සිත පිරිසිදු කර ගනිමු :::

evertruth

Member
Oct 5, 2010
39
14
0
සිත පිරිසිදු කර ගනිමු :::

tosend.jpg

මිණි මුතු ඔවදන් 01 - සිත පිරිසිදු කර ගනිමු

AUDIO එක අහන්න

http://dhammamedicine.info/VenAriyawansaThero/Minimuthu/002)%20Sitha%20pirisidu%20kara%20ganimu.mp3


අපේ හිත අපිරිසිදුව තිබුනොත් ඒ අපිරිසිදු වූ සිතින් මහත් වූ දුක් දොම්නස් විඳින්න සිදු වෙනවා. සිත පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබුනොත් ඒ විධියට පිරිසිදු වූ සිතින් මහත් වූ සැප අත් විඳින්න පුළුවන්කම තිබෙනවා. මේ නිසා අපි සිත අපිරිසිදු භාවයෙන් මුදාගෙන පිරිසිදු සිතක් බවට පත් කරගන්න මහන්සි වෙන්න ඕන.

යම් කෙනෙක් සිත පිරිසිදු කර ගත්තොත් එමගින් ඒ තැනැත්තාට නියත වශයෙන්ම සැප ලැබෙනවා. මේ ආකාරයට සැප කැමති කෙනා ඒ සිතේ පිරිසිදු භාවය ඇති කරගන්න මහන්සි වෙන්න ඕන.

පින්වත්නි අපේ සිත අපිරිසිදු වෙලා යන දෙයක් තමයි රාගය. ඒ වගේම සිත අපිරිසිදු වෙලා යන දෙයක් තමයි ද්වේශය. ඒ වගේම සිත අපිරිසිදු වෙන දෙයක් තමයි මෝහය.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ රාගය කියල කියන්නෙ ගින්නක් වගේ දෙයක් කියල. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ද්වේශය කියන්නෙ ගින්නක් වගේ දෙයක් කියල. ඒ වගේ තමයි මෝහය කියන්නෙත් ගින්නක් වගේ දෙයක්. ගින්නක් ඇතිවුණ තැන දැවිල පිච්චිලා යනවා. ඒ වගේ තමයි රාගය සිතට ඇවිල්ල රාගය හිතේ බලවත් වුණාම ඒ සිත දැවෙනවා. ඒ රාග ගින්නෙන් සිත දැවිලා යනවා. ද්වේශය ඇවිල්ල බලවත් වුණාම ඒ ද්වේශ ගින්නෙන් සිත දැවිල යනවා. ඒ වගේම මෝහය ඇවිදින් බලවත් වුණාම සිත දැවිල යනවා.

පින්වත්නි රාගය, ද්වේශය, මෝහය කියන මේ ගිනි වලින් හිත දැවෙන කොට එයාට කායික වශයෙන් සුවපත් බවක් ඇති වෙන්නෙත් නෑ. සිතේ දැවිල්ල නිසා කායික වශයෙන් පහසුවකුත් ඇති වෙන්නෙ නෑ. කයෙනුත් දුක් පීඩා විඳින්න සිද්ධ වෙනවා. මේ ආකාරයට මේ රාග ද්වේශ මෝහ බලවත් සේ සිතට පීඩා ඇති කරන කොට එයාට සැපයක් උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේම නෑ.

මේ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය ඉගෙන ගෙන රාග, ද්වේශ, මෝහ වලින් ඇතිවන මේ මහත් වූ පීඩා ගැන තේරුම් ගත්තොත්, ඒ රාග ද්වේශ මෝහ ගින්නක් සේ අපේ සිත දවන දෙයක් බව අප තේරුම් ගත්තොත්, ඒ රාග ද්වේශ මෝහ ගින්නෙන් දැවෙන්න අපි කැමති වෙන්නෙ නෑ.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය ඉගෙන ගත්ත කෙනා රාග, ද්වේශ, මෝහ වල ස්වභාවය තේරුම් අරගෙන ඒ රාග, ද්වේශ, මෝහ කියන ගිනි නිවා ගන්න කැමති වෙනව. ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන සැප විඳින්න පුළුවන්, සැප අත්කරදෙන මේ උතුම් ධර්මය ඉගෙන ගනිමු. ඉගෙන ගෙන රාගය දුරුකර ගන්න, ද්වේශය දුරුකර ගන්න, මෝහය දුරුකර ගන්න බලවත් සේ කැමැත්ත උපදවා ගනිමු.

