කාර් මිල වැඩිවුණු හැටි මෙන්න

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කාර් මිල වැඩිවුණු හැටි මෙන්න

    මරුටි කාරයක මිල 1,20,000/= කින් නගී

    2416_1maruti-suzuki-alto.gif


    ඇල්ටෝ කාර් මිල වැඩිවුණු හැටි මෙන්න

    රජය විසින් මෝටර් රථ වෙනුවෙන් අයකරන බදු වැඩිකීරීම හමුවේ ඇල්ටෝ හා මරුටි මෝටර් රථවල මිල ගණන් සියයට 12 කින් පමණ වැඩිවූ බව එම මෝටර් රථ අලෙවි කිරීමේ මෙරට ඒජන්තවරුන් ලෙස කටයුතු කරන ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගම කියයි.

    ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගමේ වෙළඳ හා අලෙවිකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, ශිවන්ත ද සොයියා පැවසුවේ මේ අනුව එන්ජින් ධාරිතාවය 800CC වන මරුටි මෝටර් රථයක මිල බදු වැඩිකිරීමට පෙර රුපියල් දශ ලක්ෂ විසිදාහක් වූ බවත් එහි නව මිල රුපියල් එකොලොස් ලක්ෂ හතලිස් දාහක් වී තිබෙන බවයි.

    “මරුටි මෝටර් රථයක මිල රුපියල් එක් ලක්ෂ විසිදාහකින් වැඩිවී තිබෙනවා. ඇල්ටෝ රථවල මිලත් සියයට 12 කින් පමණ වැඩි වුණා.“

    යනුවෙන් හෙතෙම සඳහන් කළේය.

    පසුගියදා රජය විසින් මෝටර් රථවල බදු වැඩිකිරීමට පෙර ඇල්ටෝ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 12 ක සිට ලක්ෂ 14 ක් දක්වා මිල පරාසයක අලෙවි විය.

    මේ අනුව, ලක්ෂ 12 ක ඇල්ටෝ රථයක මිල රුපියල් 1,44,000 කින් පමණත් රුපියල් ලක්ෂ 14 කට අලෙවි වූ ඇල්ටෝ රථයක් රුපියල් 1,68,000 කින් පමණත් මිල ඉහළ ගොස් තිබේ.

    මේ අතර, යුනයිටඩ් මෝටර්ස් සමාගමේ ප්‍රධානියෙකු පසුගියදා පැවසුවේ දැනට සිය සමාගම ගෙන්වනු ලබන එන්ජින් ධාරිතාවය 1000CC වලට අඩු “වීවා“ වර්ගයේ මෝටර් රථයක මිල නව බදු සංශෝධනයත් සමග ලක්ෂ එකහමාරකින් පමණ වැඩිවිය හැකි බවයි.

    එසේම, එන්ජින් ධාරිතාවය 1000CC-1600CC අතර ලාන්සර් වර්ගයේ මෝටර් රථ සිය සමාගම මගින් ලංකාවට ගෙන්වන බවත් එහි මිලද රුපියල් ලක්ෂ දෙකහමාරකින් පමණ වැඩිවිය හැකිබවත් හෙතෙම සඳහන් කළේය.

    රජය විසින් එන්ජින් ධාරිතාවය 1000 CC වලට අඩු පෙට්රල් මෝටර් රථවල සඵල බදු අනුපාතය සියයට 95 සිට සියයට 120 ක් දක්වාත් එන්ජින් ධාරිතාවය 1000 CC-1600 CC අතර පෙට්රල් මෝටර් රථවල සඵල බදු අනුපාතය සියයට 119 සිට සියයට 128 ක් දක්වාත් පසුගියදා වැඩි කළේය.

    මීට අමතරව, දෙමුහුන් මෝටර් රථවල සඵල බදු අනුපාතය එන්ජින් ධාරිතාවය 2000CC වලට අඩු ඒවායේ සියයට 38 සිට සියයට 50 ක් දක්වාත් 2000 CC හා 3000 CC අතර සියයට 75 ක් දක්වාත් 3000 CC වලට වැඩි ඒවායේ සියයට 100 ක් දක්වාත් වැඩිකළ අතර ත්‍රි රෝද රථවල සඵල බදු අනුපාතය සියයට 38 සිට සියයට 50 ක් දක්වා ඉහළ නැංවීය.

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලක්ෂ 33 තිබුන hybrid car එක ලක්ෂ 7 කින් මිල ඉහල යයි. :growl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල. තව වැඩි කරන්න ඕන. චන්දෙ දුන්නනේ බූරු හැත්ත :growl::growl::growl:
    බෑන් කී මූන්ට පිං සිද්ධ වෙන්ට මේක රටේ මිනිස්සුන්ට තාම දැනෙන්නේ නෑලු ::sorry: