"Channel EYE" සහ "ක්‍රිකට්"
ලංකාවේ Cricket World Cup විකාශන අයිතිය සතුව ඇත්තේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවටයි.
එය ඔවුන් විටින් විට මහා උජාරුවකින් ප්‍රකාශ කරති.නමුත් එම අයිතිය ඔවුන් ජනතාවගේ ක්‍රීඩා ලෝලීත්වය පසෙකට දමා මුදල් ඉපයීමේ මහා දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇති බව ඉතාමත් පැහැදිලිය.ඒ ඔවුන් තරගය විකාශය කිරීමට වඩා වෙළද දැන්වීම් විකාශය කිරීම ප්රමුඛත්වයට පත් කර ඇති බැවිනි.සමහර අවස්ථාවලදී ක්‍රීඩා ලෝලීන්ට දැක ගත හැකි වන්නේ පන්දු ඕවරයක අවසාන පන්දුව පන්දු යවන්නා විසින් යොමු කරනවා පමණි.එතනින් පසු සිදුවූ දෙය ගැන ඔවුන් හට අනුමාන කිරීමට රූපවාහිනී සංස්ථාවේ වෙළද දැන්වීම් අංශය ඉඩ සලසා දෙයි.ඉන් නොනැවතී දැන් දැන් ඕවරය මැදින්ද දැන්වීම් යෙදීමට හා තරගය අතර තිරය කුඩා කොට වම් පසින්ද,තරගයේ සුවිශේෂී තොරතුරු දිස්වන අවස්ථාවල එය වැසෙන පරිදි දැන්වීම් යෙදීමද බහුලව දක්නට ලැබේ.
මේ පිළිබද මගේ අදහස නම් මෙලෙස යොදන දැන්වීම් වලින් ප්‍රචාරණයට වඩා එම නිශ්පාදනය හෝ අදාල දැන්වීම කෙරෙහි මහත් අප්‍රසාදයක් ප්‍රේක්ෂකයා තුල ඇතිවන බවයි.නමුත් එයින් රූපවාහිනියට වැඩක් නැත.ඒ ඔවුන් ලැබෙන සුලු ගුවන් කාලයේදී පවා විශාල මුදලක් ඉපයීම සදහා වයින් කරන ලද රොබෝවන් සේ ක්‍රියා කරන බැවිනි..

මේ පිළිඹදව ඔබගේ අදහස් අගය කොට සලකමි........

kohoma hari match eka api beluwa 