යම් කෙනෙක් රාගය දුරුකර ගන්න කැමති වෙනවා නම්, ද්වේශය දුරුකර ගන්න කැමති වෙනවා නම්, මෝහය දුරුකර ගන්න කැමති වෙනවා නම් එයා කැමති වෙන්නෙ දුකින් නිදහස් වෙලා සැප ලබන්නයි. ඒ විධියට සැප ලබන්න කැමති වෙන කෙනා රාගයට කැමති වෙන්නෙ නෑ. ද්වේශයට කැමති වෙන්නෙ නෑ. මෝහයට කැමති වෙන්නෙ නෑ.

රාග, ද්වේශ, මෝහ වලට අකමැති වෙන කෙනාට ඒ රාග, ද්වේශ, මෝහ ගිනි නිවාගෙන සැපවත් වූ ජීවිතයක් ඇතිකර ගන්න භාග්‍ය උදා වෙනවා. ඒ භාග්‍ය උදා කරගන්න නම් අපි රාග, ද්වේශ, මෝහ ගැන අපට කියා දුන් ඒ උතුම් ධර්මය ඉගෙන ගන්නට ඕන. රාග, ද්වේශ, මෝහ දුරු කරගෙන මහත් වූ සැප, පරිපූර්ණ වූ සැප, අතිශයින්ම සැප පහසුව අත්කර ගැනීම පිණිස අපට ඒ ධර්මය කියාදුන් භාග්‍යවතුන් වහන්සේ ගැන අප දැන ගන්නට ඕන. ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන අප දැන ගත්තොත් ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන අපි පැහැදෙනවා.

ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදෙන කෙනා භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ඒ උතුම් ධර්මය කෙරෙහිත් පැහැදෙනවා. ඒ වගේම තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ඒ උතුම් ධර්මය ඉගෙන ගෙන ඒ රාග, ද්වේශ, මෝහ කියන ගිනි නිවා ගන්නට මහත් සේ වෙර වීරිය දරන, අතිශයින් කැප කිරීමෙන් කටයුතු කරන ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රාවක පිරිස ගැනත් පැහැදෙනවා.

ඉතිං යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන, භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේශ, මෝහ නිවා ගැනීම පිණිස පෙන්වා දෙන උතුම් ධර්මය කෙරෙහිත් පැහැදෙනවා නම්, රාග, ද්වේශ, මෝහ නිවා ගැනීම පිණිස කටයුතු කරන, මහන්සි වෙන, වෙර වීරිය දරන ඒ ශ්‍රාවක පිරිස කෙරෙහිත් පැහැදෙනවා නම් අන්න එයාට යම් කලෙකදී රාග, ද්වේශ, මෝහ කියන ගිනි නිවාගෙන ඒ රාග, ද්වේශ, මෝහ වලින් දැවෙන ස්වභාවය වලක්වගෙන සම්පූර්ණයෙන් සුවපත් භාවයට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා.

ඒ විධියට තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති කරගෙන තෙරුවන් කෙරෙහි ප්‍රසාදය ඇති කරගෙන තමාගේ සිත පිරිසිදු කරගන්න යම් කෙනෙකුට පුළුවන් නම් එයා සැබවින්ම සැප උදා කර ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. පරිපූර්ණ සැප උදා කර ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මේ විධියේ පරිපූර්ණ සැපක් අත්කර ගත හැකි වන්නේම තෙරුවන් කෙරෙහි පැහැදීම ඇතිකර ගත්ත කෙනාටම යි. ඒ නිසා අපි සියලු දෙනාටම සෙත් පතනව‍ තෙරුවන් කෙරෙහි මහත් පැහැදීම ඇතිකර ගෙන සැප සහිත ජීවිතයක් ඇතිකර ගන්න භාග්‍ය උදා වේවා කියල.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ විසිනි.
 
Last edited:

evertruth

Member
Oct 5, 2010
39
14
0
මිණි මුතු ඔවදන් 2.. සුන්දර වූ ජීවිතයේ සැබෑම අ&

සුන්දර වූ ජීවිතයේ සැබෑම අරුත

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

අසන්න
http://www.dinamina.lk/kalanamithuro/mp3/n1008211.mp3
ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

ලෝකය ගැන යම් කෙනෙකුට හොඳ වැටහීමක් නැතිනම්, තමන්ගෙ ජීවිතය ගැන හොඳ වැටහීමක් නැත්නම්, එයාගේ ජීවිතය එයාට සාර්ථක කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. දැන් බලන්න හෙට ගැන නොදන්න කෙනා, අද ගැන පමණක් දන්න කෙනා, හෙට ගැන හිතන්නෙ නෑ. හෙට ජීවත් වෙන්නෙ කොහෙමද කියල එයා කල්පනා කරන්නෙ නෑ. අද ගැන පමණයි එයා කල්පනා කරන්නේ. එතකොට එයාට හෙට දවසේ ජීවිතය සැපවත් කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. බලන්න, ඒ වගේ තමයි මේ ලෝකය ගැන පිරිපුන් වැටහීමක් නැත්නම්, එයාට මේ ජීවිතය සාර්ථක කරගන්න බැරුව යනවා.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කෙනාට ජීවිතය ගැන කලින් නොදුටු දේවල්, නොඇසූ දේවල්, ඉගෙනගන්ට පුළුවන්කම ලැබෙනව. අපට වෙනත් කිසියම් ම කිසියම් දේකින් ඉගෙන ගන්ට බැරි දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි, ඉගෙනගන්ට පුළුවන්කම තිබෙන්නේ. දීර්ඝ සංසාරයක් පුරාවට අපි විවිධ අකාරයේ ජීවිතවල ඉපදෙමින් මැරෙමින් පැමිණි ගමනක් තිබෙනවා කියල අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්.

ඒ වගේම තමයි, ඒ ගමන යම් දවසක නතර කරගන්ට බැරි වුනොත් එහෙම ආපහු සැරයක් ඉපදෙමින් මැරෙමින් ඒ සංසාර ගමන යන්ට සිද්ධ වෙනවා කියල දැනගන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. මේ සංසාර ගමන පුරාවට විවිධ ආකාරයේ ජීවිතවල ඉපදෙමින් මැරෙමින් යන්ට සිද්ධ වෙනවා. විශේෂයෙන් ඉතාම දුක් සහිත වූ ලෝකවල අපට ඉපදෙන්න සිද්ධ වෙනව. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, යම් කෙනෙක් යහපත් දේවල් කළොත්, මරණයෙන් මත්තේ යහපත් වූ සැප ලැබෙන තැන්වල ඉපදෙන්ට ලැබෙනවා කියල.

ඒ වගේම තමයි යම් කෙනෙක් අයහපත් දේවල්, වැරදි දේවල් කළොත් එයාට මරණයෙන් මත්තේ ඉතාම දුක් සහිත තැන්වල ඉපදෙන්ට සිද්ද වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම තමයි පින්වතුනි, යමෙක් අයහපත් දේවල්, වැරදි දේවල් කළොත්, එයාට මේ ජීවිතයේදීත් ඉතාම දුක සහිතව තමයි වාසය කරනට සිද්ධ වෙන්නෙ. කායික වශයෙන් වැරදි කරන කෙනාට, වචනයෙන් වැරදි කරන කෙනාට, සිතින් වැරදි කරන කෙනාට, මේ ජීවිතය පුරාවට දුකෙන් වාසය කරන්න සිද්ධ වෙනවා. මේ ජීවිතයේදී දුකෙන් වාසය කරන කෙනාට, ඊලඟ ජීවිතයේ සැප සහිත තැනක ඉපදෙන්ට ලැබෙන්නේ නෑ.

