මහසොහොන් කතාවක්.....!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහසොහොන් කතාවක්.....!!!!

    මේක අපේ ගම් පලාතේ ඒ කියන්නේ අම්බලන්ගොඩ පැත්තේ ලු උණේ. ඇත්ත ද බොරු ද කියල නම් කියන්න අමාරුයි...!!

    යාළුවෝ දෙන්නෙක් මළ රෑ ජාමෙ චිත්‍රපටියක් බලලා ඉවරවෙලා එනවලු. shortcut එකකට set වෙලා පොරවල් දැන් යනවලු ලදු ඕවිටි කලල් මතින්..... ඔහොම යන කොට යන්න උනා ලු කනත්තක් මැද්දෙන්...:shocked::shocked:එකෙක් කියනවළු අනිකට....
    "මචං මට බයයි වගේ බං.....":( අනිත් එකා කියනවලු..
    "රෙද්දක් කතා කරන්නේ නැතුව වරෙන්....." කියලා.....
    බයට ම දැන් එකෙකුට තිබහයි ලු...
    " මචං මාර තිබහයි...." :yes:කියලා වට පිට බැලුවා ම පේනවලු පොල් ගස් දෙකක්..... කරටි දෙක එක ළගට මුදුනෙදි ගෑවිලා තියෙන....!!:eek:
    "යකෝ මේ තියෙන්නේ කෑමයි බීමයි දෙකම..-කුරුම්බා..." කියල බය නැති යාළුව නගින්න හදනව ලු ගහට... අනික් එකා "අනේ මචෝ මට බයයි.....මාව බිම තියල යන්න එපා....!!":sorry::sorry: ගාලා ඥරු ඥුරු ගානවලු...!!
    "එහෙනම් උඹත් නැගපන් අනෙත් ගහට" කියලා ඔන්න දැන් බානම ගස් බඩ ගෑවලු...!! දැං කරටිල්ලට ම ගිහින් කුරුම්බ ගෙඩිය කරකවනවලු, කරකවනවලු......ම්හ්...කුරුම්බෙ කැඩෙන්නේ නැතිලු.....!!:confused::confused: එහෙන් පොරවල් වලට තේරෙන වලු පොල් ගස් දෙක නිකන් උස යනවා වගේ....!!!:shocked::shocked: දෙන්න ම දණි පණි ගාලා බැස්සලු ගස්දෙකෙන් බිමට... බැහැල ටිකක් ඈකට ගිහිල්ලා බැලුවලු පොල් ගස් දෙක දිහා..... බැලුවහම ඉන්න වලු මහසොහොනා... කකුල් දෙක පලල් කරල තියාගෙන.... රවාගෙන පොරවල් දෙක දිහා බලගෙන....
    (පොරවල් නැගල තියෙන්නේ මහසොහොන ගේ කකුල් දෙක දිගේ...කුරුම්බ මොනව ද? කියල මං කියන්නේ නැහැ....!!!!!)

    කමෙන්ට්ස් සහ රෙප් ගැන අමනාප නැහැ..දුන්නොත්...!!
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    දැන් කාලෙ මහසෝනට බය වෙන එවුනුත් ඉන්නවද මම අහන්නෙ..ඔයිට වඩා බය වෙනව wrong turn වගේ filmඑකක් බැලුවොත්..