නව අවුරුදු ලග්න පලාඵල

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නව අවුරුදු ලග්න පලාඵල

    Z_sign_Aries.jpg


    වැය පාර්ශ්වය අභිබවා ලැබීම්

    සෙනසුරු ග්‍රහයා සුබ ස්ථාන බලයෙන් ගත කරන අතර සඳු ග්‍රහයා දරු පල, අධ්‍යාපනය ගැන පවසන 05 වැන්නේ ත්‍රිකෝණ ස්ථාන බලයෙන් ගත කරයි. රාහු භාග්‍ය ස්ථානයේ ප්ලූටෝ සමඟ ගත කරන අතර කේතු ග්‍රහයා වික්‍රම ස්ථානයේ ගත කරයි. රාජ්‍ය කාරක රවි ග්‍රහයා තම ලග්නයේම උච්ච බලයෙන් සිටිමින් ආරම්භ වන මෙම වසර ඔබට මිශ්‍ර පල ගෙන දෙන වසරකි.

    ධනය :-

    නව වසර තුළ ඔබේ වියදම් පාර්ශ්වය අධික වුවත් එම වියදම් පාර්ශ්වය අභිබවා ලැබීම් පාර්ශ්වය පෙන්නුම් කරන අතර ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු මේෂ ලග්න හිමියන්ට විශේෂ සුබ පල ගෙන දෙන නව වසරක් වේ. නව වසර මේෂ ලග්න සැමට ලැබීම් අතින් බොහෝ සුබදායක වන අතර වියදම් පාර්ශ්වය පිළිබඳව බොහෝ සෙයින්ම සැලකිලිමත් වන්න.

    රැකියාව :-

    උදා වන නව වසරේ මේෂ ලග්න රැකියා අපේක්ෂකයන්ගේ අරමුණු සඵල කර ගත හැකි වන අතර දැනට රැකියා කටයුතු යෙදී සිටින්නන්ගේ රැකියා කටයුතුවල යහපත් වෙනසක් සිදු වේ. විදේශ ගමන් අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ එම බලාපොරොත්තු සාර්ථකව ඉටු කර ගැනීමට හැකි වන වසරක් වේ.

    ගෘහ ජීවිතය :-

    නව වසරේ දරු පල අපේක්ෂාවෙන් පසුවන මේෂ ලග්න කාන්තාවන්ට වාසනාවන්ත පින්බර දරුවන් බිහි කිරීමට භාග්‍ය හිමි වන අතර පවුලේ සතුට, සාමය සමඟිය තව දුරටත් වර්ධනය වේ. විවාහ අපේක්ෂාවෙන් පසු වන්නන්ගේ බලාපොරොත්තු සඵල වේ.

    අධ්‍යාපනය :-

    දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි අතර අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විදේශ ගත වන මේෂ ලග්න හිමියන්ගේ බලාපොරොත්තු සඵල වේ.

    සෞඛ්‍ය :-

    2011 ක්වූ ජුනි මස 06 වන දින සිදු වන රාහු ග්‍රහයාගේ මාරු වීමත් සමඟ මඳක් අසනීප, අනතුරු ගෙන දීමට ඉඩ ඇති බැවින් ඒ ගැන බොහෝ සේ සැලකිලිමත් වන්න.

    සුබ දවස් : ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
    ජය අංකය : 01, 02, 04, 05, 07, 09
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Z_sign_Taurus.jpg


    ආර්ථික අතින් සුබදායක වසරක්

    සඳු දිග් බලයෙන් 04 වැන්නේත්, සෙනසුරු අශුභ ස්ථාන බලයෙන් 05 වැන්නේත්, රවි උච්ච වැය ස්ථානයේත් ගමන් කරන අතර රාහු, ප්ලූටෝ 08 වැන්නේත්, කේතු ධන ස්ථානයේත් ගමන් කරමින් ආරම්භ වන නව වසර ඔබට ආර්ථික අතින් සුබදායක වුවත් අනෙකුත් විවිධ අංශයන්ගෙන් අසුබ පල ගෙන දේ.

    ධනය :-

    ආර්ථික අතින් ඉතා සුබදායක වසරක් වන අතර ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු වෘෂභ ලග්න සැමට සුබදායක වසරක් වේ. හදිසියේ මුදල් ලැබීම් පෙන්නුම් කරන අතර මැණික් කර්මාන්තයේ නියුතු සැමට වටිනා මැණික් ලැබෙන වාසනාවන්ත වසරක් වේ. පැවති ණය බරින් නිදහස් වීමට භාග්‍ය ලැබේ.

    රැකියාව :-

    රැකියා ක්ෂේත්‍රයේ නියුතු අයට එම කටයුතු හොඳින් කර ගැනීමට භාග්‍ය ලැබෙන අතර නව රැකියා අපේක්ෂිතව සිටින අයගේත් රැකියා උසස්වීම් අපේක්ෂාවෙන් සිටින අයගේත් බලාපොරොත්තු මෙම වසර අවසාන වීමට පෙරාතුව ඉටු වේ.

    ගෘහ ජීවිතය :-

    නිවෙසක් ගොඩනැඟීමේ සිහිනයක සිටි ඔබට එම සිහිනය සැබෑ කර ගැනීමට හැකි වනු ඇත. යාන වාහන මිලදී ගැනීමකට සූදානම්ව සිටියා නම් එම බලාපොරොත්තුව ද සඵල කර ගැනීමට හැකි වේ. වර්ෂයේ අග භාගය වඩාත් සුබදායක වන නමුත් ඔබේ දරුවන්ගේ වැඩ කටයුතුවලින් ඔබට සතුටු වීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.

    අධ්‍යාපනය :-

    වෘෂභ ලග්න හිමි ඔබේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වන අතර විදේශගත අධ්‍යාපනයේ යෙදී සිටින්නන් ඒ පිළිබඳව බොහෝ සේ සැලකිලිමත් විය යුතුයි.

    සෞඛ්‍ය :-

    සෞඛ්‍ය පැත්තෙන් මේ වසර ඔබට සුබදායක වන අතර අසනීප තත්ත්වයෙන් පසු වූ වෘෂභ ලග්නකරුවන්ට ඉක්මන් සුවය ලැබීමක් පෙන්නුම් කරයි.

    සුබ දවස් : බදාදා, සිකුරාදා, ඉරිදා

    ජය අංකය : 06
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Z_sign_Gemini.jpg


    විවාහ දිවියේ ගැටලු

    ඔබේ භාග්‍ය ස්ථානයේ සිකුරු සහ නැප්චූන් ග්‍රහයින් ගමන් කරන අතර සඳු වික්‍රම ස්ථානයේත්, සෙනසුරු අසුබ ස්ථාන බලයෙන් 04 වැන්නේත් ගමන් කරයි. නව වසර ඔබට ආර්ථික අතින් සහ රැකියාව පැත්තෙන් සුබදායක වුවත් විවාහය සම්බන්ධයෙන් සහ දේපළ සම්බන්ධයෙන් ගැටලු ඇති වන වසරකි.

    ධනය :-

    ආර්ථික අතින් බොහෝ කලකට පසු ඉතා සුබදායක වසරක් වන අතර වර්ෂ අවසානය වන විට ආර්ථිකය උසස් තත්ත්වයකට පත් වේ. හදිසියේ මුදල්, තෑගි ලැබීම් පෙන්නුම් කරන අතර තම පිය පාර්ශ්වයෙන් යම් කිසි මුදලක් - දේපළක් බලාපොරොත්තුවෙන් සිටියා නම් එම බලාපොරොත්තුව මේ වසර තුළ ඉටු වේ.

    රැකියාව :-

    ඔබේ සියලුම ලැබීම් පෙන්වන 11 වැන්න අධිපති කුජ මේ ඉතා බලගතු ග්‍රහයින් දෙදෙනා සමඟ යෝගව ඉතා බලගතුව ගත කරයි. තම රැකියා කටයුතු හේතුවෙන් සමාජයෙන් කීර්ති, ප්‍රශංසා ලැබීම්වලට පවා භාජනය වන අතර රැකියාව හේතු කොටගෙන යම් ප්‍රසිද්ධියක් පවා ඇති වීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ.

    ගෘහ ජීවිතය :-

    විවාහ දිවි ගත කරන්නන්ට මඳක් අසුබ වර්ෂයක් වන අතර විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ට ඔවුන්ගේ බලාපොරොත්තු තව දුරටත් ප්‍රමාද කරවන වසරක් වේ. ඉඩකඩම් දේපළ ඇති අයට පිළිබඳ ආරවුල්වලට මුහුණ දීමට සිදු වන අතර අතර ඒ සම්බන්ධයෙන් නඩු මගට බැසීමට පවා සිදු වේ.

    අධ්‍යාපනය :-

    තම දැනුම වැඩි දියුණු වන වසරකි. තරග විභාගවලින් ජය ලැබේ. අලුත් දේ ඉගෙනීමට යොමු වේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් විදේශ ගත වීමට උනන්දුවෙන් සිටි අයට ඉතා පහසුවෙන් එම අරමුණු ඉටු කර ගැනීමට හැකි වේ. ගුප්ත විද්‍යාව පිළිබඳ හැදෑරීමට අහම්බෙන් වාසනාව ලැබෙන වසරකි.

    සෞඛ්‍ය :-

    ශරීර සෞඛ්‍ය පැත්තෙන් මඳක් අසුබදායකයි. හදවත් සහ හදවත් ආශි‍්‍රත රෝගීන්ගේ එම අසනීප තත්ත්වය වැඩි දියුණු වන අතර ඒ සම්බන්ධයෙන් සැත්කම්වලට පවා භාජනය වීමට සිදු වේ. එම සැත්කම්වලින් බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සුවයක් මේ වසරේදී ලබා ගැනීමට නොහැකි වනු ඇත.

    සුබ දවස : බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

    ජය අංකය : 03, 05
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Z_sign_Cancer.jpg


    විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වේ

    ඔබේ වික්‍රම ස්ථානයේ ඔබේ විවාහක ස්ථානය අධිපති සෙනසුරු ඉතා බලගතුව ගත කරන අතර සිකුරු, නැප්චූන් 08 වැන්නේත්, රවි උච්චච සහ දිග් බලව 10 වැන්නේත්, රාහු 06 වැන්නේත්, කේතු 12 වැන්නේත් ගමන් කරයි.

    මේ අනුව උදාවන නව වසර ඔබට සුබදායකයි. රැකියා බලාපොරොත්තු, විදේශ රැකියා බලාපොරොත්තු, විදේශ අධ්‍යාපන බලාපොරොත්තු ඉටු වේ.

    ධනය :-

    වර්ෂ ආරම්භයත් සමඟ ඔබේ වැය ස්ථානයේ කේතු ග්‍රහයා ගමන් කිරීම අනුව වැය පාර්ශ්වය අධික වූවත් ලැබීම් පාර්ශ්වය සුබයි. මේ අනුව ඔබේ වැය පාර්ශ්වය අභිබවා ඔබේ ලැබීම් පාර්ශ්වය පෙන්නුම් කරන වසරකි.

