දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය

    දත් මැදිමේ නිවැරදි තාක්ෂණික ක්‍රමවේදය.


    අවසානයට මම පළ කළ ත්‍රෙඩ් එක "මෙන්න දත් මුල දියවෙනෝ.....!!!!" කියවපු හුගක් සොයුරු සොයුරියන් රිප්ලයි ලෙසත් පී.එම් ලෙසත් මෙවැනි ත්‍රෙඩ් එකක් පල කරන්නැයි ඉල්ලා තිබුණා...

    පිවිසුම.......

    දත් දිරායමෙටත්, පරිදන්ත රෝගය වැළදීමටත් මූලික හේතුවලින් එකක් වන්නේ දත් නියම ලෙස පිරිසිදු ව පවත්වා නොගැනීම නිසා බව මම කළින් පළ කළ

    ඇයි මගේ දත් නරක්වෙන්නේ....????? සහ ‍ මෙන්න දත් මුල දියවෙනෝ.....!!!!

    යන ත්‍රෙඩ්වල දක්වා තිබුණා ඔබට මතක ඇති......ඉතින් කොහොමද දත් ටික හරියට මදින්නේ......???? මොන්ටිසෝරි නැත්නම් බාලාංශ පංති මාතෘකාවක් වගේ පෙනුනට හරි විදියට දත් මදිනවා නම් දත් වල ප්‍රශ්නත් සෑහෙන්න අඩු කරගන්න පුළුවනි. මේ ත්‍රෙඩ් එකේ ඉලක්කය දත් මැදීම සදහා ලෝක දන්ත වෛද්‍ය සමුළුව අවසානයට නිකුත් කරන ක්‍රමවේදය ඔබට හදුන්වා දීමත්, යහපත් දන්ත සෞඛ්‍යයක් පවත්වා ගැනීමට අවශ්‍ය කරන මූලික ම කරුනු ඔබ වෙත මතක් කරදීමත්, සුදුසුකම් ලද දන්ත වෛද්‍යවරයෙකු හදුනා ගන්නා ආකාරය පිළිබද ඔබ දැණුම්වත් කිරීමත්.....!!!

    දත් මැදීමේ මූලික ඉලක්ක 3ක් පවතිනවා...

    1. මුඛයේ අයහපත් ශුද්‍ර ජීවින් සහ එවුන් ගේ අපද්‍රව්‍ය ඉවත් කිරීම
    2. මුඛයේ පවතින ආහාර කැබලි ඉවත් කිරීම
    3. මුඛය නැවුම් ව පවත්වා ගැනීම

    මෙම ඉලක්ක සපුරා ගැනීමට නිවැරදිව දත් මදින ක්‍රමවේදයයි මේ....විස්තර කිරීමේ පහසුව තකා මම මේ ක්‍රමවේද කිරි දත් මැදිම සහ ස්ථිර දත් මැදිම කියා කොටස් දෙකකට බෙදන්නම්....!!

    කිරි දත් මැදීම

    දරුවකුට සාමාන්‍යයෙන් වයස අවු. 1 1/2 - 2 වන විට පූර්ණ කිරි දත් ප්‍රමාණය වන කිරි දත් 20ක් මතුවී පවතී. පළමු කිරි දත් මතු වූ අවස්ථාවේ පටන් දත් මැදිම ඉතා වැදගත් වන අතර ඉතා බිළිදු අවදියේ දී ඒ සදහා තෙමූ මෘදු රෙදි කඩක් භාවිතා කළ හැක. නමුත් දරැවාට වසර 1ක් වූ පසු දත් බුරුසුවක් භාවිතා කිරීම වඩා හොදය.....
    දරුවන් ගේ දත් මැදීම දසහා කුඩා දරුවන්ට විශේෂිත ව නිමැවූ බුරුසුවක් භාවිතා කිරිම වඩා හොදය. දරුවන්ට ම නිපදවා ඇති දන්තාලේප වල ෆ්ලෝරයිඩ් ප්‍රමානය අඩු කොට නිපදවා ඇත්තේ ඔවුන් දන්තාලේප ගිලිම මගින් අධික ෆ්ලෝරයිඩ් පුමාණයක් ශරීර ගත වීම වැළැක්වීම සදහාය. නමුත් සැම විටම දරුවන් ගේ දත් මැදිම සදහා මුං ඇටයක පුමානයක් දන්තාලේප භාවිතා කරන්න.


    brushpeado1.jpg

    දැන්වීම් වල පෙන්වන ආකාරයට මුළු බුරුසු හිස ප්‍රමාණයට ම දන්තාලේප ගැනීමෙන් වළකින්න.....!! කිරි දත් 20ක් පවතින අවස්ථාවේ දත් මැදීම සදහා විනාඩි 5-7 අතර කාලයක් මිඩංගු කළ යුතු වේ.....එසේම දරුවාට වයස අවු. 7ක් පමන වන තෙක් වත් වැඩිහිටියෙකු විසින් දත් මැදීම කළ යුතුය.

