 |
|
|
|
|
Senior Member
|
|
Posts: 514
Join Date: Sep 2010
|
|
|
04-23-2011, 01:38 PM
හරි එහෙනම් අපිට කෙලින් උත්තරයක් දෙන්නකෝ!! මම ඉන්නේ කොහෙද??
|
|
Senior Member
|
|
Posts: 1,004
Join Date: Mar 2011
|
|
|
04-23-2011, 06:24 PM
ඔව දමිත් ඔයාම මේක කියල දෙන්න බලන්න
|
 |
Senior Member
|
|
Posts: 2,793
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
|
|
|
04-23-2011, 09:03 PM
Quote:
Originally Posted by conservative
හරි එහෙනම් අපිට කෙලින් උත්තරයක් දෙන්නකෝ!! මම ඉන්නේ කොහෙද??
|
Quote:
Originally Posted by 121221
ඔව දමිත් ඔයාම මේක කියල දෙන්න බලන්න
|
definitely යාලු!!!
මම අනිවාර්යයෙන් තෝරලා දෙනවා!!!
ඔයාල කොහොමහරි තිතටම අල්ලගන්න, තේරුම් ගන්න බලන්න.
අපි මේ barrier එක පනින්නම ඕනේ!!! නැත්නම් මේ ලැබිච්ච දුර්ලභ / වාසනාවන්ත අවස්ථාවත් ගිලිහිලා යන්න පුළුවන්... එහෙම උනොත් හරි අපරාදේ! ඔයාල පව් වෙනවා!! මට time තිබුනොත් මං එහෙම වෙන්න දෙන්නේ නෑ!!! ඒත් ඔයාලගේ උවමනාව, උනන්දුව, උත්සාහය maximum තියෙන්න ඕනේ!!!
මේක විහිළුවකට ගන්න හිතන්නවත් එපා!!!
මට මේක හිතුනේ සෑහෙන දවසකට කලින්...
http://www.elakiri.com/forum/showpos...postcount=1036
|
 |
Senior Member
|
|
Posts: 2,793
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
|
|
|
04-24-2011, 01:13 PM
බුදුහාමුදුරුවෝ 'සත්වයා' කියල කිව්වේ මේ අපි හිතන අලි, කොටි, වලස් නැත්නම් බල්ලෝ, බළල්ලු, මාළු වගේ සත්තුන්ට විතරක් නෙවෙයි කියල දන්නවා නේද? ඒ 'සත්වයා' කියල කිව්වේ තමන්ටම කියල අනන්‍යතාවයක් (identity) තියන, ඒත් ඉපදෙන මැරෙන ස්වභාවයෙන් ගැලවෙන්න බැරුව, දිගින් දිගට පැවතගෙන ආව හෑම සියලු දෙනාටම!! ඔය එකම අනන්‍යතාවය තියන සත්වයෝ ඉන්නෙත් මුළු විශ්වයටම එක්කෙනෙක් විතරයි!!! සිත දියුණුකල, ඉර්දී බල වඩවා ගත්තු උදවියට එකවර කිහිප තැනක පෙනී සිටින්න පුළුවන්!!! ඒත් මුළු විශ්වයටම එක ID එකෙන් ඉන්නේ එක්කෙනෙක් පමණයි!!! සංසාරේ රැඳී සිටිනා තාක් කල් යම්කෙනෙක්ගේ අනන්‍යතාවය, එම ID එකෙන් හඳුන්වන සත්වයාගේ පැවැත්ම, විශ්වයේ කොහේ හරි තියෙනවා!!! පිරිණිවන් පෑවාම ඒ ID එක vanish වෙලා යනවා... එම අනන්‍යතාවය තිබුණු සත්වයාගේ පැවැත්ම එතැනින් අවසාන වෙනවා!!! ආයේ එහෙම කෙනෙක් මුළු විශ්වයේ කොහෙවත්ම නැහැ!!! එයා ඉවරයි!!! ...බය උනාද??
|
|
Senior Member
|
|
Posts: 514
Join Date: Sep 2010
|
|
|
04-24-2011, 02:03 PM
අන්න ආවා point එකට. ඔය ID එක තියෙන්නේ කොහෙද?
|
 |
Senior Member
|
|
Posts: 2,793
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
|
|
|
04-24-2011, 03:01 PM
Quote:
Originally Posted by Damith Kariyawasam
~ මේ ලැබිච්ච දුර්ලභ / වාසනාවන්ත අවස්ථාවත් ගිලිහිලා යන්න පුළුවන්... එහෙම උනොත් හරි අපරාදේ! ඔයාල පව් වෙනවා!! මට time තිබුනොත් මං එහෙම වෙන්න දෙන්නේ නෑ!!!
|
මට පේනවා, සමහරු මට 'දෙපැත්තෙන්ම හිනාවෙනාව' මේවා කියවල! 'මූ හිතන් ඇත්තේ ඌ හරි ලොකු පොරක්ය කියල වෙන්න ඇති...' කියල මංගැන හිතන උදවියත් තොග ගානක් ඇති මෙතන!! ඒත් ඇත්තම කතන්දරය නම්, එහෙම හිතෙන කෙනෙක් ඉන්නවා නම්, ඒ මහා පල් මෝඩයෙක්!! තමන් හරි උගතෙක්, බුද්ධිමතෙක්, ලොක්කෙක් කියල හිතන කවුරුහරි ඉන්නවනම්, ඒ ඇත්ත නොදන්න, මාන්නයෙන් අන්ධ වෙච්ච, හිස් පුද්ගලයෙක්ම විතරයි!! 'ඉදිමෙන්නේ' හිස් මිනිස්සු තමයි!! යමෙක් සත්‍ය අවබෝධ කරන්න කරන්න ඒ පුද්ගලයා බිමටම බහිනවා... බිමින්ම ඉඳගන්නවා... සාරිපුත්ත හාමුදුරුවෝ තමයි හොඳට දැනෙන්නම මේ බව කියල දුන්නේ!!! (සාරිපුත්ත සිහනාද සුත්‍රය). උන්වහන්සේ පොලව වගෙයි කිව්වා, පාපිස්සක් වගෙයි කිව්වා, කුණු/දූවිලි පිහිදාන්න ගන්න රෙදි කෑල්ලක් වගෙයි කිව්වා... නිහතමානියි කියන්නේ, වෙන නම් කියන්න වචන නැහැ!!! ඇත්ත දැකල, බිම ඉඳගත්තම අනික් උදවිය ගැන ඇතිවෙන බොක්කෙන්ම එන අදහස තමයි මාත් ඔය කිව්වේ!!
'සායි' උන්නැහැත් ගියා නේ නේද?? සැහෙන 'ලොකු' පුද්ගලයෙක් නේ... මෙට්‍රික් ටොන් ගානක් පිරිසත් පිරිවරාගෙන හිටිය කෙනෙක් නේ... ඒත් මලා!!! වැඩේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු විදියට නම්, දැන් උන්නැහැ ගැන කතා කරන්නවත් දෙයක් නැහැ!!! බුදුහාමුදුරුවෝ කියා දුන්නේ මිථ්‍යාදෘෂ්ඨික පුද්ගලයාට මරණින් මත්තේ උපත් දෙකයි කියලයි... 1) නිරය 2) තිරිසන් ලෝකය. ඉතින්??? ...හොඳ වෙලාවට දැන් 'වංගීස' වගේ උදවිය නැහැ!! නැත්නම් මලසේක! වෙනවා. {වංගීස කියන පුද්ගලයාට හැකියාව තිබුනලු මැරිච්ච කෙනෙකුගේ හිස්කබලට තට්ටු කරලා, ඊළඟට ඉපදිලා ඉන්න තැන කියන්න! බුදුහාමුදුරුවෝ එයා හරි කියලත් කිව්වා. හැබැයි ඒ උත්තමයත් අන්තිමේ උතුම් අරහත්වයට පත්වෙලා පිරිණිවන් පැවලු!!} දැන් එහෙම කෙනෙක් ඉඳල 'ආ... අරය එහෙ ගියා, මෙයා මේ ගියා' කියල කියන්න තියාගත්තොත් එහෙම මහා ජංජාලයක් වේවි!! මේ හුඟ දෙනෙක් ඇත්ත නොදන්න හන්දනේ full ජොලියේ ඉන්නේ... තව තව 'පට්ට ආතල්ම' හොය හොයා ඉන්නේ...
|
|
Senior Member
|
|
Posts: 1,004
Join Date: Mar 2011
|
|
|
04-24-2011, 08:40 PM
බුදුහාමුදුරුවෝ කියා දුන්නේ මිථ්‍යාදෘෂ්ඨික පුද්ගලයාට මරණින් මත්තේ උපත් දෙකයි කියලයි... 1) නිරය 2) තිරිසන් ලෝකය. ඉතින්??? .
බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් කියලා තියනවද ?
ඉන්දියා වේ ධ්‍යාන ලාභී යෝගීන් බ්‍රහ්ම / දිව්‍ය ලෝක වල උපදින්නේ නැද්ද ?
යේසුස් වහන්සේ , මහමත් තුමා සරණ ගිය අය ට නිවන් දකින්න බැරිවුනා ට ධාර්මික ජීවීත ගතකරණ පුද්ගලයන් ට දිව්‍ය ලෝක වල ට යාමේ අවස්ථාව තියනවා නේද ?
|
 |
Senior Member
|
|
Posts: 2,793
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
|
|
|
04-25-2011, 09:50 AM
Quote:
Originally Posted by 121221
බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් කියලා තියනවද ?
ඉන්දියා වේ ධ්‍යාන ලාභී යෝගීන් බ්‍රහ්ම / දිව්‍ය ලෝක වල උපදින්නේ නැද්ද ?
යේසුස් වහන්සේ , මහමත් තුමා සරණ ගිය අය ට නිවන් දකින්න බැරිවුනා ට ධාර්මික ජීවීත ගතකරණ පුද්ගලයන් ට දිව්‍ය ලෝක වල ට යාමේ අවස්ථාව තියනවා නේද ?
|
අය්යෝ!! ඔයා මේ basics වත් නොදන්න ධර්මයට / ධර්ම මාර්ගයට 'ළදරුවෙක්' ද??
නිරය, තිරිසන්, පෙරේත ලෝකවලට නොවැටෙන්න නම් තියෙන්නේ එකම ක්‍රමයයි!!! ඒ සෝතාපන්න වීම!!! වඩාත් පැහැදිලිව කිව්වොත්, සක්ඛාය දිට්ඨි / විච්කිච්චා / සීලබ්බත පරාමාස කියන ඒවා අන්සුමාත්‍ර වශයෙන්වත් නැතිවිය යුතුයි!!!
සෝතාපන්න වීමට නම්, මේ ජීවිතය තුලදී අඩුම ගන්නේ සොතාපත්ති අංග 4 වත් තමන් තුල උපරිමයෙන් ඇතිකරගත යුතුයි!!!
1) බුදුරජාණන්වහන්සේ ගැන නොසෙල්වෙන, ස්ථිර, 'මුල් බැසගත්තු' විශ්වාසයක්, පැහැදීමක් තිබිය යුතුයි!
2) ශ්‍රී සද්ධර්මය ගැන නොසෙල්වෙන, ස්ථිර, 'මුල් බැසගත්තු' විශ්වාසයක්, පැහැදීමක් තිබිය යුතුයි!
3) ආර්ය සංඝරත්නය ගැන නොසෙල්වෙන, ස්ථිර, 'මුල් බැසගත්තු' විශ්වාසයක්, පැහැදීමක් තිබිය යුතුයි!
4) ආර්යකාන්ත ශීලයෙන් යුක්තවිය යුතුයි!
ආර්යකාන්ත ශීලය යනු පන්සිල් රැකීම කියල තමයි හුඟක් වෙලාවට තෝරලා දීල තියෙන්නේ. ඒත් වඩාත් ගැලපෙන, නිවැරදි තේරුම නම් ආර්යාෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සති, හා සම්මා වායාම කියන අංග 3 වැඩීම කියලා තේරුම්ගන්න ඕනේ!!! එහෙම උනොතින් තමයි ඒ අංග 3 දියුණු කරන පුද්ගලයා කර්ම, කර්මඵල ගැන දැනගෙන, සිත දමනය කරගෙන, අකුසල් නොකරන්න/ප්‍රහාණය කරන්න සහ කුසල් කරන්න/දියුණුකරගන්න පියවර ගන්නේ. අන්න එයාට විතරයි දුගතිය පැත්තේ ඉඳලා සුගතිය පැත්තට ගමන් කරන්න ලැබෙන්නේ!!!
සත්වයා කියන්නේ සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවා ගන්න බැරුව ඉන්න කෙනෙක්!!! ඕනෙම පුද්ගලයෙක්, දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් කිව්වත් ඒත් සත්වයෙක්!!! ඒ කියන්නේ ඔයා ඔය අහල තියන්න උදවිය හැමෝමත් සත්වයෝම තමයි!!! ඒත්, එයාල බුදුරජාණන්වහන්සේව පිළිගත්තු / විශ්වාස කරපු උදවියද??? එයාල ශ්‍රී සද්ධර්මය පිළිගත්තු / විශ්වාස කරපු උදවියද??? නැහැ නේ... ඉතින් කොරන්න දෙයක් නැහැ!!! එයාල දැනටමත් යන තැන්වලට ගිහිල්ල ඇත්තේ...
මේ... ජීවිතේ කියන එක සෙල්ලමක් නෙවෙයි!!! බුදුවරු කරන දේකුත් නෙවෙයි!!! ස්වභාවික සංසිද්ධියක් විතරයි!!! ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමය හොයාගෙන, කියල දෙන්නේ බුදුවරු විතරයි!!! ඉතින්, බුදුකෙනේක්ගේ පස්සෙන් ඒ කියල දෙන පාරේ නොගොහින් වෙන වෙන මගුල් කර කර ඉන්න ඕනෙම 'ලොක්කෙක්' මැරිච්ච ගමන්, පට්ටම් සේරම විරෝපට්ටම් වෙලා යනවා!!! නවතින්නේ සතර අපායෙන් එකක තමයි!!!
|
 |
Senior Member
|
|
Posts: 2,793
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
|
|
|
04-25-2011, 11:47 AM
Quote:
Originally Posted by 121221
ධ්‍යාන ලාභී යෝගීන් බ්‍රහ්ම / දිව්‍ය ලෝක වල උපදින්නේ නැද්ද ?
යේසුස් වහන්සේ , මහමත් තුමා සරණ ගිය අය පුද්ගලයන් ට දිව්‍ය ලෝක වල ට යාමේ අවස්ථාව තියනවා නේද ?
|
ඇත්තටම නම්, මේ ප්‍රශ්ණේ මීට කලින් කෙනෙක් ජීවමාන බුදුරජාණන්වහන්සේගෙන්ම අහල තියනවා!!
එවෙලේ බුදුරජාණන්වහන්සේ ඒ පුද්ගලයාට කියල තියෙන්නේ මෙහෙමයි,
"ඔන්න මම දැන් ආපස්සට බලාගෙන බලාගෙන යනවා... අපි බලමු එහෙම ගිහින් තියන උදවිය ගැන..."
බුදුරජාණන්වහන්සේ නමකට මුළු විශ්වයම ගැන මෙහෙම ඉස්සරහට පස්සට විමසනවා කියන එක අපිට ඔය video එකක් rewind / fast forward කර කර බලනවා වගේ simple case එකක්!!! ඒ ගැන හිතන්න එපා! මොකද සාමාන්‍ය මිනිස්සු කාටවත් බුදුකෙනෙක් ගැන හිතල ඉවරකරන්න බැහැ!!! 'බුද්ධ විෂයෝ අචින්තියෝ'
ඉතින් එහෙම අතීතය විමසපු බුදුහාමුදුරුවෝ ටික වෙලාවකින් කිව්වලු, "මම කල්ප 91 ක් ආපස්සට බැලුව! ඒ කාලය තුල එකම එක අන්‍යාගමික පුද්ගලයෙක් විතරක් දිව්‍යලෝකයක උපතලබල තියනවා... හැබැයි එයත් කර්ම හා කර්ම ඵල විශ්වාස කල කෙනෙක්" කියල!!
ඔන්න ඔහොමයි කතන්දරේ සිද්ධවෙන්නේ...
හැබැයි මේක බුදුහාමුදුරුවෝ කරන දෙයක් නෙවෙයි!!!
|
|
Tags
|
ඌ හොද බෞද්ධයා, කල්‍යාණයෙක්, කිරිබත්ගොඩya, දකින්න බුදුදහම, දමිත් මාමා, දමිත් හොදයි, දමිත්ගේ වැදි බණ, බීලා නිවන් යැම., මම භෞතිකවාදී, මොංගල් දමිත්, යන්තං නිවන් ගියා, bhuddist kotiyek wage, damith කොට්යා, damith පිම්පියා, damith kariywasam kotiyek, damith=sanjeeme, joint damith, kiribathgoda ponnaya, love your neighbour, mahamewna sunamiya, moota mongal, pissan kotuwen awith, tag1, tag2, yanna onna menna  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|