    ගෘහ ජීවිතය :-

    විවාහ දිවි ගත කරන්නන්ට වඩාත් සුබදායක වසරක් වන අතර විවාහ අපේක්ෂක / අපේක්ෂිකාවන්ගේ බලාපොරොත්තු මේ වසර තුළ ඉටු වේ. බොහෝ දුරට තම සහකරු හෝ සහකාරිය තම තමන්ටම මුණ ගැසීමට ඉඩ ඇත. එම සහකරු හෝ සහකාරිය වාසනාවන්ත අය වේ.

    රැකියාව :-

    ඔබේ විදේශ රැකියා බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉටු වන වසරකි. ඔබේ රැකියා ස්ථානයේ රවි ග්‍රහයා උච්චව සිටීම අනුව රාජ්‍ය සේවයේ රැකියාවල නියුතු අය නව වසර තුළ වඩාත් සුබ පල හිමි වන අතර රාජ්‍ය සේවයේ රැකියා බලාපොරොත්තු වන අයගේ රැකියා සිහිනය මල්පල ගැන්වේ.

    අධ්‍යාපනය :-

    විදේශ අධ්‍යාපනයේ යෙදෙන අයට ඉතාම සුබදායක වසරක් වන අතර ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැක. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වන්නන්ගේ බලාපොරොත්තු ඉටු වන අතර විදේශ රැකියා බලාපොරොත්තු වූවන්ගේ පැතුම් අනිවාර්යයෙන්ම ඉටු වන වසරක් වේ. කලා ක්ෂේත්‍රයේ අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට වඩාත් සුබ පල ගෙන දෙන වසරකි.

    සෞඛ්‍යය :–

    සෞඛ්‍යය පැත්තෙන් නම් අසුබදායක වසරක් වන්නේ ඔබේ රෝග ස්ථානයට රෝග පීඩාම ගෙන දෙන කේතු ග්‍රහයාගේ සප්තම දෘෂ්ටිය යොමු වීම අනුවයි. මේ අනුව ඔබට උදරයෙන් පහළ කොටසේ අසනීප ගෙන දීමට හේතු වන අතර ඒවා සැත්කම් දක්වා දුර දිග යෑමට ඉඩ ඇත. ඒ ගැන වසර පුරාම බොහෝ සෙයින්ම සැලකිලිමත් වන්න.

    සුබ දවස් : ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

    ජය අංකය : 02, 07, 09
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Z_sign_Leo.jpg


    ජයග්‍රහණයට බාධා

    සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති රවි ග්‍රහයා උච්ච බලයෙන් යුතුව භාග්‍ය ස්ථානයේම ගත කරන අතර ඔබේ මාරක ස්ථානයත්, ආයුෂ ස්ථානයත් වන 08 වැන්නේ 08 වැන්න අධිපති ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් ඔබේ ධන ස්ථානය, අය ස්ථානය අධිපති නීච භංග රාජ යෝග බලැති බුධ සමඟත් ලග්නයට යෝග කාරක කුජ ග්‍රහයා සමඟත් යුරේනස් ග්‍රහයා සමඟත් යෝගව සිටී. ර්ථික ගැටලුවලට තදින් මුහුණ දීමට සිදු වන අතර අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ.

    ධනය :-

    නව වසර තුළත් ඔබට ආර්ථික ගැටලු විසඳා ගැනීමට නොහැකි වන අතර තවදුරටත් ඔබට ණය තුරුස් වීමට සිදු වන වසරකි. එහෙත් ඔබගේ ධන ස්ථානය / අය ස්ථානය අධිපති බුද ග්‍රහයා නීච භංග රාජ යෝග බලයෙන් ඉතා බලගතු ගුරු සමඟ 08 වැන්නේ ගත කිරීම අනුව සාමාන්‍ය ලෙසින් මුදල් ලැබීම් පෙන්නුම් කරනවා.

    රැකියාව :-

    විශේෂයෙන්ම විදේශ රැකියා බලාපොරොත්තු වන්නන්ගේ බලාපොරොත්තු ඉටු වන අතර රැකියා උසස් වීම් බලාපොරොත්තු වන්නන්ගේ සහ නව රැකියා බලාපොරොත්තු වන්නන්ගේ අරමුණු ඉටු වේ.

    ගෘහ ජීවිතය :-

    නව වසර ආරම්භයත් සමඟ ඔබට මංගල යෝග යෙදී තිබුණත් ඔබේ විවාහක ස්ථානය අධිපති සෙනසුරු ලග්න ඒරාෂ්ඨක සහ ජන්ම ඒරාෂ්ඨකයකට මැදිව ගත කරන බැවින් එම මංගල යෝග පිළිබඳව බොහෝ සැලකිලිමත් වන්න. දේපළවලින් ඔබට ලැබෙන ආදායම හීන වන අතර දේපළ සම්බන්ධයෙන් ද ගැටලුවලට නිතර නිතර මුහුණ දීමට සිදු වේ. දරුවන්ගේ වැඩ කටයුතුවලින් දෙමවුපියන්ට සතුටු වීමට අවස්ථාවක් නොලැබෙයි.

    අධ්‍යාපනය :-

    රාහු ග්‍රහයා ප්ලූටෝ ග්‍රහයා සමඟ යෝගව තම විද්‍යස්ථානයේ ගමන් කිරීම අනුව නව වසර උදාවේ සිට ජුනි මස 06 වන දින දක්වා අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. ජුනි මස 06 වන දිනෙන් පසු අධ්‍යාපනයට සුබයි. ඔබ විදේශ අධ්‍යාපනයක් ලබා ගැනීමට සූදානම් වන සිංහ ලග්න හිමියෙක් නම් එම බලාපොරොත්තු ජුනි 06 වන දිනෙන් පසු ඉටු වේ.

    සෞඛ්‍යය :-

    ඔබේ රෝග ස්ථානයත් / සතුරු ස්ථානයත් අධිපති සෙනසුරු ග්‍රහයා ලග්න ඒරාෂ්ඨකයකට සහ ජන්ම ඒරාෂ්ඨකයකට මැදිව සිටීම අනුවත් - සඳු ග්‍රහයා ලග්නයේම ගත කිරීම අනුවත් හදවත් සහ වකුගඩු රෝගීන්ට අපලදායක වසරකි. ඒ ගැන බොහෝ සෙයින්ම සැලකිලිමත් වන්න.

    සුබ දවස් : ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා

    ජය අංකය : 01, 04
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Z_sign_Virgo.jpg


    ශාරීරික සුවයෙන් කටයුතු කළ හැකි වසරක්

    ඔබේ ලග්නාධිපති බුධ ග්‍රහයා නීච භංග රාජ යෝග බලයෙන් යුතුව “ගුරු හංස” නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් යුත් ගුරුටත්, වික්‍රම ස්ථානය අධිපති කුජටත්, යුරේනස්ටත් යෝගව කේන්ද්‍රස්ථානගතව විවාහක ස්ථානයේ සිටී. ඔබේ විවාහක ස්ථානයේ ගත කරන්නා වූ “ගුරු හංස” යෝග බලැති ගුරුගේ සප්තම දෘෂ්ටියත්, ඔබේ ලග්නාධිපති නීච භංග රාජ යෝග බලැති බුධගේ සප්තම දෘෂ්ටිය ලග්න ඒරාෂ්ඨකය ගෙන දුන් සෙනසුරුට යොමු වීම අනුවත් මේ නව වසර ඔබට මිශ්‍ර පල ගෙන දෙන වසරක් වේ.

    ධනය :-

    බලාපොරොත්තු රහිත ආකාරයෙන් වියදම් ගෙන දේ. නමුත් ලැබීම් පැත්තෙන් සුබදායකයි. වැය පාර්ශ්වය අභිබවා ලැබීම් පාර්ශ්වය පෙන්නුම් කරයි. ණය තුරුස් වලින් නිදහස් වීමට ඉඩ ලැබේ. විදේශගත අයකුගෙන් මුදල් ලැබීමක් පෙන්නුම් කරයි වසර අවසානය වන විට අතමිට සරු වන කාලයකි. නොවැම්බර් 16 න් පසුව ප්‍රබල ධන යෝගයක් උදා වේ.

    රැකියාව :-

    රැකියාව පැත්තෙන් ඔබට සුබදායකයි. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ සහ රැකියා උසස් වීම් බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු ද ඉෂ්ට වන වසරකි. රැකියා ස්ථානය තුළදී ගැටලුවලට මුහුණ දීමට සිදු වුවත් රැකියාවේ වෙනස්වීමක් සිදු වුවත් එය යහපත් ආකාරයෙන් විසදේ.

    ගෘහ ජීවිතය :-

    දේපළ පිළිබඳව පැවති ගැටලුකාරී තත්ත්වයන් ජුනි මස 06 වන දිනෙන් පසු නිරාකරණය වන අතර නව නිවාස ඉදි කිරීමටත්, නව දේපළ මිලදී ගැනීමටත් සුබදායක කාල සීමාවක් ජුනි මස 06 වන දිනෙන් පසු උදා වේ. නව වසරේ නොවැම්බර් මස 16 න් පසුව විවාහ දිවි ගත කරන්නන්ට ඉතාම සුබදායක වන අතර විවාහ අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ බලාපොරොත්තු සඵල වේ. වාසනාවන්ත සහකරුවන් / සහකාරියන් මුණ ගැසේ.

    අධ්‍යාපනය :-

    අධ්‍යාපනය පැත්තෙන් ඉතාම සුබදායක වසරක් වේ. එසේ පවසන්නේ අධ්‍යාපනයට ඉතා සුබදායක ගුරු ග්‍රහයා “ගුරු හංස” නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් අනෙක් අධ්‍යාපනයට ඉතා සුබදායක නීච භංග රාජ යෝග බලයෙන් යුත් බුධ සමඟ යෝගව සිටීම අනුවයි. අධ්‍යාපනය ක්ෂේත්‍රයේ නියුතු කන්‍යා ලග්න දරු දැරියන්ට ඉදිරි තරග විභාග ආදියෙන් ජයග්‍රහණය හිමි වන වසරකි.

    සෞඛ්‍යය :-

    සෞඛ්‍යය පැත්තෙන් නව වසර පුරාම ඔබට සුබදායකයි. බලගතු අසනීප තත්ත්වයෙන් පෙළී සිටි අයට සුවය ලැබෙන වසරකි. හොඳ ශාරීරික සුවයෙන් නව වසර ගත කිරීමට භාග්‍ය හිමි වේ.

    සුබ දවස් : බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

    ජය අංක : 02, 03, 05, 07
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Z_sign_Libra.jpg


    පින්බර දරු සම්පත්

    සඳු (චන්ද්‍රයා) සියලුම ලැබීම් පෙන්වන 11 වැන්නේ ගත කරන අතර රාහු ප්ලූටෝ සමඟ වික්‍රම ස්ථානය වන 03 වැන්නේත්, කේතු 09 වැන්නේත් ගත කරයි. මේ අනුව නව වසර ඔබේ වැය පාර්ශ්වය ඉහළ නංවන අතර ඔබට බලාපොරොත්තු නොවූ ආකාරයේ කරදර බාධා ගෙන දෙන වසරක් වේ. එහෙත් අධ්‍යාපන කටයුතු වලින් උසස් ප්‍රතිඵල ලැබෙන අතර, දරු ඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට පින්බර දරුවන් බිහි කිරීමට වාසනාව භාග්‍ය හිමි වේ.

    ධනය :-

    ආර්ථික අතින් අසුබ වසරකි. ධන හානිවලට බලාපොරොත්තු නොවූ ආකාරයෙන් මුහුණ දීමට සිදු වේ. නිෂ්ඵල දෙයටම මුදල් වියදම් කිරීමට සිදුවන අතර, ආදායම් මාර්ග ඇහිරෙයි.

    රැකියාව :-

    කොපමණ කරදර ආවත් රැකියා අපේක්ෂාවෙන් පසුවන්නන් හට බලාපොරොත්තු ඉටු වන අතර රැකියාවල නියුතු වූවන්ට රැකියාවේ උසස්වීමක් පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ මාරු වීම් සිදු වුවත් ඒවා සුබදායක වේ. යහපත් වේ. රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමඟ පැවති ආරවුල් නිරවුල් වේ. විදේශ රැකියා බලාපොරොත්තු වූවන්ට පමණක් කේතු ග්‍රහයා 09 වැන්නේ ගත කිරීම අනුව ඔවුන්ට අසුබදායක වේ.

    ගෘහ ජීවිතය :-

    දේපල ආරවුල් ගෙන දේ. වාහන අනතුරු ගෙන දේ. තම මිතුරන් තමාගෙන් ඈත් වන අතර, අලුත් සතුරන් ඇති වන කාලයක් වේ. විවාහ දිවි ගත කරන අයට ගැටලු ගෙන දෙන අතර විවාහ බලාපොරොත්තුවෙන් සිටින අයගේ අපේක්ෂාවන් මේ වසරේදීත් තව දුරටත් ප්‍රමාද වේ. මවු පාර්ශ්වයේ ඥාතින්ගෙන් පවතින උදව් නවතින අතර, මව් ජීවත්ව සිටී නම් මවට කරදර බාධා අසනීප ගෙන දේ.

    අධ්‍යාපනය :-

    අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලබා ගනී. කරදර බාධා මැද අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කර ගනී. ගුප්ත විද්‍යාව හැදෑරීමට ද අවස්ථාව හිමිවන අලුත් අමුතු දේ ඉගෙනීමට භාග්‍ය ලැබේ. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විදේශගත වීමට සූදානම් වූවා නම් එම කටයුතු නොවැම්බර් මස 16 න් පසු ඉටු වේ.

    සෞඛ්‍යය :-

    ශාරීරික සුවය අතින් ඔබට සුබදායක වසරකි. ඔබ අසනීප තත්ත්වයෙන් පසු වූවා නම් ඔබට මේ වසර තුළ සුවය ලැබෙන අතර, ශක්තිමත්ව ශරීර සුවයෙන් කටයුතු කරගෙන යාමට භාග්‍ය හිමි වේ. හදවත් අසනීප තත්ත්වයෙන් පෙලී සිටි අයට ඉන් සුවය ලැබේ.

    සුබ දවස් : අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

    ජය අංකය : 06
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Z_sign_Scorpio.jpg


    සතුරු කරදරවලින් නිදහසක්

    වෘශ්චික ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති කුජ ග්‍රහයා ත්‍රිකෝණස්ථාන බලයෙන් ඉතා බලගතු ගුරු සමඟත් නීච භංග රාජ යෝග බලයෙන් යුත් බුධ සමඟත්, යුරේනස් සමඟත් වර්ෂ ආරම්භයත් සමඟ 05 වැන්න වන ත්‍රිකෝණ ස්ථානයේ ගත කරයි. වෘශ්චික ලග්න ඔබට නව වසරේ නව රැකියා වාසනා හිමිවන අතර, රැකියා උසස්වීම් ගෙන දේ. දේපළ වලින් ලාභ ලැබෙන අතර, මවු පාර්ශ්වයේ ඥාතින්ගෙන් උදව් ලැබේ. අධ්‍යාපන බලාපොරොත්තු ඉටුවන අතර, දරු සම්පත් අපේක්ෂාවෙන් සිටින්නා වූ කාන්තාවන්ට පින්බර දරුවන් බිහි කිරීමට භාග්‍ය හිමි වේ.

    ධනය :-

    ආර්ථික අතින් සුබයි. බලාපොරොත්තු රහිත ලෙස හදිසි ධන ලාභ ලැබේ. වෙළෙද ව්‍යාපාරවලින් ලාභ ලැබෙන අතර, දේපළ වලින් ද ආදායම් ලැබීම් පෙන්නුම් කරයි. විදේශ සම්බන්ධතා හේතුකොට ගෙනත් ආර්ථික වාසි පෙන්නුම් කරයි.

    රැකියාව :-

    රැකියාව පැත්තෙන් සුබදායක වසරකි. නව රැකියා අපේක්ෂිත අයට මෙන්ම රැකියා උසස්වීම් බලාපොරොත්තු වන්නන්ට තම අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට හැකි වේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයගේ එම ප්‍රාර්ථනා ඉටු වන අතර ඒ සඳහා වඩාත් හොඳින් වාසනාව ගෙන දෙන්නේ නව වසරේ නොවැම්බර් 16 වෙනිදායින් පසුවයි.

    ගෘහ ජීවිතය :-

    සිකුරු ග්‍රහයා දිග් බලයෙන් තම 04 වැන්නේ ගමන් කිරීම හේතුකොට ගෙන මවු පාර්ශ්වයේ ඥාතින්ගෙන් විශේෂ උදව් උපකාර ලැබෙන අතර, නව ඉඩකඩම් මිලදී ගැනීමේ බලාපොරොත්තු, නව නිවාස මිලදී ගැනීමේ සහ නව වාහන මිලදී ගැනීමේ බලාපොරොත්තු ඉටු වේ. දරුවන්ගේ වැඩ කටයුතුවලින් බොහෝ සෙයින්ම සතුටු වීමට ඉඩකඩ ලැබෙන අතර, අධ්‍යාපනයේ යෙදී සිටින තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක වේ. දරු ඵල අපේක්ෂාවෙන් පසුවන්නන්ට ඉතා පින්බර දරුවන් බිහි කිරීමට භාග්‍යය ලැබෙයි.

