සයිබර් සැණකෙලියෙන්.....

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
සයිබර් සැණකෙලියෙන්.....

"සයිබරයේ සිහින බක්මහ උළෙල" ගිය ඉරිදා අවසන් වුයේ අපට කවදාවත් අමතක නොවන, කාටත් මැකිය නොහැකි මතක ගොඩක් ඉතිරි කරමින්ය කියලා ආයෙ පුනපුනා කිම අවශ්‍යයි කියලා මම නං හිතන්නැත.

එදා ආපු අය අවුරුද්දක් දෙකක් තිස්සෙ අදුනගෙන හිටියට ගොඩදෙනෙක් මූණට මුණ හම්බවෙලා කතා කරලා තිබුනෙ නැති බව සහතිකය. තමන්ගේ කොම්පියුටරේ පුංචි කොටුවක් ඇතුලේ ටයිප් කර කර හරි එ​හෙමත් නැතිනම් ලියන බ්ලොග් ලියුම් වලට පිලිතුරු ලියමින් හරි හිටපු අයට ඊයේ දවස "ඉබ්බා දියට දැම්මාම, දැං නෑවේ" වගේ විය.

01. ආරාධිත අමුත්තන් පිළිගැනීම.

ආරධිත අමුත්තන් පිළිගැනීම හරිම අලුත් විදිහට සිද්ධවිය.

ඒ අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට සහභාගි වුනු ප්‍රවීණ ඡායාරූප ශිල්පි ඉන්ද්‍රනාත තේනුවර මහතාව පිළිගත්තු ආකාරයයි. ඉස්සර නං වැඩසටහනකට එන ආරාධිත අමුත්තන්ව පිළිගන්නේ බුලත් අතක් දීලය, නැත්තං මල් මාලයක් දීලය. හැබැයි මේ උස්සවයේ දී එයට අලුත් මුණුවරක් දීමට ගේට්ටුවේ හිටපු වැප්නි සාන්ත මාමා කටයුතු කර තිබුනේය. ඒ අපේ ප්‍රධාන ආරාධිත අමුත්තාටත් හා හා පුරා කියලා අපේ වැප්නි සාන්ත මහතා රු.100/- ටිකට් එකක් කැඩීමෙනි. මේ තියෙන්නෙ ඒ ​​අයිතිහාසික අවස්ථාවයි.


ඇත්තටම ප්‍රධාන ආරාධිත අමුත්තට ටිකට් එකක් කඩලා ඇතුලට ගත්තු ලෝකෙ පළමු සැණකෙලිය වෙන්නැති අපේ සිහිණ බක්මහ උළෙල.

ඒක දැකපු මට එක පාරටම කරන්ට් ගියා වගේ උනත් අලුත් පිලිගැනීමේ ක්‍රමයක් ලොවට දායාද කිරීමට වැප්නි මාමාට පුලුවන් විය.

02. තරග සංවිධානය

තරග සංවිධානයත් අන්තිම ඉහල මට්ටමක පැවතුණි.

ඒ ඒ තරග ඒ ඒ වෙලාවට පැවැත්වුනු අතර, ඒ ඒ තරග වලට අවශ්‍ය ඒ ඒ උපකරණ වේලාසනම ලෑස්තිකරගෙන තිබිම අපි වැනි පුංචි අයට ලොකු ආදර්ශයක් ගෙන දෙන දෙයක් විය. උදාහරණයක් විදිහට යෝගට් කැවීමේ තරගෙට ඹ්නැ කරන ඇස් බඳින ලණු, අත්බඳින කලු රෙදිපටි ඒ අයියලා, අක්කලා වේලාසනම කපා සකස් කරගෙන තිබුනි. කොටින්ම කියවානවාම් තරගෙන් පස්සෙ විසිවෙච්ච යෝගට් පිහදාන්න වාසල මාමා "සර්වියට්, සර්වියට්" කිය කිය සර්වියට් ගෙන ඒමේදී නං මගේ ඇස්වලට කඳුලු පවා ආවේ සංවිධායක මාමලා නැන්දලාගේ කැපවීම ගැන හිතලාය.

පස්සට කල් නොදමා තරගෙ ඉවර වෙද්දිම දිනන අයට අරුණි නැන්දා ලියපු පොතුයි, තව පොත් ගන්න තැගි වවුචරේකුයි තෑගී දුන්න එකටත් මම හරි ආසය.



කොච්චර හොඳ සංවිධායක මාමලාද නැන්දලා ද කියනවානම් තරග නීති රීති කඩන ඕනෑම එක්කෙනෙකුට යාලුවොයි කියලා නොබලා ඒවෙලාවෙම දඩුවම් දෙන්න උනත් ඒ ගොල්ල හරිම එඩිතර විය.

බනිස් කන තරගෙදී කුමාර මාමා බනිස් දෙකක් කාලා අහුවෙච්ච වෙලාවේ ඒක දැකපු හසී නැන්දා මූලික සංවිධායක මාමාලා එයාව එවෙලෙම දණ ගැස්සුවේය. මං කියන්නෙ බොරුනං මේ තියෙන්නෙ සාක්කිය.


පොටෝ දකිද්දි දුකයි තමාය. ඒත් නීතිය කාටත් පොදුයි කියන පාඩම මම එතැනිං ඉගෙන ගත්තෙමි.

පස්සෙ ඒ ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවෙදී ගත්තුවයි මේ තියෙන්නෙ.


තරග සංවිධානයේ දී නං ආයෙ ඉගෙන ගන්න කොච්චර පාඩම් තිබ්බද කියන්න මට මතක නැත.

තරග සංවිධානය ඇරුණම උත්සව සංවිධානයද අන්තිම ඉහලය.

උදේම මහත හසී නැන්දයි, කෙට්ටු රන්දිල් නැන්දයි ප්‍රධාන නැන්දලා කට්ටිය බැලුම් හරි හරියට පිම්බුවෝය. හරි හරියට පිපිරුවෝය. පහන් හැදුවෝය. බනිස් එල්ලුවෝය. වාසල මාමලා ඇතුලු කට්ටියත් එහෙම්මයිය.



බොන්ට, අතවල් මුණවල් හෝදගන්න. වෙනම වතුර ටැංකියක් හයිකරලා තිබ්බේය. දවල් කෑමට බත්ටික එකොලහ මාර වෙද්දි ගෙනල්ලා තිබුනි. ඒ එක්ක වතුර බෝතල් නිකං දුන්නේය.

සවස කේක් දුන්නේය.

පස්සෙ ඒවා ඇති තරං කන්න කියලා අබේපාල මාමා මයික් එකෙන් කියද්දි "මේක අයියටයි" කියලා පසන් මාමට බොරු කියලා කේක් කැලි දෙදක් ගත්තෙ අපරාදේ කියලා මට හිතුනේය. (පසන් මාමයි දිලුම් මාමයි)


කොහොමහරි එකාවගේ නියම තාලෙට වැඩ කරන්නෙ මෙහෙමයි කියන පාඩම මට එතැනින් ඉගෙනගන්න පුලුවන් විය.


03. පිරිසිදු කම

විශේෂයෙන්ම අවට පිරිසිදුව තබා ගැනීමට කව්රුත් උනන්දු වීම හිතටත් සැහැල්ලුවකි. එක එක ජාතියෙ කුණු බැග් තබා පිරිසිදුකම රැකගන්න කට්ටියම උනන්දු උනු අතර බැලුමක් පිපිරුවාම ඒ කැලි පවා ඇහිලීම නං අන්තිම හොඳ වැඩකක් විය.


කොහොම හරි අපි වගේ පුංචි අයට මේ වගේ සංවිධායක මාමලා නැන්දලාගෙන් තරග සංවිධානය ගැන හොඳ පාඩම් ටිකක් ඉගෙන ගන්න පුලුවන් වීම ගැන මට සතුටුය.

04. කඹ ඇදීමේ පාඩම

අයියා කියන ආකාරයට අනාදිමක් කාලයක ඉදලා හෙනට ජනප්‍රිය වුනු ක්‍රීඩාවක්ලු කඹ ඇදිල්ල. කඔ ඇදිල්ලෙන් දිනන්නෙ වෙන කොහෙවත් ඉන්න කට්ටියක්ය කිව්වට මටනං ඒක පැහැදිලි වුනේ මේ සයිබර් කඔ ඇදිල්ලේ දීයි.

මං නං මුලින් අයියලා වට වෙලා, කෑ කෝ ගහලා සද්දයක් දාද්දි හිතුවේ අයියලා දිනයිම කියලාය. වෙන්න තිබ්බෙත් ඒකමය. ඒත් උනේ වෙන දෙයකි.

කඹ අදින කාටත් මේක නං හොඳ පාඩමකිය.

ඒක උනේ මෙහෙමය.

අයියලයි, අයියලයි පැත්තෙ අක්කලයි ඔක්කොම මෙන්න මේවගේ කෑ කෝ ගහල තරගෙට ගියෝය.


ඒගොල්ල කඹ අදින්නම කියලා මැහුවා වගේ කට්ටියකි. බලන්න ලස්සනය. හැකියාවෙන් අඩුවක් කියලද! බරෙන් අඩුවක් කියලද!!

හැබැයි වෙලාව කියන්නේ ඒ පැත්තෙ නායකයා උනේ අබේපාල මාමාය.


