< කටුවන ලන්දේසි කොටුව >
sanddun @ Elakiri.com
All Rights Reserved
ලන්දේසින් ගැන නොදන්නා කෙනෙක් නැතුව ඇති
මොකද ලංකාව යටත් විජිත ඉතිහාසය තවමත් පැහැදිලිව දැකගැනීමට
බොහෝ නටබුන් රටපුරා විසිරී පවතින නිසා ..
නමුත් මම මේ කියන්න යන කටුවන ලන්දේසි කොටුව එතරම් ප්‍රසිද්දියක් උසුලන තැනක් නොවෙයි
මේක බලන්න එන්න පුළුවන් ප්‍රධාන මාර්ග දෙකක් තිබෙනවා
කොලබ රත්නපුර හරහා අබිලිපිටිය නගරට පැමිණ ඉන්පසු මිද්දෙනිය හරහා කටුවන නගරයට පැමිණිය හැකියි
නැතිනම් ගාල්ල හරහා මාතරට පැමිණ හක්මන වලස්මුල්ල හරහා කටුවනට ලගාවිය හැකියි
Google Map වලින් පාර
ලන්දේසි ජාතිකයින් විසින් රට අභ්‍යන්තරයේ ඉදිකරන ලද බලකොටු අතරින් වඩාත් සුරක්ෂිතව පවත්නා බලකොටුව කටුවන කොටුව වීම එහි පුරාවිද්‍යාත්මක වටිනාකම ඔප් නැංවෙන ප්‍රදාන කරුණකි
කටුවන බලකොටුව ඉදි කිරීමේදී මුලික වශයෙන් අංශ දෙකක් කෙරෙහි අවධානය යොමුකොට තිබේ
දකුණු මුහුදු තීරයේ සිය දේශ සීමාව හා කන්ද උඩරට දේශ සීමාව අතර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම
සිය වාණිජ අරමුණු ඉටුකරගැනීමේදී කලාපීය මිලදීගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම
කටුවන බලකොටුව අවට ප්‍රදේශයේ පිහිටීම ද බලකොටුවක් නිර්මාණය කිරීම උදෙසා මන යෝග්‍යතාවක් පෙන්නුම් කරයි. පොදුවේ සළකා බැලීමේදී අවට ප්‍රදේශයේ රැලි බිම් සහිත භුමි ලක්ෂණ පෙන්නුම් කලද බටහිර හා වයබ දිග මායිම් වල තරමක් උස කදු පන්ති පිහිටා තිබේ.
රම්මල් කන්ද , හිගුර කන්ද , කරවිල කන්ද ඒ අතර කැපීපෙනෙ. බලකොටුවට නැගෙනහිර දෙසින් වූ බිම්කඩ වෙරල ඉම දක්වා සමතල භුමි ප්‍රදේශයක් ලෙස පැතිර යයි. මෙම භුමි ලක්ෂණද බලකොටුවේ වැදගත්කම වඩාත් ඉස්මතුවීමට හේතුවී තිබේ
කටුවන ප්‍රදේශයේ පිහිටීම ආරක්ෂක මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් බෙහෙවින් වැදගත් වන බව ලන්දේසීන් අවබෝධ කර ගැනීමට පෙරසිටම පැරණි සිංහල පාලකයින් පවා දන සිටි බවට මුලශ්‍රමය සාධක තිබේ. නිදර්ශනයක් ලෙස මහා පරාක්‍රමබාහු රජ සමයේදී (ක්‍රි .ව 1153-1186) රුහුණු ප්‍රදේශය මුල්කරගෙන රජුට විරුද්ධව යුධ සංවිධානය කල සුගලා බිසවගේ බලකොටුවක් කටුවන තිබු බව මහාවංශය සදහන් කරයි
මෙහි එතිහාසික වටිනාකම මෙන්ම විශේෂයෙන්ම භූගෝලීය වැදගත්කම කටුවන ප්‍රදේශය මුල්කර ගෙන බලකොටුවක් ගොඩනැංවීමට හේතු පාදක වුවා නිසැකය .