    කිරි දත් මදින ආකාරය

    එක් දත් ඇන්දත එක් අන්තයක සිට දත් මැදීම අරඹන්න. බුරුසුව රවුම් මාර්ගයක මෙහෙයවන්න. මෙසේ මෙහෙයවමින් ඉදිරියට හෝ පිටුපසට ගෙන යන විට එය ළගින් එතී ගිය සර්පිල මාර්ගයක් බව ඔබට වැටහෙනු ඇත.

    brushpeado2.jpg

    ක්‍රමාණුකූල ලෙස දත් මදින්න. පළමුව උඩු ඇන්ද සහ දෙවනුව යටි ඇන්ද ලෙස.....එක් ඇන්දක පළමුව කම්මුල පැත්ත (රතු ඉරෙන් දක්වා ඇත), දෙවනුව ඇතුළු පැත්ත (නිල් ඉරෙන් දක්වා ඇත) සහ අවසාන ලෙස දත් මතුපිට (කොළ ඉරෙන් දක්වා ඇත). මෙමගින් දත් නොමැදී "මිස් වීම" වළකී. දිනතට අවම ලෙස දෙවරක් දත් මැදීම වඩා හොදය.

    brushpeado3.jpg

    ස්ථිර දත් පිරිසිදු කිරීම

    අවුරුදු 5 1/2 - 6 අතර කාලයේ දී ප්‍රථම ස්ථිර දත් මතු වන අතර, අවුරුදු 18 - 21 අතර කාලයේ දී දත් 32 ක සහිත ස්ථිර දත් ප්‍රමාණයක් මුව තුල පිහිටයි. ස්ථිර දත් දිනකට දෙවරක් අවම ලෙස ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් සහිතව විනාඩි 10 - 12 අතර කාලයක් මැදීම කළ යුතු වන්නේ පහත ක්‍රමවේදයට අනුවය.

    1. බුරුසුව දත් මතු පිටට අංශක 45 ආනත ව සිටින ලෙස හරවන්න. උඩු ඇන්දේ දත් දසහා උඩු පැත්තට ද. යටි ඇන්දේ දත් මැදිමේ දී යටි පැත්තට ද බුරුසුව හැරවීම කළ යුතුය.

    brush1j.jpg
    brush2s.jpg

    දත් මැදීමේ දී බුරුසුව කෙටි සෘජු ගමන් මාර්ගයක හසුරුවන්න. එක් වතාවකට දත් 2ක් පමන මැදෙන ලෙස එක් ස්ථානයක් තත්පර 10ක් පමන වේලා මැදිය යුතුය. බුරුසුව දත් වෙත් තද කිරීම නොකල යුතු අතර එල්ල කළ යුතු බර ආසන්නව ග්‍රෑම් 20කි (නිවුටන් 2ක බලයක්)

    brush3.jpg

    ක්‍රමාණුකූල ලෙස දත් මදින්න. පළමුව උඩු ඇන්ද සහ දෙවනුව යටි ඇන්ද ලෙස.....එක් ඇන්දක පළමුව කම්මුල පැත්ත (රතු ඉරෙන් දක්වා ඇත), දෙවනුව ඇතුළු පැත්ත (නිල් ඉරෙන් දක්වා ඇත) සහ අවසාන ලෙස දත් මතුපිට (කොළ ඉරෙන් දක්වා ඇත). මෙමගින් දත් නොමැදී "මිස් වීම" වළකී. දිනතට අවම ලෙස දෙවරක් දත් මැදීම වඩා හොදය. නමුත් ඉතා හොදින් ෆ්ලොරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කොට දත් මදින්නේ නම් ඔබට පැය 48 වරක් දත් මැදීමෙන් කිසිදු ප්‍රශ්නයක් මතුවන්නේ නැත.


    brush4g.jpg

    මතක තබා ගන්න හොදින් දත් මැදීම ප්‍රශ්න ගනනාවක් මග හරවන බව......!!!! එය ඔබේ කාලය, දන්ත සෞඛ්‍යය සහ මුදල් ඉතිරි කරන බව.....!!!!!!!

    යහපත් දන්ත සෞඛ්‍යයක් සදහා පිළිපැදිය යුතු මූලික කරුණු 4ක්.....

    1. දිනකට අවම ලෙස දෙවතාවක් ඉහත දක්වා ඇති පරිදි දත් පිරිසිදු කරන්න.

    2. යටත් පිරිසෙයින් වසරකට වරක් වත් දන්ත වෛද්‍යවරයෙකු ලවා ඔබේ මුඛ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කරවා ගන්න.

    3. දන්ත වෛද්‍යවරයෙකු යම් ප්‍රතිකාරයක් කල යුතු තත්ත්වයක් ඔබේ මුව තුල පවතින බවට ඔබට දැන්වුව හොත් කල් නොයවා එම පුතිකාර සිදු කරගන්න. නැතහොත් එම තත්ත්ව වැඩි වර්ධනය වී බැරූරුම් අවස්ථා එළබිය හැකි අතර, නිවැරදි කිරීම සදහා වන පුතිකාර සදහා අධික වියදමක් දැරීමට ඔබට සිදුවනු ඇත.

    4. සුදුසු කම් සපිරූ දන්ත වෛද්‍යවරයෙකු වෙත ඔබේ පුතිකාර සදහා යන්න. සුදුසු කම් සපිරූ දන්ත වෛද්‍යවරයෙකු වෙත පහත සදහන් දේ තිබිය යුතුය.

    අ. පිලිගත් ආයතනයකින් නිකුත් කල දන්ත වෛද්‍ය උපාධියක්

    certi1.jpg

    ආ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කරනු ලබන ලියාපදිංචි සහතිකය

    certi2.jpg
    ----මෙම අ. සහ ආ. දෙක රෝගීන් හට පහසුවෙන් දැක ගත හැකි වන ලෙස පුදර්ශනය කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියමයයි----

    ඇ. සායනය පිළිබද ව දක්වා ඇති පුවරු ආදිය වෙතොත් වෛද්‍යවරයා ගේ සුදුසුකම් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය සදහන් කිරීම අනිවාර්යය වේ.

    smil2.jpg

    smil4.jpg

    smil6.jpg

    එබදු විස්තර රහිත මෙවන් ස්ථාන වලට දන්ත වෛද්‍ය පුතිකාර සදහා යාමෙන් වළකින්න....!!!!


    ඔබේ අදහස් අදහස් පළ කර යන්න අමතක කරන්න එපා......එය නම් මට ඉතා වැදගත්, ඉදිරියට පල කරන ත්‍රෙඩ් සදහා.....!!

    මේ වෙසක් සතියේ ඔබට තිසරණ සරනින් නිදුක් නීරෝගීමත් දිවියක් ලැබේවා......!!!!!!!!​
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හොඳ ලිපියක් දත් කිඹුලා වෙදමහතාගෙන්......:yes:

    මාත් මේවා ටිකක් දන්නවා.... මම Biology කලේ A/L වලට...;)

    එල මචෝ



    දත් කිඹුලා වෙදමහතාගේ වැඩක්
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තවත් හොද වැඩක් අපේ දොස්තර මහත්තියාගෙන්....:yes::yes::yes:
    ගොඩක් මහන්සි වෙලා තියෙනවා වගේ
    මේ පූස් දත් වලටත් මේ ක්‍රමේ හරි යයිද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තවත් හොද වැඩක් අපේ දොස්තර මහත්තියාගෙන්....:yes::yes::yes:
    ගොඩක් මහන්සි වෙලා තියෙනවා වගේ
    මේ පූස් දත් වලටත් මේ ක්‍රමේ හරි යයිද?

    පූසන් ගේ දත් මදින්න වෙනම ක්‍රමයක් තිබේ.....කරුණාකර ඔබේ පශු වෛද්‍යවරයා හමු වන්න....!!!!:lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසන් ගේ දත් මදින්න වෙනම ක්‍රමයක් තිබේ.....කරුණාකර ඔබේ පශු වෛද්‍යවරයා හමු වන්න....!!!!:lol::lol::lol:
    එහෙමද
    අපරාදේ
    උන් ලගට ගිය ගමන් අල්ලන් සිහිනැති කරනවනේ බං
    විලිලැජ්ජාවේ බෑ
    අරහෙන් මෙහෙන් අල්ලනවා ඊට පස්සේ:(:(:(:(
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ගොඩාක් වටින ලිපියක් මචන් සෑහෙන්න මහන්සි වෙලා තියෙනව..වෙලාව තියෙන විදියට තව තව මේ වගෙ ලිපි දාන්න......‍REP+ දෙන්න බෑලූ....
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    සැහෙන්න මහන්සිවෙලා කරපු වැදගත් සටහනක්. ඉතා හරබරයි, වටිනා උපදෙස් ගොන්නකුත් එක්කම. ගොඩාක් ස්තුතියි මිත්‍රයා :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    nice post machan... and machan kalzana tablets bonne monawtada...? dath direnawatada?

    කැල්සියම් පෙති බීල නම් දත් දිරන එක නවත්තන්න බෑ මචං....:shocked::shocked::yes::yes:
    Kalzana & other calcium tablets mainly aimed to give you extra amount of calcium you need, If your dietary intake is low or not sufficient.
    :yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලව් ද වේ යූ ලයි;10125273 said:
    මගෙ දත් ඔක්කොම කහම කහ වෙලා ඇයි මාමෙ ඒ ? අම්මි කියනවා පොඩි කාලෙ බිව්ව බේත් හින්ද ලු :(:(:(

    ස්ථිර දත් පමණක් නෙවෙයි කිරි දත් වුවත් දැඩි දුර්වර්ණවීමකට ලක්විය හැකියි ඔබ කුඩා කළ හෝ ඔබ මව් කුස තුළ සිටියදී ඔබේ මව ගන්නා සමහර ඖෂධ හේතුවෙන්.:shocked::shocked::yes:

    මේ සදහා බොහෝ කොටම අපෙන් ගැරහුම් ලබන්නේ ටෙට්‍රාසයික්ලීන් කුලයට අයත් ටෙට්‍රාසයික්ලීන්, ඩොක්සිසයික්ලීන්, ඔක්සි‍ටෙට්‍රාසයික්ලීන් වැනි ඖෂධ. මේ හැරුණු කොට දත් වැඩෙන සමයේ අධිමාත්‍රා ලෙස ලබාදෙන ඖෂධ ද, සමහර රෝග (සෙංගමාලය, සිරුර විජලනයට ලක් කරන රෝග) සහ විශේෂයෙන් ඇදුම සදහා දීර්ඝ කාළීන ව ලබාදෙන ඖෂධ මගින් ද මෙම ත්ත්තවයන් ඇති කරනවා.

    නමුත් මෙම දුර්වර්ණවීම ඉවත් කළ හැකි ප්‍රතිකාර පවතිනවා.....ඒ ගැන හුටක් තව ටික කලකින් අමුණන්නම්......!!!!
    :yes::yes::yes::):)
     
    • Like
    Reactions: cresendo

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලව් ද වේ යූ ලයි;10125273 said:
    මගෙ දත් ඔක්කොම කහම කහ වෙලා ඇයි මාමෙ ඒ ? අම්මි කියනවා පොඩි කාලෙ බිව්ව බේත් හින්ද ලු :(:(:(

    ස්ථිර දත් පමණක් නෙවෙයි කිරි දත් වුවත් දැඩි දුර්වර්ණවීමකට ලක්විය හැකියි ඔබ කුඩා කළ හෝ ඔබ මව් කුස තුළ සිටියදී ඔබේ මව ගන්නා සමහර ඖෂධ හේතුවෙන්.:shocked::shocked::yes:

    මේ සදහා බොහෝ කොටම අපෙන් ගැරහුම් ලබන්නේ ටෙට්‍රාසයික්ලීන් කුලයට අයත් ටෙට්‍රාසයික්ලීන්, ඩොක්සිසයික්ලීන්, ඔක්සි‍ටෙට්‍රාසයික්ලීන් වැනි ඖෂධ. මේ හැරුණු කොට දත් වැඩෙන සමයේ අධිමාත්‍රා ලෙස ලබාදෙන ඖෂධ ද, සමහර රෝග (සෙංගමාලය, සිරුර විජලනයට ලක් කරන රෝග) සහ විශේෂයෙන් ඇදුම සදහා දීර්ඝ කාළීන ව ලබාදෙන ඖෂධ මගින් ද මෙම ත්ත්තවයන් ඇති කරනවා.

    නමුත් මෙම දුර්වර්ණවීම ඉවත් කළ හැකි ප්‍රතිකාර පවතිනවා.....ඒ ගැන හුයක් තව ටික කලකින් අමුණන්නම්......!!!!
    :yes::yes::yes::):)
     

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,104
    343
    83
    ela ela...
    machan mama mage dath walata palate ekak dannda hithagena inne..kiyak yai da danne na ne..
     

    Similar threads