නමුත්, යම් කෙනෙක් මේ ජීවිතයේදී කයෙනුත් හොඳ දේවල් කරනව, වචනයෙනුත් හොඳ දේවල් කරනව, සිතිනුත් හොඳ දේවල් කරනව. අන්න එබඳූ කෙනෙකුට මේ ජීවිතය පුරාවට ම ඉතාම සතුටින් සැපෙන් වාසය කරන්ට පුළුවන්කම ලැබෙනව. ඒ විදිහට මේ ජීවිතය සැපසේ වාසය කරන කෙනෙක්, මතු ජීවිතය එයා ආයෙ ඉපදෙන්ට ලැබුණොත්, ඉතාමත් ම සැප සහිත, සැප බහුල වූ ලෝකවල උපදින්න පුළුවන්කම තිබෙනව.

පින්වතුනි, අපේ ජීවිතය පිළිබඳ ව සැඟවිලා තිබුණ, මෙන්න මෙබඳූ කාරණා අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කෙනාට කොතරම් පරිපූර්ණ වැටහීමක් ජීවිතය සම්බන්ධයෙන් ඇතිකරගන්න පුළුවන්ද? කියන කාරණාව. මෙබඳූ වැටහීමක් ඇතිකරගත්තා වූ කෙනෙක් මේ ජීවිතයත් සැපවත් භාවයට පත්කර ගන්නව. ඒ වගේම තමයි, එයා ඊලඟ ජීවිතයත් සැපවත් භාවයට පත්කර ගන්නව. අද දවස ගැන පමණක් දන්න කෙනා හෙට දවසට කිසිවක් කරගන්නෙ නෑ. අන්න ඒ වගේ, මේ ජීවිතය ගැන පමණක් දැනගන්න කෙනා, ඊලඟ ජීවිතයට කිසිවක් ඉතුරු කරගන්නේ නෑ.

අන්න ඒ විදියට අපි මේ සසර ගැන නොදන්නවා නම්, ඊළඟ ජීවිතයක් තිබෙනවා කියල එයාට වැටහීමක් නැත්නම්, මරණයෙන් මත්තේ ඉපදීමක් තිබෙයි කියල එයාට වැටහීමක් නැත්නම්, එයා ඒ ජීවිතයට යහපත් විදියට යමක් රැස් කර ගන්ට කල්පනා කරන්නෙ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහල සසර ගැන වැටහීමක් ඇතිකරගන්න කෙනා, සුගති දුගති ලෝක ගැන වැටහීමක් ඇතිකර ගන්න කෙනා, දුගති ලෝකවලින් නිදහස් වෙලා සුගති ලෝකයක ඉපදීමට වුවමනා කරන පින් දහම් රැස්කරගන්ට පුරුදු වෙනවා.

අන්න ඒ විදිහට පින් කරගන්න කෙනා, පව් අතහරින කෙනා, මේ ජීවිතය ඉතාම සැප සේ වාසය කරන්ට වාසනා වන්තයෙක් බවට පත්වෙනවා. මේ ජීවිතය පින් කරමින්, පව් නොකර සැපවත් ජීවිතයක් ගතකරන කෙනාට ඊළඟ ජීවිතය ඉතාම සැප සහිත සුගති ලෝකවල ඉපදෙන්ට පුළුවන්කම තිබෙනවා. මෙබඳූ සැප සහිත ජීවිතයක් උදාකරගන්ට භාග්‍ය ලැබෙන්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව, ඒ සද්ධර්මය ඉගෙනගෙන, ඒ සද්ධර්මයට අනුව ජීවිතය ගත කරන කෙනාටයි.

ඒ නිසා අපි සියලු දෙනාටම සෙත් පතන්න කැමතියි, ආශිර්වාද කරන්න කැමතියි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන, ඒ සද්ධර්මය ඉගෙනගෙන, දහමට අනුව ජීවත් වෙන්නට සියලු දෙනාටම භාග්‍ය උදාවේවා ෟ

තෙරුවන් සරණයි.
 
Last edited: