:::පුරුෂකම රැකෙන ග්‍රන්ථිය රෑක ගනිමු ::: Boys only...
2. දෙවැන්න පිළිකාමය විශාල වීම. (MALIGNANT HAPERPLACIA)
සැකකටයුතු රෝග ලක්‍ෂණ
මේ කවර ආකාරයකට ග්‍රන්ථිය විශාල වූවත් එහි ඍජු බලපෑමට ලක්වෙන්නේ මුත්‍රා මාර්ගය. මුත්‍රා මාර්යේ පටු වීම නිසා පහත රෝග ලක්‍ෂණ ඇති වෙනවා.
රෝගය තහවුරු කිරීමට ඉවහල්වන පරීක්‍ෂණ
ඉතිං මේ විදිහේ රෝග ලක්‍ෂණ තියෙනවා නම් පුරස්ථි ග්‍රන්ථියේ විශාල වීමක් කියලා සැක කරන්න පුළුවන්. එන්ඩොස්කොපි (CYSTOURETHROSCOPY) වගේම යුරෝග්‍රූම් පරීක්‍ෂාවකින් ඒ බැව් තහවුරු කරගන්න පුළුවන්. ඊට අමතරව ගුද පරීක්‍ෂාවකින් වගේම රුධිරයේ මස්තු ක්‍රියටින් ප්‍රමාණයත් ඊට අදාල කර ගන්න පුළුවන්.
ශල්‍යකර්මයක් අවශ්‍යයි
මේ විදිහට පුරස්ථි ග්‍රන්ථියේ විශාල වීමක් ඇති වුණාම ඖෂධ ප්‍රතිකාර මගින් වළක්වන්නට හෝ අඩුකර ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා ශල්‍යකර්මයක් සිදු කොට ග්‍රන්ථියේ විශාල වූ පටක කොටස් ඉවත් කළ යුතු වෙනවා. මෙතැනදී තමයි ප්‍රධාන ගැටළුව ඇති වන්නේ. ග්‍රන්ථිය විශාල වූ පමණින් සෑම කෙනෙකුටම ශල්‍යකර්මයක් සිදු කළ හැකිද? මේ තත්ත්වයට ගොදුරු වන්නේ වයස්ගත වූවන් පමණකුදු නොවේ. වයසට යනකොට ඇති වන කායික, මානසික දුර්වල බව වගේම අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග තත්ත්වයනුත් ඔවුන්ට අත වනනවා. එම නිසාම මෙවැනි පුද්ගලයෙකු නිර්වින්දනය කර ශල්‍යකර්මයකට භාජනය කරන්නට පෙර දෙවරක් හිතන්න වෙනවා. ඒ නිසා රෝගියාගේ මුත්‍රා මාර්ගය අවහිර වී ඇති ප්‍රමාණය, වයස හා රෝගියාගේ තත්ත්වය සැළකිල්ලට ගෙන තමයි ඔවුන් විවෘත පුරස්ථ ග්‍රන්ථිය ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට (OPEN PROSTECTOMY) භාජනය කරන්නේ. ඒ වගේම ශල්‍යකර්මයකට යෝග්‍ය නොවන අයට මුත්‍රා පිට කිරීම පහසු කිරීමට කැතීටරයක් (CATHETERIZATION) යෙදීම තමයි හොඳම විසඳුම.
සැත්කමෙහි තතු
විවෘත ශල්‍යකර්මයකදී කැපුම යොදන ස්ථානය අනුව විටපීය (PERINEAL) ප්‍රති යුනික (RETROPUBIC) හා උපරි යුනික (SUPRA PUBIC) විදිහට ශල්‍යකර්මය හඳුන්වනවා.