කටුවන බලකොටුව හා වාස්තු විද්‍යාව
වර්ෂ 1645 දී ලන්දේසීන් විසින් ඉදිකරන්නට යෙදුනු කටුවන බලකොටුව දිග පළලින් අඩි 150 පමණ වන චතුරස්‍රාකාර නිර්මාණයකි.
මෙහි ප්‍රධාන කොටු පවුර පිටතින් අඩි 20 පමණ උසින් යුතු අතර එහි අභ්‍යන්තරය දල වශයෙන් අඩි 8 සිට අඩි 12 දක්වා වෙනස්වන උසකින් යුක්ත වේ. ප්‍රකාරය විශාල කළුගල් කුට්ටි යොදාගනිමින් හුනුබදාමයෙන් සකස්කර තිබේ. කෙසේ වෙතත් බලකොටුවේ වර්තමාන ශේෂිත තත්වය එහි පැරණි ව්‍යුහය හදුනා ගැනීම කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි. නමුත් ජෙර්මන් ජාතික යොහාන් වොල්ජ් ගන්ග් හයිට් 1734 දී කටුවනට පැමිණ බලකොටුව පිළිබද ඉදිරිපත්කර ඇති තොරතුරු යම් තරමකට මේ අඩුව පුරවාලීමට උපකාරී වෙයි. ඔහුට අනුව බලකොටුවේ බැස්ටියන් දෙකකට
වැඩ නොමැති නමුත් පහසුවෙන් කාලතුවක්කු 12 සවිකිරීමේ හැකියාව තිබිණි.
ගොඩනැගිල්ලට ප්‍රවේශ දොරටු ඇත්තේ එකකි. එහි වම පසින් බලකොටුව තුල ඉතා උස් වූ ගොඩනැගිල්ලක් දක්නට ලැබේ. එහි ඔරලෝසුවක්ද සවිකරතිබු අතර එය යුධෝපකරණ ගබඩාවට ඉහලින් දර්ශනය වෙයි. කොටුවේ ප්‍රකාරයට යාබදව දකුණු පසින් ඇත්තේ ප්‍රදාන අණදෙන නිලධාරියාගේ නිල නිවසයි. මිදුලේ දිග පැත්තේ ගබඩා ගෘහය දැකගත හැක. එහි කෙලවර යුධෝපකරණ කුටිය පිහිටා ඇත. දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙහි ඉහල මාලය පදිංචිය සදහා වෙන්වී ඇත. ඊට නුදුරින් ඇත්තේ කොස්තාපල් තැනගේ නිවසයි. බලකොටුවේ තවත් කෙළවරක උපකරණ වලින් පරිපුර්ණ ශල්‍යාගාරයක් දක්නට ලැබේ. ප්‍රදාන ප්‍රවේශයට වම්පසින් විශාල ළිදක් දක්නට ලැබෙන අතර ඒ අසල ප්‍රකාරයට නැගීම සදහා වූ සෝපාන පංතිය පිහිටා ඇත.
කටුවන බල කොටුව විනාශ වීමට බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ වර්ෂ 1761 පෙබරවාරි 06,07,08 තෙදින පුරා සිංහල හමුදාව විසින් එල්ල කල අකණ්ඩ ප්‍රහාර මාලාවයි. බර අවි (කාලතුවක්කු ) උපයෝගී කරගනිමින් එල්ල කල මේ ප්‍රහාරය හේතුවෙන් කොටුවේ ප්‍රධාන දොරටුව සපුරා විනාශ වූ අතර අභන්තර ගොඩනැගිලි වලටද විශාල අලාභ හානි සිදුවිය
ඉතින් ඔය ගොල්ලොත් හම්බන්තොට යනවනම් කටුවන කොටුව බලාගෙන යන්න අමතක කරන්න එපා
මොකද අපේ ඉතිහාසය අපිට ගොඩක් වටින නිසා

Last edited:

thanks a lot.. ++++