CD_එකකට_PassWord_දාමු

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    මෙන්න තවත් සිරා වැඩ....
    මේක දන්න කස්ටිය එහෙම ඇති ඔන්න මං මෙ දාන්නෙ නොදන්න අයට යමක් ඉගෙන ගන්න
    [දන්න කස්ටියත් හොරාට බැලුවට කමක් නැ ;) ]

    ගොඩක් අයට තියෙන ප්‍රශනයක් නෙ තමන්ගෙ පුද්ගලික දත්ත ආරාක්ශා කරගන්න ගන්න අමාරු වීම
    ( දැං සැහෙන්න දත්ත හොරු ඉන්නවනෙ)

    දැං ඔහොම ඉන්න අතරෙ සමහරුන්ට හිතෙනවා අපෙ තියෙන වටිනාම දත්ත වල Backup එකක් ගහලා තියන්න CD හො DVD වල,
    හොද අදහසක් වගෙම ටිකක් අවදානම් නේද?
    මොකද දත්ත හොරුන්ට අපෙ CD එකක් උස්සන එක හරිම ලේසි වැඩක් නෙ..

    මම දැං කියන්න යන්නෙ
    වටිනා හා පුද්ගලික දේවල් වල පිටපත් අරගන්න විට (CD හො DVD ) වලට ඒ තැටි ආරක්ශා කර ගන්න විදියක් :)


    එ කොහොමද ආරක්ශා කරන්නෙ?
    (මුලින්ම අහන ප්‍රශ්නෙ :D )

    මෙන්න මෙහෙමයි වැඩෙ වෙන්නෙ,

    පොඩි සොෆ්ට් එකකින් තමා වැඩෙ වෙන්නෙ :)
    (පොඩි කිව්වට ඩොලර් 34.95)

    හරි එහෙනම ගැජට් එක බාගෙනම කතාවට බහිමුකො
    මෙන්න බා ගන්න එහෙනම්

    http://www.mediafire.com/?9ay4yblcmbt5n6q

    හරිද බා ගත්තනම්
    ඕක ඉන්ස්ටෝල් කර ගන්නකො
    හැබැයි C එකට දාන්න ඔනෙ අනිවාර්යෙන් මොකද පැච් එක හදලා තියෙන්නෙ C එකට ගැලපෙන්න


    එහෙනම් ඉන්ස්ටෝල් එහම කරලා පැච් එකත් දාගන්නකො
    පැච් කරන්නත් වැඩි දෙයක් නැ පැච් එක ඔපෙන් කරා
    පැච් කියන බොත්තම එබුවා :D සරලයි

    pach.JPG


    හරි එහෙනම්
    ඕක ඉන්ස්ටෝල් කරගෙන්න

    දැං තියෙනෙ ඉතිං write කරන්න :D
    හොයා ගන්න කො හිස් CD 1ක් හො DVD එකක්

    හරි එහෙනම් සිඩි එක රයිටැරෙට දාලා එහෙම ඔපෙන් කරගන්න අපෙ අලුත් සොෆ්ට් වෙයාර් එක
    GiliSoft Secure Disc Creator 2.3
    ( CD එකක් හො DVD එකක් නොදමා කරන්න බැ ඔන්න )

    දැන් ඔය සොෆ්ට් එකෙන් තියෙනවා නෙ බටන් එකක්
    Add files කියලා,
    අන්න ඒක ඔබන්න :)

    2010-04-08-07-700x586.png


    explorer view කියන කොටසෙ තියෙන්නෙ අපෙ මැචිමෙ තියෙන දත්ත..
    ඔය ඊට පහලින් තියෙන සුදු කොට්ටට තමයි අපි රයිට් කරන එව්වා දාන්නෙ Disc Layoutකියන්නෙ එතන

    දැං explorer view කියන එකෙන් රයිට් කරන්න ඕනෙ දෙවල් තියෙන ඩ්‍රයිව් එක හො ෆොල්ඩෙර් එක තොරන්න.
    ඊට පස්සෙ
    එ ඩ්‍රයිව් එකෙක් හො ෆොල්ඩෙර් එකෙ තියෙන එව්වා පෙන්වනවා දකුනු පැත්තෙන්.

    රයිර් කරන්න ඔනෙ දෙවල් ටික ඔහොම තියා ගෙන

    යමු පාහල සුදු කොටුවට :D

    එකෙන් තොරගන්න පුලුවන් Secure Area එකද නැතනම් public area එකද කියලා.

    පාස්වර්ඩ් දාන්න ඕනෙ නම් secure area එකට දාන්න
    එහෙම දාන්න ඕනෙ නම් Disc layout කියන තැනෙන් තොරන්න secure area කියන එක.
    එහෙම තොරලා

    අර උඩින් තියෙන අපිට රයිට් කරන්න ඕනෙ එව්වා ඇදලා දාන්න (drag & drop)
    එහෙම ඇදලා දාලා ඔය වින්ඩො එක close කරලා දාන්න
    හරි නෙද?
    එ විදියට අවශ්‍ය දත්ත ටික දාගෙන ඔබන්න Burn කියන බටන් එක.
    එහෙම එබුවම එනවා වින්ඩො එකක්
    අපිට කැමති පාස් එකක් තෝරන්න..

    කැමති පාස් එකක් දාගන්න..
    තහවුරු කිරිම සදහා නැවත එයම ලබා දෙන්න පහලින් තිබෙන තැනට

    දැන් ඔක්කොම හරි
    ok කරලා දාන්නකො :D

    දැන් රයිට් වෙන්න පටන් ගනිවි...
    හැබැයි writer එකෙ ලයිට් එක වැඩ කරන්න ගන්නෙ 20% විතර ගියාම ඒක නිසා බය වෙන්න එපා.

    සම්පුර්න රයිට් උනාම සිඩි එක ඔටො එලියට එනවා.. මෙහෙම මැසෙජ් එකකුත් එක්ක

    2.JPG


    හරි දැන් වැඩෙ ඉවරයි...


    මෙය මගින් ලියන සිඩි ඔපෙන් කිරීම සදහා මෙම සොෆ්ට් එක තිබෙන PC ම ඕනෙ වෙන්නෙ නැත.
    (portable විදියට වැඩ කරන නිසා)