    අධ්‍යාපනය :-

    අධ්‍යාපනයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකි වන වසරකි. උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විදෙස් ගතවීමට වාසනාව ලැබෙන වසරකි. මේ මොහොත වන විට අධ්‍යාපනයෙන් උසස් තත්ත්වයකට පත්වූවන්ට තවත් ඉදිරියට අධ්‍යාපන කටයුතුවල යෙදීමට මංපෙත් විවර වන වසරකි.

    සෞඛ්‍යය :-

    අසනීප තත්ත්වයෙන් පසුවන්නන් හට හොඳ ශාරීරික සෞඛ්‍යයෙන් ගත කිරීමට හැකි වන වසරකි. කාලයක් තිස්සේ පැවති අසනීප තත්ත්වයන්ගෙන් බලාපොරොත්තු නොවන ආකාරයෙන් සුවය ලැබෙන වසරකි.

    සුබ දවස් : ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

    ජය අංක : 01, 02, 04, 05, 07
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Z_sign_Sagittarius.jpg


    දේපළ වාසනා

    ධනු ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා “ගුරු හංස” නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් යුක්තව නීච භංග රාජ යෝග බලයෙන් යුත් බුධ ග්‍රහයා සමඟත්, කුජ යුරේනස් ග්‍රහයින් සමඟත්, යෝගව 04 වැන්න වන කේන්ද්‍රස්ථානයේ ඉතා බලගතුව සිටින අතරතුර ප්‍රධාන කේන්ද්‍රස්ථානයේ 10 වැන්නේ සෙනසුරුත්, භාග්‍යස්ථානයේ සඳු ග්‍රහයාත්, වික්‍රමස්ථානයේ සිකුරු, නැප්චූන් ග්‍රහයින් ද, කේතු 07 වැන්නේත්, රාහු / ප්ලූටෝ ලග්නයේත් ගමන් කරයි. මේ අනුව නව දේපළ, යාන වාහන හිමි වන වසරක් වන අතර, කෘෂිකර්මාන්තයේ යෙදී සිටින්නන්ට එම කටයුතුවලට ඉතා සුබදායක වසරක් වේ.

    ධනය :-

    ආර්ථික අතින් ඉතා සුබයි. ධනු ලග්න සියලු ව්‍යාපාරිකයන්ට සුබයි. දේපළවලින් උසස් ලෙස ලාභ ලැබෙන අතර, මැණික් කර්මාන්තයේ, වාහන ව්‍යාපාරයේ යෙදී සිටින අයට විශේෂ සුබ පල ලැබෙන වසරක් වේ.

    රැකියාව :-

    සෙනසුරු ග්‍රහයා ඔබේ රැකියා ස්ථානයේ ගත කරන බැවින් 2011 - 11 - 16 දක්වා රැකියාව පැත්තෙන් ඔබට අසුබදායකයි. කරදර බාධාවලට ලක්වන ආකාරයේ ස්ථාන මාරුවීම්වලට ලක්වන අතර, 2011 - 11 - 16 න් පසු ලැබෙන ස්ථාන මාරුවීම් ඔබට සුබදායක වේ. ඒ ගැන සැලකිලිමත්ව කාලය ගත කරන්න.

    ගෘහ ජීවිතය :-

    බලාපොරොත්තු ඉටු වේ. දේපළවලින් ලාබ ලැබේ. නව ඉඩම් මිලදී ගැනීමටත්, නව නිවාස, යානවාහන මිලදී ගැනීමටත් වාසනාව උදා වේ. තම උත්සාහය හේතුකොට ගෙන නව වසරේ සිදු කරන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට වරම් ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලැබෙන අතර, අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවීමට බලාපොරොත්තු වූවා නම්, ඒවා කඩිනමින් පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව ලැබේ.

    අධ්‍යාපනය :-

    අධ්‍යාපනයට ඉතා සුබ දායක වසරකි. අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරගන්නා අතර, විභාගවලින් - තරග විවාද ආදියෙන් ජයග්‍රහණය හිමි වේ. අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධයෙන් විදේශ ගත වීමට බලාපොරොත්තු වූවා නම් එය අනිවාර්යයෙන්ම ඉටු වේ. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විදේශ ගත වීමෙන් අනතුරුව ද එම කටයුතු සාර්ථක කරගැනීමට භාග්‍ය ලැබේ.

    සෞඛ්‍යය :-

    සෞඛ්‍යය පැත්තෙන් ඔබට ඉතා සුබදායක වසරක්. ඔබේ පැවති අසනීප තත්ත්වයන්ගෙන් සුවය ලැබෙන වසරකි.

    සුබ දවස් : ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා3

    ජය අංක : 03, 05, 06, 08
     
    Last edited:
    • Like
    Reactions: minipura

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Z_sign_Capricorn.jpg


    සහෝදර ඵල

    මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු ඔබේ භාග්‍ය ස්ථානයේ නව වසර ආරම්භයත් සමඟ ගත කරන අතර සඳු ග්‍රහයා ආයුෂ ස්ථානයේත්, කේතු රෝග ස්ථානයේත් ගත කරයි.

    සිකුරු, නැප්චූන් ධන ස්ථානයේත් රාහු, ප්ලූටෝ ග්‍රහයන් වැය ස්ථානයේත් ගමන් කරයි. නව වසරේ ඔබේ විදේශ ගමන් බලාපොරොත්තු ඉටු වන අතර උසස් අධ්‍යාපන කටයුතු උසස් ලෙස සිදු කර ගැනීමට භාග්‍ය ලැබෙන වසරකි.

