Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්

    ඔන්න මම අළුත් වැඩක් පටන් ගත්තා. ලෝකය පුරා විවිධ රටවලට අයිති විශේෂ බලකායන් හා විශේෂ මෙහෙයුම් ගැන කතාකරන්න තමයි මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව. මොකද මේ දවස්වල ඔසාමා බින් ලාඩන් ගෙ මරණයත් එක්ක ගොඩාක් කතා වෙනවනේ මේ විශේෂ බලකායන් ගැන.
    395114-119704-us-special-forces_super.jpg

    special-forces1.jpg


    මුළින්ම බලමු විශේෂ බලකායක් කියන්නෙ මොකද්ද කියලා. මෙන්න මෙහෙමයි අර්ථ දැක්වීම.
    highly trained elite troops, who specialize in unconventional military operations
    (such as covert operations, intelligence gathering, raids, sabotage, etc.)

    සිංහලෙන් කිව්වොත් සාම්ප්‍රදායික නොවන හමුදා මෙහෙයුම් සඳහා උසස් ලෙස පුහුණු කළ විශේෂඥ භට කණ්ඩායමක්. මෙවැනි බළකායක් පිහිටුවීමේ මූළිකම අරමුණ තමයි සාම්ප්‍රදායික හමුදා මෙහෙයුමකින් ඉටුකරගන්න බැරි හමුදාමය හා දේශපාලනික අරමුණු ඉටු කර ගැනීම. ඕනෑම රටක් තමන්ගෙ විශේෂ බලකායන් ගැන තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමට පරිස්සම් වෙනවා. ඒකට හේතුව විශේෂ මෙහෙයුම් වල සාර්ථකත්වය බොහෝවිට රහසිගත බව මත රඳාපවතින නිසා.(හැබැයි ලංකාවෙ නම් පහුගිය යුද්ධ කාලෙ ඕනවටත් වඩා SF ලා මාධ්‍ය වලට අනාවරණය උනා).
    Sri_Lankan_Army_soldier_commando_Sri_lanka_07November2008_news_001.jpg

    විශේෂ බලකායක් සමන්විත වෙන්නෙ ඉතාමත් ඉහල හමුදා පුහුණුවක් ලත් ඕනෑම පරිසරයක,ඕනෑම අවධානමක් යටතේ නොබියව හා උපක්‍රමශීලීව සටන් කල හැකි සොල්දාදුවන්ගෙන්.
    ඉතාමත් ඉහල මට්ටමේ ආත්ම විශ්වාසයක්, දරා ගැනීමේ හැකියාවක්(ශාරීරිකව හා මානසිකව) වගේම ඕනෑම ආයුධයක් හැසිරවීම මගින් තමන්ගෙ අරමුණු ඉටුකරගන්න මේ සොල්දාදුවන්ට පුළුවන්.
    විශේෂ බලකායක ප්‍රධාන කාර්යයන් තමයි මේවා:

    * Reconnaissance in the deep battlespace
    සතුරු අඩවි තුල බුද්ධි තොරතුරු රැස් කිරීම හා විමර්ශනය

    * Offensive action
    ප්‍රහාරක මෙහෙයුම් කිරීම

    * Training and development of other states' military and security
    අනෙක් ආරක්ශක බලකායන්ට අවශ්‍ය විටෙක පුහුණුව ලබා දීම

    * Battlespace preparation
    සටනකට පෙර අවශ්‍ය පසුබිම සකස් කිරීම

    * Support to counter-insurgency through population engagement and support
    ජනතාව තුලින් සතුරාට එරෙහි පසුබිම් සකස් කිරීම

    * Support to counter-terrorism operations
    ත්‍රස්ත මර්ධන කටයුතු.

    * Disruption of logistic routes in the deep battlespace
    සතුරු අඩවි තුල කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකොට සතුරා සටනට පෙර අඩපණ කිරීම.

    සියවස් ගනනාවකට පෙර සිටම විවිධාකාරයේ විශේෂ බලකායන් තිබිලා තියනවා. මේ අතරින් කැපී පෙනෙන කොටසක් තමයි Knight Templers කියන්නෙ. කුරුස යුද්ධයේදි Knight Templers ලා මතක හිටින ආකාරයේ මෙහෙයුම් සිදුකරලා තියනවා.
    The-Poor-Fellow-Soldiers-of-Christ-and-of-the-Temple-of-Solomon.jpg

    ඉන්පසුව බැලුවොත් ආයෙත් දෙවන ලෝක යුද්ධයේදි තමයි අද කාලයට ගැලපෙන වර්ගයේ විශේෂ බලකායන් කරළියට එන්නෙ. බ්‍රිතාන්‍ය, ඇමෙරිකානු වගේම ජර්මනියත් දෙවන ලෝක යුද්ධයේදි විශේෂ මෙහෙයුම් සිදු කරලා තියනවා. British Commandos සහ Office of Strategic Services (OSS) මිත්‍ර සංධානය වෙනුවෙන් යුද්ධ කරද්දි Brandenburger Regiment එක ජර්මනිය වෙනුවෙන් මෙහෙයුම්
    කරලා තියනවා.
    tumblr_leztn5IjdN1qbjz0go1_500.jpg


    මේ කණ්ඩායම් තමයි නවීන විශේෂ බලකායන් වල ඇරඹුම. තවත් දෙයක් තමයි ගොඩක් රටවල් යුධ, ගුවන්, නාවික කියන අංශ තුනට වෙන වෙනම විශේෂ බලකායන් පුහුණු කරනවා.තවත් දේවල් ඉදිරියේදි කතාකරමු.