නමුත් විවෘත ශල්‍යකර්මයක් සිදු නොකර මුත්‍රා මාර්ගය ඔස්සේ ඇතුල් කරන සුවිශේෂී උපකරණයක් මගින් පුරස්ථි ග්‍රන්ථියේ වැඩුනු පටක ඉවත් කිරීම දිවයිනේ සමහර රෝහල්වලදී සිදු කරනවා. TRANS URETHRA RESECTION OF PROSTATE විදිහට හැඳින්වෙන මේ ප්‍රතිකාර ක්‍රමය TURP විදිහට ජනප්‍රියයි. විවෘත ශල්‍යකර්මයකදී වගේ දින ගණනක් රෝහල්ගත වී ඉන්නට සිදු නොවනවා සේම අනෙකුත් සංකූලතා අවම මේ ක්‍රමය රෝගීන්ට නම් විශාල අස්වැසිල්ලක්.
මේ ක්‍රමය මගින් පටක කොටස් ඉවත්කළ පසු මුත්‍රාශයට යොදන කැතීටරයක් මගින් දිනක් හෝ දෙකක් සාමාන්‍ය සේලයින් දියර මගින් මුත්‍රාශය සේදීමකට ලක් කරනු ලබනවා. ඉවත්කර ගන්න පටක කොටස් ජෛවේක්‍ෂාවකට ලක් කිරීමෙන් පිළිකා තත්ත්වයන් හඳුනාගෙන ඒ සඳහා කරන ප්‍රතිකර්ම කළ හැකියි.
මේ කවර ආකාරයකට ශල්‍යකර්මය සිදු කළත් ආයාසයකින් තොරව මුත්‍රා පහ කරන්නට පුළුවන් නම් ශල්‍යකර්මය සාර්ථකයි කියලා නිගමනය කරන්න පුළුවන්. නමුත් මුත්‍රා පිටකරන වාර ගණන යථා තත්ත්වයට පත්වෙන්නට නම් ටික කාලයක් ගත වෙනවා. ඒ අතරතුර මුත්‍රා දැවිල්ලක්, මුත්‍රා සමඟ රුධිර බිංදු දෙක තුනක් පිටවීම සාමාන්‍ය දෙයක්.
ඒ කොහොම වුණත් වතුර තිබහ සෑදෙන තෙක් නොසිට අඩුම තරමින් පැයකට වතුර ලීටරයක්වත් බොනවා නම් එය නැවත ශල්‍යකර්මය සිදු කිරීමේ මංපෙත් වසා දමන්නක් බැව් නොකිවමනායි.
...........................
පුරුෂකම රැකෙන ග්‍රන්ථිය ලෙඩවෙලාද..??
පුරස්ථ ග්‍රන්ථිය විශාල වීම කියන්නේ වයසට යනකොට පුරුෂ පක්‍ෂයට පමණක් ඇතිවන බරපතල රෝගී තත්ත්වයකි.
‛‛මට මහළු වයසේ බැරිය මුත්‍රා කෙරුම පෙරසේ" කියලා ඒවගේ කෙනෙක් කිවුවොත් ගුත්තිල කාව්‍යයට අවමං කරන්න හිතාගෙන කියුවක් නොවන බව වැටහෙන්නේ මුත්‍රා පිටකරන එකේ රඟ හොඳින්ම වැටහෙන නිසයි.
පුරස්ථ ග්‍රන්ථිය පිරිමි මුත්‍රා මාර්යේ ඉහළ කොටසේ පිහිටලා තියෙන ප්‍රජනක පද්ධතියට අයත් ඉන්ද්‍රියක්. මේ ග්‍රන්ථියෙන් ශුක්‍රාණු වලට අවශ්‍ය පෝෂණය සැපයීම වගේම ශුක්‍රාණු වලට චලනය වන්නට මාධ්‍යයක් සපයන ශුක්‍ර තරලය නිපදවන්නටත් ආධාර වෙනවා. තුරුණු වියේදී ලිංගික ක්‍රියාවලියට, ප්‍රජනනයට සක්‍රීය විදිහට පුරස්ථ ග්‍රන්ථිය දායක වූවත් වයසට යන විට මහ කරදරකාරී ඉන්ද්‍රියක් බවට පත්වෙන්නේ ‛කලකදි රසලු කලකදී වස වෙනවලු’ යන කියමන සනාථ කරමින්.
මේ විදිහට පුරස්ථ ග්‍රන්ථිය විශාල වීමට කරුණු කාරණා දෙකක් බලපානවා.
