බිව්වාම වෙන දේවල් - දන්ත වෛද්‍ය පීඨයේ ඇත්ත &am

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිව්වාම වෙන දේවල් - දන්ත වෛද්‍ය පීඨයේ ඇත්ත &am

    මේ කතාව කියවන ඔබ අහයි මේක ඇත්තට ම වෙච්ච දෙයක්ද කියලා..ඔව් මේක ඇත්ත ම කතාවක්. මේක කියන්න කළින් මේ කතාවේ පසුබිම ගැන පොඩියක් කියන්න වෙනවා. නැත්නම් වැඩේ ටිකක් අවුල්.

    පීඨයේ පොදු දෙයක් තමයි වසර අවසාන විභාග කාරිය ඉවර වුනා ම ‍ඒ බැච් එකේ කොල්ලෝ ටික අක්ඛාස භෝගයට සෙට්වීම. මෙතන දී අපි සාමාන්‍යයෙන් (ඒ කියන්නේ කණ සාක්කුවට වැටෙන්න) සුරයන් ගේ පානය පරිභෝජනය කරනවා. මේ කතාවේ කතානායකයා ගේ නම මම නොකියා ඉන්නම්. අනික් හාදයා ගේ නම සුනිල්. අපේ කණ්ඩායමේ සාමාජිකයන්ට වඩා වසර 4ක් විතර වැඩිමල් නිසා අපි හැමෝම සුනිල්ට කතා කලේ සුනිල් අය්යා කියලා.

    ඔන්න පළමු වසර විභාගය අවසානයි. අම්මෝ දැනිච්ච සැනසිල්ල. අපේ කොල්ලෝ සෙට් එකේ 15ක් විතර මහවැලි නදිය ඉවුරට පොඩි සෙටමෝල් එකකට සෙට්වුණා. පොඩියට මද පවනක් දැනෙන කොට ඉතින් අමරදේවලා, කපුගේලා, ජෝතිලා, භාතිලා ඉතින් ඉවරයි...!! හැබැයි අපේ කතානායකයා මේ වෙන කොටත් අවුට් යන මට්ටමට දාලා. ඔය අල්ල පනල්ලේ සුනිල් අයිය සුළු දිය බරක් නිදහස් කර ගන්න පොඩ්ඩකට පැත්තකට ගිහිල්ලා අපි දැක්කේ නැතුව ම.

    දැන් ඔන් අපි ජෝති ව මරණවා.....!!!

    සුනිලවලා.......සළු පිළි පටලා.............
    සුනිලවලා.......සළු පිළි පටලා.............

    “අඩෝ මේ ඌට උඹල අපහාස කරන්ඩ එපා හරිද?” හිටි ගමන් අපේ කතා නායකයා බමණ මතින් කැරකැවි කැවී දාපි ගෝරනාඩුවක්.....අපි උඩ ගියා.....මොකක්ද ‍යකෝ මේ වෙන්නේ...???:shocked::shocked:

    “මොකද බං? උඹට වැඩි ද? නැත්නම් මදි ද?” මෙහෙම ඇහුවේ මගේ ආදරණීය නාවික හමුදාවේ දැනට ඉහල ම තනතුරක් හොබවන සහෝදරයෙක්.

    “ උඹල ඌට අපහාස කරන්නේ, අඩෝ උඹල කරල තියෙනවා ඌට වඩා කැ*කං හරිද? අනික මෙතන නැති එවුන්ට අපහාස කරන්න තොපිට ලැජ්ජ නැද්ද ප***නේ? මහත්මා ගති ඇතුව හැසිරියව් ප**. එන්නේ හු***ලා දොස්තරලා වෙන්න. ඇයි මොකද ඌ දකුණේ නිසා ද? අඩෝ ඌ තංගල්ලේ , මම බෙලිඅත්තේ හරිද? උඹල කොළඹ එවුන්ට එහෙම දකුණේ උන් ට අපහාස කරන්න දෙන්න බෑ හරිද?”:growl::growl:

    අම්මට සිරි!! දැං ඉෂූ එකත් වෙනස් වේගෙන එන්නේ. හොදට ගහල මූ එනවා අපිට මහත්තුරු වෙන හැටි කියල දෙන්න. මටත් දැං මළ සීමාව පැනගෙන එන්නේ. ඇයි යකෝ මගෙත් මුල් ගම දකුණේ මූට හැදිච්ච ලෙඩක්...:frown::frown:

    “මොකක්ද කැ* **** කියන්නේ කාටද යකෝ අපි අපහාස කලේ?” අපේ හාදයෙක් නැගිටල අල්ල ගත්තා අපේ මෑන් ගේ බෙල්ලෙන්....!! දැන් ඉතින් ආතල් කැඩෙන්නයි යන්නේ....!!:eek::eek::shocked:

    “ඇයි යකෝ ‍තොපි දැන් කිව්වේ සුනිල-වලා කියලා.......ඌ වලෙක් ද..? ඌට සළු පිළි පටල ගෙන ඉන්නේ නැතුව හෙළුවෙන් ඉන්න කියල ද තොපි කියන්නේ...යකෝ තොපියි හෙළුවෙන් ඉන්න ඕන කරන අවජාතක වැඩ වලට...!!!!”:rofl::rofl::P:P

    ඔන්න බීමෙහි රග......!!!!!


    තව දන්ත වෛද්‍ය පීඨ කතා මේවායින් බලා ගන්න.......

    RECTUM

    Implant

    කොටපු එක ගැන සළකලාවත් කමෙන්ට් එකක් දෙන්න.......ලෝ වැඩ පිණිස