    සහෝදර සහෝදරියන්ගේ උදව් ලැබෙන අතර ඔබේ උත්සාහය හේතු කොට ගෙන ආරම්භ කරන සියලු කටයුතු නොවැම්බර් මස 16 න් පසු සාර්ථක වේ.

    ධනය :-

    ජුනි මස 06 වනදායින් පසු ආර්ථික අතින් ඔබට බොහෝ සුබදායක කාලසීමාවක් උදා වේ. ඔබේ ආර්ථික බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉටු වන අතර මකර ලග්න හිමි ව්‍යාපාරික ඔබට ඔබේ ව්‍යාපාරික කටයුතු බොහෝ සාර්ථක කර ගැනීමට හැකි වන අතර ඔබේ ව්‍යාපාර කටයුතුවලට නව ව්‍යාපාර එකතු කර ගැනීමට ද හැකි වේ.

    රැකියාව :-

    2011 නොවැම්බර් මස 16 න් පසු රැකියාව පැත්තෙන් ඔබට ඉතා සුබයි. නොවැම්බර් 16 දක්වා ඔබේ රැකියා කටයුතුවල අවුල් වියවුල් ඇති විය හැකි අතර ඒ ගැන බොහෝ සේම සැලකිලිමත් වන්න. නොවැම්බර් 16 න් පසු නව රැකියා අපේක්ෂිත ඔබටත්, රැකියා උසස්වීම් අපේක්ෂිත ඔබටත් එම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට හැකි වේ.

    ගෘහ ජීවිතය :-

    දේපළ ඇති මකර ලග්න හිමියන්ට දේපළ පිළිබඳව ගැටලුවලට මුහුණ දීමට සිදු වන අතර දේපළවලින් අලාභ සිදු වේ. වර්ෂ ආරම්භයත් සමඟ සඳු ග්‍රහයා ඔබේ ආයුෂ ස්ථානයේ නීචව ගත කිරීම අනුවත්, වසරේ ඉදිරි ග්‍රහ ගමන් අනුවත් ඔබට සුළු අනතුරුවලට ඉඩ ඇති බැවින් බොහෝ සැලකිලිමත්ව කටයුතු කරන්න.

    ඊර්ෂ්‍යාකරුවන් ඇති වන අතර නඩුහබවලට පැටලී සිටින මකර ලග්න කරුවන්ට දඬුවම් විඳීමට පවා සිදු වේ. ඔබේ කීර්තියට හානි වීමට ඉඩ ඇති බැවින් නිතර නිතර ඒ ගැන සැලකිලිමත් වන්න. වර්ෂය පුරාම ඔබේ අසනීප තත්ත්වයන් පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් වන්න.

    අධ්‍යාපනය :-

    ඔබේ අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල පෙන්නුම් කරයි. අනෙක් අංශයන්ගෙන් කොපමණ කරදර බාධා තිබුණ ද අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කර ගැනීමට භාග්‍ය ලැබේ. විදේශගත අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින මකර ලග්න කරුවන්ට උසස් ප්‍රතිඵල ලබා ගැනීමට භාග්‍ය හිමි වේ.

    සෞඛ්‍යය :-

    ශරීර සනීපය අඩු වන වසරකි. හදවත් අසනීප ඇති අයට, උදරයෙන් පහළ කොටසේ අසනීප ඇති අයට එම අසනීප උගු වේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් සැත්කම්වලට පවා භාජනය වීමට ඉඩ තිබේ. කේතු ග්‍රහයා නව වසර ආරම්භ කරන්නේ ඔබේ රෝග ස්ථානයේ සිටිමින් වන බැවින් මේ වසර පුරාවටම අසනීප පිළිබඳව සැලකිලිමත් වන්න.

    සුබ දවස් : අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

    ජය අංක : 06, 08, 09
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Z_sign_Aquarius.jpg


    හදිසි ධන ලාභ

    කුම්භ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු ඔබේ ආයුෂ ස්ථානයත් / මාරක ස්ථානයත් වන 08 වැන්නේ ලග්න ඒරාෂ්ඨක අපල කාලයක් ගත කරන අතර ඔබේ ධන ස්ථානයේ ප්‍රබල ධන යෝගයක් ගෙන දෙමින් ගුරු, බුධ, කුජ, යුරේනස් ග්‍රහයින් ගමන් කරයි. මේ අනුව නව වසර උදාවත් සමඟ ඔබට සෙනසුරු ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපල කාලයක් පැවතුණ ද, ධන ස්ථානයේ ප්‍රබල ධන යෝගයක් ගෙන දී ඇති ගුරුගේ සප්තම දෘෂ්ටිය එම සෙනසුරුට යොමු වීම අනුව ඒරාෂ්ඨක අපල සමනය වේ. මංගල යෝග උදා වේ. ආගිය තැන ඉහළ පිළිගැනීමකට ලක් වන වසරක් වේ.

    ධනය :-

    නව වසර උදාවත් සමඟ ඔබේ ධන ස්ථානයේ ගුරු ග්‍රහයා ඉතා බලගතුව 05, 08 අධිපති නීච භංග රාජ යෝග බලයෙන් යුතු බුධ සමඟත්, ලග්නයට යෝග කාරක කුජ සමඟත් යුරේනස් සමඟත් යෝගව සිටීම අනුව වර්ෂය පුරාම ඔබට ආර්ථික අතින් සුබදායක වේ.

