස් හිමියන්ට රෝම කූප 110,000ක් පමණද දුඹුරු පැහැති කෙස් හිමියන්ට රෝම කූප 100,000ක් පමණක්ද
රතු පැහැති කෙස් හිමියන්ට හට අඩුම කෙස් ප්‍රමාණයක් ඇති අතර සාමාන්‍යයෙන් රෝම කූප 84,000ක් පමණ ඇත.



40442990.jpg


මිනිසකු කිවිසීමීදී පිටවන වාතය පැයට සැතපුම් 100 ක තරම් වේගයෙන් පිටවන අතර
කිවිසුමක් පිටකිරීමට ආසන්න වත්ම හිස නැමීමත් කිවිසුමක් පිටකිරීමේදී නාසය හා මුඛය වසා ගැනීමත් සිදු වන්නේ මේ නිසාවෙනි.
කිවිසුමක් පිටකරණ මොහොතේදී හෘදයත් ඇතුළුව සියලුම කායික ක්‍රියාවන් නවතියි.



19030483.jpg


මිනිස් සිරුරේ ඇති දිගම සහ බරම අස්ථිය කලව අස්ථිය වන අතර එය කොන්ක්‍රීට් දණ්ඩකට වඩා ශක්තිමත්ය.



59010458.jpg


දරුවන් කුඩා කාලයේදී තම හිස ඔසවා ගෙන සිටීමට දරන ප්‍රයත්නය පුදුමයක් නොවෙයි.
මන්ද යත් මිනිසකු උපදින විට හිස, සම්පූර්ණ ශරීරයේ දිග ප්‍රමාණයන් ¼ක් පමණ වන අතර
වැඩිහිටි බවට පත් වීමදී එය ⅛ක් පමණක් වේ



21251500.jpg


ඔබගේ ශරීරයේ ඇති කුඩාම අස්ථිය කුඩාම වනුයේ මැද කණේ ඇති ‘ධරණකය’ අස්ථිය වන අතර
එය අඟල් 0.10 - 0.13 පමණ දිග වේ.



37214713.jpg


සාමාන්‍ය පුද්ගලයෙක් තම ජීවිත කාලය තුලදී ඛේටය ලීටර් 25,000 ක් පමණ නිපදවන අතර එය පිහිනුම් තටාකයක් පිරවීමට තරම් ප්‍රමාණවත් වේ.



67825552.jpg


වැඩිහිටි පුද්ගලයෙකුගේ කුඩා බඩවැල් එම පුද්ගලයාගේ උස මෙන් 4 ගුණයක් තරම් දිග වන අතර එය අඩි 18 -23 ක් පමණ වේ.
දේහ පෝෂණයට අවශ්‍ය කොටස් 90% ක් පමණ රිධිර දහරට අවශෝෂණය කරගන්නේ කුඩා බඩවැල් තුළදී ය.



30209964.jpg


සිරුර තුළ රුධිරය දීර්ඝ මාර්ගයක් ඔස්සේ වාහනය වීමට සිදු වේ. ඒ සඳහා සැතපුම් 60,000 ක් පමණ දිග රුධිර වාහිණි පද්ධතියක් මිනිස් සිරුරේ ඇති අතර
දිනකට හෘදය විසින් රුධිරය ගැලුම් 2,000 ක් පමණ මෙම වාහිණි ඔස්සේ පොම්ප කරයි. මිනිස් සමහි සෑම වර්ග අඟලකම අඩි 20 ක් පමණ දිග රුධිර වාහිණි අඩංගු වේ.



92290099.jpg


650 කට අධික මාංස පේශී ප්‍රමාණයක් මිනිස් සිරුරේ ඇති අතර ඔබ සිනා සෙන විට මාංස පේශී 17 කුත් රවන විට පේශී 47 කුත් ක්‍රියා කරයි.
ප්‍රමාණයට සාපේක්ෂව බැලීමේදී මිනිස් සිරුරේ ඇති ශක්තිමත්ම පේශිය දිව ලෙස සැලකේ.
මිනිසෙක් කතා කරන විට මාංස පේශී 72ක් පමණ අන්‍යෝන්‍යව ක්‍රියා කරයි.
අනෙකුත් මාංස පේශී මෙන් නොව හෘදයේ ඇති පේශී ස්නායු පද්ධතියේ උත්තේජ වලින් තොරව සං‍කෝඡනය වන අතර
හෘදය ස්පන්දනය සදහා සංඥා ලබාදෙන්නේ දකුණු උඩු හෘද කනීණිකාවේ ඇති හෘත් කර්ණික - කෝෂික ගැටය මගිනි.



84469429.jpg


මිනිසකුගේ පිරුණු මුත්‍රාශය දළ වශයන් සැහැල්ලු පන්දුවක් තරම් විශාල වන අතර එහි මූත්‍ර පයින්ට් 2ක් පමණ රඳවා තබා ගත හැක.



26663097.jpg


පාද යුගලක ස්වේද ග්‍රන්ථි 500,000ක් පමණ ඇති අතර එමගින් දිනකට දහඩිය පයින්ට් එකකට වඩා නිෂ්පාදනය කරයි.



55313558.jpg


රුධිරය අඩි 30ක් දක්වා වේගයෙන් ගමන් කරවීමට තරම් ප්‍රමාණවත් පීඩනයක් හෘදය තුළ නිෂ්පාදනය කරයි.
ගැහැණුන්ගේ හෘද ඉස්න්ධනය පිරිමින්ට වඩා වේගවත්ය.



14422452.jpg


ආහාර ජීර්ණය සඳහා ආමාශයේ ඇති අම්ල මගින් අමාශයම ජීරණයට පත් වැළැක්වීම සඳහා
සෑම දින 3-4 කට වතාවක් අමාශයේ නව ආස්තරයක් සාදයි.
 

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
20411822.jpg


මිනිස් සමහි සෑම වර්ග අඟලකම ක්ෂුද්‍රජීවීන් මිලියන 32ක් පමණ සිටින අතර ඉන් වැඩි සංඛ්‍යාවක් උපද්‍රව රහිත වේ.



14356946.jpg


ළදරුවෙකු හට අස්ථි 350 ක් ඇති අතර වැඩීමත් සමග අස්ථීන් එකිනෙක හා වීම නිසා අවසානයේ එය 206 ක් දක්වා අඩුවේ.



81799219.jpg


අවුරුදු 60 පමණ වන විට පිරිමින්ගෙන් 60% කුත් ගැහැණුන්ගෙන් 40 %කුත් නින්දේ දී ගොරවයි.
ගෙරවීමෙදී පිටවන ශබ්දය කන් බිහිරි කරන සුළුය. සාමාන්‍යයෙන් මෙම ශබ්දයේ ප්‍රභලත්වය ඩෙසිබල් 60 ක් පමණ වන අතර
එය සාමාන්‍ය කතාවකදී ඇතිවන ඝෝෂාවේ සීමාවේ ඇත. තවද එය ඩෙසිබල් 80 ක් දක්වා වර්ධනය විය හැකි අතර
එය කොන්ක්‍රීට් වීදීමට භාවිතා කරන යන්ත්‍රයකින් පිටවන ශබ්දය හා සමාන ශබ්දයක් ඇති කරයි.
ඩෙසිබල් 85 වඩා වැඩි ශබ්ද මිනිස් කණට හානි ඇති කලහැකි බවට නිගමනය කොට ඇත.



98288772.jpg


වයසට යත්ම මිනිස් ඇසෙහි ඇති කාචය වර්ධනය වීම නිසා එහි ඝනකම වැඩිවේ. මෙනිසාවෙන් වයස 40 පමණ වනවිට පෙනීම දුර්වල වීමට පටන් ගනී.



40976016.jpg


සති ගණනක් නිරාහාරව සිටීමෙන් මරණයට පත් නොවුනත් සති ගණනක් නිදි වර්ජිතව ඔබට සිටීමට නොහැක.
මන්ද යත් දින 11 කට පසුව ඔබට සදහටම නින්දයන බැවිනි. මෙසේ නිදි වරීමෙන් කල්පවතින මොළ හානි සිදුවන බව සොයාගෙන ඇත.



75007430.jpg


සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට 14 වතාවක් පමණ උදරයේ ඇති වාතය පිට කරයි.
ආහාර ජීරණය හේතුකොට ගෙන ඇති වන මෙම වාතය පිට නොකර උදරය තුළ සිරකර ගෙන සීටීමෙන් වේදනාකාරී තත්වයක් ඇතිවේ.



