පුරාතනයේ වැළලි ගිය නගරයන්

Prothean

Member
Apr 25, 2011
866
93
0
පුරාතනයේ වැළලි ගිය නගරයන්

පුරාතනයේ වැළලි ගිය නගරයන්


fe5b265af0c9ed96b8d6fe5103ae20f391dbcaef09bc6fbf160262ad8fb51bec6g.jpg



ඈත අතීතයේ මිනිසා ගල් යුගයේදී තැනින් තැන සංක්‍රමණය වෙමින් ඉතා දුකසේ කාලය ගත කරද්දී,ඔවුනට ස්ථිර වාසස්ථාන පිහිටුවා ගෙන ජීවත් වීමේ අදහස පහළ විය. මෙයට ප්‍රධාන හේතු ලෙස. සංක්‍රමණයේදි තම සගයන්ට විවිද ගැහට වලට ලක්වීම, කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන ගැහටයන්, ආහාර නිරන්තරයෙන්ම එක් රැස් කරගැනීමට වුවමනා නිසා නිරතුරුවම දඩයෙමේ යාමේ අවශ්‍යතාව පැන නැගීම, තාවකාලික වාසස්ථාන ලෙස ගල් ගුහා භාවිතයට හුරුහු මොවුන්ට ඒවා සපයා ගැනීමේ විවිද ගැටලු මතුවීම්, නිරන්තරයෙන් සිදුවන සංක්‍රමණය නිසා සෞඛ්‍යය තත්වයේ සිදුවන අවදානම් ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැක. ගල් යුගයේ අනු යුග තුනක් තිබෙනතර ඒවා පුරාතන ගල් යුගය, මධ්‍යතන ගල් යුගය,අපර ගල් යුගය ලෙස පෙන්වා දිය හැක.ගල් යුගයේ ආරම්භය ඉතියෝපියාවේ ඇවාෂ් ගංගාව ආශ්‍රිතව වුවා බව සැලකේ. ඉන්පසු පුරාතන මිනිසා ස්ථිර වාසස්ථාන පිහිටුවා ගෙන එඩේර යුගයට අවතීරණ වීම පෙන්වා දිය හැක. මෙහිදි ජන සමාජයේ සිදුවුනු විප්ලවා කාරී ක්‍රියා හේතු කොටගෙන ජන නායකත්වය පිහුටුවීම, සම්පත් නාස්තිය වීම හේතුකොට ගෙන ඒවා ක්‍රමානූකුල ලෙස රැස් කර ගැනීම සහ ඒවායින් උපරිම ප්‍රයෝජන ගැනීම නිසා විවිධාකාරයේ උපකරණ තැනීම,පෙන්වා දිය හැක.මිනිසා ගේ ශිෂ්ඨ සම්පන්න බව හේතු කොටගෙන ඉතා කුඩා ගම්මාන බිහිවීමත් ඒවා පසුකාලයේදී ජන සංඛයාවේ සිදුවු විස්තීරණය නිසා විශාල නගර දක්වා පුළුල් වීමත් වැඩිදුර ලෙස සදහන් කළ හැක.ඒවායින් බිහිවු නගර කාලය සමග වැළලිගියතර මෙම ලිපියෙන් එකී කාලයා විසින් නසනු ලැබු ශිෂ්ඨ සම්පන්න නගර පිළිබදව අවදානය යොමුකරනු ලැබේ.


7ee0ac4564b7a971ca583f1104cf1d283ac3e6d93e4bc6821d539ac5f3042bcb6g.jpg


Chichen Itza


වර්තමාන මොක්සිකෝවේ යුකුටාන් අර්ධධ් ද්වීපයේ මිටියාවතේ ,පූර්ව කොලොම්බියානු සමයේ ජනාවාස පිහුටුවාගෙන දියුණු ශිෂ්ඨාචාරයකට උරුමකම් කිවු මායා ජනයාගේ නගරයක් වන මෙම චිකන් ඉට්සා ඉතා කුඩා ජනාවාසයක්ව පැවති මෙම ස්ථානය ක්‍රිස්තු වර්ෂ 6 වැනි සියවස අවසාන භාගයේදී සීඝ්‍රලෙස දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල නගරයක් දක්වා වර්ධනය විය.මෙම නගරය මායා ශිෂ්ඨාචාරයේ ඉතා වැදගත් ස්ථානයක් ලෙස පතල වූ අතර. වරකදී සම්ස්ත යුකුටාන් අර්ධධ් ද්වීපයේ මායා ශිෂ්ඨාචරය පැවති නිම්නයේ දේශපාලණික වගේම සමාජ තළයෙනුත් ඉතා ඉහළ ලෙස වැජබු බව සැලකේ. ප්‍රධාන වශයෙන් මෙම නගරයේ තිබු ස්ථාන ලෙස දැවන්ත 160මීටර් දිගැති පන්දු පිටිය, රණ ශූරයනගේ පුදබිම, කුකුල් කැන් එවත් එල් කැස්ටිලෝ නැමති දැවන්ත පිර්මීඩා කාරී පුදබිමත් පෙන්වා දිය හැක. විවිධ ආකරයේ බිලි දීම මෙම නගරයේ සිදුවු අතර ඒවා ප්‍රධාන වශයෙන් මායා වරුන්ගේ චාක් දෙවියන් වෙනුවෙන් පුද කර ඇති බව සදහන්.13 වැනි ශතවර්ශයේ මායාපාන් හී හනාක් සීල් නැමති මායා පාලකය විසින් සිදුකරන ලද ආක්‍රමණයෙන් පසු මෙම නගරයේ පරිහාණිය ආරම්භවෙන අතර පසුව 1540-46 යුකුටාන් හි සිදුවු ස්පාඥ්ඥ යන්හි ආක්‍රමණය මෙය සදහා වැඩිදුරටත් ඉවහල් විය.කෙසේ නමුත් වර්තමානයේදි මෙම චිකන් යුට්සා නැමති අඩවිය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අතර. සංචාරක පරාදීසයක් ලෙසද සැලකේ. ඔබටද මොක්සිකෝවේ යුකුටාන් අර්ධද් ද්වීපයට යෑම මගින් මෙම ස්ථානය අදටද නැරබිය හැක.





5cc1f22033a6433d276c78cbada2d56c4747fe158270bc20db34312e13c1af406g.jpg


Machu Picchu


දකුණු අමරිකාවේ ඉන්කා ශිෂ්ඨාචාරය ආශ්‍රිතව බිහුවු මෙම නගරය සැගවුනු නගරය හෝ නෂ්ට නගරය ලෙස හදුන්වනු ලැබේ. මාචු පිච්චු නමැති ස්ථානයේ පිහිටා ඇති මෙම නගරය Pachacuti (1438–1472) නැමති ඉන්කා පාලකය විසින් ක්‍රිස්තු වර්ෂ 1400 පමණ මීටර් 2430 උසැති කදු මුදුනේ තනන ලදී. මෙම නගරය ඉතා උස් කදු මුදුනක් සමතලා කර තනන ලද අතර(සානුවක් ආකාරයේ) ඉන්කා වරුන් විසින් මෙම ස්ථානයේ ආකාශ වස්තු නිරික්ෂකාගාරයක් පවා තනන ලදී. 1450 දී තනන ලද මෙම නගරය වසර සියයකට පසු සිදුවු ස්පාඥ්ඥ වරුන්ගේ ආක්‍රමණය හමුවේ නෂ්ට වීමට ලක්වූ බව සැලකේ. කෙසේ නමුත් ඊට ඉහත නගරයේ ජනතාවට විටින් විටින් නගරයට පැමිණි සංචාරකයන් මගින් වසුරිය නැමති වසංගතය වැලදි අතර පාලකයන් විසින් එකිනෙකා විසින් යුධ වැදීම එය සදහා වැඩිදුරටත් උපකාරිවි ඇති බව සැලකේ.කෙසේ නමුදු නගරය ඔවුනට සම්පූරණයෙන් තනා නිමකිරිමට නොහැකි වූ බව සැලෙකේ. නගරයේ ඉතුරු ඉන්කා වරුන් 1550 පමණ පේරුහීදි සිදුවු ස්පාඥ්ඥ ආක්‍රමණය හමුවේ පලා යන ලදී.මෙම නගරය එයහි පිහිටීම අනුව ශත වර්ශ ගණනාවක් සැගවී තිබු අතර පසුව 1911 හිදී Hiram Bingham නැමති පුද්ගලයා විසින් මෙය සොයාගෙන ලොවට හෙළි කරන ලදි. ඔහුට එය සදහා ඉන්කාවරුන්ගේ පුරාවෘතයන්හි ආධාර ලැබු බව සැලකේ.​
 

