පිළිවෙලකට භාවනාව හුරුවෙමු...

evertruth

Member
Oct 5, 2010
39
14
0
පිළිවෙලකට භාවනාව හුරුවෙමු...

unledu.png

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ

Listen......
http://www.dinamina.lk/kalanamithuro/

භාවනාව හුරුකරගැනීම ගැන කාරණා කීපයක් මම කියන්නම්. භාවනා පුරුදුවෙන්ට කල්පනා කරන අය විදිහට, භාවනාව හොඳින් පුරුදුවෙන්ට බලන්න. භාවනා කිරීමෙන් තමයි ධර්මය ජීවිතයට පමුණුවගන්ට අවස්ථාවක් තියෙන්නෙ.

හැබැයි දහම් දැනුම හොඳින් හදා නොගෙන භාවනා කිරීමෙන් වැඩක් නෑ. භාවනා නොකර දහම් දැණුම පමනක් හදාගෙන වැඩකුත් නෑ. දෙකම සමබර කරමින් කරන්ට ඕනැ. මතක තියා ගන්ට අපි කරන බණ භාවනාව ඉතාමත්ම පිළිවෙලකට, ක්‍රමානුකූලව කරන්ට අපි පුරුදුවෙන්ට ඕනැ.

ඒකට කියනව සකසලා පුරුදුකරනවා කියල. ඒ කියන්නෙ පිළිවෙලකට කරනවා කියල. එහෙම සකසලා පුරුදු කළේ නැත්නම්, පිළිවෙලකට කළේ නැත්නම් හිත බලවත් දෙයක් බවට පත්කරගන්ට අපිට පිළිසිඳ ගත්තට පස්සෙ, ඒ අම්ම තමන්ගෙ චර්යාවන් ඔක්කොම වෙනස් කරනව නේද? ඇයි ඒ? වටිනා දෙයක් දැන් මුණගැහිල. ඒක පිළිවෙලකට රැකගන්ට ඕනැ.

සමාන්‍යය චර්යාව වෙනස් කරල ඉතාම ප්‍රවේශම්කාරීව හැසිරීම ඇතිකරගන්නව. අන්න ඒ වගේ. අපි ඉතාම සිහිනුවණින් කටයුතු කරන්ට ඕනැ. ඊලඟට සිඟිති ළමයෙක් ලැබුනහම, ඒ ළමය රැකගන්ට කොච්චර උනන්දුවෙනවද. පරිස්සමින් ඒ ළමය රකින්නෙ. අර මස් වැදැල්ලක් වගේ ඉන්න ළමය අතින් අල්ලන්නත් බෑ. මොනව වෙයිද දන්නෙ නෑ. බලන්න කොයි තරම් පරිස්සම් වෙනවද? කියල.

අන්න ඒ වගේ පරිස්සමින් ආරක්ෂාකරල, පෝෂණය කරනව. ඊට වඩා අමාරු දෙයක් තමයි සිත නිවන දක්වා ගෙනයාම පිණිස පුරුදුකිරීම. අමාරුයි, දුෂ්කරයි. බැරුවයනව. හරියට මවු කුසක දරුවෙක් ඒ සිඟිත්ත බලවත් කරගන්ට නම් කටයුතු දෙකක් කරනට ඕනැ නේද? පෝෂනය කරන්ට ඕනැ, ආරක්ෂා කරන්ට ඕනැ. ඒ දෙකම කළ යුත්තේ පිළිවෙලකට, ක්‍රමානුකූලව, නිසිකලට, නිසිවිදිහටයි. එකයි ක්‍රමානුකූලව කියල කියන්නෙ.

අන්න ඒ විදිහමයි, අරම්භයේදීම ක්‍රමානුකූලව කටයුතු නොකළොත් අපිට අවසානයේදී කරගන්ට බැරිව යනව. එනිසා ආරම්භයේ ඉඳන් පිළිවෙලකට කටයුතුකරන්ට බලන්න. ඒකට හොඳම දේ තමයි තමන් තේරුම්ගන්න මම පුරුදුවෙනව කියල. කවදද ඒ පුරුදුවීම ඉවරවෙන්නෙ? ආශ්‍රව ක්ෂය කිරීමෙන් තමයි පුරුදුකිරීම ඉවරවෙන්නෙ. ඊට පස්සෙ පුහුණුයි එයා. එනිසා හොඳට මතකතියා ගන්ට අපි පුරුදුවෙන්ට ඕනැ, පුරුදුවෙන අය, කියල තේරුම්ගන්න.

එහෙම නොවුනොත් අපි චුට්ටක් කරල ඒ කරපුදෙයින් ආඩම්බර වෙනව. චුට්ටක් කරනව ඒකෙන් ආඩම්බරවෙනව "අපිට දැන් පුළුවන්" කියල. එයා ප්‍රමාදයට යනවා. ආඩම්බර වුනගමන් එයා තුළ ඇහුම්කන් දෙන ගතිය නැතිවෙලා යනව. තමා ඉස්මතුකරල කල්පනාකරන ගතියක් එනව. එනිසා හොඳට මතකතියාගන්ට ඉතාම වැදගත් දේ තමයි තමන් පුරුදුවෙනවා කියන අදහස හොදින් හිතේ තියාගෙන කටයුතුකරන්න.

එතකොට පුරුදුවෙන කෙනාගෙ ස්වභාවය මොකක්ද? හැම එකක් ම ඉස්සරල ඇසුරු කරනව, ටික ටික කර කර පුරුදුවෙනව. ඊට පස්සෙ ඒක තව ටිකක් හොඳට පුරුදුකරනව. ඊට පස්සෙ හොඳට පුරුදුවුනාට පස්සෙ බහුල වශයෙන් පුරුදුකරනව. අන්න ඒක මතකතියාගන්න. "ආසේවති, භාවේති, බහුලී කරෝති" කියල කියා දෙනව.

ඇසුරුකරන්ට ඕනැ, භාවිතා කරන්ට ඕනැ, බහුල වශයෙන් පුරුදුකරන්ට ඕනැ. අපි යම් ධර්මයක් ඇසුරුකරනව. හොඳට හුරුකරනව ටික ටික. කර කර පුරුදුවෙනව. ඊට පස්සෙ ඒක තව ටිකක් හොඳට පුරුදුකරගන්නව. භාවිතා කරනව. ඊට පස්සෙ අපි බහුල වශයෙන් පුරුදුකරනව. අපි යමක් ඇසුරුකළොත් තමයි ඒ ගැන ඉගෙනගන්ට පුළුවන් වෙන්නෙ. ඒකෙ වටපිටාව දැනගන්ට පුළුවන්වෙන්නෙ. ඊටපසසෙ වටපිටාව දැනගත්තම තමයි භාවිතා කරන්ට පුළුවන්. හොඳට භාවිතා කරන කෙනාට බහුල වශයෙන් පාවිච්චි කරන්ට පුළුවන් වෙනව.

අන්න ඒ වගේ තමයි බණ භාවනා වුනත්. අපි ටික ටික කර කර පුරුදුකරනව. ඊට පස්සෙ හොඳට පාවිච්චි කරන්ට පුළුවන් කලක් එනව. ඊට පස්සෙ පුළුවන් බහුල වශයෙන් ඒක පුරුදුකරන්න. අපි පුරුදුකරගන්නෙ නැතුව, හුරුකරගන්නෙ නැතුව බහුල වශයෙන් කරන්ට ගියාම අපි ඒ ගැන සිද්ධවෙන්නෙ මොකක්ද? කරන්නෙ මොකක්ද? දන්නෙ නෑනෙ. ඊට පස්සෙ ගැටළු ඇතිවෙනව. ඒ ගැටළුවලට විසඳූම් දෙන්ට අමාරුයි. මොකද මේක හිතක හටගන්න දෙයක් නිසා. බාහිර ශරීරයෙ එකක් නෙවෙයි. ඒ නිසා බණ භාවනාව පුරුදුකිරීම හොඳට කල්පනාවෙන් ටික ටික පුරුදුවෙන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!
 

evertruth

Member
Oct 5, 2010
39
14
0
අපි භාවනා හුරුවෙමු....

අපි භාවනා හුරුවෙමු

unledu.png

LISTEN..... අසන්න
http://www.dinamina.lk/kalanamithuro/mp3/n1104011.mp3

භාවනාව ආරම්භයේදී ගොඩාක් අය කරන්නෙ කළබලේට දුවල එනව, ඉඳගන්නව, භාවනා කරගෙන කරගෙන යනව. සමහර අයට අන්තිමට කොහේද ගියේ කියල හොයාගන්ට බෑ. එනිසා කළබලේට භාවනා කරන්ට එපා. වාඩිවෙලා ඇස් වහගන්න කලින් සිහිය උපද්දවගන්න. තමන් කොතැනද ඉන්නෙ කියල කල්පනාව ඇතිකරගන්න.

ඊට පස්සෙ හිමිහිට ඇස් වහගෙන තේරුම්ගන්න "මම කොහෙද ඉන්නෙ?" කියල. ඊට පස්සෙ වාඩිවෙලා ඉන්න ඉරියව්වට සිහිය පිහිටුවගන්න. ඊළඟට තමන් කරන භාවනා මනසිකාරයට හිමිහිට හිත ගන්ට ඕනැ. ඊලඟට මතක තියාගන්න භාවනා කරන අතර විටින් විට කොන්ද ඍජුකරගන්න. එතකොට මැලිකම ටික ටික කැඩෙනව. ඒක පොඩි උපක්‍රමයක්.

ඊළඟට පුරුදුනැති කෙනා එක දිගට පැය ගණන් කරගෙන යන්නෙ නෑ. ටික ටික කර කර හුරුකරගන්න. එතකොට අපිට ආසාවක් ඇතිවෙනව තමන් කරන දේ පිළිබඳ ව. ඇයි ටික ටික පුරුදුවෙනව. පුරුදුවෙන්ට පුරුදුවෙන්ට කාලය වැඩිකරගන්න. ඊළඟට භාවනාවෙන් අයින්වෙන්න කලින් භාවනා මනසිකාරය නතරකරල "සමාධිය බැසයත්වා" එහෙම නැත්නම් " සමාධියෙන් නැගීසිටිමි" කියල අපි හිතන්න ඕනැ.

ඒකත් උපක්‍රමයක්. එහෙම කරන්නේ අපි භාවනා කරනකොට යම් කුසල් අරමුණක් සිහිකරනව. එතකොට අපි ඒ කුසල් අරමුණ මෙනෙහි කරන්න කරන්න ඒ කුසල් අරමුණේ හිත එකඟවීම තමයි කලකදී සිද්ධවෙන්නෙ. ඒ සඳහා තමා භාවනා කරගෙන යන්නෙ.

එතකොට ඒ කුසල් අරමුණේ හිත එකඟවීම තමයි සමාධිය කියල කියන්නෙ. නමුත් ආරම්භයේදී කෙනෙකුට ඒක නෑ. ආරම්භයේදී කෙනෙකුට කුසල් අරමුණේ හිත පිහිටුවගන්ට බැරිවෙන්ට පුළුවන්. එයා උත්සහයක් ගන්නෙ පුරුදුවෙන්න. නමුත් අපිට මේ පුරුදුවේගන යනකොට එකපාරට තේරෙනවද "දැන් කුසල් අරමුණේ හිත පිහිටිය" කියල. එකපාරට තේරෙන්නෙ නෑ. ඇයි ඒ? ඒක ක්‍රම ක්‍රමයෙන් ඉතා සියුම් විදිහට සිද්ධවෙන එකක්.

එතකොට යම් දුරක් හොඳට පුරුදුවෙච්ච කෙනාට කුසල් අරමුණේ හිත තියෙනව. ඒ කියන්නෙ එක අරමුණක හිත පිහිටල තියෙන්නේ. අපි භාවනාවෙන් නිදහස්වෙනකොට අයින්වෙන කොට ඒ අරමුණේ ම හිත තියෙද්දී ඇස් අරින්නෙ නෑ. නැගිටින්නෙ නෑ. හේතුව භාවනාවෙන් අයින්වුන ගමන් හිත භාවනා අරමුණේ නෙවෙයි තියෙන්නෙ, සාමාන්‍යය ස්වභාවයට පත්වෙනව.