71865926.jpg


ඔබගේ සිරුරේ උස ප්‍රමාණය උදය කාලයේ දී සවස් කාළයට වඩා අඟල් බාගයකින් පමණ වැඩිවේ.
දවසේ වැඩි කාලයක් සිටගෙන සිටීම නිසා අන්තර් කශේරුක මඩල් තෙරපී ඒ අතර ඇති දේහ තරල පිටතට ගල යෑම නිසා සවස් කාලයෙදී කුඩා ප්‍රමාණයකින් දේහයේ අමතර උස නැතිවී යයි.
නමුත් නිදා සිටින විට එසේ ගලාගිය දේහ තරල නැවත අන්තර් කශේරුක මඩල් අතරට පිරීම නිසා යලි දේහයේ උස යතා තත්වයට පැමිණේ.



69831231.jpg


වේදනා නාශක ඖෂධ නිපදවීමේ හැකියාවක් මිනිස් සිරුර තුළ ඇත. මේ සදහා උපකාරී වනනේ එළවලු හා පළතුරු ආහාරයට ගැනීමයි.
වේදනා සහනය කිරීම ගුණයත් දැවිල්ල නැති කිරීමේ ගුණයත් මෙම ඖෂධ වලට ලබාදෙන මූලික සංඝටක ලෙස
පළතුරු තුළ ඇති ස්වභාවික ද්‍රව්‍යක් වන බෙන්සොයික් අම්ලය හා සැලිසිලික් අම්ලය නිපදවාගත හැකි එළවලු ක්‍රියා කරයි.



92230293.jpg


සාමාන්‍ය මිනිසකුගේ මොළයෙන් නිකුත්වන ස්නායු ආවේග පැයට සැතපුම් 170ක පමණ වේගයකින් ගමන් කරයි.
ස්නායු වල සංවේදී රැහැන් කශේරුකාවේ මුදුනේ පිහිටා ඇත.



47221282.jpg


මිනිස් සිරුරේ ඇති සන්ධි රහිත එකම අස්ථිය වන්නේ බෙල්ල ප්‍රදේශයේ පිහිටා ඇති හයොයිඩ් අස්ථිය වන අතර එය දිවේ පාදය සම්බන්ධවන ස්ථානය ලෙස සැලකකේ.
මෙම අස්ථිය පේශී හා බන්ධනි පමණක් ආධාර කොට පවතින අතර ශරීරයේ ඇති අනෙක් අස්ථීන් සමග සම්බන්ධ නොවේ.



64009596.jpg


මිනිස් සිරුරේ ඇති ඝනකම වැඩිම සම අත්ලේ සහ යටි පතුල් වල පිහිටා ඇති අතර එය මිලිමීටර් 4ක පමණ වේ. එයින් විලුඹ ප්‍රදේශයේ ඇති සම ඉතා ඝනව ඇත.



41686659.jpg


පිටියුටරි ග්‍රන්ථිය ක්‍රමවත්ව ක්‍රියා නොකිරීම හේතුවෙන් ශරීර වර්ධක හෝමෝන ශ්‍රාවය වීම වැඩිවීම හෝ අඩු කිරීම නිසා යෝධතාවය හෝ කුරුබව ඇතිවේ.



49235867.jpg


සංවේදී ප්‍රතිග්‍රාහක ආසන්න වශයෙන් 640,000ක් පමණ මිනිස් සමේ අඩංගු වන අතර ඒවා ශරීර පෘෂ්ඨය මත තැනින් තැන විසිරී පැවති.
මෙම ප්‍රතිග්‍රාහක බහුල වශයෙන් ඇඟිලි තුඩුවල, තොල් වල, දිවෙහි අග, අත්ලේ, පාද පත්ලේ සහ රහස් අවයව වල පිහිට ඇත.



38551527.jpg


මිනිසුන්ට වඩා ශ්‍රවණය කල හැකි අඩු හා වැඩි සංඛ්‍යාත සදහා සංවේදී සතුන්ට සාපක්ෂව බැලීමේදී මිනිසුන් හට අඩු සංවේදී තීව්‍රතාවයක් ශ්‍රවණය සඳහා ඇත.



49453490.jpg


මිනිස් ඇසට නොපෙනෙන තරම් ඉතාම දුර්වල කුඩා එළියක් මිනිස් ශරීරයෙන් පිටවන බව ජපන් විද්‍යාඥයෙක් විසින් අතිසංවේදී කැමරා භාවිතා කොට මුලින්ම ඡායාරූප ගත කරන ලදී.
සෑම ජීවී සත්වයෙක්ම මෙසේ ඉතා කුඩා එළි පිට කරන අතර එය "ජෛව සන්දීප්තිය" ලෙස නම් කෙරේ.
මෙසේ වන්නේ ඔවුන්ගේ ඇති සෛල තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් පිටවන ඉතා කුඩා එළි නිසාවෙනි.