අයියලා කියන හැටියට අබේපාල මමව පරද්දන්න ඕනෑ කරල තිබුනු කට්ටියගේ ගාන හොඳටම වැඩිවෙලා තිබුනේය. ඒක නිසා අනිත් පැත්තට සෑහෙන සෙනගක් එකතුවිය. මම ඒවා ඔක්කොම හොඳට බලාගෙන හිටියෙමි.

ඉතිං කොන්ඩෙ බොකුටු වැප්නි මාමා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය. තරගෙ පටන් ගත්තට පස්සෙ අබේපාල මාමා පරදිනවට කැමති නැන්දලා මාමලාව එකතු කරලා, මේ පැත්තට පේන්නැති විදිහට හරහට තියලා අනිත් ඔක්කොමලා පනහක් විතර සෙනගක් එකතු වෙලා කඹේ ඇද්දෝය. ඉතිං අපේ අයියටයි එයාගේ යාලු අයියලා අක්කලා හය දෙනාටයි කරන්න දෙයක් නැති විය. ඉතිං අයියලයි, අක්කලයි අලියගේ නැට්ටෙ එල්ලිච්ච ගමයො වගේ එක පාරින් එහා පැත්තේය.

අයියලා කෑ කෝ ගහලා ආයෙත් ඇද්දේය. ඒ පාරත් ඒකමය.

ඔන්න ඒ වෙලාවේ කඔ ඇදිල්ලේ අනිත් ගුණය මතුවිය.

අබේපාල මාමට වැඩේ වරදින බව දැනුනේය. එයා පැත්ත අත ඇරලා සේප් වී ගියේය. ඉතිං එයා කලේ මයික් එක අතට අරං,
"අය්යෝ මොකද ඕගොල්ලංගෙ ඇඟ විතරයිනේ කෝ වැඩ" කියලා කාටත් ඇහෙන පරිදි මයික් එකෙන් අයියලාටම කෝචෝක් කිරීමයි. "වැටත් නියරත් ගොයං කා නං කාට පවසං ඒ අමාරුව" කියලා අයියලාත් වැඩේ අතඇරියට මොකද කව්රුත් එකතු වෙලා පිල් මාරු කරපු අඹේපාල මාමට "හූ'' කිවෝය.

කඔ ඇදිල්ල අන්න එහෙම අපිට පාඩම් ගොඩක් ඉතිරි කරමින් අවසන් විය.

මේකෙන් ගන්න පුලුවං පාඩම් ලයිස්තුවක් මා සැකසුවෙමි. ඒවා නම්,

1. හරි හමන් නායකයෙක් නැති උනොත් කොයි වෙලෙ පරදිද දන්නැති වීම.
2. පිල් මාරු කලාට "හු" සද්දෙ කොයි වෙලේ හරි ඇහෙන්න පුලුවන් බව.
3. එකමුතු උනොත් ඕනැම අභියෝගයක් දිනන්න පුලුවං බව.
4. කඹේ ඇද ඇද මහන්සි වෙලා ඉද්දි වැප්නි මාමලා වගේ අයගේ යටිකුට්ටු අදහස් දිනන බව වගේ තව ගොඩක් දේවල්ය.

ඔක්කොම මම කියන්න දෙයක් නැත. ඕගොල්ලත් එතෙන හිටපු හින්දා ඕගොල්ල ඉගෙන ගත්තු පාඩමත් කීයනවනං මං සතුටුය.

05. අවසානය

අවසානයත් තිතට විය.

වෙන ගෙට්ටුගෙවල් වල මෙන් අන්තිමේදී කට්ටිය බීලා ගහමරා ගත්තේ නැත.

ඒ වෙනුවට කට්ටිය ඩීජේ එකක් දාගෙන ඔක්කොම දේවල් අමතක වෙන්න නැටුවෝය. දිව්​වෝය. විහිලු කරගත්තෝය.

සංවිධාකයෝත් අපේම යාලුවෝය. ආපු අයත් යාලුවොය. ඉතිං වෙනසක් කොහිද!

ඔක්කොමලා හොඳටම නටලා, හොඳටම හිනාවෙලා, හොඳටම මඩ ගහලා, හොඳටම මඩ නාලා, කෙරෝලෙ, තමන් කව්ද මොනවද කරන්නෙ කියලා හදුන්වාදී ගත්තෝය.


අන්තීමේදී කැමරා තියෙන මාමලා ඔක්කෝමලා එක්කහු වෙලා වැඩි පරිස්සමට ගෘප් පොටෝ සීයක් විතර ගහලා කට්ටියම සතුටින් විසිර ගියෝය.


පටන් ගත්තු සංතෝසෙන්ම ඒක ඉවරයක් දැකීමත් හොඳ පාඩමක් කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනැ කියලා මං හිතන්නැත.

sourtce :
http://cyberyaya.blogspot.com/2011/04/blog-post.html
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
සිරා වැඩක් නේද? එලකිරියෙනුත් අවුරුදු උත්සවයක් කරනවාද?