     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    SAS

    දෙවන ලෝක යුද සමයේ පටන් අද දක්වා ලෝකයේ විශේෂ බලකා අතර ඉහලින්ම ඉන්න බ්‍රිතාන්‍ය SAS(Special Air Service) ගැන මුලින්ම කතාකරමු. (ඒකට හේතුව මෙයාලා අපේ රටටත් සෑහෙන්න වැදගත් උදව්වක් කරල තියනව. ශ්‍රී ලංකා පොලීස් විශේෂ කාර්ය බලකාය කියන්නෙත් පොලීසිය යටතේ ක්‍රියාත්මක විශේෂ බලකායක්නේ.
    මේ STF එක ආරම්භයේදි SAS ලා සෑහෙන්න උදවු කලා කියල තමයි කියවෙන්නෙ.)
    162c584884cac4c1f6a62b14ff4cd3e8.wix_mp



    ලුතිනන් David Stirling විසින් ආරම්භ කරන ලද මේ විශේෂ හමුදා ඒකකය මුලදී අප්‍රිකානු කාන්තාර ප්‍රදේශ වල ජර්මන් ක්‍රියාකාරකම් මැඩලීමේ අරමුනින් තමයි බිහිවෙන්නෙ.
    9837.jpg

    David Stirling

    Long Range Desert Group කියල තිබුනු ඒකකයත් එක්ක එකතුවෙලා රළු කාන්තාර ප්‍රදේශවල දිගු දුර මෙහෙයුම් සඳහා පිහිටුවා ගත්ත මේ බලකාය 1941 දී කරපු පළ්මු මෙහෙයුම අසාර්ථක එකක් උනා. භටයන් 62 සහභාගි උනත් අන්තිමට ඉතුරුවෙලා තියෙන්නෙ 22 වගේ ගානක්. ඒත් ඒකෙන් පසුබට නොවුනු David Stirling දෙවන මෙහෙයුම දියත් කලේ අතිසාර්ථක විදියට. Aqedabia හි ජර්මන් ගුවන් කඳවුරකට එල්ල කල අති ප්‍රබල ප්‍රහාරයෙන් ජර්මනියට ගුවන් යානා 61ක් අහිමි උනා.ඒත් කිසිම SAS භටයෙක්ට තුවාලයක්වත්
    සිදු වෙලා නෑ.
    e157a_300px-Special_Air_Service_in_North_Africa_E_21337.jpg

    during WW2

    SAS-Falklands.jpg

    mainpic2.jpg
    special-air-service-01.jpg

    මේ විදියට පටන් ගත්ත SAS ලා මේ වනවිටත් ඇෆ්ගනිස්ථානය වගේ රටවල මෙහෙයුම් කරමින් ඉන්නවා.ගොඩාක්ම රහසිගත බලකායක් තමයි මෙයාලා. යුද්ධයක් පටන් ගන්න කලින් හොර රහෙසෙම ඒ රටට ඇතුල්වෙලා ස්ථානගතවෙලා සතුරා පිළිබඳ විමර්ශනයක් කරල තමයි සටනට බහින්නෙ. මතක ඇති නේ ලඟදි ලිබියාවට ගහන්න කලින් මෙයාලා සෙට් එකක් ගොඩ බැස්සා.:)

    එක SAS Regiment එකක operational squadrons 4ක් තියනවා. squadron එකක් ආසන්න වශෙයෙන් 60 දෙනෙක් Major කෙනෙක් යටතෙ ඉන්නෙ.
    squadron එකක් troops 4කට බෙදෙනවා. මේ troops ආයෙත් 4 man teams වලට කැඩෙනවා. සාමාන්‍යෙන් මේ ටීම් එකක ඉන්න 4 දෙනා එකිනෙකාගෙන් වෙනස් වූ විශේෂ හැකියාවන්ගෙන් යුක්තයි. signals, demolition, medic වගේ හැම කෙනාම specialized වුන දෙයක් තියනව.