Prothean

Member
Apr 25, 2011
866
93
0



3adea0f7ae2f024544361e4631874269fd38f08588ec4d95e9660be8c8ae72a76g.jpg


Petra


පෙට්‍රා නම් වූ මෙම නගරය වර්තමාන ජෝර්දාන රටෙහි නිරිත දෙසට වන්නට දැවන්ත ද්‍රොණියක් තුළ හෝර් නම් කදු පාමුල රිෆ්ටි නිම්නයේ ඇරබා නම් කොටසේ නැගෙනහිරට වන්නට පිහිටා ඇත. මෙම ස්ථානයේ ජනයා ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේදි පමණ ජනාවාස පිහිටුවා ඇති අතර ජේසූස් වහන්සේ ගේ උපතට අවුරුදු 1200 පමණ පෙර මෙම නගරය නිමවා ඇති බව සැලකේ. ඉතා දියුණු ශිෂ්ඨාචාරයකට උරුම කම් කියන මෙම නගරයේ ගෘහ නිර්මාණ ශිල්පය Nabataeans වරුන්ගේ දක්ෂතාව මැනවින් ඉස්මතුකරනු ලැබේ. මෙහි ජීවත් වූ ජනතාව Nabataeans වරුන් ලෙස හදුන් වනු ලැබු අතර. කාන්තාරවල් වල ඉතා ගැඹුරු කුහර තනා ජලය ඉහලට ගැනීමට මොවුහු දක්ෂයන් වු බව සැලකේ. මෙම ස්ථානය ප්‍රධාන වශයෙන්ම Nabataeans වරුන්ගේ ආගමික සහ පරිපාලන කටයුතු කෙරු බව සැලකේ. අතීතයේ අරාබියේ සිට සිරියාව දක්වා දිවු තවලම් මාර්ගය මෙම ස්ථානයේ සිට Nabataeans වරුන්ට ලෙහෙසියෙන්ම පාලනය කරගැනීමට පහසූ වීම ඔවුන්ට මෙම ස්ථානයෙහී දීර්ග කාලයක් රදවා තබා ගැනීමට හේතු වන්නට ඇතැයි සැලකේ. කෙසේ නමුත් ක්‍රිස්තු පූර්ව 106 සිදුවු රෝමන් ආක්‍රමණයත් , ඊට ඉහත දී ක්‍රිස්තු පූර්ව 363 දී සිදුවු භූමි කම්පාවත් නිසා මෙම ස්ථානය අභාවයට යන්නට ඇතයි සැලකේ. එකී භූමි කම්පාවයෙන් නගරයේ ගොඩනැගිලි බොහොමයක් විනාශ වූ අතර එය Nabataeans වරුන් විසින් තනා තිබු ජල මාර්ග පද්ධතියටද එමගින් දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි සැලකේ. ඉතා දීගූ කාලයක් බටහිර ලෝකයෙන් වසන් ව තිබූ මෙම ස්ථානය ස්වීස් ජාතික Johann Ludwig Burckhardt. ගේ 1812 දී සිදුවූ ආගමනයත් සමග විවෘත විය. නගරයේ ඉතා වටිනා වස්තූන් කාලයත් සමග නිදන් සොරුන් විසින් කොල්ල කෑ යනු ලැබු අතර වර්තමානයේදි එය සංචාරකයන්ට විවෘත ස්ථානයක් ලෙස පවතී.