1. පළමුවැන්න තමයි පිළිකාමය නොවන නැතිනම් අඛර ලෙස විශාල වීම. (BENIGN PROSTATIC HYPERPLACIA, BPH)‛‛මට මහළු වයසේ බැරිය මුත්‍රා කෙරුම පෙරසේ" කියලා ඒවගේ කෙනෙක් කිවුවොත් ගුත්තිල කාව්‍යයට අවමං කරන්න හිතාගෙන කියුවක් නොවන බව වැටහෙන්නේ මුත්‍රා පිටකරන එකේ රඟ හොඳින්ම වැටහෙන නිසයි.
පුරස්ථ ග්‍රන්ථිය පිරිමි මුත්‍රා මාර්යේ ඉහළ කොටසේ පිහිටලා තියෙන ප්‍රජනක පද්ධතියට අයත් ඉන්ද්‍රියක්. මේ ග්‍රන්ථියෙන් ශුක්‍රාණු වලට අවශ්‍ය පෝෂණය සැපයීම වගේම ශුක්‍රාණු වලට චලනය වන්නට මාධ්‍යයක් සපයන ශුක්‍ර තරලය නිපදවන්නටත් ආධාර වෙනවා. තුරුණු වියේදී ලිංගික ක්‍රියාවලියට, ප්‍රජනනයට සක්‍රීය විදිහට පුරස්ථ ග්‍රන්ථිය දායක වූවත් වයසට යන විට මහ කරදරකාරී ඉන්ද්‍රියක් බවට පත්වෙන්නේ ‛කලකදි රසලු කලකදී වස වෙනවලු’ යන කියමන සනාථ කරමින්.

මේ විදිහට පුරස්ථ ග්‍රන්ථිය විශාල වීමට කරුණු කාරණා දෙකක් බලපානවා.

සැකකටයුතු රෝග ලක්‍ෂණ

මේ කවර ආකාරයකට ග්‍රන්ථිය විශාල වූවත් එහි ඍජු බලපෑමට ලක්වෙන්නේ මුත්‍රා මාර්ගය. මුත්‍රා මාර්යේ පටු වීම නිසා පහත රෝග ලක්‍ෂණ ඇති වෙනවා.
- මුත්‍රා පහ කරන්නට ඇති පැකිළීම (HESITENCY) ඒ කියන්නේ තමන්ට උවමනා වෙලාවට මුත්‍ර පිටකරන්න අපහසුවීමයි.
- එසේම මුත්‍රා පහර ඉදිරියට විදින්නට නොහැකිව මුත්‍රා බිංදු වශයෙන් මුත්‍රා විවරය අසල වැටීමක් දක්නට පුළුවන්.
- මුත්‍රාශය අසම්පූර්ණ විදිහට හිස්වූ බව දැනීම (DRIBLING OF URINE), මුත්‍රා පිටකරන වාර ගණන වැඩි වීම වගේම රාත්‍රියට
- කිහිප වතාවක් මුත්‍රා කරන්න සිදු වීමත් අනෙකුත් රෝග ලක්‍ෂණ අතර වෙනවා.
- මෙහෙම ටික කාලයක් ගත වෙනකොට මුත්‍රා පිටකරන්න තැටමීම
- නිසා ඇතිවන පසු පීඩනය නිසා මුත්‍රා ප්‍රණාල විශාල වීම (URETARAL PIALATATION) ජල වක්කතාව (HYDRONEPHROSIS) වකුගඩු වල විවිධ ආසාදන වගේම මුත්‍රාගල් ඇතිවීමටත් ඉවහල් වෙනවා.
- මුත්‍රාශය අසම්පූර්ණ විදිහට හිස්වෙන විට මුත්‍රාශය තුළ මුත්‍රා පල්වීම නිසා ඇතිවන මුත්‍රා අසාදන හේතුවෙන් මුත්‍රා අඩස්සිය (DISURIA) උණ, කොන්ද ආශ්‍රිත වේදනා ඇති විය හැකියි.