වටලප්පමක්_හදමු

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වටලප්පමක්_හදමු

    දැන් ඉතින් අවුරුදුත් ළඟ ළඟ එනවනේ..ඉතින් කෑම ජාතිත් හදනවනේ..අපේ ගොඩක් අය කරන්නේ ඉතින් හදල දෙන එක කාලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න එකනේ..:rolleyes::rolleyes:
    ඉතින් හැම වෙලේම කම්පියුටරේ ලඟම ඉන්නේ නැතුව නරකද මේ අවුරුද්දට කෑමක් හැදුවොත්..හදල ඉවර වුනාම තමන්ටත් පොඩි සතුටක් එයි..ගෙදර අයත් සතුටු වෙයි..:yes::yes:
    වැඩි වෙලා යන්නේ නෑ..පැයක් වගේ යයි..මම කියන විදිහට වැඩේ කලොත් කිසි අවුලක් වෙන්නේ නෑ..හැමෝටම කන්න පුළුවන්...;);)
    ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු...:D:D

    වටලප්පන්

    1072615525.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය


    හකුරු - 500g


    පොල්කිරි - අඩු කෝප්ප 2ක් පමණ

    බිත්තර - 12

    කරදමුංගු - 5

    කජු - 100g

    වතුර - අවශ්‍ය පමණ


    * මුලින්ම හකුරු ටික හොඳට කුඩු/පොඩි කර ගන්න.
    * බිත්තර 12 සුදු මද හා කහ මද සමග එකට beat කර ගන්න.
    * පොඩි කරගත් හකුරු ටික භාජනයක දමා වතුර 100ml පමණ එක් කර හොඳින් රත් කර දිය කර ගන්න.
    * හකුරු හොඳින් දිය වූ පසු එම මිශ්‍රණය පොල්කිරි වලට එකතු කර හොඳින් දිය කර ගන්න.
    * පසුව එම මිශ්‍රණය බිත්තර වලට එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
    * මිශ්‍ර කරන අතරතුර කරදමුංගු එකතු කර ගන්න.
    * පසුව එම මිශ්‍රණය ස්ටීම් කිරීම සඳහා සුදුසු භාජනයකට පෙරා ගන්න.
    * දැන් සාදික්කා හා කජු එකතු කරන්න.
    * පසුව මිශ්‍රණය විනාඩි 70 පමණ ස්ටීම් කර ගන්න.
    * ස්ටීම් කිරීමෙන් පසු නිවෙන්නට හැර ශීතකරණයේ තබා ආහාරයට ගත හැක.


    ඔන්න ඔහොමයි වටලප්පන් හදන්නේ..වැඩි වෙලාවක් යන්නේ නෑ..අවුරුදුත් ලඟයි නේ..ට්‍රයි එකක් දීල බලන්න..දන්න කට්ටියත් ඇති ඉතින්..නොදන්නා අයත් ඉන්නවනේ..ඔයාලගේ අදහසුත් කියන්න මේ ගැන..:yes::yes:


    _________________________________________________
    _________________

    _________________
    Sorry For If I Repost
    © 2011 Sun_Boy@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post in Another Sites