b498b0e0ee298719e62a05c37841f40f3ea3e31a4f25595ebb647bf484a88c886g.jpg


Palmyra


නූතන සිරියාවේ Damascus නම් අගනුවරට 215kM වන්නට ඊසාන දෙසින් පිහිටා ඇති මෙම නගරය. පුරාතන අරාබි වරුන්ගේ වැදගත් නගරයක් ලෙස සැලකේ. එය සිරියාවේ කාන්තාරයේ කේෂම භූමියක් ලෙස සලකන අතර අතීතයේ සිරියාව හරහා තවලම් මගින් වෙළදාම සදහා ගිය වෙළදුන් මෙම නගරයේ තාවකාලික ලෙස නතර වූ බව සැලකේ. මෙම නගරයට සෙමැටික් අරුතින් ටැඩ්මෝර් යැයි ව්‍යවහාර කරනු ලැවේ එහි අරුත වන්නේ ප්‍රතික්ශේප කරන ලද නගරය යන්නයි.මෙහි විසු ජනතාව අරාබි ජනවර්ගයක් තුබූ පැල්මයිරන් වරුන් ලෙස හදුන් වනු ලැබේ. ඔවුන් විසින් මුස්ලිම් ආරාබි ජාතිකයන්ගේ ආක්‍රමණයට පෙර ස්වදේශික අරාබි දෙවිවරුන්ව ඇදහු බවත් එකී දෙවිවරුන් Hubal, Ruda, Ma'nu, Allat, Baal, and Munaf යන අය ලෙසත් සැලකේ.මෙම නගරය ක්‍රිස්තූ වර්ෂ 1 කේ මැද භාගයට වන්නට රෝමන් වරුන් විසින් ග්‍රහනය කරගනු ලැබු අතර ඉන් පසු එය සිරියාවේ රෝමයේ ප්‍රාන්තයක් වන්නට සලකනු ලැබු බව සදහන්. මෙමගින් රෝමන් වරුන්ට පර්සියාව හෙවත් නූතන ඉරානය ට ,ඉන්දියාව සහ චීනයට වෙළද මාර්ගයක් ලෙසත් මෙය භාවිතා කිරිමේ වාසිය සැලසෙනි. රෝමන් වරුන්ගෙන් පසු සිදුවු අරාබි මුස්ලිම් ආක්‍රමණ ක්‍රිස්තු වර්ෂ 634 දී පමණ Khalid ibn Walid යටතේ මෙම නගරය සම්පූර්නයෙන් අල්ලා ගන්නා ලදී. පසුව ඔටෝමාන් අධිරාජ්‍යාගේ කාලයේදී පාලකයන් විසින් ජනතාව මෙම ප්‍රදේශයෙන් නෙරාපා දමනු ලැබු අතර එයහි ප්‍රතිඵලයක් ලෙස 16 වැනි සියවසේදී මෙම නගරය අභාවයට ලක්වෙන ලදී. වර්තමනයේදී ටැඩ්මොර් නමින් නගරයක් මෙම නෂ්ඨ නගරයට යාබදව පවතින බව සැලකේ





08a6bb12bd2734aea8dd0ba2bc0ca871f399cdf0e40f88a91a1113b8fd3b6dbf6g.jpg


Angkor


කාම්බෝජයේ පිහිටා ඇති මෙම නගරයේ
ඇන්ග්කොර් යන අර්ථය සංස්කෘත භාෂාවෙන් නාගර හෙවත් සිංහල භාෂාවෙන් නගරය යන්න කියවේ.එය 9 වැනි ශත වර්ෂයේ සිට 13 වැනි ශතවර්සය දක්වා පැවති Khmer අධිරාජ්‍යයේ ඉතා වැදගත් ස්ථානයක් ලෙස පෙන්වා දිය හැක. මෙම නගරය ප්‍රධාන වශයෙන් ආගමික ස්වරූපක් ගන්නා අතර එය ප්‍රථමව හින්දු ආභාෂය ගන්නා බවක් සදහන්. මෙම නගරය පුරාතන ලෝකයේ විශාලතම නගරය ලෙස සදහන් අතර නූතන චන්ද්‍රිකා පරික්ෂණ මගින් එයහි මිනිසුන් මිලියනකට වාසස්ථාන සපයා දිය හැකි බව සදහන්, එලෙසම මෙහි ඇති අන්ගකෝන් වැට් නැමති ගොඩනැගිල්ල ලෝකයේ විශාලතම ආගමික ස්මාරකය ලෙස සැලකේ. 13 වැනි ශතවර්ශයේදී ඇන්ගකෝර් නගරයට ආයුත්ත රාජධානියෙන් වැඩම කරවු තේරවදී බෞද්ධ දර්ශනය මෙතෙක් කාලයක් නගරයේ පැවතු සියලු ආගම් පරදවා ඉස්මතු වු ඇති අතර. අවසාන කාලයේදී Khmer අධිරාජ්‍යයේ පාලකයා වන Ponhea Yat(1393-1463) නගරය වටා බෞද්ධ ආරාමයන් 9 යක් කරවවු බව සදහන්.


By Prothean
Under

creativeCommonsBig.jpg



79eyes-in-the-dark.gif


 
Last edited:

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    You see.This is a good post.that's why you got plenty of + reps for this post.thumbs up for posting good thread.

    unfortunatly i can't gv u reps. cos i have given too much last 24 hours