    Training එක මෙහෙමයි.
    * nine weekends patrol SOP's including surveillance and reconnaissance;
    * one-week live-firing including patrol contact drills and troop offensive action;
    * a nine-day battle camp comprising live-firing assessment and field training exercise to test the skills learned throughout selection;
    * culminating in Conduct after Capture (CAC) training

    ට්‍රේනින් එකෙන් පස්සෙ පරිවාස කාලයකට යටත්ව විශේෂ පුහුණු සඳහා යොමු කෙරෙනවා.
    * Basic Parachute Course;
    * Special Forces Communications Course;
    * a main training period to be fit for mobilisation


     
    Last edited:
    • Like
    Reactions: eghty

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ශ්‍රී ලංකාව සතුව විශේෂ බලකා ගණයට අයත් ඒකක 6ක් තියනවා.

    • Long Range Reconnaissance Patrol
    • Special Boat Squadron
    • Special Task Force
    • Sri Lanka Air Force Regiment Special Force
    • Sri Lanka Army Commando Regiment
    • Sri Lanka Army Special Forces Regiment


    Long Range Reconnaissance Patrol-LRRP(දිගු දුර විමර්ශන ඒකකය)
    මහසෝන් බලකාය කියලත් කියන මේ බලකායේ ප්‍රධාන අරමුණ අභිරහස් ප්‍රහාර එල්ලකිරීම( covert operations/black ops). ඒ කියන්නෙ කවුද ඒ ප්‍රහාරය එල්ල කලේ කියල සාක්ෂියක් හො ඉතුරු නොවන ලෙස වගේම කිසිවෙකුත් එහි වගකීම බාර නොගන්නා ආකාරයේ ප්‍රහාර. මහසොන් බලකාය කියල නම වැටෙන්නත් හේතුව ඒක වෙන්න ඇති.
    විශේෂ බලකා,කොමාන්ඩෝ හා LTTE එකෙන් බිඳී ආපු සාමාජිකයන්ගෙන් තමයි මේ ඒකකය සමන්විත වෙන්නෙ. වැඩි වගකීමක් විශේෂ බලකා සෙබළුන් විසින් ඉටුකරන අතර 2001 වර්ෂයේ සැප්තැම්බර් 6 වෙනිදා මුලතිවු ආසන්න ප්‍රදේශයකදී එල්ල කල ප්‍රහාරයකින් ප්‍රභාකරන්ගේ දකුණු අත ලෙස හැඳින්වුනු කර්නල් ශංකර් මිය ගියා. මේ විදියට LTTE නායකයන් කීප දෙනෙක්ම අභිරහස් ලෙස මිය යාම 2002 සාම ගිවිසුමක් දක්වා යාමට කොටින්ට බල කලා. මේ වනවිට මේ ඒකකය භාරව කටයුතු කලේ අති දක්ෂ නිළධාරියෙකු වූ කපිතාන් ෂාවුල් හමීඩ් නිලාම් ය. ඔහුට ඉහලින් සිට මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය පසුබිම හා බුද්ධි තොරතුරු ලබා දෙමින් සිටියේ මේජර් තුවාන් නිසාම් මුතාලිෆ් ය. ඔවුන්ගේ සාර්ථක ඉලක්ක අතර ගන්ගෙයි අමරන්, බුද්ධි නායකයෙකු වූ නිසාම් හා මනෝ යන කොටි නායකයන් ඉන්නවා.
    ජාතියේ අවාසනාවට 2002 ජනවාරි 2 දින මේ ඒකකය සතු ආරක්ෂිත නිවසක් දේශපාලන උවමනාවක් මත පරීක්ෂාවට ලක් උනා. ඒත් එක්කම මෙහි සියලු කටයුතු හෙළිදරවු වූ අතර සාමාජිකයන් එකිනෙකා LTTE බුද්ධි අංශ වෙතින් ඝාතනයට ලක් උනා. මේජර් මුතාලිෆ් පවා ඝාතනය වූ අතර කපිතාන් නිලාම් අතුරුදහන් වුනා.
    මේජර් මුතාලිෆ්

    නැවතත් අවසන් ඊලාම් යුද්ධයේදී මේ ඒකකය සක්‍රිය උනේ කලින් තිබුනාටත් වඩා හොඳින්. විශේෂ බලකායේ මේජර් ලලිත් ජයසිංහ ඇතුළු තවත් බොහෝ දක්ෂ නිළධාරීන් මේ ඒකකය ලෝකයම මවිත කරවන මට්ටමට ගෙනාව.
    200px-Lalithjayasinghe.jpg

    Lieutenant Colonel J.A.L Jayasinghe WWV, RWP, RSP, SF


    අවසන් සටන දක්වාම මේ LRRP ඒකකය ඉතාමත් විශිෂ්ට සේවයක් රට වෙනුවෙන් ඉටුකලා.රහසිගත බලකායක් නිසා මෙයාල ගැන වැඩි තොරතුරක් හෙලිදරවු වෙන්නෙ නෑ.:yes::yes:

    මහසෝන් බලකායේ මෙහෙයුම් ගැන කියවන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1001162
    http://www.elakiri.com/forum/showthread.php?t=1023320
    http://www.elakiri.com/forum/showthread.php?t=1033282
    http://www.elakiri.com/forum/showthread.php?t=1037384
    :cool::cool:





     
    • Like
    Reactions: nnjeevana