සිනා කතා 2011_03_20

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    sina-katha.jpg


    හොඳටම ඇති


    තමාට උදෑසන විශ්ව විද්‍යාලයට යන අතරමඟදී මුණ ගැසෙන මහාචාර්ය වරයා දුටු වහාම “ගුඩ් මෝනිං සර්!” යනුවෙන් සුබ පැතීම සූරියා ගේ සිරිතකි. ඒත් ඒ කිසිම අවස්ථාවක ඊට ප්‍රතිචාර දැක්වූයේ මහාචාර්යවරයා නොවේ.

    ප්‍රතිචාර දැක්වීම කෙසේ වෙතත් සිනාවකින් හෝ තොරව එය නොඇසුණාක් මෙන් යාම ඔහුගේ සිරිතයි.
    දිනක් සූරියා සුපුරුදු පරිදි මහාචාර්ය වරයාට සුබ පතද්දී ඔහුගේ මිතුරු ආචාර්ය වරයකු ද ඔහු සමඟ විය.
    “ඇයි මිස්ටර් ජිනදාස අර ළමයා සුබ පතනවා ඇහෙන්නෙ නෑ වගෙ හිටියෙ” මිතුරා ඇසුවේ පුදුමවෙමිනි.
    “මීට අවුරුදු දොළහකට කලිනුත් ඔය විදියටම ගෑනු ළමයෙක් මට සුබපැතුවා. අන්තිමට මට කසාද බඳින්ඩ වුණෙ එයාව. එදා මම ඉගෙන ගත්ත පාඩම හොඳටම ඇති.” මහාචාර්යවරයා පිළිතුරු දුන්නේ මුහුණ කළුකර ගනිමිනි.

    අමුතුවෙන් මොකටද?


    වෙසක් පෝයදා තමා බැලීමට ආ ලලිත්ගෙන් ඔහුගේ පෙම්වතිය වන දිලානි මෙසේ ඇසුවාය.
    ’ලලිත් අපි අද යමුද අනේ තොරන් බලන්ඩ.’
    ’ඔයා මගෙ ළඟ ඉන්දැද්දි අහවල් දේකටද ආයෙ තොරන් බලන්ඩ යන්නෙ ළමයො?’ ලලිත් දිලානි ගේ අතින් අල්ලා ඇය තමා ළඟ හිඳුවා ගනිමින් කීවේය.

    කොයි වගේ ද?


    සිංහල අවුරුද්දට බඩු ගෙන ඒමට නගරයට ගිය හේමන්ත බඩු මලු රැසක් රැගෙන ආපසු ආවේ ත්‍රීවිලරයකිනි.
    ත්‍රීවිලරයෙන් බා ගත් බඩු මලු දෙකක් දෑතට ගත් චම්පා දෙස බලා හේමන්ත මෙසේ කීය.
    ’ඔයා කිව්වනෙ මතක ඇතුව රතිඤ්ඤා ටිකකුත් ගේන්ඩයි කියල. ගෙදරට ඕනැ කරන අනික් බඩුමුට්ටු ගනිද්දී මට ඒක සම්පූර්ණයෙන්ම අමතක වෙලයි තිබුණෙ. මම බඩු අරගෙන සල්ලි ගෙවද්දි ඔයගොල්ලන්ගෙ අම්මා වගෙ ගෑනු කෙනෙක් කඩේට ගොඩවුණා. ඕන් එතකොටයි මට රතිඤ්ඤා මතක් වෙලා ඒවා ගත්තෙ.’

    දන්නෙ නැත්තෙ මමද?

    ’පුතා ඔයා මැනර්ස් දන්නෙ නැද්ද? ඔහොම සද්ද ඇහෙන විදියට තලු ගහගහ කෑම කන්ඩ එපා.’ අනෝමා තරවටුවක ස්වරූපයෙන් තම පුතා දෙස බලා කීවේය.
    ’අම්මනෙ මැනර්ස් දන්නෙ නැත්තෙ. කෑම කන තැන්වල නැවතිලා බලා ඉන්න එපා.’ පොඩිඑකා කීවේ තලු මරමිනි.

    ඒකට මේක


    ’මේ මඟුල් ෆොටෝ එකේ තමුසෙගෙ කොණ්ඩෙයත් අගේට තියෙන්නෙ. මොකක්ද සරණපාල කොණ්ඩේ සම්පූර්ණයෙන්ම යන්ඩ හේතුව?’ සතිඅන්ත හවස් වරුවක සරණපාලගේ නිවෙසට ගොඩවූ සමරකෝන් ඇසුවේ සාලයේ කැබිනෙට්ටුවක් මත රඳවා තිබූ ඔහුගේ මංගල ඡායාරූපය දෙස කුහුලින් බලමිනි.
    ’කොණ්ඩේ ගියේ හිතේ අමාරුවට.’
    සරණපාල බැරෑරුම් ස්වරූපයක් මුහුණට නඟා ගනිමින් කීවේය.
    ’හිතේ අමාරුවට හේතුව මොකක්ද?’ වැඩුණු කුහුලින් සමරකෝන් ඇසීය.
    ’කොණ්ඩේ යාම.’ සරණපාල කීවේය.

    ~Silumina~