විකිරණ
භෞතික විද්යාව තුළදි විකිරණ යනු මාධ්යයක් හෝ අවකාශය තුළින් ගමන් කරන ශක්තිජනක අංශූන් ,තරංග ලෙස සරලව කිය හැක. ප්රධාන වශයෙන් විකිරණ වර්ග දෙකක් තිබෙන අතර ඒවා අයනීකාර සහ නිශ්අයනීකාර ලෙස නම් කර හැක. සමාන්යය භාවිතයේදී පරමාණුවක් අයනීකෘත කළ හැකි තරංග විකිරණ ලෙස නම් කර හැකි අතර ඒවා ඇල්ෆා ,බීටා,ගැමා කිරණ ලෙස ද. නිශ්අයනීකාර තරංග වරග විද්යුත් චුම්බක තරංග ලෙස ප්රධාන වශයෙන් කිව හැක. විකිරණ වර්ග කෙසේ නමුත් ජිවී වස්තූන් වලට හානි කර හැකි අතර එයට ප්රධාන වශයෙන් හේතු ලෙස. සෛල තුළ සිදුවන වෙනස් කම් දැක්විය හැක.සෛලයක් පරමාණු ට්රිලියන ගණනකින සෑදී ඇති අතර. අයනීකාර විකිරණ මගින් සෛල සෑදී ඇති පරමාණුවල ඉලෙක්ට්රෝන ඉවත් කිරීම හෝ ලබා දීම මගින් එම පරමාණුවල ආරෝපණය වෙනස් කළ හැක. එය ධන හෝ සෘණ විය හැකි අතර එසේ සිදුවන වෙනස් කම් මගින් පිළිකා, ආදී ලෙඩ රෝගද, ඩී. එන්. ඒ (D.N.A) අණුවල සිදුවන වෙනස් කම් හේතුවෙන් පාරම්පාරික විකෘත තාද සිදුවනු ලැබේ. නිදර්ශනයක් ලෙස අසාමාන්යය රූප ඇති ළමුන් බිහිවීම, කල් පවතින ආබාධ සෑදීම , මොළයට හානීවීම මගින් අදාළ මොළය මගින් සිදුකරන කෘතයන් ඇනහිටීම හෝ විකෘත වීම පෙන්වා දිය හැක.
විකිරණ ඒවායේ ස්භාවය අනුව කාණ්ඩ කරනතර එම සාධක ඒවායේ තරංග ආයාමය
සංඛයාතය ලෙස කිව හැක. ප්රධාන වශයෙන් විද්යුත් චුම්බක තරංග 8 ක් තිබෙනතර
ඒවා පිළිවෙලින් රේඩියෝ තරංග ,ක්ෂ්ද්ර තරංග, රේඩාර් තරංග, අධෝරක්ත තරංග,
සමාන්යය ආලෝක තරංග, පාරජම්බුල තරංග, x රේ තරංග, ගැමා තරංග ලෙස දැක්විය හැක.
මේවා සියල්ල අයනීහෘත තරංග ලෙස සදහන් කළ හැක
ඇල්ෆා කිරණ තුනී කඩදාසියක භාවිතයෙන් පවා වළකා ලිය හැක
,බීටා කිරණ ඇලුමීනියම් තහඩුවක් මගින් වළකාලිය හැක,
ගැමා කිරණ ලෙඩ් පරිවාරකයක් භාවිතයෙන් වළකාලිය හැක.
අයනීකාර විකිරණ
අයනීකාර විකිරණ යනු සමාන්යය
භාවිතයේදී පරමාණුවක් හෝ අයණයක්
අයනීකරණයට භාජනය කළ හැකි
ශක්ති ජනක අංශූන් හෝ තරංග විය හැක
අයනීකරණ විකිරණ කාණඩ කිහිපයකට බෙදෙනතර ඒවා
ගැමා විකිරණ, අංශුමය විකිරණ ලෙස දැක්විය හැක
මෙහෙදි ගැමා විකිරණ විද්යුත් චුම්බක (නිශ්අයනීකාර ) තරංග ලෙස කාණඩ කළත්
එකී තරංග වල අඩංගු අධි ශක්ති අධි මාත්ර භාවිතයෙන්, පරමාණු හෝ අයණ අයනීකරණයට ලක් කළ හැකි නිසා මෙම කාණඩයේ කොටසක් ලෙසද
වර්ග කළ හැක. අංශුමය විකිරණ ලෙස ඇල්ෆා විකිරණ, බීටා විකිරණ, නියුට්රෝන විකිරණ දැක්විය හැක.
විකිරණශීලි අර්ධ ආයු කාලය
සමහර විකිරණ විකිරණ වල ප්රධාන ලක්ෂණයක් ලෙස ඒවාට විවිධ මාධ්යය හරහා යා හැකිතර එම නිසා ඒවා භායානක ස්වරූපයක් ගනී. යම් කිසි ප්රභවයක් විකිරණ නිකුත් කරන්නේ නම් ඒවා විකිරණශීලි ද්රව්යයන් ලෙස හදුන්වතර ඒවා නිකුත්කරන විකිරණවල ප්රමාණයන් සහ ජීවින්ගේ සංවේදීතාව අනුව හානිය විචල්යය විය හැක. අවට පරිසරයේ විකිරණශීලි තාවයක් ස්භාවික ආකාරයෙන් පවතින අතර ඒවාට මිනිසා පරිණාමයේ මුල් පුරුකේ සිට අන්වර්තරනය වී ඇත බැවින් එතරම් ගැටලුවක් නොවෙයි. නමුත් විකිරණ මාත්රාවේ සිදුවන අධි සාණ්ද්ර්තාව ජිවින්හට ලෙඩ රෝග පමණක් නොව ඔවුන් විනාශ කළ හැකිතරම ප්රබල වේ. ස්භාවික ආකරයෙන් පවතින විකිරණ ද්රව්යයන් ලෙස යුරේනියම, ප්ලෝනියම යනාදී ස්භාවික මූලද්රව්යයන් හා අභ්යවකාශයේ පවතින තරු, පල්සර, නිය්ට්රෝන තාරකා ,කළු කුහර, දැකිවිය සදහන් කළ හැකිය, කෙසේ නමුදු සෑම ජීවියෙකුගේම කාබන් 14 සමස්ථානික කුඩා ප්රමාණයෙන් පවතින නිසා ඔවුන් පවා විකිරණ නිකුත් කරනු ලැබේ. අයනීකාර විකිරණයන් ගේ තවත් වැදගත් ප්රයෝජනයන් ලෙස මිනිස් සිරුර අධ්යය්නය සදහා x රේ භාවිතය , ආයුධ සදහා පරමාණුක අවි තැනීම මුලික වශයෙන් සැලකිය හැක. විද්ඥ්යයන් විකිරණ අධ්යයන්ය සදහා කෘතිමව නිපැදවු අංශු ත්වරක භාවිතා කරණ අතර. තවද විදුලිය නිපැදවීම සදහා න්යෂ්ටික බලාගාරයන් තුළ විකිරණ යන්හි ප්රයෝජනය යොදාන්නා ලබයි.
කෙසේ නමුදු නූතන ලෝකයේදි විකිරන යහපත් සහ අයපත් ආකාරයෙන් භාවිතාකරනු ලබයි.
Last edited:



+3 from me 