දැන් භාවනා කරන වෙලාවයි සාමාන්‍යයෙන් ඉන්න වෙලාවයි වෙනස් නේද? නිකන් ඉන්න වෙලාවට හිත එක එක අරමුණේ තියෙන්ට පුළුවන්. ඇස් ඇරල භාවනාවෙන් අවධිවුන ගමන් හිත විවිධ අරමුණු ඔස්සේ යන්ට පුළුවන්. නමුත් අපි භාවනා කරනකොට එක අරමුණකට හිත පවත්වගන්ට උත්සාහකරනව. එතකොට අපි එක අරමුණක හිත තියන් ඉඳල එකපාරට ඇස් ඇරල නැගිට්ටොත් මොකද වෙන්නෙ? ගැටලු ඇතිවෙන්ට පුළුවන්.

ඇයි අපි උත්සාහ කරනව හිත අරමුණක තියන්ට. දැන් අපි එතැනින් අයින්වෙන්ට නම් මොකද කරන්න ඕනැ?. ඒ අරමුණෙන් හිත අයින්කරගන්ට ඕනැ. ඔන්න ඇඳක කෙනෙක් හාන්සිවෙලා ඉන්නව. එයා රැහැන් පටකින් ඒක තියෙද්දි නැගිටින්න ගියොත් මොකද වෙන්නෙ? ගැටලු ඇතිවෙනව නේද? අන්න ඒ වගේ අපි හිත එක අරමුණක ගැටගහල තියන්ට උත්සාහ කරනව. ඒ අරමුණේම පවත්වන්ට උත්සාහකරල කරල එකපාරට නැගිටින්න ගියොත් මොකද වෙන්නෙ? ගැටලු ඇතිවෙනව.

ඇ‍ඳේ ගැටගහල. දැන් එයාට නැගිටින්ට ඕනැ. මොකක්ද කරන්නෙ? රැහැන්පට අයින්කරන්ට ඕනැ. ඒ නිසා අපි ආරම්භයේ ඉඳල ම ඒ අරමුණෙන් හිත අයින්කරගැනීම සඳහා උපක්‍රමයක් පුරුදුකරනව. ඒ උපක්‍රමය තමයි "සමාධියෙන් නැගීසිටිමි" කියල කියන්නෙ. මතක තියාගන්ට ඒක උපක්‍රමයක්. අපි හිතමු සමාධිය හොඳට ඇතිකරගත්ත කෙනෙක් ඉන්නව. එයාට පහසුවෙන් ඒ කුසල් අරමුණෙන් හිත අයින්කරගන්ට පුළුවන්. එයාට ගොඩාක් හිත හිත ඉන්ට ඕනැ නෑ.

සිතිවිලි මාත්‍රයකින් සමාධියෙන් අයින්වෙන්න පුළුවන් කලක් එනව. එහෙම පුළුවන් වෙන්නෙ අරම්භයේදී අර වගේ පුරුදුකරගැනීමෙන්. එහෙම පුරුදුනොකරගෙන ඒ සමාධි අරමුණින් හිත අයින්කරගන්නෙ නැතිව හිටියොත් එහෙම සමහරවිට යම් යම් අපහසුකම් ගැටලු ඇතිවෙනව. ඊළඟ දේ තමයි ඒ විදිහට පුරුදුවීමෙන් පස්සෙ, භාවනාවන් හොඳට පුරුදුවෙනකොට, සමාධියට සමවදින්ට, සමාධියෙන් නැගීසිටින්ට ඒ කුසලයන් අපි පුරුදුකරගන්ට ඕනැ කලක් එනව. ඒකට පහසුයි ආරම්භයේ ඉඳලම ඒ විදිහට පුරුදුවීම.

"සමාධි කුසල" හොඳට නැත්නම් එයාට ඉහළ සමාධිවලට යන්ට බෑ. සමාධිය ඉහළට දියුණුකරගන්ට පුළුවන්කමක් නෑ. සමාධි කුසල කියල කියන්නෙ විශේෂයෙන් ම සමාධියට සමවැදීම, සමාධියෙන් නැගීසිටීම සහ සමාධිය තුළ ඉන්ට බැරිනම් ඒ කුසල් නැත්නම් ඒ හැකියාව නැත්නම් එයාට ඉහළ සමාධිවලට යන්ට බෑ.

ඉතින් අන්න ඒ සමාධි කුසලයන් ඇතිකරගන්ටත් අපිට උපකාරවෙනව ආරම්භයේ ඉඳලම "සමාධියෙන් නැගීසිටිමි" කියල භාවනාවෙන් නැගිටින්න කලින් පුරුදුවීම. ඒ නිසා සමාධියෙන් නැගිටින්න පෙර කළබලේට කඩිමුඩියෙ නැගිටින්න පුරුදුවෙන්ට එපා. නැගීසිටින්ට පෙර "සමාධියෙන් නැගීසිටිමි" කියල පුරුදුවෙන්ට ඒක පහසුයි. ලොකූ උපකාරයක් තියෙන එකක්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි​

http://dhammamedicine.blogspot.com/
 
Last edited:

evertruth

Member
Oct 5, 2010
39
14
0
රටාව දැන භාවනාව හුරුවෙමු ....

unledu.png

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ
LISTEN..... අසන්න

http://www.dinamina.lk/kalanamithuro/
රටාව දැන භාවනාව හුරුවෙමු​



භාවනා කරනකොට පවත්වන යම් භාවනා මනසිකාරයක් තියෙනවානම්, ඒ මනසිකාරය සඳහා භාවිතාකරන වචන වෙනස්කරන්ට එපා, ඒ වචන දිගට ම පාවිච්චිකරන්න.

දැන් අපි මෛත්‍රී භාවනාව සඳහා වචන භාවිතා කරනව නේද? "මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊරිසියා නැත්තෙක් වෙම්වා" කියල. ඒ වචන වෙනස්කරන්නෙ නැතුව, ඒ වචන ටිකම පාවිච්චි කරන්න.

අනිකුත් භාවනාවලදිත් එහෙමයි. අපි පාවිච්චි කරන වචනටිකමයි පාවිච්චිකරන්නෙ. ඊලඟට අපි තමාට සුදුසු රටාවකට තමයි මේක මෙනෙහිකරන්නෙ නේද? හැමෝම එකම රටාවකට මෙනෙහි කරන්නෙ නෑනෙ. ඒ රටාව වේගෙන් වේගෙන් කරන්ට එපා. ගොඩාක් හෙමිහිටත් එපා. යම් මට්ටමකින් ශාන්ත විදිහට මෙනෙහි කරන්න.

ගොඩාක් හිමිහිටත් නෙවෙයි. ගොඩාක් හයියෙනුත් නෙවෙයි. අන්න ඒ දෙක ඉතාම වැදගත්.

ඒ වචන වෙනස් කරන්ට එපා ඒ වචන ටික ම හුරු කරන්ට ඕන. ඊලඟට තමන් පුරුදු කරන රටාව, රටාව කියල කියන්නෙ රිද්මය. ඒ රිද්මයට ම පුරුදු කරගන්ට.

ඊලඟ දේ තමයි ඒ භාවනාව කරන අතර, වෙන වෙන සිතුවිලි මෙනෙහි කරන්න යන්ට එපා. එක එක දේ හිතන්ට යන්ට එපා. එතකොට අපිට පිළිවෙලකට භාවනාව කරගන්ට පුළුවන්කමක් ඇතිවෙයි. ඒ කාරණා වරද්දා ගත්තොත් අපිට භාවනාව සාර්ථක කරගන්ට අමාරුවෙයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!
 
Last edited:
  • Like
Reactions: Sachchaka

evertruth

Member
Oct 5, 2010
39
14
0
භාවනාවට ආරම්භයක්...

unledu.png

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ


භාවනාවට ආරම්භයක්...
අසන්න
http://www.dinamina.lk/kalanamithuro/mp3/n1104191.mp3

කියවන්න
http://www.dinamina.lk/kalanamithuro

භාවනාව හොඳින් කල්පනාවෙන් ටික ටික පුරුදුවෙන්න. භාවනා කරනකොට පිළිවෙලකට කරන්න. මුලින්ම හිතන්න මම පුරුදුවෙන්ට ඕනැ කියල. ඒ භාවනාවෙන් අපිට ලැබෙන යහපත ගැන හිතන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් දෙයක් අපි කරන්නෙ කියල සතුටුවෙන්න. ඒ විදිහට ටික ටික පුරුදුවෙන්න.

භාවනාවට ඉඳගන්නකොට, එකපාරට ඉඳගත්ත ගමන් භාවනා කරගෙන කරගෙන යන්නෙ නෑ. ඉස්සෙල්ල හොඳට සිහිය උපදවාගන්න. සිත යි කය යි දෙකම සැහැල්ලුව පවත්වාගන්න. සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නෙ, වාඩිවුනා ඇස්වහගත්ත ඉතින් භාවනා කරනව. ටිකකින් කොහේද ගියේ කියලවත් දන්නෙ නෑ. ඒ කියන්නෙ සිහිය ඉපදිලා නෑ. ඒ නිසා භාවනාවට පෙර සිහිය උපදවාගන්න.

ඒ උපදවාගත්ත සිහිය තමයි දියුණු කරගන්නෙ. අපි භාවනා කරන්ට වාඩිවෙනකොට ම අපි අහවල් තැන ඉන්නෙ කියල හොඳට තේරුම්ගන්න. ගෙදරනම් ගෙදර ඉන්නෙ. කාමරේ නම් කාමරේ ඉන්නෙ කියල හොඳට සිහිය උපදවා ගන්න. ඒ කරල ඇස්වහගෙන, ඊට පස්සෙත් තේරුම් ගන්න, ගෙදර නම් "මම දැන් මේ ගෙදර ඉන්නෙ" කියල. නැත්නම් ඇස්වහගත්තට පස්සෙ මුකුත් මතක නෑ.

අපි වැඩ ඔක්කොම "දඩි බිඩි" ගාල ඉවරකරල කලබලේට එනව, ඇවිල්ල භාවනා කරන්ට ඉඳගන්නව. ඉඳගෙන මෙනෙහි කරන්ට පටන්ගන්නව. ටිකකින් කොහේ ගියාද මතක නෑ. ඒ නිසා ගිහිල්ල ඉඳගෙන භාවනා කරන්ට පටන්ගන්ට කලින් හොඳින් සැහැල්ලුවෙන් හිතන්න, ගෙදර නම්, "මම මේ ඉන්නෙ ගෙදර" කියල තේරුම්ගන්න.

ඇස් වහගෙනත් හිතන්න "මම මේ ගෙදර අසවල් තැන ඉන්නෙ" කියල. කාමරේ හරි, සාලෙ හරි, මම ඉන්නෙ මෙතන කියල තේරුම්ගන්න. එතකොට ඔය කලබලගතිය ටික ටික අයින්වෙලා යනව.

ඉස්සරලාම ඇස්වහගෙන ඉන්න ඉරියව්වට හිත පිහිටුවගන්න. ඉරියව්ව සිතින් හොඳට තේරුම්ගන්න. එතකොට ටික ටික සිහිය පිහිටනව. ඉතින් මේවට ගොඩාක් කාලය ගන්ට එපා. ඉන්න ඉරියව්වට සිහිය පිහිටපුවාම අපිට සිහිය ඉපදිලා. දැන් අපි කරන භාවනා මනසිකාරයට හිත පිහිටුවාගන්න. මෛත්‍රි භාවනාව හරි අසුභය හරි කරන භාවනාවට හිත පිහිටුවාගන්න.

ඒ කරන භාවනා මනසිකාරය ඉස්සෙල්ලාම කරනකොට ටිකක් පුරුදුකරනව. ගොඩාක්වෙලා කරන්නෙ නෑ. ඊට පස්සෙ ඒ මනසිකාරය නතර කරල එකපාරට ඇස් අරින්නෙ නැතුව පුංචි වෙලාවක් නිශ්චලව ඉඳල හිතන්න " සමාධිය බැසයත්වා.." එහෙම නැත්නම් "සමාධියෙන් නැගීසිටිමි" කියල හිතන්න.

ඇයි ඒ විදිහට අපි කරන්නෙ. භාවනාවෙන් අපි අපේක්ෂා කරන්නෙ කුසල් අරමුණක හිත එකඟකරන්ට යි. එතකොට ඒ කුසල් අරමුණක හිත එකඟකරනවිට ආරම්භයේ ඉඳන්ම අපි පුරුදුවෙන්ට ඕනැ. සාමාන්‍යයෙන් ඉන්නකොට එකඟ වූ සිතක් නෙවෙයි තියෙන්නෙ. හිත එක අරමුණක තියෙන්නෙ නෑ සාමාන්‍යයෙන් ඉන්නකොට.

නමුත් අපි භාවනා කරනකොට සිත එක අරමුණකට අරගන්නව. අපි භාවනාවෙන් අයින්වෙන්ට කලින්, ඒ එක අරමුණක තියෙන ස්වභාවය අයින් කරගෙන සාමාන්‍යය තත්වයට ගන්ට ඕනැ. සාමාන්‍යය ස්වභාවයට පත්කරගන්ට ඕනැ. අන්න ඒක තමයි අපි "සමාධියෙන් නැගීසිටිමි" , "සමාධිය බැසයත්වා" කියල හිතන්නෙ. ඒ එකඟ වූ ස්වභාවයෙන් අයින්වෙලා සමාන්‍යය ස්වභාවයට එන්ට යි. ඒක ආරම්භයේ ඉඳලම පුරුදුකළොත් තමයි අපිට භාවනාව හොඳින් පුරුදුකරගන්ට පුළුවන්කමක් තියෙන්නෙ.

එතකොට ආරම්භයේ ඉඳන්ම භාවනාවෙන් අයින් වෙනකොට, හිතේ එකඟතාවය අයින්කරගෙන සමාන්‍යය තත්වෙට එන්ට පුරුදුවෙන්න. ඉතින් මුලදි එකඟතාවයක් තියෙනවද? නැද්ද? කියල හොයන්ට අවශ්‍යය නෑ. ඒක ටික ටික කලකදි හටගනියි. කලකදී එකඟතාවය හටගත්තට පස්සෙ අපිට මේක පුරුදුකරන්ට අමාරුවෙන්ට පුළුවන්. ඒකයි මුලඉඳන්ම පුරුදුකරන්නෙ.

එතකොට අපි කලක් පුරුදුකරගෙන යනකොට අපේ හිත අර එකඟතාවයෙන් අයින්වෙලා ඉන්ට පුරුදුයි. එකඟතාවය තුළ ඉන්ටත් පුරුදුයි, ඒකෙන් අපිට අයින්වෙලා ඉන්ටත් පුරුදුයි. ඒ රටාව අපිටහුරුවෙනව. අන්න එහෙම පුරුදු කරගත්තහම, කලකදී හිත හොඳට එකඟවෙනකොට, ඒ සිත හොඳට එකඟවෙලා බලවත් බවට පත්වෙනකොට, ඒ සිතේ බලවත් සමාධි උපදවගන්ට එයාට පුළුවන්කම තිබෙනව.

අපි හිතමු පළවෙනි ධාන්‍යය, දෙවෙනි ධාන්‍යය මේ ආදී සමාධි එයාට උපදවගන්ට පුළුවන් උනොත් අන්න ඒ වෙනකොට එයා සමාධියට සමවදින්ට පුරුදුවෙන්ටත් ඕනැ, නැගීසිටින්ට පුරුදුවෙන්ටත් ඕනැ. ඒ සමාධිය තුළ ඉන්ට පුරුදුවෙන්ටත් ඕනැ. අන්න ඒකටත් උදව්වෙනව අර මුල ඉඳන්ම හිතේ එකඟතාවය අයින්කරගන්ට පුරුදුවීම. ඒක භාවනා පුරුදුවෙන කෙනා ආරම්භයේ ඉඳන්ම පුරුදුවීම තමයි හොඳ. එහෙම කෙනාට භාවනාව හොඳට හුරුකරගන්ට පුළුවන්. පිළිවෙලකට භාවනා හුරුකරගන්ට ඒ ක්‍රමේ අනුගමනය කරන්න.

ඊලඟ දේ තමයි ටික ටික කර කර පුරුදුවීමත්, ආරම්භයේදීම ඒ භාවනාවට කැමැත්ත උපදවගැනීමත්. කැමැත්ත උපදින්නෙ ඒ භාවනාව මඟින් ඇතිකරගන්න කුසලයට අපි කැමතිවීමෙන්. ඊලඟට භාවනා ඉවරවෙලත් කරපු දේ ගැන හිතල සතුටක් උපදවගන්න. කරපු දේ සාර්ථකද? අසාර්ථකද? කියල නෙවෙයි අපි බලන්නෙ. කළ දේට සතුටුවෙන්න. මම යහපතක් කළා. බුදුරජාණන් වහන්සේ වදාල දෙයක් පුරුදුවුනා. ඒක මට හොඳයි. කියල සතුටුවෙන්න.

එතකොට එයාගෙ හිත කණගාටුව එන්නෙ නෑ. නැත්නම් එයා කළ දේට සතුටුවෙන්නෙ නෑ. කළ දේට සතුටුනොවන කෙනාට සමාධි උපදවගන්න බෑ. තමා කළ දේට සතුටුවෙන්න නැත්නම් එයාට බණ භාවනා දියුණුවෙන්නෙ නෑ. ඒ නිසා අපි බුදුගුණ සිහිකළා නම් ඒක වැඩුනද? නැද්ද? කියල හොයන්ට එපා.

මෛත්‍රිය පුරුදුකළා නම් අනේ මට හරිගියෙ නෑ කියල හිතන්ට එපා. "මම පුරුදුවුනානෙ, ඒක මට හොඳයි" කියල හිතන්න. ඒකයි අපි පුරුදුවෙන කෙනෙක් විදිහට ඉස්සෙල්ලාම පුරුදුවෙන්ට ඕනැ. පුරුදුවෙන කෙනා චුට්ටක් කළත් සතුටුවෙනව. ඇයි ඒ? එයා පුරුදුවුනා.

පුරුදුවෙන කෙනා පුරුදුවෙනකොට වැරදුනත් සතුටුවෙනවද? අඬනවද? සතුටුවෙනව. ඇයි එයා පුරුදුවෙනව. ඒ නිසා පුරුදුවෙනවා කියන අදහස තියාගන්න. එහෙම වුනොත් අපිට භාවනාව සාර්ථක කරගන්ට පුළුවන්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!
 

evertruth

Member
Oct 5, 2010
39
14
0
වැඩි වෙලාවක් සතිපට්ඨානය තුළ සිටිමු

unledu.png

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ

වැඩි වෙලාවක් සතිපට්ඨානය තුළ සිටිමු​

අසන්න
http://www.dinamina.lk/kalanamithuro/mp3/n1102141.mp3

ගොඩක් අයගේ අදහසක් තියෙනවා. භාවනා කරනකොට වාඩිවෙලා භාවනා කිරීම පමණයි කළ යුත්තේ කියල වාඩිවෙලා කරන භාවනාව පමණයි භාවනාව කියල හිතන්නෙ වාඩිවෙලා භාවනා කිරීම, භාවනා කරන එක ඉරියව්වක්, එහෙම නැත්නම් එක විදිහක් විතරයි.

වාඩිවෙලා විතරක් භාවනා කරන්න කැමති කෙනාල වාඩිවෙලා භාවනා කිරීම විතරක් භාවනාව කියල හිතන කෙනා, උත්සාහ කරන්නේ ම හැංගිලා ඉන්න. ඉතින් එයා අනිත් කටයුතුත් මගහරින්ට බලනව. එයා හිතන්නෙ අනිත් කටයුතු කරනකොට භාවනාවට බාධාවක් කියල. ඉඳගෙන කරන භාවනාව විතරයි භාවනාව කියල එයා හිතන්නෙ.

ඒ නිසා ඒ අදහස තුළ ඉන්නතාක් එයාට වෙනදෙයක් කරන්ට හිතෙන්නෙ නෑ. ඉතින් එයා ඉඳගෙන ඉන්න උත්සාහ කරනව. එහෙම එක දිගට ඉඳගෙන ඉන්න පුළුවන්ද කෙනෙකුට? බෑග ඉතින් ගිහිල්ල උත්සාහ කරනව ඒත් කරගන්ටත් බෑ. ඒ නිසා ,වාඩිවෙලා විතරයි භාවනා කරන්නේ, කියන අදහස අතහැරල දාන්න. අපි විශ්වාසකල යුත්තේ, අපි තෝරා බේරා ගතයුත්තේ සතිපට්ඨානය.

සතිපට්ඨානය තුළ වාසය කරන්ට යම් කෙනෙක් පුරුදු වුණොත් එයා තද නින්දෙදි හැර අන් හැම වෙලාවක ම භාවනාවක් තුළ තමා ඉන්නෙ. ඒ නිසා සතිපට්ඨානය හොඳට ඉගෙනගන්න. ඉගෙනගෙන සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවගන්ට උත්සාහ කරන්න. ඒක එකපාරට නෙවෙයිල ටික ටික පුරුදුකල යුතු එකක්.

සතිපට්ඨානය තේරුම්ගත්ත කෙනා, වාඩිවෙලා ඉන්න විතරක් නෙවෙයි කැමති වෙන්නෙ, අනිත් හැම ඉරියව්වෙදී ම සිහිය පිහිටුවන්ට එයා කැමතිවෙනව. අනිත් හැම ඉරියව්වකදී ම සිහිය පිහිටුවන විදිහ සතිපට්ඨානය තුළ කියාදීල තියෙනව. සතිපට්ඨානය කෙරෙහි විශ්වාසය නැතිකෙනාල ඉඳගෙන ඉන්න විතරයි උත්සාහ කරන්නෙ. ටික කලකදි එයා ඒක අතහරිනව. යම් කෙනෙක් වාඩිවෙලා භාවනා කරන්නෙ නැති අනිත් හැම වෙලාවකදීම සිහිය පිහිටුවාගෙන නම් ඉන්නේ එයාට පහසුවෙන් වාඩිවෙලා ඉන්නත් පුළුවන්.

අනිත් වෙලාවෙදි සිහිය පිහිටුවන්නෙ නැතිකෙනාට වාඩිවුනහම ඉන්න බෑග අපි නිකන් ඉන්නකොට කතාකර කරල එක එක දේ කර කරල ඉන්නව නම්, ඉන්ද්‍රිය සංවරය පවත්වන්නෙ නැත්නම්, භාවනාවට වාඩිවුනායින් පස්සෙ පහසුවෙන් වාඩිවෙලා භාවනාකරන්ට බැරුවයනවා. ඒ නිසා වාඩිවෙලා ටිකක් භාවනා කලත් එයාට ඒක සාර්ථක කරගන්ට පුළුවන් අනිත් වෙලාවල් වලදී සිහිය පිහිටුවාගන්නවා නම්.

ඒ නිසා ඉන්ද්‍රිය සංවරය හදාගන්න, ඒ වගේම සම්පඤ්ඤය හදාගන්නග අන්න ඒ දෙක කරගන්න. ඒ විදිහට සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න. එතකොට කලක් යනකොට පහසුවෙන් ඉඳගෙන භාවනාකරන්ට පුළුවන්වෙයි. එහෙම නැත්නම් අපිට ඉඳගෙන භාවනා කිරීම කරගන්ට බැරිවයනව. ඇයි අපි හිතන්නෙ. ඉඳගෙන විතරයි භාවනා කරන්නෙ.

කියල. අනිත් වෙලාවෙදි භාවනා නෑ. එහෙම නැතුව සිහිය දියුණුකරගන්ට පුරුදුවෙනවා නම්, ඉන්ද්‍රිය සංවරය පුරුදුකරගන්ට කල්පනා කරනවානම් මේ ගොඩක් අර්බුද නෑ. නිදිමත ආදී ප්‍රශ්ණ අපිට පුංචි දේවල්. ඒව මුකුත් හිටින්නෙ නෑ. සුවපහසුවෙන් ඉන්ට පුළුවන්. වැඩි වෙලාවක් අපිට තියෙන්නෙ ඉන්ද්‍රිය සංවරය පුරුදුකිරීමත් සම්පඤ්ඤය පුරුදුකිරීමත්ග ඉතින් ඒවා අපි ටික ටික හුරුකරන්ට ඕනැ. එතකොට වැඩිවෙලාවක් කරන්ට තියෙන්නෙ ඒක. ඉඳගෙන ඉන්න තියෙන්නෙ ටිකක්. වාඩිවෙලා භාවනා කරන්ට තියෙන්නෙ ටිකයි.

එතකොට වැඩිවෙලාවක් ඉන්ද්‍රිය සංවරයත් සති සම්පඤ්ඤයත් පුරුදුකරන කෙනා ටික ටික වාඩිවෙලා භාවනා කරන්ට පුරුදුවෙනවා. කලකදි එයාට වැඩිවෙලාවක් වාඩිවෙලා ඉන්න පුළුවන්කමක් ඇතිවෙනව. නමුත් ඒක තේරුම්නොගන්න කෙනා ආරම්භයේදී ගොඩක්වෙලා ඉඳගෙන ඉන්න උත්සාහ කරනව. වැඩිකල් යන්ට කලින් එයා අසාර්ථක වෙනව.

ඒ නිසා ආරම්භයේදී වැඩිපුර කාලය ගතකරන්න සම්පඤ්ඤයටත් ඉන්ද්‍රිය සංවරය සඳහාත්. වාඩිවෙලා භාවනා කිරීම ටික ටික පුරුදුකරන්න. එයා කලක් යනකොට වැඩිවෙලාවක් ඉඳගෙන භාවනා කරන්ට පුළුවන්කෙනෙක් බවට පත්වෙයි. ඒ නිසා සතිපට්ඨානය හුරුකරගන්න. සතිපට්ඨානය හුරුකරගත්තොත් පොඩ්ඩ පෙඩ්ඩ ඉඳගෙන භාවනා කරල හුරුකරගන්න පුළුවන්. කලකදී අපි සාර්ථකයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!
 

evertruth

Member
Oct 5, 2010
39
14
0
ඉන්ද්‍රිය සංවරය ඇතිකරගනිමු...

unledu.png

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ

ඉන්ද්‍රිය සංවරය ඇතිකරගනිමු...

අසන්න...
http://www.dinamina.lk/kalanamithuro/mp3/n1103051.mp3


ඉන්ද්‍රිය අසංවරය තිබෙන තැනක සිල්පද ආරක්ෂා කරගන්ට බෑ, එයා තුළ සිල්පද ආරක්ෂාවීමක් ගැන කතා කරන්ට බෑ.

දොර ජනෙල් ඇරල තියෙනවනම්, ඒ දොර ජනෙල් ඇරල තියෙන තැනක තියෙන වටිනා බඩු මුට්ටු සොර සතුරන්ගෙන් බේරගන්නවා කියන එක ගැන කතාකරන්ට පුළුවන්කමක් නෑ.

අන්න ඒ වගේ යම් කෙනෙකුට සමාදන් වූ සිල්පද රැකගන්ට අමාරුනම් ඒකට හේතුව මොකක්ද? දොරගුළු නෑ. දොරවල් ජනෙල් ඇරල. මොනවද ඇරල තියෙන දොර ජනෙල් ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත. මේ ඉන්ද්‍රියන් අසංවර නම් සිල්පද රැකගැනීම අමාරුයි.

නමුත් වටිනා බඩු මුට්ටු තියෙන යම්කෙනෙක්, ඒ බඩු මුට්ටු රැකගන්ට කැමතිනම් එයා විසින් මොකකටද කැමතිවෙන්නෙ? දොරගුළු ලා ඒ භාණ්ඩ රැකගන්ට එයා කැමතිවෙනව. දොර ජනෙල් හොඳින් වහල තියාගන්ටයි එයා කැමතිවෙන්නෙ. ඇයි එයා එහෙම කැමතිවෙන්නෙ? වටිනා බඩු තියෙනව. වටිනා දේ වටිනවා කියල එයාට අදහසක් තියෙනව.

ඒ අදහස තියෙනකෙනා, ඒ වටිනා දේ රැකගැනීම පිණිස සොර සතුරන්ට ලංවෙන්ට බැරි විදිහට දොර ජනෙල් වහල මුරකාවල් දාල තියෙනව. සීලය උසස් දෙයක්, උතුම් දෙයක්, ශ්‍රේෂ්ඨ දෙයක්, අපේ ජීවිතය මුළුමනින් ම ශ්‍රේෂ්ඨත්වයට පත්කරන්ට අතිශය උපකාරවෙන දෙයක් කියල සීලය කෙරෙහි ගෞරවය උපදවගත්ත කෙනා, ඉන්ද්‍රියසංවර කරගන්ට කැමතියි. අන්න එයා ඉන්ද්‍රිය අසංවරය හීන දෙයක් විදිහට කල්පනා කරල බැහැර කරනව.

සීලය උසස් දෙයක්, උතුම් දෙයක් කියල කල්පනා නොකරන කෙනාට, ඒ ගැන වැටහීමක් නැතිකෙනාට ඉන්ද්‍රිය අසංවරය මිහිරි දෙයක් වගේ පේන්නෙ. ඇයි? එයාට ඊට වඩා වටින දෙයක් නැ.

නමුත් අපිට සීලය වටිනවනම්, සීලයනම් උසස්, සීලයනම් උතුම්, අපිට අදහසක් තියෙනව නම්, "මේ සීලය මගිනුයි මා උසස් බවට පත්කරන්නේ, සීලය මඟින් මා උත්තම බවට පත්කරන්නේ" කියල අන්න එයා ඉන්ද්‍රිය අසංවරය කියන ඒ හීන දේ, හීන දෙයක් විදිහට කල්පනා කරල, නින්දිත දෙයක් විදිහට කල්පනා කරල, පිළිකුල් දෙයක් විදිහට කල්පනා කරල, "මා වැනි කෙනෙකුට මේ ඉන්ද්‍රිය අසංවරය නුසුදුසුයි ගැලපෙන්නෙ නෑ, නොවටිනා දෙයක්" කියල කල්පනා කරල, ඒ ඉන්ද්‍රිය අසංවරය බැහැර කරගන්ට මහත් වූ වෙහෙසක් ගන්නව.

ඒක අමාරුයි. ලේසි දේවල් නෙවෙයි. නමුත් ඒ අමාරු, පහසු නොවන කටයුතු ජයගන්ට පුළුවන්වෙන්නේ උසස් අදහසකින් යුක්ත කෙනාටයි. හීන අදහසින් යුක්ත කෙනාට කවදාවත් ශ්‍රේෂ්ඨ අදහසක් ජයගන්ට බෑ. එනිසා සීලය ගැන උසස් අදහසක් උපදවගන්න. සීලය ගැන උසස් අදහසක් උපදවගත්ත කෙනාට, ඒ උතුම් වූ සීලය රැකගැනීම පිණිස, හීන වූ ඉන්ද්‍රිය අසංවරය අතහරින්න පුළුවන්.

ඒ හීන වූ ඉන්ද්‍රිය අසංවරය අතහරින්ටනම්, එයා මොකක්ද කලයුතු වන්නේ? සති සම්පජඤ්ඤ පුරුදු කලයුතුයි. සති සම්පජඤ්ඤ පුරුදුකරන කෙනා තුළ හිරි ඔතප් උපදිනව. හිරි ඔතප්වලින් යුක්තකෙනා තුළ ඉන්ද්‍රිය සංවරය උපදිනව. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තකෙනා තුළ සමාදන් වූ සිල්පද ආරක්ෂා වෙනව.

අන්න ඒ විදිහට සමාදන් වූ සිල්පද ආරක්ෂා වුණොත් එයා සීල සම්පන්නයි. එයා තුළ සීලය තියෙනව. සිල්වත් කෙනෙක්. අන්න එයා පසුතැවෙන්නෙනැති කෙනෙක් බවට පත්වෙනව. ඒ විදිහට පසුතැවෙන්නෙ නැතිකෙනා තුළ ප්‍රමුදිතභාවය උපදිනව. එසේ ප්‍රමුදිතභාවය සහිතව, ප්‍රමුදිතභාවයෙන් යුක්තව වාසයකරන කෙනා තුළ පී‍්‍රතිය ඉපදෙනව. ප්‍රීති සිතින් වාසයකරන කෙනා තුළ කායික සැහැල්ලුව ඉපදෙනව. කායික සැහැල්ලුවෙන් යුක්තව වාසයකරන කෙනා තුළ සැපය උපදිනව. සැපසේ වාසයකරන කෙනා තුළ සමාධිය ඉපදෙනව. සමාධි සිතින් යුක්තව ඉන්නකෙනා තුළ යථාභූත ඥානය උපදිනව. යථාභූත ඥානයෙන් යුක්තව ඉන්න කෙනා තුළ අවබෝධයෙන් කළකිරීම ඇතිවෙනව. එසේ කළකිරෙන කෙනා තුළ නොඇල්ම ඉපදෙනව. එසේ නොඇල්මෙන් යුක්ත කෙනා තුළ නිදහස්වීම සිද්ධවෙනව. නිදහස් වුනාට පස්සෙ "නිදහස්වුනා" කියන වැටහීම ඇතිවෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!
 

evertruth

Member
Oct 5, 2010
39
14
0
යෝනිසෝ මනසිකාරය හා විමංසාව තේරුම්ගනිමු

unledu.png

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ


යෝනිසෝ මනසිකාරය හා විමංසාව තේරුම්ගනිමු​

අසන්න http://www.dinamina.lk
http://www.dinamina.lk/kalanamithuro/mp3/n1102051.mp3

පින්වතුනි, ධර්මයේ යමක් ද තියෙන්නේ, ඒ ආකාරයෙන්ම හිතන එකට කියනව "යෝනිසෝ මනසිකාරය" කියල.

කළ්‍යාණ මිත්‍රයා යමක්ද කියන්නෙ, ඒක ඒ ආකාරයෙන්ම හිතනවට කියනව, යෝනිසෝ මනසිකාරය කියල. එතකොට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරනවානම්, සද්ධර්මයේ ගුණ සිහිකරනවානම්, සඟ රුවනේ ගුණ සිහිකරනවානම් ඒක අයිතිවෙන්නේ යෝනිසෝ මනසිකාරයට.

ඊළඟට යම් කෙනෙක් මේ ඇස අනිත්‍යයි, අනිත්‍යය වූ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියල මේ විදිහට ආයතන හය ගැනම සිහිකරනවානම් ඒක අයිතිවෙන්නේ යෝනිසෝ මනසිකාරයට.

යම් කෙනෙක් පටිච්ච සමුප්පාදය ධර්මයේ තියෙන ආකාරයෙන් ම සිහිකරනවානම්, අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙනව, සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙනවා, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙනවා, නාමරූප නිසා ආයතන හය ඇතිවෙනවා, ආයතන හය නිසා ස්පර්ශය ඇතිවෙනවා, ස්පර්ශය නිසා විඳීම ඇතිවෙනවා, විඳීම නිසා තණ්හාව ඇතිවෙනවා, තණ්හාව නිසා උපාදාන ඇතිවෙනවා, උපාදාන නිසා භවය ඇතිවෙනව.

භවය නිසා ඉපදීම ඇතිවෙනව, ඉපදීම නිසා ජරා මරණ දුක් දොම්නස් මේ ආදී සියලු දුක් හටගන්නව. මේ සියලු දුක් හටගන්නෙ මේ විදිහටයි, ලෝකය ඇතිවෙන්නෙ මෙහෙමයි කියල කල්පනා කරනවා නම් අන්න ඒක අයිති යෝනිසෝ මනසිකාරයට, ඒ වගේම ලෝකය නිරුද්ධවෙන ආකාරයට සිහිකරනවානම් අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවෙනව ඒ විදිහට පටිච්ඡ සමුප්පාදය සිහිකරනවානම් එතනත් යෝනිසෝ මනසිකාරය තමයි තියෙන්නෙ.

එතකොට ඒ ධර්මයේ තියෙන ආකාරයෙන් සිහිකරනවානම් ඒක යෝනිසෝ මනසිකාරයට අයිතියි. විමංසාව කියන්නෙ යෝනිසෝ මනසිකාරයට අයිති දෙයක්. ධර්මය තුළ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව ධාතු විදිහට, ආයතන විදිහට, ස්කන්ධ විදිහට මේ ධර්මයන් විමසල බලන ආකාරය. අන්න ඒ විදිහට අපි විමස විමසා බලන්ට පුරුදුවෙන්නේ විමංසාව තුළ.

එතකොට ඒකත් යෝනිසෝ මනසිකාරයට අයිති එකක්. දැන් අපි ශරීරය ගැන බලන්නෙ කෙස් තියෙනව, ලොම් තියෙනව, නියපොතු තියෙනව, දත් තියෙනව මේ විදිහට ශරීරයෙ ස්වභාවය විමස විමසා බලනවා නේද? ඒ වගේ යෝනිසෝ මනසිකාරයට ම අයිති දෙයක් විමංසාව කියල කියන්නේ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!