    රැකියාව :-

    රැකියා අපේක්ෂාවෙන් පසුවන සැමටත්, රැකියා උසස්වීම් බලාපොරොත්තු වන සැමටත් නව වසර ඉතාම සුබදායක වේ. රැකියාව සම්බන්ධව මෙතෙක් පැවැති අවහිර දුරු වේ. රැකියා කටයුතු හේතු කොටගෙන කීර්ති, ප්‍රශංසා ආදිය හිමි වේ.

    ගෘහ ජීවිතය :-

    නව වසරේ ඔබට විශේෂ මංගල යෝගයක් උදා වී ඇත. විවාහ අපේක්ෂක / අපේක්ෂිකාවන්ට ඔවුන්ගේ අපේක්ෂා ඉටුවන බවක් පෙන්නුම් කරයි. නිවාස, ඉඩකඩම්, යාන වාහන, පෙන්නුම් කරන අතර 2011 නොවැම්බර් 16 න් පසු ඔබට වඩාත් සුබදායක කාලසීමාවක් උදා වේ. අධ්‍යාපන කටයුතුවල, ක්‍රීඩා කටයුතුවල යෙදී සිටින්නන්ට පමණක් බාධා ගෙන දීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න.

    අධ්‍යාපනය :-

    නව වසර ඔබේ අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. තරග විභාගවලින් ඔබට පරාජය හිමි වේ. අධ්‍යාපන කටයුතුවලට පමණක් මෙම බාධා ඇති වන බැවින් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න.

    සෞඛ්‍යය :-

    සෞඛ්‍යය අතින් ඔබට අසුබයි. අසනීප තත්ත්වයෙන් පසුවන්නන් බොහෝ සැලකිලිමත්ව කටයුතු කළ යුතුව ඇත. බලාපොරොත්තු නොවන ආකාරයෙන් හදවත් අසනීප ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න.

    සුබ දවස් : අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා

    සුබ වර්ණ : නිල්, රතු

    ජය අංක : 03, 08, 09
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Z_sign_Pisces.jpg


    විවාහ දිවියේ අර්බුද

    නව වසර උදාවත් සමඟ මීන ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ගුරු ලග්නයේම “ගුරු හංස” නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ද, දිග් බලයෙන් ද, ඉතා බලගතුව නීච භංග රාජ යෝග බලැති බුද ග්‍රහයා සමඟින් ද, තම ධන ස්ථානය අධිපති කුජ සමඟත් යුරේනස් සමඟත් ඉතා බලගතුව සිටී. නව වසර පුරාම ඔබට විවාහ පැත්තෙන් බාධා ගෙන දුන්න ද අනෙකුත් සියලු අංශයන්ගෙන් සුබයි. ඔබට ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් විදේශ ගත වීමක් නව වසරේදී පෙන්නුම් කරයි.

    ධනය :-

    වර්ෂය පුරාම ඔබට ආර්ථික පැත්තෙන් සුබයි. බලගතු අඟහිඟකමක් ඇති වීමට කිසිදුම ඉඩක් නොමැති අතර ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු මීන ලග්න සැමට සුබදායක වසරකි. වසර ආරම්භයේදී ගත කරන ආර්ථික තත්ත්වයට වඩා උසස් ආර්ථික තත්ත්වයකට වසර අවසානයේදී පත් වීමට භාග්‍ය හිමි වේ.

    රැකියාව :-

    රැකියාව පැත්තෙන් ඔබට ජුනි මස 06 වන දින දක්වා අසුබදායක වන අතර ඉන් පසු ඔබට සුබයි. ඔබේ රැකියා බලාපොරොත්තු ඉටු වන වසරකි. විශේෂයෙන්ම විදේශ රැකියා බලාපොරොත්තු වූවන්ට ජුනි මස 06 වන දිනෙන් පසු ඉතා සුබදායකයි.

    ගෘහ ජීවිතය :-

    පින් දහම් කිරීමට වාසනාව වසර පුරාම හිමි අතර දීර්ඝ වන්දනා ගමනකට ඉඩකඩ ලැබේ. සමහර විට එය විදේශ සංචාරයක් වීමටද ඉඩ ඇත. දෙමවුපියන්ගෙන් යම් දේපළක් බලාපොරොත්තු වූවා නම් එය වසරේ මැද භාගය තුළ හිමි වන අතර මවු පාර්ශ්වයේ ඥාතීන්ගෙන් පමණක් විවිධ උදව් ලැබෙනු ඇත.

    අධ්‍යාපනය :-

    වර්ෂ ආරම්භයත් සමඟ ඔබේ අධ්‍යාපන කටයුතුවලට ඉතාම සුබදායක “ගුරු හංස” නම් පංච මහා පුරුෂ යෝග බලය ලග්නයේම යෙදී ඇත. අධ්‍යාපනයට ඉතා සුබ අනෙක් ග්‍රහයා වන බුද ග්‍රහයා ගුරු හංස නම් පංච මහා පුරුෂ යෝගය ගෙන දී ඇති ගුරුට යෝගව සිටී. මේ අනුව අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලැබෙන වසරකි.

    සෞඛ්‍යය :-

    වර්ෂ ආරම්භයත් සමඟ ඔබේ හදවත ගැන පවසන 04 වැන්නේ කේතු ග්‍රහයා ගමන් කරයි. මෙම කේතු ග්‍රහයාට රාහුගේ සහ අසුබදායක සෙනසුරුගේ දෘෂ්ටිය යොමු වීම අනුව හදවත් රෝගීන් දැඩි සේ සැලකිලිමත් වන්න. ඔවුන්ගේ අසනීප තත්ත්වයන් සැත්කම්වලට ලක්වීමට තරම් දුර දිග යා හැකිය.

    සුබ දවස් : අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

    ජය අංක : 03, 09


    Code:
    http://www.silumina.lk/2011/04/10/_art.asp?fn=af1104104
     
    Last edited: